පැරීසියේ ශ්‍රී ලාංකික සමිති සමාගම් හා පෞද්ගලික මට්ටමෙන් ශ්‍රී ලංකාවේ පාසල්, පන්සල්, පල්ලි, රෝහල්, පුස්තකාල, රණවිරු සෙවන, මහලූ නිවාස වලට ද ගංවතුරෙන් හානිවූ ප්‍රදේශ වලට ද මෑතදී ආධාර උපකාර කළහ.
ප්‍රංශ ලංකා සුභ සාධන සංවිධානය, ප්‍රංශ ලංකා මානව සහායෝගිතා සංවිධානය, යුරෝපා ඒජාප පැරිස් ශාඛාව, ප්‍රංශ ලංකා සංවිධානය හා දානපතියෝ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති මුරුංගාගස්යායේ ඥානිස්සර හිමියෝ ද ඉහත ආයතන සඳහා පරිත්‍යාග ලබා දීමට පෙරමුණ ගත්හ. මීට මාස කිහිපයකට පෙර ඥානිස්සර හිමියෝ මිද්දෙනිය ග්‍රාමීය රෝහලට වටිනා ඇඳන් සමග අංග සම්පූර්ණ වාට්ටුවක් ඉදිකර දුන්හ.. ඒ සඳහා පැරීසියේ හා වෙනත් රටවල ශ්‍රී ලාංකික හා විදේශිකයෝ දායක වූහ.
කැකිරාව මඩාටුගම රදලියාගම පූර්ව ළමා සංවර්ධන පාසලේ දරුවන්ට පාසැල් උපකරන හා පාසැලේ සංවර්ධන කටයුතු සඳහා එම සංගමයේ සභාපති හා උප සභාපති චමින්ද රාමනායක හා දුලිප් ඉන්දික තිරිමාන්න එම පරිත්‍යාග පිරිනැමූහ.
ගංවතුරෙන් ආපදාවට පත් වැල්ලම්පිටියේ හා ඒ අවට පාසල් සිසු දරුවන් වෙනුවෙන් කඩුවෙල කොතලාවල සංඝ පිට්ට විහාරයේදී පාසල් පොත් බෑග් ඇතුළු පාසැල් උපකරණද, වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා නිවාසයේ දරුවනට පාවහන් හා පාසල් පොත් ද පරිත්‍යාග කැරිණි. යුරෝපා ඒජාප පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර ප්‍රමුඛ අනෙකුත් සාමාඡිකයන් අතින් සිදුවූ අතර තිඹිරිගස්යායේ 306සී2 හී සිංහ සමාජය ඉහත උත්සව සංවිධාන කළේය.
මධ්‍යම පළාතේ දෙනුවර මාවීකුඹුර බඹරඇළ කෝනාධික සිංහල දෙමළ පාසලේ දරුවන් 107 දෙනකුට පාසල් උපකරණ හා අංග සම්පූර්ණ සිගිති උයනක් ඉදිකර දෙමින් එම පරිත්‍යාග කිරීම ප්‍ර්‍රංශ ලංකා මානව සහායෝගිතා සංගමයේ සභාපති අජන්ත කල්දේරා හා නිමල් රණසිංහ මහත්වරුන් ආහ.
කැකිරාව කුඩාවැව ගම්මානයට, රත්මල්කන්ද විදුහලට හා රත්මල්කන්ද රජමහා විහාරයට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට වතුර පෙරන යන්ත්‍ර, කුරුණෑගල ජාතික ආරක්ෂක බළමුළුවේ පාද අහිමි ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම පාද ලබාදීම හා එහි ඉදිවෙන පුස්තකාලය සඳහා සිමෙන්ති කොට්ට ලබා දීම, රංවල මිතිරිගල ශ්‍රී දේවරක්ඛිත මහලූ නිවාසයට ආහාර ද්‍රව්‍ය ලබා දීම, තංගල්ල ශාන්ත ප්‍රැන්සිස් දේවස්ථානයේ අලුත් වැඩියා වෙනුවෙන් රුපියල් ලක්ෂයක් එහි ගරු සුදත් ජයන්ත පියතුමාට පිරිනැමීම, අත්තිටියේ මිහිඳු සෙවනේ රණවිරුවන් සඳහා රෝද පුටුවක්ද මහනුවර රෝහලේ පිළිකා රෝගි අංශයට රෝද පුටු දෙකක්ද පිරිනැමිණි. ප්‍රංශ ලංකා සුභ සාධන සංවිධායේ සභාපති සනත් මුතුනමගෝන්නගේ, මැක්සි සිල්වා, චන්න ගුණසේකර, රොෂාන් තුෂාරි කිරිදිවැල්ල යුවළ ඇතුළු සමාජිකයෝ ඒ සඳහා පැමිණ සිටියහ.
මෙලෙසම පැරීසියේ සමහර දමිළ සමාජ සේවා සංවිධානද උතුර හා නැගෙනහිර පළාත්හි දුෂ්කර ගම්වලට ද උදව් කැරිණි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත්, ඔයාට මතකද ගංවතුර ආධාර එකතු කරපු කාලය? (නි)
මේවා දැකල අපි තුෂ්ණිම්භූත වෙනවා (බ)
බොහොම සන්තෝෂයි මේ වැඩේ ගැන (නි)
ඉතාම හොඳයි. (නි)
අජිත්, ඔයා හරි (නි)
දිගටම මෙවැනි කටයුතු කරන්න වාසනා! (නි)
මේ වගේ දේවල් කරන එක ගැන අපිට සතුටුයි (නි)
අජිත්... මේගොල්ලෝ ඉන්න ඕනේ පැරිස් නෙමෙයි. දිව්‍යලෝකේ... (ර)
අජිත් පැරිස් පින් කරන්න පොරකන අයගේ ගම කොහෙද ..? (ර)
සාන්ත පැරිස් ඔයා කියන ඔය ඇනකොටා ගන්න අය ගේ ගම කොහොද බලන්න එතකොට හිතා ගන්න පුළුවන්. (ර)
පින්කම් කරන්න රන්ඩු කරන එකම රට ප්‍රන්සේ ...? (රේ)
ශ්රී ලාකිය ලෝකේ පින්වතුන් ගෙන් පිරුණු රට ප්‍රංශයයි (හේ)
දැන් කට්ටිය පැරිස් වල පින් කරන්න පෝලිමේ (රේ)
පැරිස් වල සුබසාදන කියාගත් සංවිදා න පිනට පුදුම ලැදියාවක් තියෙන්නේ ඒකනේ ඔයා කියන විදියට ඇනකොටා ගන්නේ ..(රේ)
දැන් කට්ටිය පාස්පෝර්ට් කතාවට ඇනකොටා ගෙන ඉවරයි වගේ. දැන් ඇනකොටා ගන්නේ පිං කරන්නයි (නි)
මේ හොඳ පින්කම් වුණත් සමහරුන්ට මේවා යටින් තියෙනවා සම්තින් (නි)
පැරිස් වල ඉන්න පින්වතුන්ට අතපය දිගහැරලා පිං කරන්නත් යහපාලන රජයක්ම එන්න ඕනෑ. ඉතා හොඳයි (නි)
ඉතා නිර්ලෝභීව ධනය ශ්‍රමය මගින් මවු රටට සමාජයට යහපත් දේවල් කරනා උතුම් ලාංකිකයන් ඉන්නා නගරයක් පැරිස්..... බුදු සරණයි. (බ)
අල්විස් ඔවුන් පින් කරන්න රණ්ඩු වෙන්නේ නැහැ .පිං කරන්න පොර කනවා . තව ටික දවසකින් පිං කරන්න තරඟත් පවත්වාවි . (බ)
ඇත්තමටම හොඳ වැඩක්.(හේ)
හොද පින්කමක්.(හේ)
මේවා ඉතා හොද වැඩ (හේ)
පැරිස් වලට ගිය කළක්.(හේ)
මෙතන සංවිධාන පැටලිලා හොද මිනිසුන් අතර දුෂිතයෝ ද ඇත . කනගාටුයි (බ)
සුබසාධනේ නම විකුණන් සෙනග අදින අයත් ඔය ඉන්නේ. (බ)
සමාජයේ දැන් පිරිහෙන මිනිහෙක් පුම්බන්න හදන බවක් පේනවා . නගින ඉනිමන් වලට පයින් ගසන මේවගේ මිනිස්සු ගැන පැරිස් ජනතාව දැන් අවදියෙන් බව හිතන්න ...(බ)
ලබාගන්න දේ ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. ලාංකිකයන්ට ඇයි නිර්මාණශීලි, නිෂ්පාදන හැකියාවක් නැත්තේ? ගන්නදේට ඉදිරියේදී යමක් දෙන්න සිදුවෙන බවත් මතක තියාගන්න.
ඉතා කෙටි කාලයක් තුළදී ප්‍රංශ ලංකා මානව සහයෝගිතා සංගමයේ ප්‍රථම මානව සත්කාරය මහත් ඉහළින් ස්වාධින රුපවාහිනී ආයතනයේ වජිර පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් සිදුකෙරින. මෙම මානව සත්කාරයන් සඳහා ආධාර උපකාර කළ සියළුම ප්‍රංශයේ සහ ශ්‍රි ලංකාවේ මහත්ම මහත්මියන්ට පින්. අපේම රටේ අපේම අය වෙනුවෙන් උදවු උපකාර කළ ප්‍රංශයේ අනෙකුත් සංවිධාන වලට තුති. (නි)
පැරිස් සංවිධානයේ හොඳ වැඩ කරන පිරිස් ඉන්නවා (නි)
පින්කම් කළාට කමක් නැහැ. පින් එකතුකරගන්න රණ්ඩු කරන්න එපා (නි)
ඉතා හොඳ වටිනා පින්කම් ගොඩක් (නි)