ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණය ඉදිරියට පැමිණවීම හෙළා දකින බවට මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ කථාව පුරවැසි බලය හෙළා දකියි.
ගිය වසරේ ජනවාරි 8 වැනිදා සිරිසේන බලයට පත් කිරීමට දුන් ඡන්ද 62 දෙලක්ෂයම තනිකරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් නොවන නිසා ජනපතිට එවැනි කථාවක් කළ නොහැකි බව එම සංවිධානයේ ගාමිණී වියන්ගොඩ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදාපතිවරුනුත් ශ්‍රී ලංකාවේ පොදු නීතියට යටත් විය යුතු නමුත් ජනපතිගේ කථාවෙන් එය නිශේධනය වී ඇතැයි ද වියන්ගොඩ මහතා කීය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති බලයට ගෙන ඒමට පුරවැසි බලයේ විද්වත්හු ද සහාය දුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන්නේ තමන්ට ඡන්දය දුන්නේ කවුද මොකටද කියලා මෙතුමාට අමතක වෙලා වගේ. දැන් හිතාගෙන ඇත්තේ 2014 දී දිනුවේ අත / බුලත් කොලය ලකුණින් කියලා. අනිත් හැමෝටම තියන අමතකවීමේ රෝගය දැන් එතුමාටත් වැළඳිලා ඇති (නි)
මොකක්ද මේ යහපාලනයේ වෙනස? කැලේ මාරු, පුල්ලි එහෙමමයි (නි)
මේ අය ඇයි මහා බැංකුවේ බැඳුම්කර වංචාව ගැන නිශ්ශබ්ද? (නි)
ඔය දැන් සමහරු ඉන්නේ ඇටිකෙහෙල් කාලා වගේ. හූ හූ හූ.... (නි)
කොහේ ඉන්න අයද මේ? නරකද මොනවාහරි රටට වැඩක් කළා නම් කීයක්හරි හම්බවෙන්න? (නි)
ඔය පුරවැසියෝ කවුරු කෑගැහුවත් කට පියාගෙන ඉන්න කට්ටියනේ. ඔය දෙහි කපන්නේ කාගේ පදයටද කියලා රට ගැන කැක්කුමක් ඇති ලක් ජනතාව දන්නවා. (නි)
මොකද මෙයාලා කලබලවෙලා (නි)
මුහුණු ටික බලලා තියන සිරියාවෙන් කියන්න පුළුවන් රටට මහා සේවයක් කරන පිරිසක් කියලා (නි)
බුද්ධ දර්ශනයට අනුව පින පවා අනුව කර්මය විපාක දේ. විධායකයාට එය වෙනස් කළනොහැක. යහපාලනය නිවැරදි මාවතට යොමුකරන්න. නොවුණොත් ප්‍රතිඵල ඉතා භයංකාරයි (නි)
ඒ කතාවට වැඩිදෙනෙක් කැමති නැහැ (නි)
අනේ මොකටද මගේ කට! (නි)
මණ්ඩලය කචල් වගෙයි. (නි)
අපි මොකටද නිකන් අපේ ලේ පුච්චාගන්නේ? (නි)
මෙහෙම ගියොත්, පහේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයින්ගෙනුත් කතන්දර අහන්න වෙන දවස වැඩි ඈතක නැහැ (නි)
අලුතින්ම දේසපාලන බලවේගයක් හදාගෙන රට හදන්නේ වෙනවා නැතිනම් මුන් ඔක්කොම එකයි (අ)
රජයේ කරන්න ඉඩ දීල තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන හිටිය නම් හොඳ .ඔය සංවිධානයෙන් මහජනතාවට ඇතිවෙන සෙතක් නැත. (අ)
මේ විදියට ස්වාදීන කොමිෂන් වලට නිලධාරීන් එදිරිපත්වෙන එකක් නෑ නෙව පෙර තත්ත්වයටම යවල රට අරාජික කරන්නද මේහදන්නේ (අ)
ස්වාධීන කොමිෂන් සබා විහිලුවකට පත්කිරීමනම් අපරාදයක් රට හොද පැත්තට ඇවිත් ආපසු හිටපු තැනටම යන්නද හදන්නේ (අ)
ජයසිරි, ඔතන කෙනෙකුත් පාර්ලිමේන්තුවට එන්න පිටපට ගහන බවයි පෙනෙන්නේ. පස්සේ බලාගන්න පුළුවන් මේගොල්ලෝ එනකොට ගන්න හැටි (නි)
මේ පුරවැසියෝ නිසා තමයි අද ඔය බලයේ ඉන්න හැමෝම ඔතන ඉන්නේ. ඒ නිසා ඔවුන්ට තරම් වෙන කිසිවෙකුට මේ ගැන කතා කිරීමට අයිතියක් නැහැ. මේ උදවිය බලයට ගෙනා මේ රටේ මිනිසුන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවට ප්‍රකාශ කරන දිනය වැඩි ඈතක නොවේ. (නි)
සියල්ලටම කලින් මේ අයගේ අාදායම් වාර්තා හොයලා බැලුවා නම් බොහෝ දේ පෙනේවි (නි)
අද පිලිපීනයේ ජනාධිපති කොහොමද කොන්ද කෙළින් තියාගෙන මුළු ලෝකයම ප්‍රශ්න කරද්දී මත්කුඩු ජාවාරම්කාරයන් කිසිම සමාවක් නැතුව මර්දනය කරන අයුරු? රටේ මහජනතාව අද ඉතා සතුටින් ඔහුව අගය කරනවා. මෙන්න පාලකයෝ! එ්කට අපේ අය නීතිය ක්‍රියාත්මක කරන්න හදනකොටම ඒවා ක්‍රියාත්මක කරන අයට විරුද්දව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් අමුඅමුවේ රටේ නීතිය කණපිට හරවපු අයගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නවා. ලැජ්ජයි අපි ලංකාවේ කියලා කියන්නත් (නි)
පුරවැසි බලයේ මතයට මම එකඟයි.18 ට විරුද්ධව 62 ලක්ෂයකට අධික ජනතාවක් ජනවාරි 8 ඡන්දය ප්‍රකාශ කළ බව සිහිපත් කරමු. කරුණාකර විධායකය හා ව්‍යවස්ථාදායකය පොලිසියට, අධිකරණයට අත නොතබන්න (නි)
රටට කළ හෙනපතයට මේ පුරවැසි උන්දෙලත් වගකියන්න ඕනේ. විග්නේශ්වරන් රටේ සිවිල් නීතියට පිටින් ගිහින් කළ දෙවල් වලට ඇයි කතා නොකලේ? (අ)
එ්ක නම් ඇත්ත. මේ කවුරු වැරදි කළත් දඬුවම් දියයුතුයි. මොකද අනිත් අයත් යුද්ධ කළා. ඒ වුණාට ඒවා හොරකම් කරන්න දුන් ලයිසන් නොවෙයි (නි)
පුරවැසි බලය කියන දේ සම්පුර්ණ ඇත්ත. මේ රටේ ප්රජාතන්ත්රවාදය පිහිටුවන්න ගත් පියවර කිසිවෙකු විසින් වැළක්විය යුතු නැහැ. බැරිනම් යන්න කියන්න. දැන් ඉවසුවා ඇති. (නි)
පුරවැසියන් දැන් මේ අයගේ වැඩ හොඳින් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා මොවුන්ට දැන් කිසිම පුරවැසි බලයක් නැහැ. (නි)
අද මුළු රටම අවුල්. මේ හැමෝම එ්කට වගකියන්න ඕනෑ. දැන් ඕවා දොඩවලා ඒ පාපයෙන් ගැළවෙන්න බැහැ. (නි)
අනේ අපි නොදන්නවායැ කාගෙ කාගෙත් හැටි (නි)
ජයසිරි මංජුල, අමතක කරන්න එපා පුරවැසි බලය හිටපු පාලනය පෙරළා දමන්න කරපු වැදගත් වැඩ කොටස. මුළු රටම විනාශ කළ ඒ පාලනය පෙරලුවේ මුළු රටේම මොළේ තිබුන මිනිස්සු. ඒ වුණාට ඒ සඳහා පුරවැසි පෙරමුණ කළ වැඩ කොටස සුළුවෙන් සළකලා ඔය වගේ කතා කියන්න එපා. (නි)
බොහොම හොඳයි. ඔහොම යමු. එක්කෝ දැන් දේශපාලනය කරන අය දිගටම කරයි. නැත්නම් දමලා ගහලා යයි. (නි)
මේ ජයසිරි, පුරවැසි බලයේ අය ඔවුන් කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැතුව තමන්ට කිසිම ලාබ ප්‍රයෝජන නැතුව මේ නිර්භීතව ක්‍රියා කරන්නේ අපේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් (නි)
පුරවැසි බලය කරන සේවය අගය කළයුතුයි. (නි)
පුරවැසි බලයට ජයවේවා! (නි)
පවතින පාලනයට කඩේ ගිය අයට සතුටුයිද දැන්? (නි)
ජනාධිපතිතුමාගේ ප්‍රකාශයයි, විමල් වීරවංස මැතිතුමාගේ ප්‍රකාශයයි තුළ මම දකින මෙම බෝලාකාර අන්තේ ජටා බහිජටා තුළ එක පැතිකඩක්. උෟරා කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල්ලු (නි)
කුමන තනතුරු දරුවත් වරදක් කරලා තියනවා නම් නීතියට යටත්.නීතියට කවුරුත් එකයි.(හේ)
එන්.ජී.ඔ නඩයේ පිහිටෙන් බලයට ආ විටදී ඔහොම වෙනවා.(හේ)
මෙයාලගේ මොන බලයක්ද? (හේ)
නීතියට ඇඟිලි ගසන්න එපා. වැරදි කරුවන් සොයා ඒ යට විරුද්ධව පරීක්ෂාන කිරීම වලක්වන්න එපා. නීතිගරුකව වැඩ කරනවා නම් භය වෙන්න එපා. තර්ජන එන එක වලක්වන්න අමාරුයි. ධෛර්ර්ය අරගෙන මුහුණ දිය යුතුයි.(හේ)
ඔබලාගේ කතාව හරියට හරි (රේ)
අනේ වියන්ගොඩ මහත්තයෝ අද ඔයා ඔය විදියට රගන්නේ ඔය මිනිස්සු නිසායේ ??? වැඩිය රඟන්න එපා හොදේ නැවත පැරිස් ඇවිත් පරණ ජොබ් එක කරන්න වෙයී ඔය මින්ස්සු නැත්නම් ඔබට අපිට වනක්කම් තම(රේ)
මේ අයට ඕන විදිහට ද ජනාධිපති රට කරන්න ඕන? (හේ)
ඔය පුරවැසි බලය කියන එකෙන් සිද්ධ වෙන්නේ මොනවගේ සේවයක්ද රටට , (හේ)
2009ට ඉස්සෙල්ලා කොහෙද හිටියේ ...(හේ)
මටනම් තේරෙන්නේ නැහැ හිටපු ගමන් අපේ ජනාධිපතිතුමා මේ වගේ කැරකිලා යන කතා කියනවා.(රේ)
තව කොච්චර දේවල් කතා කරන්න පුළුවන්ද?(හේ)
මේ පුරවැසි කට්ටිය බැඳුම්කර ගැන කතා නොකරන්නේ ඇයි.(හේ)
වැල යන පැත්තට මැස්ස ගහන පිරිසකි.(හේ)
රටට වුන දේට මේ උන්දැලත් වග කියන්න ඕනේ.(හේ)
අපිට නොතේරෙණ දේශපාලනය එතුමාට තේරෙනව.. එනිසයි එතුමා එවැනි ප්‍රකාශයක් කරන්න අැත්තේ(රේ)
පුරවැසි බලය.....රට අනාත කරළ දැන් ජනපතිවත් අනාත කරන්නයි හදන්නේ. (අ)
දේශපාලකයින් ඉහලට යන්න යන්න ඔලුවට නොයෙක් ලෙඩ හැදෙනවා.පළවෙනි ලෙඩේ තමයි මුල අමතක වීම.දෙවැන්න සත්පුරුෂයන් අසත්පුරුෂයන් වෙන් කොට හඳුනාගත නොහැකිවීම. ඔය විදිහට ඔය වගේ ලෙඩ රෝග ටිකටික වැඩිවෙනවා. ඒ අසනීප වලට ඔබතුමන්ලගේ "දෙහි කැපිලි" වැලි වැඩක් නැහැ, පුරවැසිබලයේ මහත්වරුනි..! ඒ අසනීප වලට නියම බෙහෙත තිබෙන්නේ පොදුජනතාව අතේ. (අ)
කුම්බලා මාළු කෑවනම් දැන් විදවපන් බලලෝ කිවලු හිටන් (අ)
සමහර චරිත දුටුවහම රටින් පිටත සිට බලන ලාංකිකයකු ලෙස මට දැනෙන්නේ ඉමහත් පිළිකුලකි (නි)
වර්තමාන අවස්ථාවාදී දේශපාලන තත්ත්වය ඉදිරියේ අනාථයන් වී සිටින නීතිගරුක ජනතාව වෙනුවෙන් ඔබේ පෙනීසිටීම අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නෙමු. පුද්ගලයන් වැදගත් නොවන රට සහ ජනතාව ගැන සිතන ජනතාව ඔබ සමඟ සිටිනු ඇත. (නි)
මහා බැංකු වංචාව ගැන නිහඬව ඉන්නේ ඇයි මේ පුරවැසියො ටික? (නි)
ජනාධිපතිතුමනි, සළකන්න මේ අයට මඩු වලිගයෙන් (නි)
ගොනා හැරෙන්නේ පොල් පැලයට බව පෙනෙනවා (නි)
මහජන බදු මුදල් හොරාකෑ මහ බැංකු හොරකමට වැසුනු කට....... වෙනත් දෙයකට ඇරෙන අයුරු.......... (නි)
මේ පාර එජාපය වගේ ජන්ද දෙගුණයක් අරගෙන මෛත්‍රී මහත්තයා නිදහස් පක්ෂය දිනවනවා. කවදාහරි මහින්ද මහත්තයාගේ කට්ටියගේ සහයෝගයත් මෛත්‍රී මහත්තයට තමයි. (නි)
චන්ද්‍ර, ඔයාගේ ප්‍රශ්නයම තම මටත් තියෙන්නේ. මෙයාලා තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස්වල දුහුවිලි හොයනවා (නි)
මෙයාලා තමයි රට කෑවේ (නි)
පුරවැසි බලයට විතරක් නෙමේ චන්දය දීපු අපිටත් වෙන්නේ කතිරය ගහපු අත කපල දන්නා. එයාගේ කතාව එච්චරම පිලුකුල් සහගතෛ.(රේ)
මේ කවුද මේ? මොවුන්ට මොකද මේ තරම් අමාරුවක් මේවා ගැන?
එන්.ජී.ඕ කල්ලි බයවෙලා. (රේ)
මේ මොක්කුද? මේ කවුද පුරවැසියෝ වෙනුවෙන් පෙනී ඉන්න? ගහල එලවන්න ඕන කල්ලියක්(රේ)
හැම කෙනාටම නිතිය පොදු වෙන්න ඕන. ජනාධිපතිගේ පුතාටත් එහෙමයි.(රේ)
මෙයාල විද්වත්තුද? ඉරිසියා කාරයෝ ටිකක් විතරයි. (රේ)
මොවුනට රටේ ජනතාව බලයක් දීල නැහැ මොවුන් කියන ආකාරයට රට පාලනය කරන්ට කියල. මොවුන් රටේ ජනතාවගේ මොලගෙඩි අවුල් කරලා බල මාරුවක් කරලා මුළු රටම සෑම අතින්ම අගාධයකට ඇද දැම්ම. අද වෙනකොට මේ අය නිසා මහා ජනතාව ඉතාමත්ම දුක්කිත තත්වයකට ඇද වැටිලා හමාරයි. (රේ)
ඇමරිකන් ගැත්තෝ(රේ)