IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පලා ගිය සෙබළුන් ගැන ෆොන්සේකාටත් කිව්වාලු

හමුදාවෙන් පලා ගිය පිරිසක් ගැන හිටපු යුද හමුදාපතිට දැනුම් දුන් බවත්, එහෙත් තමා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකළ බවත් විශ්‍රාමික බ්‍රිගේඩියර් අශෝක වීරසිංහ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසීය.

හමුදාවෙන් පලා ගිය අයට රැකවරණය දුන්නැයි සරත් ෆොන්සේකාට සහ ඔහුගේ පෞද්ගලික සහකාර සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහිව මේ නඩුව පවරා ඇත.

හමුදාවෙන් පලා ගියැයි කියන යතුරුපැදි සෙබළුන් සමග ෆොන්සේකා ජනපතිවරණ සමයේ රට පුරා ගිය බව දන්නේ යැයි හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කිවේය.

වැඩිදුර විභාගය ලබන 14 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

පලා ගිය සෙබළුන් ගැන ෆොන්සේකාටත් කිව්වාලු

ජානකී Tuesday, 28 May 2013 08:26 AM

සරත ෆොන්සේකා මහත්තයට නිදහසේ ඉන්න ඉඩ අරින්න. (නි)

:       0       0

රකිත් Tuesday, 28 May 2013 08:28 AM

හමුදාවෙන් පලා ගිය පිරිස ගැන දැනුම් දෙන්න තිබුණේ එවකට හිටි පොලිස්පතිටනේ. හමුදාවෙන් නෙමෙයිනේ අත් අඩංගුවට ගන්නේ, පොලිසියෙන්නේ. (නි)

:       0       0

කෙවින් Tuesday, 28 May 2013 08:42 AM

අපේ වීරයා සරත් ෆොන්සේකා පමණි. යුද්දෙට බයෙන් රට පැනපු මිනිස්සු නෙවෙයි ඒ. අද ලංකාවේ ලොකුම හොරු කවුද කියලා ලංකාවම දන්නවා. මේ විදියට ලංකාව විනාශ කරනවට ලගදීම ''දිට්ට දම්ම වේදනීය කර්මය'' පලදෙනවා. මොකද මේක පිරිසුදු බොදු රටක්. (නි)

:       0       0

සෙන්සා Tuesday, 28 May 2013 08:55 AM

අපේ රටට හෙන ගහලා තියෙන්නේ විදේශීය බලවේග නැත්නම් දෙමල ඩයස්පෝරාවම ‍නිසා නෙමෙයි. හරි දේට වැරදියි කියන එකත් වැරදි දේට හරි යැයි කියන එකත් තමයි අපේ රටේ ආශ්චර්යය. (නි)

:       0       0

සිංහයා Tuesday, 28 May 2013 09:05 AM

මගේ අම්මේ මේ අය සරත් ෆොන්සේකාට තියෙන බය. නම කියපු ගමන් චු යනවා. නැත්නම් මොකටද මේ වගේ ලෝකෙත් නැති නඩු වලට පටලවන්න හදන්නේ?(නදී)

:       0       0

අමල් Tuesday, 28 May 2013 10:03 AM

ෆොන්සේකා මහතාගේ හොද වැඩ ගැන අගය කිරීමක් නැත්තේ ඇයි? (නි)

:       0       0

සජිත් Tuesday, 28 May 2013 10:17 AM

කෙවින් ඒක පලදීල හුගක් කල් එත් හිතට දුක ඒක බුදු දහමටත් පලදිච්ච එක.(නදී)

:       0       0

සිල්වා Monday, 27 May 2013 11:28 PM

මේ රටේ අනිත් හොරුන්ගේ දේවල් හැමදේම යට ගහනවා ෆොන්සේකා මහතාගේ හොද වැඩ ගැන අගය කිරීමක් නැහැ පලිගැනීම් පමණි , හොරු මකොල්ල කාරයෝ මිනීමරුවෝ නිදැලේ (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 28 May 2013 10:26 AM

ඉතින් ෆොන්සේකා මහත්තය අත් අඩංගුවට ගත්තා වගේ ඒ කට්ටියත් ගන්න තිබුනනේ. (නි)

:       0       0

යොහාන් Tuesday, 28 May 2013 10:32 AM

බලය නැතිව මෙවැනි දේවල් කලානම් බලය ලැබුනොත් හිට්ලෙර් කෙනෙක් වෙයි.(නදී)

:       0       0

ලලිත් Monday, 27 May 2013 11:44 PM

පක්ෂග්‍රාහී වෙන්න ඕනෑ නැහැ. හරි දේ ඉදිරි කාලයේදී බලාගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

සරත් Tuesday, 28 May 2013 11:11 AM

අපි කරන්නෙම නොකළ යුතු දේවල් නොකළ යුතු වෙලාවට. (නි)

:       0       0

සිල්වා Tuesday, 28 May 2013 12:09 AM

ඉතින් එහෙම වුණා නම් නීතිය අනුව වැඩ කළේ නැත්තේ මොකද? එයාලා හිර කරන්න තිබුනනේ. හැංගිලා හිටියේ නැහැනේ. (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 28 May 2013 12:12 AM

ඔය සාක්කි දෙන්න ආපු මේජර්වරයා ගජබා රෙජිමේන්තුවේ හිටිය කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් කෝමද ඔහොම ලස්සනට සාක්කි දෙන්නේ. ෆොන්සේකා මහතා ගැන මුලු රටේ ලොකු පොඩි සියලු දෙනාම දන්නවා අද මෙතුමන් ජනතාවගේ හදවත් තුල කිදා බැහැලා ඉවරයි. සමහර අය බයයි මෙතුමා රටේ නායකත්වයට එයි කියලා.(නදී)

:       0       0

ජ.හේරත් Tuesday, 28 May 2013 04:21 PM

මුකුත් නොලියා ඉන්න හිතුවේ. එතකොට ප්‍රබාගේ හමුදාවේ ඉඳලා හාමුදුරුවරු සියගණනක් මරපු , පොලෝසියේ හමුදාවේ දහස් ගානක් මරපු සාමාන්‍යය ජිවිත ලක්ෂ ගානක් නැති කළ කොටින්ට ලොකු තනතුරු දීපු අයට මොකද කරන්නේ ? (නි)

:       0       0

සිල්වා Tuesday, 28 May 2013 12:38 AM

මම මොකුත් කියන්නේ නැහැ

:       0       0

රංජනී Tuesday, 28 May 2013 12:41 AM

ෆොන්සේකාත් හොද වැඩ වගේම නරක වැඩත් කලානේ එය ජනාධිපති උනානම් ?(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 28 May 2013 11:58 AM

මිනීමරු නඩු අවුරුදු 10 කට වඩා කල්යමින් තියෙනවා. ඒවා අහලා නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට රටටත් එහි ජනතාවටත් පලක් නැති නඩු තමයි ඉක්මනට අහන්නේ (නි)

:       0       0

පෙරේරා Tuesday, 28 May 2013 12:58 AM

මොකද්ද දැන් කියන්නේ

:       0       0

සෝමසිරි Tuesday, 28 May 2013 01:06 AM

රජය කළ යුත්තේ ජනතාවගේ සුබ සිද්ධිය සදහා පිඩිත ජනතාවට සේවය කිරීමයි (නි)

:       0       0

තමාරා Tuesday, 28 May 2013 12:20 PM

අයියෝ! මොකද සරත් මහතාට මෙච්චර බය. නැති වැරදි හදලා නඩු දමන්නේ ඇයි. පාර්ලිමේන්තුවේ කොච්චර වීරයෝ ඉන්නවද? (නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 28 May 2013 02:00 AM

දැය බේරා ගත් ජෙනරාල්තුමාට කෙනෙහිලි කරන්න එපා (නි)

:       0       0

අරුන් Tuesday, 28 May 2013 02:00 AM

සදිගේ කතාවේ ඇත්ත.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 02:16 AM

මේව මේ පරණ ප්‍රශ්නනේ. මෙන්න මේවා ඉක්මණට සමතයකට පත්කරලා දාන්න (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 28 May 2013 12:37 PM

මේ බ්‍රිගේඩියර් බලාගෙන ඉන්න ඇති ෆොන්සේකා දිනනකම්. එතකොට නීතිය ක්‍රියාත්මක නොකලට සැලකුම් ලැබෙයි කියල. දැන් අනිත් පැත්තට සාක්කි දෙනවා. මෙයාව කෝට් මාෂල් කරන්න ඕනා.(නදී)

:       0       0

රනිග් Tuesday, 28 May 2013 12:41 PM

ජනරාල්ට මේ ගොල්ලෝ හරි බයයි. එකනේ මෙහෙම කරන්නේ. ලගදීම මේ ගොල්ලන්ට දිට්ටදම්මවේදය පලදෙනවා. මේ ගොල්ලෝ තමන්ගේ ගෙදර අයව මරලත් ඒ අයව අත් අඩංගුවට ගන්නේ නැති අයනේ.(නදී)

:       0       0

සමන් Tuesday, 28 May 2013 03:02 AM

මේ වගේ නඩු අහනකොටම දන්නවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. මේවා දැක්කම රට දවසින් දවස එපා වෙනවා (නි)

:       0       0

සිල්වා Tuesday, 28 May 2013 12:58 PM

දේශපාලනය යොදා ගන්නේ දේශපාලන වාසි තකා මිස රටේ දියුණුවට නොවේ. මිනිසුනි, නිතිය අන්ධ නොවේද? (නි)

:       0       0

ද සිල්වා - බර්ලින් Monday, 27 May 2013 07:53 PM

දැන් ඔය බහුබූත අමතක කරලා දාන්න. ෆොන්සේකා මිණිමරන්න, මංකොල්ල කන්න මේ සෙබළු යොදා ගත්තේ නැහැනේ. අද සමහර ඇමතිලා ලග හමුදාවෙන් පැනල ආපු සෙබළු දුසිම් ගණන ඉන්නේ. ඔවුන්ගෙන් සමහරෙකුට උසාවි වරෙන්තු පවා තිබෙනවා. මෙම බොරු නඩු නිසා වෙන්නේ ලංකාවේ අධිකරණය හෑල්ලුවට ලක්වෙන එක විතරයි.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 28 May 2013 04:50 AM

බලය නැතුවත් මෙහෙම වැඩ කළා නම් බලය ලැබුනාම දැන ඉන්න දේශපාලුවන්ට වඩා නීති ගරුක අයෙක් වෙයි කියලා හිතන්න පුලුවන්ද? (නි)

:       0       0

විමල් Tuesday, 28 May 2013 01:15 PM

හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා හුස්ම ගතතත් වැරදියි කියන අය එළකිරි වගේ සුද්දවන්තයෝ. නමුත් සියලු දෙනාම දන්නා දෙයක්! පළ ඇති රුකටයි වවුලොත් වහන්නෙ. (නි)

:       0       0

උපාලි Tuesday, 28 May 2013 06:16 AM

ද සිල්වා පලකරන අදහස් හැමවිටම හරි. පැනගිය සෙබළුන් විතරක් නෙමෙයි පාතාලයෝ ඔය සුදු පිරුවට කාරයින් වටේටම ඉන්නවා. ලොක්කෝ පන්සල්වලට යනකොට මගක් යනතුරු මල් වට්ටි උස්සගෙන යන්නෙත් මිනීමරුවෝ. කැත විදිහට නීතිය පෙන්න පෙන්න ෆොන්සේකාව නොමරා මරනවා. පළි ගැනීමේ ඉවරයක් නැති හැටි. මොනවටද ඔය සුදු පිරුවට? (නදී)

:       0       0

සාදි Monday, 27 May 2013 08:48 PM

මේ කතාව ඇත්ත බව ගොඩ දෙනෙක් දන්නවා. ඒක ඒ දවස්වල ප්‍රසිද්ධ රහසක්. ඒ වුනාට පොන්සේකා මහතා රටට සිදුකල සේවය වෙනුවෙන් කුණු අවුස්සනේ නැතුව සමාව දිය යුතුයි.(නදී)

:       0       0

වරුණ Tuesday, 28 May 2013 07:49 AM

කෝ අර යුධ කාලේදී එල් ටී ටී එකෙන් පඩි අරන් යුධ රහස් එලියට දුන්නා කියපු අයටයි නිදන් හාරපු අයටයි නීතිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද?කොටින්ට ආයුධ මුදල් රැස් කරලා සපයලා දහස් ගණන් ජීවිත නැති කරලා කපලා කොටලා මිනි මරලා ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්න කොටින්ට මේ නීති බලපාන්නේ නැද්ද? (නි)

:       0       0

චමින්ද Tuesday, 28 May 2013 02:12 PM

ප්‍රශ්න ඇති කරගන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 29 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 172 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 118 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 530 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1021 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site