IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පැරීසියේ තරු සැඳෑවට සියල්ල සූදානම්

ශ්‍රී ලංකාවේ අතොරක් නොමැතිව පැතිරී යන වකුගඩු රෝගයට පිලියම් සොයන වර්තමානයේ එය වලක්වා ගැනීමේ ඉදිරි සෞඛ්‍ය සුරක්ෂිත සැලසුම් වලට සහාය වීම පිනිස ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය විසින් පැරීසියේ දක්ෂතා ඇගයීමේ තරගා වලියක් ජුනි 09 වෙනි ඉරිදා සවස 02ට පැවැත්වීමට කටයුතු යොදාා ඇත්තේය.                 
පැරීසියේ පවත්වන මෙම විශිෂ්ඨ සැඳෑවට ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම පුවත් පත වන ඉරිදා ලංකාදීපයේ ප‍්‍රධාන කතෘ ආරියනන්ද දොඹගහවත්තලශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ  නර්තන හා නාට්‍ය කලා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ආරියරත්න කලූආරච්චි මහත්වරු ප‍්‍රමුඛ සම්භාවනීය පිරිසක් සහභාගි වීමට එහි ගොස් සිටිති. එදින සැඳෑව සදහා ලංකාදීප පුවත් පත, නේෂන් ට‍්‍රස්ට් බැංකුව, පැරීසියේ සියෙල් ලංකා සංචාරක ආයතනය, ප‍්‍රංශයේ ට‍්‍රයිකෝ ආයතනය සම්භාවනීය අනුග‍්‍රහායකයෝය. යුරෝපයේ ජය ශ්‍රී සමග චායා වෛයිබ්‍රේෂන් සංගීත කණ්ඩායම් සංගීතයෙන් සහාය වෙනු ඇතග මෙම සුන්දර සැඳෑව පැරීසියේ කළාප අංක 15ට අයත් ප‍්‍රංශයේ උසම ගොඩනැගිල්ල පිහිටි මොන්ෆරනාස් නගරයේ අංක 36 රූ ඩෙ ඩෙෆාර්ට් හී බ‍්‍රසිල් ට්‍රොෆිකල් ශාලාවේදි සවස 02 සිට මහ ඉහලින් පැවැත්වීමට සියලූම කටයුතු සුදානම් කර තිබේ. මෙම ස්වර්ණමය අවස්ථාව රස විදීමට ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය පැරීසියේ වැසියන්ට ගෞරවයෙන් ඇරයුම්  කරයි. ඒ සමගම මෙම දක්ෂතා ඇගයීමේ උත්සවයට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකාවේ ප‍්‍රවීන නළු කමල් අද්දරආරච්චි මහතාගේ පැමිණීම නොවැලැක්විය හැකි හේතු සාධක මත ඔහුගේ සහාභාගිත්වය නොමැති වුවද ප‍්‍රවීණයෝ ඇතුලත් පැරීසියේ තරු සමග සැඳෑවක් පවත්වන බව ප‍්‍රංශ ලංකා සුභ සාධක සංවිධානය ලංකාදීප එසැනට පැවසීය.

 



අදහස් (0)

පැරීසියේ තරු සැඳෑවට සියල්ල සූදානම්

පද්මිනී Sunday, 09 June 2013 10:22 AM

මේ අර ලංකාවෙන් ඇවිල්ලා ඉන්න සම්භාවනීය පිරිස වෙන්න ඕනා. අරමුණ නම් කොහෙත්ම පැහැදිලි මදි. කි දෙනෙක් දැන් මෙහෙ නවතිනවද?(නදී)

:       0       0

නීල්-රානා Saturday, 08 June 2013 08:32 PM

මෙහි අරමුණ ලෙස දක්වා තිබෙන්නේ මෙලෝ රහක් නැති අදහසක්නේ. එක්කෝ ලැබෙන මුදල් වලින් වකුගඩු රෝගීන් සුවපත්කල යුතුයි නැත්නම් රෝග කාරක හේතු වළක්වන පැහැදිලි වැඩපිළිවෙලකට ඒවා වැයකළ යුතුයි.(නදී)

:       0       0

අමරේ Saturday, 08 June 2013 10:37 PM

චේතනාව හොද නම් හොදට කෙරෙයි. නමුත් බොහොම අසරණ තත්වයක් තමයි පේන්නේ.(නදී)

:       0       0

සිරිමල් Saturday, 08 June 2013 11:37 PM

ඉතාලියේ ඉන්න අපිටත් මේ වගේ වකුගඩු රෝගීන්ට උදවු කරන්න පුළුවන්. සම්බන්ධතා ලිපිනයක් තිබුණා නම් තමයි හොද (නි)

:       0       0

කුමාරි Sunday, 09 June 2013 12:08 AM

මොන තරම් විවේචන තිබුනත් ඉදිරියට ගෙනියන්න. සුබ පැතුම් ! (නි)

:       0       0

අමරේ Sunday, 09 June 2013 03:38 PM

ආර්ථික අහේනි ලෝකේ හැමතැනම තියනවනේ ඔය කියක් හරි හම්බ කොරගත් දෙන් .(නදී)

:       0       0

හිමාලා Sunday, 09 June 2013 03:38 PM

පීටරට ජීවත්වෙන අපේ ලංකාවේ අය මොනාහරි කියල සංගම් ඇතිකරලා සල්ලි එකතු කරලා බීලා කාල නටනවා ෆොටෝ දානවා පත්තරේට උදව් කරන සිංහලයෝ ඉන්නවද පීටරට ?(නදී)

:       0       0

ලලිත් පැරිස් Sunday, 09 June 2013 02:27 AM

කොහෙද යන්නේ මල්ලේ පොල් , වගේ කතාවක්. පැරිස් වලත් සමිති සමාගම් බිහි වෙනවා හතු පිපෙන ගානෙට.(නදී)

:       0       0

ශර්ලි Monday, 10 June 2013 12:27 AM

ලලිත්, ඔබ හරි (නි)

:       0       0

පියල් Sunday, 09 June 2013 05:04 PM

සන්තෝසයි.. නියමයි නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1755 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1100 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1649 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1152 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 615 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1138 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site