IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


පුරාවිද්‍යා නටඹුන් සහිත බිමකට හිමිවරු දෙනමක් ගැටෙති

 (අමදෝරු අමරජිව)
 
ලොව ප්‍රථම චෛත්‍ය නිර්මාණය වන තිරියාය ගිරිහඩු සෑ පුදබිමට වෙන්කර ඇති ඉඩමට යාංඔය ප්‍රදේශයෙන් ඇතුළු වු එක්තරා  හිමිනමක් ජේ.සි.බි. යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වන විනාශයක් සිදුකරන බව ගිරිහඩු සෑ විහාරාධිපති ශාස්ත්‍රවේදි දෙවිනුවර චන්දිම නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමියෝ පැවසුහ.
 
වන විනාශය සිදු කරමින් පුරාවිද්‍ය කණු සිටුවමින් ඉඩම් කොල්ලයේ යෙදෙමින් තම පුදබිමට අයත් ඉඩමේ මේ වන විට ආරණ්‍ය සේනාසන දෙකක් ඉදිකරමින් පවතින බවත් විහාරාධිපති හිමියෝ පෙන්වා දුන්හ. 
 
මේ වනවිට ජි.පි.එස්.තාක්ෂණය භාවිතා කරමින් මුලික දළ මැනුමෙන් පුදබිමට අක්කර 3059 ක් හිමිව තිබෙනවා. එහෙම තියෙද්දී තමන්ගේ නමට ඇති ජේ.සි.බි යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් මේ වන විනාශය කරන්නේ.මේ සම්බන්ධයෙන් මෙය සොයා බලා නවත්වන්න කියලා  ජනාධිපතිට ආණ්ඩුකාර තුමියටයි ලිඛිත දැනුම් දිමක් කළා.ඊට අමතරව පොලිසියේ පැමිණිල්ලක්  දාලා තියනවා යැයි විහාරාධිපති හිමියෝ පැවසුහ.
 
එම චෝදනාව සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පුල්මුඩේ අරිසිමලය  ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ උතුරු නැගෙනහිර හා තමන්කඩුව දෙපලාතේ සංඝනායක හිමියෝ චෝදනා සත්‍යයෙන් තොර බව පැවසූහ.
 
ගිරිහඩු සෑ පුදබිමට අයත් ඉඩම් මම අල්ලලා නැහැ. වන විනාශයක් සිදු කරලත් නැහැ. පුරාවිද්‍යා මායිම් කණු මම හිටවලත් නැහැ. පද්මරාජ පබ්බත හා සත්ව රාජ පබ්බත කියන ආරණ්‍ය සේනාසන දෙක තියෙන්නේ මේ පුදබිමට අයත් භූමියෙන් පිට. මේ ආරණ්‍ය සේනාසන වලට ඉඩම් මනිද්දි මුල් මැනුමක් කරලා තියනවා නම් දෙවැනි මැනුමේදී සොයා ගන්න පුලුවන්. මට අයිති  ජේ.සි.බි.යන්ත්‍රයක් නැහැ. මුල් කාලයේ අරිසිමලේ පාරවල් සකස් කරන්න මගේ ඥාති සහෝදරයෙක් ජේ.සි.බි.යන්ත්‍රයක් ගෙනත් පන්සලේ කාලයක් තිබ්බා. දිරලා යන නිසා එයා ඇවිත් විකුණලා ගියා. හාමුදුරුවරු භේද වන්න හොද නැති නිසා මම කියන්නේ ඉඩම් මැනිම් කරලා තියන ආකාරය ප්‍රාදේශිය ලේකම්ගෙන්, ඉඩම්  කොමසාරිස්ගෙන් පුරාවිද්‍යාවෙන් අහලා නිවැරදි කර ගත්තොත් හොද යැයි කීය.
 
මේ  සම්බන්ධයෙන් කළ විමසුමට  පිළිතුරු දුන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරි මොහාන් සමීර ආරියතිලක මහතා පැවසුවේ යාංඔය ප්‍රදේශය පුරාවිද්‍යා නටබුන් හමුවු ස්ථානයක් පත්මරාජ පබ්බත යනුවෙන්  ගැසට් කිරිමට පුරාවිද්‍යා මායිම් කණු සිටවු බවත් වන විනාශයක් සිදුවි ඇති බව තමන්ටද නිරික්ෂණ වු බවත් කීය.

 



අදහස් (7)

පුරාවිද්‍යා නටඹුන් සහිත බිමකට හිමිවරු දෙනමක් ගැටෙති

Ruhunu Monday, 08 March 2021 07:13 AM

අපට නිවන්මග පෙන්නලා හාමදුරුවරු කොයි මගද යන්න හදන්නේ.

:       0       3

vikum Monday, 08 March 2021 07:48 AM

ථෙරවාද විනය පිටකය කියවු මා වැන්නෙකුට දැනෙන ආකාරයට මේවා පත්තරයක දමන්න තරම් පුවත් නම් නොවේ, අනික සිංහල බුදු සමය හා දේපල අයිතිය ඉතිහාසයෙන්ම භික්ෂුන්ට පවරාතිබීම ම මෙවන් ගැටලු නිර්මණයට හෙතුවී ඇත,

:       0       3

Pradeep Monday, 08 March 2021 08:22 AM

සියල්ල අතහරින්නැයි කියමින් ගිහියන්ට උපදෙස් දෙමින් ඔබ වහන්සේලා මේ බදා ගන්නේ ඇයි හිමි වරුනි. ආරන්‍ය සේනාසනයක් ඉදිකිරීම සදහා නම් ඔය කටයුතු කරන්නේ ඊට අනුග්‍රහය ලබාදීම නේද කරන්න ඕන.

:       0       3

siri Monday, 08 March 2021 09:00 AM

ඔහොම යනකොට බුදුසසුන බැබලෙයි නියමෙට.

:       0       4

anula Monday, 08 March 2021 09:27 AM

අත්හරින්න කියලා ඇවිත් පුජාභූමි වලට මරාගන්නවානේ

:       0       3

පිටිගල මිලානෝ Monday, 08 March 2021 10:23 AM

මේ අයද අපිට සියලුදේ අතහරින්න කියන්නේ..?

:       0       3

විජිත් Monday, 08 March 2021 11:09 AM

බුදුන් වහන්සේ දේශනාකළ උතුම් ධර්මයේ සංක්ෂිප්තය " ඇලීමෙන් වලකින්න ,අත හැරීමට පුරුදුවෙන්න, ..." යන්නයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 1735 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 788 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 817 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 459 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1834 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 577 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 886 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 550 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site