IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ප්‍රභාකරන් වංහුං අවශ්‍ය විට කියනවා

නැගෙනහිර දී බාරවූ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය හා අහිංසක සිංහල හා මුස්ලිම් වැසියන් මරා දැමීම ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ බව කියන එවකට නැගෙනහිර කොටි සන්නද්ධ නායකයා වූ නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන්  හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රශ්න කළ යුතු බව මානව හිමිකම් ආසියා කලාපය බාර ප්‍රධානි සයිඩ් බ්‍රෑඩ් ඈඩම්ස් පසුගියදා ප්‍රකාශ කෙළේය.  කරුණා අම්මාන් ප්‍රභාකරන්ගේ සියලු තොරතුරු දන්නා බව අවි ආයුධ මිලදී ගැනීමට ඔහුට උදව් කළ රටවල් හා රජ්‍ය නොවන  සංවිධාන පිළිබඳව තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බව් කරුණා මාධ්‍යයට  කියා තිබිණි. කරුණා එසැණට කියා සිටියේ තමා ඒ පිළිබඳව සියලු තොරතුරු  දන්නා බව ඇත්ත නමුත්  මෑතකදී  කිසිදු මාධ්‍යයකට එවැනි ප්‍රකාශයක් නොකළ බවයි. එහෙත් ඕනෑම විටක නොබියව සියලු දේ හෙළි කිරීමට තමා සූදානම්  බවත් උගත් පාඩම් හා සංහිඳියාව කොමිසම හමුවේ ද ඒ තොරතුරු හෙළිකළ බවත් ඔහු කියයි. බාර වූ පොලිස් නිළධාරීන් 600 දෙනා ඝාතනයට තමා සම්බන්ධ නැති බව ද ඒ වනවිට තමා සිටියේ යාපනයේ බව ද කරුණා අම්මාන් කීවේය.



අදහස් (0)

ප්‍රභාකරන් වංහුං අවශ්‍ය විට කියනවා

මිල්ටන් Tuesday, 02 April 2013 12:04 PM

කරුණා හරියටම ඇත්ත කියාවි නේද කොල්ලෝ ? (ස)

:       0       0

චන්න Tuesday, 02 April 2013 04:59 AM

අපිට වඩා කවුද දන්නේ (දී)

:       0       0

දමිත් Tuesday, 02 April 2013 12:10 PM

අපිට වඩා දන්නේ කොහොමද ඇමරිකාවේ ඉන්න අය ප්‍රභාකරන්කල වැඩ ගැන (දී)

:       0       0

සුදත් Tuesday, 02 April 2013 05:04 AM

ඇයි ප්‍රභාකරන් මරපු 23000 ක සිංහල, දෙමළ, මුස්ලිම් අය මගඇරුණාද? (නි)

:       0       0

උදේශ් Tuesday, 02 April 2013 05:33 AM

ලංකාවට එරෙහිව කතා කරන හැමෝටම එන්න කියන්න අපි කියලා දෙන්නම් ප්‍රභාකරන් ලංකාවට කල දේවල්

:       0       0

සිංහ Tuesday, 02 April 2013 07:14 AM

ඉතින් දැන් ඔය අවශ්‍ය වෙලාව එන්නෙ කවදද? (නි)

:       0       0

සනත් Tuesday, 02 April 2013 07:09 AM

කියන්න ඕනෑ දවස් ටික පහු වුණා මයෙ හිතේ. මේ වගේම අරන්තලාව,කැබිතිගොල්ලෑව වගේ දහස් ගණන් මිනී මැරුම් ගැනත් හොයන්න වෙයි. (නි)

:       0       0

සාලිය Tuesday, 02 April 2013 12:29 PM

මේ හොදම මොහොත කියන්න කියන්න (දී)

:       0       0

ගමගේ Tuesday, 02 April 2013 07:21 AM

ඇයි කරුණාට විරුද්ධව බොදු බල සේනා කථා කරන්නේ නැත්තේ? ඔබලාට අමතකද කරුණා කරපු වැඩ. (ස)

:       0       0

රකිත් Tuesday, 02 April 2013 07:23 AM

කැලේ මාරුවුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් කිව්වා මට මතකයි මිට පෙර පළවූ පුවතකට. (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 02 April 2013 04:11 PM

කරුණා අම්මාන් දැන් දේශද්‍රෝභී නොවේ. දැන් දේශප්‍රේමීයි. ඒ නිසියි ඇමති උප සභාපති, තේරුනාද?(නදී)

:       0       0

රකිත් Tuesday, 02 April 2013 07:30 AM

හැම දෙයක්ම නැතුව, සමහර දේවල් විතරක් මතකයි වගේද? (නි)

:       0       0

වරුණ Tuesday, 02 April 2013 07:57 AM

කරුණා දැන් හුරතලයකි. ප්‍රභාකරන් එක්ක හිටියානම් මේ සැප විදින්න බැහැ.(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 02 April 2013 12:43 PM

දෙබලට සිර වූ සිංහයාට වුන දේ වෙයිද දන්නේ නෑ.. (ස)

:       0       0

මංගලනාත් Tuesday, 02 April 2013 04:41 PM

නරි කියයිද ඇත්ත. මිදි කොහෙද තිත්ත.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 02 April 2013 08:00 AM

මොකද මන්දා තවත් මෙහෙම බලාගෙන ඉන්නේ? (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 02 April 2013 12:52 PM

කරුනා කියන නමෙන්ම පේනව මොහු ඉතාමත් කරුනාවන්ත කෙනෙක් බව (ස)

:       0       0

තුවාන් Monday, 01 April 2013 08:23 PM

ඉතින් යාපනේ තිබුනේ ඇමරිකාවෙද? කරුණා අමිමාන් අපිට සුරංගනා කතා කියන්න එපා. අපේ අහිසක පොලිස් නිලධාරීන්ව අමු අමු වෙන් ඝාතනය කරපු එක්කෙනා. ඒ පවුල්නල සාමාජිකයන් මොනතරම් දුක්විදිනවද? කරුණාකර කරුණා අමිමාන්ව සිර ගෙදරට යවන්න.(නදී)

:       0       0

සිරිලාල් Monday, 01 April 2013 08:32 PM

කොටියා කොටියාමයි. මමත් හමුදා නිළධාරියෙක්. නැගෙනහිර සියලුම දේට අහවලා සම්බන්ධයි. (නි)

:       0       0

මාලි Tuesday, 02 April 2013 05:22 PM

කරුණා නිදහසේ ඉන්නේ මෙයා කිසිම වරදක් කරපු නැති කෙනෙක් වත්ද?(නදී)

:       0       0

සතිෂ් Monday, 01 April 2013 08:58 PM

අපිත් ඕනෙනම් කියන්නම් කොටි අපිට කල වින්නැහිය (දී)

:       0       0

සරත් Tuesday, 02 April 2013 08:38 AM

කියයි මිහිරි කතා නිතර රසට ගොතා... (නි)

:       0       0

කමල් Monday, 01 April 2013 09:04 PM

අහවලා ඉන්න පැත්ත අනුවයි ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙන්නේ. (නි)

:       0       0

කුමාර Tuesday, 02 April 2013 08:48 AM

එයා විපක්ෂයේ හිටියා නම්? (නි)

:       0       0

ලංකා Monday, 01 April 2013 09:01 PM

මේ පුද්ගලයාගේ මේ ප්‍රකාශය නිසා ජාත්‍යන්තරය කිකක් බය වෙනවා ඇති (දී)

:       0       0

ජයතිස්ස Tuesday, 02 April 2013 08:50 AM

දැන් ඉතින් කිරි පෙව්වා ඇති නේද ? (ස)

:       0       0

සසිත් Tuesday, 02 April 2013 08:56 AM

එල්.ටී.ටී සන්නද්ධ නායකයා දැක් පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක්. නමුත් උන්ව පරදවන්න මුල් වෙචිච යුධ හමුදාපති නිලයෙන් අයින් කරලා හිරේ දැම්මා. ලංකාවේ නීතිය ගැන කලකිරෙනවා. (නදී)

:       0       0

ගමගේ Monday, 01 April 2013 09:03 PM

එතකොට අරන්තලාව භික්ෂු ඝාතනය අපිද කළේ ? මේවා ගැන බොදු බල සේනාව මොකද කියන්නේ? (නි)

:       0       0

නිමල් Monday, 01 April 2013 09:05 PM

ලංකාව වෙනුවෙන් අදම කට රින්න (දී)

:       0       0

අන්වර් Monday, 01 April 2013 09:06 PM

ප්‍රභාකරන්ගේ වංහුං හොදින්ම දන්නේ කරුණා විතරයි (දී)

:       0       0

අතුල Tuesday, 02 April 2013 01:17 PM

දැන් කියන්නේ නැතිනම් පස්සේ කියලා වැඩක් නැහැ (දී)

:       0       0

වජිර Monday, 01 April 2013 09:23 PM

අපිටයි හොදම සාක්කිය තියෙන්නේ ප්‍රභාකරන් ගැන කියනවානම් (දී)

:       0       0

සමර Monday, 01 April 2013 09:24 PM

නියමයි...නියමයි... (දී)

:       0       0

අමරේ Tuesday, 02 April 2013 09:16 AM

සත්‍යය තේරුම් අරගෙන නිවැරදි මාවතට ආපු එක හොඳයි. මේවා ගැන තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කළ හැකි හොඳම කෙනා කරුණා අම්මාන්. චැනල් 4 වගේ එකක් ප්‍රභාකරන්ගේ වැඩ ටිකත් එක්ක හදලා ජාත්‍යන්තරයට පෙන්නන්න ඕනෑ.ඒවා කරන්න කාටවත් කොන්ද පණ නැහැ. (නි)

:       0       0

මහේෂ් Tuesday, 02 April 2013 01:21 PM

මේක තමයි හොදම අවස්තාව (දී)

:       0       0

චින්තක Monday, 01 April 2013 09:31 PM

මතකයි නේද ප්‍රභාකරන් නිසා අපි විදපු දුක් (දී)

:       0       0

සමිතා Monday, 01 April 2013 09:47 PM

මේවා අපි කාට කියන්නද? (නි)

:       0       0

ශාන්ති Tuesday, 02 April 2013 09:51 AM

අන්න වැඩේ, දැම්ම කියන්න. මානව හිමිකම් කට්ටියගේ කන් වැහෙන්න (දී)

:       0       0

සෙන්තිල් Tuesday, 02 April 2013 07:30 PM

චන්ද්‍ර, යමක් හරියට දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න. (නි)

:       0       0

සරත් Sunday, 07 April 2013 09:56 AM

කරුණාවන්ත මනුස්සයෙක්. දැන් මෙයා පූස් පැටියනේ. පවු.(නදී)

:       0       0

කාලිංග Monday, 01 April 2013 10:01 PM

දැන් තමයි හොදම කාලය කියන්න දන්නා සියල්ල (දී)

:       0       0

උපුල් Tuesday, 02 April 2013 01:54 PM

ලංකාවට ජයවේවා (දී)

:       0       0

ලකිශානි Monday, 01 April 2013 10:29 PM

මේ තියෙන්නේ හොදම සාක්කිය (දී)

:       0       0

බුද්ධි Tuesday, 02 April 2013 10:15 AM

කජ්ජ ගහේ තියෙද්දි පුහුලම බිම වැටෙන කාලයක් මේක (ස)

:       0       0

නිලන්ත Tuesday, 02 April 2013 02:17 PM

අපිට මේ මනුස්සයා කල දේවල් අපි මානවහිමිකම් කමිටුවට කියුවොත් මොකක් වෙයිද, අපි කියන එක අහන්නේ නැති එකනේ ප්‍රශ්නය (දී)

:       0       0

රුසිරු Tuesday, 02 April 2013 08:34 PM

කව්ද අනේ කරුණ කියන්නේ ... මට මුකුත් මතක නැහැනේ(නු)

:       0       0

ශාන් Tuesday, 02 April 2013 10:34 AM

බොදුබල කරුණාට බයද ? (ස)

:       0       0

විපුල Tuesday, 02 April 2013 02:37 PM

අපි ලෙඩ හොද කරන්න නයි විස ගත්තා වගේ වැඩක් කරලා තියෙනවා. ඒ නිසයි ජිනීවා වලදී ගොඩක් රටවල් අපිට විරුද්ද වුනේ. මොකද කරුණයි ප්‍රභායි දරුනුම තුස්තයෝ දෙන්නෙක්. ප්‍රභාව මැරුවා. කරුණව ඇමති තමත් දීලා අනේඩුවට ගක්කා. නයාව ගෙට ගත්තා වගේ වැඩක් ඒක. එතන ඉතා පැහැදිලි ප්‍රශ්ණයක් පැන නගිනවා. දෙන්නම ත්‍රස්තයෝ වෙලත් ඇයි දෙන්නට දෙවිදිහකට සැලකුවේ කියලා.(නදී)

:       0       0

විරාජ් Monday, 01 April 2013 11:17 PM

ජාතික වගකීමක් (දී)

:       0       0

සමීර සාලින්ද Tuesday, 02 April 2013 10:56 AM

අන්තිමට බොරු කියාවිද ? (ස)

:       0       0

අබේ Tuesday, 02 April 2013 02:33 PM

අපිට වඩා කවුද දන්නේ (දී)

:       0       0

අශාන්ති Monday, 01 April 2013 11:13 PM

හොදටම දන්නේ මේ පුද්ගලයා තමයි (දී)

:       0       0

විජේතිලක Monday, 01 April 2013 11:20 PM

දන්නා තොරතුරු කියලා දාන්න (දී)

:       0       0

පෙරේරා Monday, 01 April 2013 11:21 PM

ලංකාව බේරා ගන්න උදවු කරන්න (දී)

:       0       0

සරත් Tuesday, 02 April 2013 11:07 AM

ලෝකේ ඉන්න අනික් කොටි ත්‍රස්තවාදීන් ගැනත් හොයලා බලන්න ඕනෑ නේද. මෙතන තියෙන්නේ ලංකාව අස්ථාවර කරන ව්‍යාපාරයක් (නි)

:       0       0

නුවන් Tuesday, 02 April 2013 11:02 AM

කියන්න....කියන්න.... දැන් කියන්න මේ දවස් වලනේ ප්‍රශ්නය තියෙන්නේ (දී)

:       0       0

සනත් Tuesday, 02 April 2013 11:14 AM

එහෙමනම් හොදයි, හොදම සාක්කියක් (දී)

:       0       0

ජයන්ත Tuesday, 02 April 2013 11:25 AM

රට වෙනුවෙන් කට අරින්න හෙට වෙනකල් ඉන්න ඕනේ නැහැ (දී)

:       0       0

කනිෂ්ක Tuesday, 02 April 2013 12:21 AM

නියමයි (දී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 02 April 2013 11:27 AM

අපිටත් අවස්තාවක් ලබා දෙන්න අපිත් කියන්නම් (දී)

:       0       0

චන්ද්‍රා Tuesday, 02 April 2013 12:34 AM

ටුවාන්, ජිනීවා වලට දෙන්න තියෙන තුරුම්පු මොනවද කියලා මොළේ ඇතුව හිතුවොත් අපිට හොදට තේරුම්ගන්න පුළුවන්. (නි)

:       0       0

නන්දිත Tuesday, 02 April 2013 11:26 AM

බොහොම හොදයි (දී)

:       0       0

කසුන් Thursday, 04 April 2013 09:46 AM

සමහරක් බොදු බල සේනාව ගැන කතා කරන්නේ වෛරයකින්. බොදු බල සේනාව කරන්නේ මොනවද කියලා දන්නේ නැති මේ සමහරක් පිස්සුවෙන් කියවනවා. අඩුම තරමේ බොදු බල සේනාව බිහි වුන එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ, රට, ජාතිය, ආගම වෙත එන ද්‍රෝහී බලවේග වලට කවුද නායකත්වය ගත්තේ? අපි ගත්තද. නැහැ. අපි ගනියිද? ඒත් නැහැ. ඒ නිසා හාමුදුරුවෝ හරි මේ අරන් තියෙන්නේ අපි ගිහියෝ හැටියට කරන්න ඕනෑ දේ. අනික බොදු බල සේනාව රටේ සිද්ධ වෙන හැම දෙයකටම කතා කරන සංවිධානයක් නොවේ. (නි)

:       0       0

රොහාන් Tuesday, 02 April 2013 11:32 AM

සමහරුන්ට බොදුබලසේනා ගැන සැහෙන අමාරුවක් තියෙනවා වගෙය්. කරුණාකරලා වාර්තාවකට තමන්ගේ අදහස පළකරද්දී ටිකක් දනමුතුවෙලා වගකීමකින් කියන දෙය කියන්න. (ස)

:       0       0

නිමල් Tuesday, 02 April 2013 11:52 AM

කරුණා අපේනේ... ඒකනේ අපි එයාට (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 544 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 427 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 525 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 713 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1008 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site