ගල්ගමුව මීගලෑව සියඹලන්ගමුව වැවි ඉස්මත්තේ වැටී සිටින මෙම ඇතින්න කිසියමි විසක් ශරීර ගත වී බරපතල ලෙස රෝගාතුරවී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
මීගලෑව රෝහණ කුමාර ගොවි මහතා ඇතුළු ගොවියෝ කීපදෙනෙක් මෙම ඇතින්න රැකබලා ගනිති. ලණු දමා ඇතින්න නැගිටුවීමට ඔවුහු වෑයම් කරති.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක්වෙනවා මා කුඩා කාලයේ අපේ ගදර හිටි දැවැන්ත කීකරු ඇතින්න. ඇයගේ අවසාන කාලයේ අසනීපව අපේ ගේ ඉස්සරහ වැටිලා හිටියේ මේ විදියට. ඇය මියගියේ ඇත්ගොව්වා විසින් ඇගේ නියපොතු අතරින් ගසන ලද විස කටුවක් නිසා.(දිල්)
ගල්ගමුව වල් වදින්න වෙලා දැනට අවුරුදු 20 ක් වෙනවා. ඒ පොදු පෙරමුනේ වරද නොව ගල්ගමුවට පත් කල මන්ත්‍රීන් ගේ වරදයි. ඒ අයට හැකියාවක් නැ පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රකාශයක් කරලා අලි ප්‍රශ්නය විසදන්න ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ අය ගොඩක් ආස කොන්ත්‍රාත් වලට.(නදී)
දයා අලහාකෝන් මේ ලෝකය අයිති අපට විතරක් නොවෙයි. අපේ දේපලක් අන් අයකු බලහත් කාරයෙන් අත්පත් කරගත්තොත් අපි එයට විරුද්දව කළහ කරනවා නැතිනම් නීති මගින් ක්‍රියා කරනවා. ඒ අයිතිය මේ සතුන්ටත් තිබෙනවා. අනුන්ගේ දේපල කොල්ල කාල හිමි කරුවා මරල දාපුවම හරිද. ''සතුන් මවා ඇත්තේ නුඹලාගේ ප්‍රයෝජනය පිණිසය'' මිනිසුන් එයට වැරදි අර්ථකතන දුන්නත් ලෝකය සමබරව ඉදිරියට යාමට සතා සිව්පාවා විශාල මෙහෙවරක් කරනවා. (නදී)
මේවා අලින්ගේ වරද නෙමෙයි. අලි ගමට ගෙන්වපු අයගේ වරද. (ස)
මේවට කොහොමද අනේ අනේ අපොයි කියන්නේ. අද උදෙත් 21 හැවිරිදි උපාධි පාඨමාලාවකට ගිය සිසුවියකුත් වල් ප්‍රහාරයකට ලක්වෙලා.(නදී)
කරුණාකරල මේ රටේ ඉන්න මේගොල්ල හැමෝම ආදරයෙන් රැක බලාගන්න කැමති වෙන රටකට යවන එක නේද බලධරයිනි හොදම විසදුම. මැරෙන්න අරින්න එපා මේ සම්පත්. (ත)
හරක් මැරුවොත් අපිට කියන්ඩ. නිකන් ඉන්න එකේ අපි එන්නම් වටලන්න.(නදී)
අපිට වගේම මේ සතුන්ටත් ජීවත් වෙන්න අයිතිය තියෙනවා. බුදු දහම පිළිබඳව ඇති සර්දාව ඇති අපේ අයගේ වැඩද මේවා? ජීවත් වීම විශ්වීය පොදු අයිතියක්.(නදී)
මේ දේ කරපු අයට හොඳක් නම් සිද්ධ වෙන්න එපා. ඒ වගේම පින් සිද්ධ වෙනවා මේ ගොවි මහත්මයින්ට. ලංකාවේ අලි ඇත්තු ටිකෙන් දැන් 35% කට වඩා ඉවරයි. (ස)
පව් අසරණ සතා.(නදී)
රෝහණ කුමාර ගොවි මහත්තයෝ මේ පිනම ඇති ඔබ තුමාට ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න. වස දුන්න මනුස්සයට මේ අත්මේම දඩුවම් ලැබේවි.(නදී)
පඩි දීලා වනජීවි සහ පශු වෛද්‍ය නිලධාරීන් මේ වෙනුවෙන් දමා සිටිද්දී . සතුන් ගැන ඔවුන්ගේ සෞඛ්‍ය ගැන නොදන්නා ගොවියෝ කොහොමද මේවා කරන්නේ. අන්තිමට සතාව මැරෙන එක තමයි වෙන්නේ. වගකිව යුත්තෝ පස්සේ ඒවි පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න.(නදී)
අපිට වනයේ මෙවැනි දැවන්තියින් දැක ගැනීමේ වාසනාව අහිමිවීමේ දවස වැඩි දුරක නැහැ. (නදී)
මේ වගෙ වැඩ කරන තිරිසන් මිනිස්සු මැරෙන්නෙ මීට වඩා විදවලා.(නදී)
පව් අසරණයා. මොනවා කලත් වස දෙන්න තරම් නපුරු හිතක් කොහොමද ආවේ ඉක්මන් සුවය ලැබේවා! (නදී)
කෝ වන ජීවි අය? (ත)
බැරිම තැන මිනිස්සු කරපු වැඩක් වෙන්න ඇති ! රජය මැදිහත් නොවන නිසා (ත)