දරු දැරියන් 850 දෙනෙකු පමණ උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන කුරුණෑගල මහව ගජනැග්ගම මහා විදුහලට වතුර පෙරන යන්ත‍්‍රයක් සවිකරදී බීමට පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි කුඩා ව්‍යාපෘතියක් පැරීසියේ වෙසෙන පින්වතුන් පිරිසක් පසුගියදා පරිත්‍යාග කළහ.
ඉහළ මට්ටමක සවි කළ ටැංකියකට භූගත ජලය රැගෙන විත් එයින් ගලා බසින ජලය පෙරණයක් හරහා වෙනත් ටැංකියක ගබඩා කොට එයට සවි කළ නළ මාර්ගයක් මගින් කරාම හතරකට සම්බන්ධ කොට පහසුවෙන් බීමට ලබා ගැනීමට හැකි ලෙස මෙම යන්ත්‍රය සවි කැරිණි. පැයකට ලීටර් 1500ක නිෂ්පාදන ධාරිතාවයක් ඇති මෙම ජල පෙරණය ලබාදීම පැරීසියේ මිතුරෝ පිරිසක් ප‍්‍රියන්ත වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කටයුතු කළහ. යන්ත‍්‍රයේ නඩත්තු බරපැන ද කටයුතු ඔවුන් විසින්ම දරුණු ඇත.
වර්ෂ 1959 දී තාවකාලික ගොඩනැගිල්ලක දරුවන් 6 දෙනෙකුගෙන් සමාගම් පාසැලක් ලෙස ආරම්භ කළ ඉහත පාසලේ මුල් ගුරුවරයා වුයේ එන්. බී ධර්මසිරි බලල්ල මහතාය. එය වර්ෂ 1961දී රජයේ ප‍්‍රාථමික පාසලක් බවට පත්විය. වර්ෂ 1974දී ගජනැග්ගම කනිෂ්ඨ විදුහලක් බවට පත් වෙමින් පළමු ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ විය.
අද 1 සිට 13 දක්වා පන්ති පවත්වමින් සිසුන් 850ක් පමණ ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනුම්, ඉගැන්වීම් කටයුතුවල යෙදෙමින් විභාග ප‍්‍රතිපල ඉහළ නංවමින් විෂය සමගාමි හා විෂය බාහිර කටයුතු විශිෂ්ට මට්ටමින් පවත්වා ගෙන යන හොඳ ගති පැවතුම් හා සදාචාර සම්පන්න ආදර්ශවත් දුදරුවන් පිරිසක් රටට දැයට දායාද කිරීමට උරදෙන පාසලකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර ..සිල්වා පැරිස් ..දර්මසිරි ...චමින්ද ..වර්ණකුලසුරිය ..... සමාජසේවා සංවිදාන හදන්නේ නිකන් නෙමෙයි. කාගේ කාගේත් සුබසාදනයට... (ර)
පැරිස් මිතුරෝ පිරිසක් වතුර බෙදයි ...තව මිතුරෝ පිරිසක් වතුර ඇදගෙන නායි ....(බ)
පෙරේරා පැරිස් ඔය කියන්නේ පැරිස් වලට සෙනග අදින සුබ සාධනේ ද (බ)
බොහොම හොඳයි (නි)
පින් සිදුවෙන වැඩ මේවා (නි)
ජයවේවා ඔබ සැමට! (නි)
මොනතරම් හොඳ දෙයක්ද? (නි)
බොන්න දිය බිදක් සපයපු මිතුරනි පැරිස් ඔබට පින් (බ)
පෙරේරා පැරිස් ..ඔයා කියන්නේ ඔය කාගේ සුබසාධනේ ද ?? (බ)
කන්න දීපු අත හපාකන හතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න (නි)
පැරිස් මිතුරන්ට ගොඩාක් පින්... (ර)
බොහොම පින් ඇති වැඩක්. (ර)
පැරිසියේ ඉන්නේ කවදත් පිං කිරීමට කැමති පිරිස් .තව තවත් පින් කිරීමට දිරිය ලැබේවා . (ම)
වර්ණකුලසුරිය .. පැරිස් වල සෙනග ඇදලා සල්ලි බෙදාගන්න ගිහින් සංදර්ශනයකදී හෝල් එක ඇතුලේ රණ්ඩුවුනා මතකද . ? මමත් හිටියා එතන ..(බ)
පැරිස් වල වතුර යටින් සෙනග ඇද්දේ අද ඊයේ නෙමෙයි ..වර්ණකුලසුරිය (බ)
ඉතා හොඳ වැඩක් (නි)
වර්ණකුලසුරිය, ඔයා නියමයි
ධර්මසිරි ඔබ හරි පැරිස් සංවිධාන උඩින් පින්කම් යටින්... සෙනග අදිනාවේ (අ).
වතුරු දෙන්න පටන් ගත්තේ පැරිස් වල අපි දැන් හැමෝම වතුර දෙනවා එක හොදයි .අනික් අයට කොඩිවින නොකර ..(බ)
පැරීසියේ කට්ටිය පිංකම් වලට බැහැලා වගේ. බොහොම හොඳයි (නි)
අගය කළයුතු වැඩක්. ඔබතුමාට ගොඩක් පිං. (නි)
ඉතා හොද පිං සිදුවෙන කටයුත්තක් දායක වූ සැමටම පිං (බ)
ප්‍රංශයේ හිටපු ජනාධිපති ප්‍රන්ශුව මිතොරෝන්ගේ බිරිදත් අප්‍රිකාවේ වතුර නැති ගම් වලට වතුර ලබා දෙන ව්‍යාපෘතියක් කළා .අදටත් එය ක්‍රියාත්මක වෙනවා .පැරීසියේ මිතුරෝ ටිකත් ඒ ආදර්ශය ගන්න.පැරිසියෙන් හොඳ වැඩක් .(හේ)