IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පැලෑටියක් මස් කන හැටි

තම පැවැත්මට අවශ්‍ය පෝෂක ද්‍රව්‍යයන් ලබා ගැනීමට කුඩා සත්වවිශේෂ, විවිධ උපක්‍රම මගින්  අල්ලා ගැනීමට අනුවර්තනය වූ  ශාක පොදුවේ මාංශ භක්ෂක ශාක  යනුවෙන් හඳුන් ලබයි.

ශ්‍රීලංකාවේදී දක්නට ලැබෙන බාඳුරා, කඳුලැස්ස, හා නිල්මොනරැස්ස එවැනි  මාංශ භක්ෂක ශාක විශේෂයෝය.

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරල තීරයේ දක්නට ලැබෙන වීනස් ෆලයි ට්‍රැප් නමැති මෙම කුඩා ශාක විශේෂයද මෙවැනිම මාංශභක්ෂක ශාකවිශේෂයකි.

මෙම ශාකය ,  සතුන් අල්ලා ගැනීමට අනුවර්තනය වූ ආකර්ශනීය වර්ණයෙන් යුත් රසවත් මාංශමය පත්‍රාකාරකොටස වෙත පැමිණෙන කුඩා සතුන්,තම ග්‍රහණයට ගෙන මරණයට පත්කරනා අන්දම පහත වීඩියෝවෙන් දැක්වේ.

 



අදහස් (0)

පැලෑටියක් මස් කන හැටි

එදිරිසිංහ Friday, 19 July 2013 01:25 AM

පිටබැද්දර ඇත්තෝ එළවලු පමණද වළදන්නේ.(නදී)

:       0       0

අනිල් Thursday, 18 July 2013 05:25 PM

ඉතාමත් වටිනා වීඩියෝවක්.එසැනට ස්තුතියි. (නි)

:       0       0

උපාලි Saturday, 20 July 2013 10:13 AM

නිල් රනාට, "විශ්වයේ සද තරු මනිදාකිනි වලට දේදනා සංකාර විඥාන තිබේද, ඒවා සතර මහා භුතයින් වන ආපෝ තේජෝ වායෝ ආදියෙන් සකස් වූවෝ නොවෙයිද..''? (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 18 July 2013 05:29 PM

දැන් මේ පැලෑටියට විරුද්ධව අපේ බල සේනාව උරුමාර රාවන බලය පෙළපාලි යාවිද මෙම පැළෑටි නැති කරාවිද දන්නේ නැහැ. මාංශ බුදින ගස් වර්ගයක් නිසා.(නදී)

:       0       0

මංගල කොලොන්නාව Thursday, 18 July 2013 05:30 PM

මේක දැකලා හෙට වන විට කොළඹ ලොකු පෙළපාලියක් සකස් වෙනවද දන්නේ නැහැ. මස් කන එක පෙන්න බැරි බල සේනාව.(නදී)

:       0       0

රොෂාන් සංජීව Tuesday, 23 July 2013 02:42 AM

ලංකාවට අවේනික වූ මේ කුලයේ ශාක වර්ග වඳ වීම නිසයි ඩෙංගු මදුරු උවදුර වැඩිවුණේ. ඩෙංගු වලට පිලියමක් ලෙස මෙය යොදා ගත හැකිබවයි මට හිතෙන්නේ. ඔයාලත් හිතලා මගේ අදහස හරි නම් අදාල පුද්ගලයින්ට දන්වලා වැඩේ පටන්ගමු හිත හිතා ඉන්නේ නැතුව. පත්තරෙනුත් සහයෝගයක් ගමු. (නි)

:       0       0

විජේසිංහ Friday, 19 July 2013 12:14 PM

ඕනවට වඩා මෝඩ වු‍ණොත් අපිට පලා වර්ගත් කන්න බැරි වෙනවා. මොකද එතනදී අපි පන ඇති පැලයක් මරනවා. මේවා ලිදේ ඉන්න අයට තේරුම් ගන්න බැ (අ)

:       0       1

නීල් රණා Friday, 19 July 2013 12:20 PM

අමිල, රන්දි, කොලේ වහල ගැහුව්වට බොරුව හැමදාම රජ කරන්නේ නැහැ. සත්‍ය දකින්න, සත්‍ය වැළඳගන්න බිය නොවන්න. මන්ද ඔබ බොරුව වැළඳ ගන්නේ හෘද සාක්ෂියට එකඟව නොවන නිසාය. මන්ද පැරැන්නෝ "ප්‍රඥා ප්‍රතිෂ්ටිතම්, ප්‍රඥා නේත්රම්" ලෙස විශ්වය අර්ථ කථනය කලේ කට කසනවට නොවන නිසාය. එහි අර්ථය සියල්ල ප්‍රඥාවෙන් ස්ථාපනය කර ඇත ප්‍රඥාවෙන් මග පෙන්වනු ලැබේ යනුයි. එබැවින් බොරුවේ ආයුෂ කෙටිය. (අ)

:       0       0

ඉස්හාක් Thursday, 18 July 2013 05:58 PM

තව කව්රු ගිනි තියාගනීද දන්නේ නැහැ නේද ? (නි)

:       0       0

රිෂාර්ඩ් Friday, 19 July 2013 02:56 AM

දැන් මේ ගහ අන්තවාදී වේගෙන එන්නේ. අනේ අම්මපා පොඩ්ඩක් නිකන් ඉන්න අරකට්ටිය දැනගනී. ඒ ගොල්ලන් දන්නේ නැහැ මස් කන වදුරොත් තවත් ශාකත් තියෙන බව.(නදී)

:       0       0

ඇසළ Thursday, 18 July 2013 06:59 PM

පුළුවන් නම් ප්‍රාදේශීය සභා පළාත් සභා වටේට වවන්න. අපේ මස් ටික කන්න බලාගෙන ඉන්න දේශපාලුවෝ ටික ඉවරයක් කරගන්න.(නදී)

:       0       0

ප්‍රසාදිනි Friday, 19 July 2013 07:19 AM

වටිනා ඉදිරිපත් කිරීමක් (නි)

:       0       0

නිශ්ශංක ආරියසේන Thursday, 18 July 2013 02:24 PM

හරි හොඳයි (අ)

:       0       0

ඉන්දිකා Friday, 19 July 2013 08:41 AM

නීල් රණා, ඔයාටත් වැරදිලා. වේදනා සහ විඥාන ගස් වලට නෑ. (අ)

:       0       0

ගාමිණී-සිරි Thursday, 18 July 2013 02:32 PM

දුර්ලභ ඝනයේ වටිනා ප්‍රවෘර්තියක් එසැනට ගොඩාක් ස්තුයි. මාංශ භක්ෂක පැලැටි වලට විරද්ධව මේ වන විටත් උද්ඝෝෂණ සුදානම් කරනවා ඇති සමහර විට..(අ)

:       0       0

උපාලි Friday, 19 July 2013 08:46 AM

ගහෙකාළ වුවද කර ඇත්නම් පෙරකරුම... මෙය බළ උරුම වෙයි ඊටම වන අරුම... මිනිසත්කමට ගරහන මිනිසුනි නරුම... හදවත් වලට බෑ අදහනු ලොව පුදුම... (නි)

:       0       0

රාජු Friday, 19 July 2013 08:56 AM

හරක් මරණ කතාව දැන් සමහරුන්ට විලාසිතාවක් වෙලා (නි)

:       0       0

රුක්මල් Saturday, 20 July 2013 09:58 PM

කව්ද මේ නීල් රනා.දඩුබස්නාමනයේ රනාගේ නැදයෙක්ද (අ)

:       0       0

නුවන් Thursday, 18 July 2013 02:42 PM

දුර්ලභ ඝනයේ වටිනා ප්‍රවෘර්තියක් එසැනට ගොඩාක් ස්තුයි. මාංශ භක්ෂක පැලැටි වලට විරද්ධව මේ වන විටත් උද්ඝෝෂණ සුදානම් කරනවා ඇති සමහර විට.(නදී)

:       0       0

නීල් රනා Thursday, 18 July 2013 02:45 PM

බුද්ධිමත් සතුන් පමණක් නොව එවැනි ශාකත් ලොව පවතින බව සම හරක්ට වටහා ගන්න හොඳ අවස්ථාවක්. (අ)

:       0       0

රවිදු Thursday, 18 July 2013 02:50 PM

අනේ දැන් මට මසුත් නැහැ එළවලුත් කන්න හිතෙන්නෙය් නැහැ (අ)

:       0       0

ෂාරෝ Friday, 19 July 2013 09:25 AM

අර්තවත් දෙයක් ලියල තියෙන්නේ කියෙන් කි දෙනාද ..? (අ)

:       0       0

කුමාර Friday, 19 July 2013 09:33 AM

බොහොම හොද වීඩියෝ එකක්. මේ වගේම ලංකාවේ තියෙන ගස් වර්ග තුනෙත් වීඩියෝ දමනවා නම් ඉතා අගනේය (නි)

:       0       0

ගාමිණී Thursday, 18 July 2013 02:55 PM

අපේ රටෙත් මේ වගේ පැළෑටි තියනවා.(නදී)

:       0       0

මන්ජු Thursday, 18 July 2013 03:00 PM

ගස් මස් කන්න පුරුදු උනොත් අපි ඔක්කොම සුනේ සුන් (අ)

:       0       0

රූපවතී Thursday, 18 July 2013 03:01 PM

අනේ ..අර ගෙබිහාමිව බේරාගත්තේ නැත්තේ ඇයි ?වීඩියෝ කරපු කෙනාට තිබුන ගෙබිහාමිව ඇදල ගන්න . පව් ...අහිංසකය . (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Thursday, 18 July 2013 03:03 PM

නෑ නෑ මේවට ඉඩදෙන්න බෑ....වහාම මේ මාංශ භක්ෂක පැලෑටි ටික කම්මුතු කර දමන්න ඕනැ‍‍‍......ඒ කොහොමද ඔවුන් අපේ ශිෂ්ඨාචාරයට ඇඟිලි ගහන්නේ....හෙටම අපි ලිප්ටන් වටරවුමට යමු. (අ)

:       0       0

මෝසස් Thursday, 18 July 2013 03:11 PM

ඕක අර සේනාවටනම් කියන්ඩ එපා, දැනගත්තොත් ඔය පැළෑටි ටිකත් ඉවරයි . (අ)

:       0       0

ප්‍රදීප් Friday, 19 July 2013 09:52 AM

නීල් රනා ඔයාගේ මහාචාර්ය දැනුම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා (අ)

:       0       0

ජයන්ති Thursday, 18 July 2013 03:18 PM

ඒක නිර්මාංශ අයගේ ප්‍රශ්නයක්.(නදී)

:       0       0

අමලි Thursday, 18 July 2013 09:01 PM

මොකටද තමන්ගේ බඩට මළකුණු තැන්පත් කරලා දුක් විදින්නේ.ඕව දිරවන්නත් ලේසි නැනේ.ඊට පස්සේ ලෙඩ වලට බෙහෙත් වලට තව සල්ලි යනවා.කට පරිස්සන් කරගත්තනම් කොච්චර හොඳද? (අ)

:       0       0

විජේසිංහ Thursday, 18 July 2013 03:31 PM

එතකොට ගස් වලට පණ තියෙනවා ? ගස් කපනවා කියන්නේ පණක් නැසීමද ? මම හිතුවේ ප්‍රාණ ගාතය = හරක් මස් කියලා.(නදී)

:       0       0

අසේල Friday, 19 July 2013 10:21 AM

දම්මික මංගල වගේ මස් වැද්දන්ට නම් මේ ගසට වැඩි අමාරුවක් තියෙන බව පේනවා.ඔය නම් දෙක මාරු කරලා අශ්රොෆ් සහ හකීම් කියලා දාගත්තා නම් වටිනවා.(දී)

:       0       0

රන්දි Thursday, 18 July 2013 03:35 PM

ඕසන් සලාම්, ඔය පැලැටිය හරක් ගිලින්න ගත්තොත් නම් ඉතින් ඔයාලටත් වට රවුමට යන්න එන්න වෙනවා අපිත් එක්ක. ඔයාලා කොහොමටත් කැමති නැහැනේ ඔයාලගේ බඩට පහර වදිනවට. අපි කැමති නැහැ හරක් මරනවට.(නදී)

:       0       0

දිනේෂ් Thursday, 18 July 2013 03:48 PM

මෝරලා, ඔයා වැස්සකටවත් ඉස්කෝලේ නොගිය මෝඩයෙක්. ලග හිටියා නම් මම කන පලනවා.(නදී)

:       0       0

නීල් රණා Thursday, 18 July 2013 09:52 PM

ආ.. පිටබැද්දර ආයෙම ඇවිත් සිතක් තිබෙන්නේ මිනිසාට පමණයි, බුදුදහම දන්නේ තමුන් විතරයි, පන තියෙන්නේ සතුන්ට විතරයි, ඒ නිසා මස් නොකා ගස් කොළන් මරාගෙන කාල ජීවත් වෙන්නේ අවිහිංසා වාදියෝ කියා කයිවාරු ගහනව. බුදුදහම දන්නා තරම කොච්චරද කිව්වොත් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යෙන් සැදී ඇත්තේ මිනිසා පමණයි කියා සිතනවා. පංචස්කන්දය සත්ව, ශාක ඇතුලත් සියලු ජීවීන්ට පමණක් නොව සමස්ත විශ්වයටම පොදු ධර්මතාවයක් (අ)

:       0       0

නිව්ටන් මාලගම්මන Saturday, 12 October 2013 11:48 AM

පාසල් සිසුන්ට වැදගත් නිසා වැඩිපුර වාර්තා සපයන්න. (නි)

:       0       0

නීල්-රානා Friday, 19 July 2013 10:52 AM

ඉන්දිකා, නයා මීයව ගිල්ලට පස්සේ අහනවා මීයාගේ වලිගෙ බේරුණද කියල. මම ලියා තිබෙන්නේ ඉතා පැහැදිලි අදහසක්. ඉර, හඳ, තරු, මන්දාකිනි සහිත සමස්ත විශ්වයත් ශාක හා සතුනුත් සෑදී තිබෙන්නේ පංචස්කන්දයෙන්. ඒ නිසා පංචස්කන්දයට අයත් සෑම දෙයක්ම විශ්වයටත්, ශාකවලටත්, සතුන්ටත් තිබෙනවා. (නදී)

:       0       0

අමිල බලන්ගොඩ Friday, 19 July 2013 11:04 AM

නීල් රණ වගේ හිටපු අර ආචාර්ය සුජිත් ප්‍රියන්තට දැන් මොකද වෙලා තියෙන්නේ? (නදී)

:       0       0

විජේසිංහ Thursday, 18 July 2013 04:22 PM

රන්දී, ඔයා කැමති නැත්තේ හරක් මරනවට විතරද ? කුකුල් මස් කන එක නවත්තන බැරි අපේ උදවිය බුද්ධාගමත් තමන්ට ඕනෑ විදිහට වෙනස් කරනවා (නි)

:       0       0

මහින්ද Thursday, 18 July 2013 10:42 PM

සතෙකුගේ වේදනා නහරය කපලා මළකුණු කනවට වැඩිය තමන්ගේ වේදනා නහරය කපලා පණුවන්ට කන්න දෙන එක එක අතකට පිනක් (නි)

:       0       0

නිල රනා Sunday, 21 July 2013 03:27 PM

උපාලිගේ බොළඳ ප්‍රශ්නය අනුව ආපෝ, තේජෝ, වායෝ, පටවි යන සතර මහා භූතයන්ගෙන් සතුන්, ශාක ඇතුළු විශ්වයේ ජීවත්වන සියලු ජීවීන්ගේත් ඉර, හඳ, තරු, මන්දාකිනි සහිත සමස්ත විශ්වයේත් රූප කාය පමණක් සෑදී තිබෙන බව නොදැන සිටින බව පෙනේ. ඒ අනුව සතර මහා භූතයෝ පංචස්කන්දයේ ප්‍රථම අධියර වන රූප සාදන වග දැන් ඔබට පැහැදිලිවෙයි.

:       0       0

අරුසියා Thursday, 18 July 2013 10:45 PM

මේ ගහට එරෙහිව කි දෙනෙක් ගිනි තියා ගනීද දන්නේ නැහැ නේද පිටබැද්දර.(නදී)

:       0       0

දිල්කා මැණික් Thursday, 18 July 2013 04:28 PM

විඩියෝ එක දැක්කාම මට මතක් උනේ මමත් හරිම අසාවෙන් ගේ ඇතුලේ හදපු ගහක් (දුර්ලභ ඝනයේ ගසක්) කාලයත් සමග මේ ගහ මැරෙන්න ගියා. දන්නා තරමින් පොහොර දාලා සාත්තු කරත් හරි ගියේ නැහැ. ඒ අතර මගේ ස්පොන්ස අසනිප වෙලා ඉන්න අවස්ථාවේ එයාව බලන්න එයාගේ ඥාතියකු ආවා. වෙලාවට ඇට ප්‍රධානය කිරිමට ඇය විසින් ගෙනාවෙත් මේ මැරෙන්න යන ගස වර්ගයේම එකක්. එදා මම හරිම සතුටක් ලැබුවා ඒ වගේම ගසක් ලැබුන නිසා මම අර මැරෙන්න යන ගස ලගින්ම මේ ගසත් පත්‍ර එකට යා වෙන සේ තිබ්බා. මසක් යන විට අර මැරෙන්න ගිය ගස හොදට දලුළා වැවිලා. දැන් පෙරටත් වඩා හරිම ලස්සනට වැවිලා. තාමත් මම ඒ ගස් දෙක එක ලගම තියලා තියනවා. දැන් පෙරටත් වඩා හරිම ලස්සනට වැවිලා. තාමත් මම ඒ ගස් දෙක එක ලගම තියලා තියනවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 July 2013 04:32 PM

අනේ මේ මෝඩ මිනිසුන්ට ගහක කොලේක වෙනස , සතෙකුගේ වෙනස , මිනිහෙක්ගේ වෙනස අඳුනගන්න බැහැනේ ? මින්ස්සු කියන්නේ හිතන්න පතන්න පුළුවන් ජාතියක්. සතෙකුගේ බෙල්ල කපලා මුළු ඇගේම ලේ ගලා යන හැටි තිරිසන් සතුටකින් බලා ඉඳලා සතා මැරුනට පස්සේ හම ගහගෙන බඩ බොකු ඉඳලා කන මිනිස්සුන්ගෙයි මේ ශාකෙයි ලොකු වෙනසක් තියෙනවා , මොකද ගහට කොලේට හිතන්න බැහැ (නි)

:       0       0

රන්දි Friday, 19 July 2013 11:21 AM

මේ ඔයාලට මතකද? අර ඉස්සර අපේ එසැණ පාඨකයෙක් හිටියා මහාචාර්ය තුමා කියලා. දැන් එයා පෙනෙන්නවත් නැහැනේ. ඔය පේරාදෙණිය පැත්තේ කොල්ලෝ පාරේ ගල්ගහගන්න කොට වැටේ කම්බි පොටක් අස්සෙන් වත් ගලක් ගිහින් ඇහේ වැදිලා වද්ද?  එහෙම නැතිනම් දැන් හැමතැනම කේරල ගංජා,අනුන්ගේ පාර්සල් ඔඩොක්කුවේ තියන් ගිහින් බස් එකේදී පොලිසියෙන් වත් අල්ලලා වැලිකඩ වද්ද? එහෙමත් නැතිනම් අලියෙක් වත් පාගලද?  පහුගිය දවස් වල කෝච්චියකට වත් යට උනාද ? ත්‍රී විල් හෙමත් හැප්පුනා...? හනේ දෙවියනේ ....?මහාචාර්ය තුමා.(නදී)

:       0       0

නීල් රනා Sunday, 21 July 2013 03:49 PM

උපාලිගේ බොළඳ ප්‍රශ්නය අනුව ආපෝ, තේජෝ, වායෝ, පටවි යන සතර මහා භූතයන්ගෙන් සතුන්, ශාක ඇතුළු විශ්වයේ ජීවත්වන සියලු ජීවීන්ගේත් ඉර, හඳ, තරු, මන්දාකිනි සහිත සමස්ත විශ්වයේත් රූප කාය පමණක් සෑදී තිබෙන බව නොදැන සිටින බව පෙනේ. ඒ අනුව සතර මහා භූතයෝ පංචස්කන්දයේ ප්‍රථම අධියර වන රූප සාදන වග දැන් ඔබට පැහැදිලිවෙයි. රූප සැකසෙනවිට ඒ මත පිහිටා වේදනා, සඥා, සංකාර, විඥාන හටගැනීම විශ්වයේ ස්වභාවයයි. ඒ අනුව සතර මහා භූතයන්ගෙන් රූප සෑදී ඇති සෑම විටම වේදනා, සඥා, සංකාර, විඥාන හටගනී. (දී)

:       0       0

අසේල ඕමානය Thursday, 18 July 2013 04:46 PM

ස්වභාව ධර්මයේ නිමවුම්.මේ මලේ නම මොකක්ද කියා කියන්න.ගැහැනුන්ට සමාන කරලා සින්දුවක් හදන්න. (නි)

:       0       0

අරුසියා Friday, 19 July 2013 11:43 AM

අසේල හරක් මස් කන කට්ටිය විතරද මස් වැද්දෝ. කුකුල්ලු මාළු ඌරු මස් කන කට්ටියට ඔයාලා මොන වැද්දද කියන්නේ. ඔයා හොර උප්පැන්න සහතික හදලා දෙනවද?(නදී)

:       0       1

ම.ග.ආරියරත්න Thursday, 25 July 2013 12:51 PM

අරුසියා, බෞද්ධයන්ගේ කළගුන සැලකීමේ පුරුද්ද නිසා හරක් වෙනත් සතුන්ගෙන් වෙන්ව හදුනා ගැනීමේ පුරුද්දක් තියෙන්නේ. නැත්නම් සතුන් ඔක්කොම එක තමා.උගෙන් වැඩ අරගෙන කිරි අරගෙන ඌ මරාකන එක හරිද. හැම ගහක්ම වන්දනා නොකර බෝ ගස් විතරක් වන්දනා කරන්නෙත් බුදු හාමුදුරුවන්ට බෝ ගහ උපකාර වුනු නිසා. වෙනස දැන් මොකද්ද කියල තේරෙනවා නේද. (නි)

:       0       0

චන්දි Tuesday, 23 July 2013 12:56 AM

හරිම ෂෝක්!! නොදන්නා ,නොදුටු දෙයක් දැකගත්තේ!! ලංකාදීපයට කොහොම ස්තුති කරන්නද මන්දා මම එතැන් සිටියා නම් අතේ ඇගිල්ලක් තියලා බලනවා මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 82 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2415 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1308 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 533 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 870 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1509 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 689 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site