(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වතුපිටිවල මූලික රෝහලේදී කුළුදුල් දරුවා ප්‍රසූත කිරීමෙන් ටික වේලාවකට පසු මව මරණයට පත්ව ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි
මෙලෙස මිය ගොස් ඇත්තේ කල්එළිය රත්මලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිම්මි සකුන්තලා නමැති 22 හැවිරිදි මවකි .
ඇය බිහිකල දරුවාද ප්‍රසූතියට පෙර මියගොස් සිටි බව ද හෙලිව ඇත. මව දරු ප්‍රසූතිය සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත්තේ පසුගිය 18 වන දාය .
මියගිය මවගේ පළමු දරු ප්‍රසූතිය මෙය වන අතර මව එහිදී සීසේරියම් සැත්කමකට භාජනය කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
මවගේ සහ බිලිදාගේ මරණය පිළිබඳව තමන්ට සැකයක් පවතින බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක්ද සිදු කළ බවත් ඥාතීහු පවසති .
මේ පිළිබඳව අප කළ විමසීමකදී වතුපිටිවල මූලික රෝහලේ උසස් නිලධාරියකු පවසා සිටියේ මවගේ සහ බිලිදාගේ මරණය පිළිබඳව සැකයක් පවතින බවටත් පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ පැවැත්වීමට විරෝධය පළ කිරීමටත් ඥාතීන් කටයුතු කිරීම හේතුවෙන් සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලද රෝහලකදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවත් ඉන් අනතුරුව මරණයට හේතුව කුමක්ද යන්න කරුණු ඉදිරිපත් කරන බවත්ය. .
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රසුතියෙන් පසු මවත් බිලිදාත් මිය ගිහින්