රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසුහ.
රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා අලුතින් කිසිදු ආගමික ස්ථානයක් ඉදිකිරීමට අවසර නොදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය වටින අදහසක්. සම්පුර්ණ ලිපියම කියවන්න ලැබුණා නම්?(නදී)
තවත් එපා, කොහේ හරි ටකරන් වලින් පල්ලියක් අටවනවා. ටික දවසකින් ලොකුවට පල්ලිය හදනවා. සිංහල මිනිස්සු එරෙහි වෙනවා. අන්තිම විසඳුම මුස්ලිම්ලට පල්ලියට අවසර හම්බ වෙනවා. ඊ ළඟ තියන අනිත් ආගම් වල 'බාධක' තියනවා නම් ඒවත් අයින් කරල දෙනවා. (නදී)
කිලෝමීටර් 10 ක වපසරිය ඇතුලත ආගමික ස්ථානයක් තියනවා නම් කාට උනත් අලුතෙන් හදන්න නොදෙන එක පිළිබද සලකා බලන්න.(නදී)
ඇත්තට එතකොට මේ ආගමික ස්ථාන වල වැඩවීම නිසාද දන්නේ නැහැ රටේ මිනිස්සු මෙච්චර පිරිහිලා තියෙන්නේ.(නදී)
පිස්සන් කොටුවට යැව්වා නම් රටට සෙතක්.(නදී)
මම ඒ අදහසට කැමතියි. (නදී)
මවුලවි තුමෙක් කියල තිබුණා 1981 දි ඒ (ග්‍රෑන්ඩ්පාස්) පැත්තෙ මුස්ලිම් පවුල් තිස් ගානක් තිබ්බ නමුත් දැන් හාරසිය ගානක් තියෙනව ඒ නිසා පල්ලිය විශාල කරන්න ඕන කියලා. මම හිතන්නෙ සැබෑ ප්‍රශ්නය අන්න ඒකයි. ලංකාවෙ හැම දිස්ත්‍රික්කයකම වෙන්නෙ එම ජනගහනය විශාල වීම. අනෙකුත් ආගම් අදහන ජනයාගේ ප්‍රමාණය කුඩා වීම. මේ හේතුව නිසා තමයි බොහෝ දියුණු රටවල සමහර ප්‍රදේශවලට ඒ අයට නිත්‍ය පදිංචිය නොදෙන්නෙ. මොකද නිත්‍යානුකූලව පදිංචි උනාම ඒ තැන් වලින් අයින් කරන්න බැරි නිසා. ලංකාව තුලත් ඉඩම් නීති දැඩි නොකොලොත් මේ දේම තමා ඉදිරියටත් වෙන්නෙ. එතකොට සිංහල බොද්ධ ජනතාව අතීතයේ විසූ දැන් වදවී ගොස් ඇති ජනතාවක් බව අනාගත ර්‍ශී ලාංකිකයින් පවසනු නොඅනුමානයි.(නදී)
මට නම් තේරෙන්නේ නැහැ මේ හාමුදුරුවන්ට මොනවා වෙලාද කියලා. එතකොට ලංකාවේ අලුතින් සංවර්දනය වෙන කිසිම ගමකට නගරයකට පන්සල්, පල්ලියක්, කෝවිලක් හදන්න අවසර නැහැ. බලාගෙන ගිහාම දැන් ලංකාවට දේශපාලනයක් අවශ්‍ය නැහැ මොකද අර කට්ටිය ඉන්නවනේ හැම ප්‍රශ්නෙම විසදන්න.(නදී)
කිසිදු ආගමික ස්ථානයක් ? හිනාත් යනවා.(නදී)
ඇයි පන්සල් හදන්නේ එතකොට සෞදියේද ? ඔන්න බොදුබල සේනාවේ තරම (ස)
අනේ විකාර වෙන වැඩ නැතම් කමක් නෑ............ (ස)
අනේ හාමුදුරුවනේ තවත් රට ගිනිතියන්නේ නැතිව ඔබවහන්සේ පන්සලට වෙලා ඉන්නවද ! (ස)
ඒ වගේම දැනට හදා තියෙන ඒවා කඩන්නත් එපා කියල ඉල්ලුවොත් නේද හොඳ? (ස)
අනේ මන්ද මේ කටින කාලේ මේ හාමුදුරුවන්ට තියන ප්‍රශ්න.
ලංකාවට ගිය කල (දී)
ලංකාවේ හැම ආගමකම දේශකයෝ වැහි වැහැලා. ඒ ගොල්ලන්ගේ අදහස් එකිනෙකට පරස්පර විරෝදීයි. කවුරු කියන එක විශ්වාස කරන්නද කියන එක භක්තිකයින්ට ලොකු ප්‍රශ්නයක් නිසා විස්වාසය බිඳ වැටිලා. බොහෝ දෙනෙක් කරන්නේ ගෙදරට වෙලා ආගම ධර්මය අදහන එකයි.(නදී)
ඒක හොඳයි. හොඳ ප්ලෑනක්.(නදී)
කතාව සම්පූර්ණ ඇත්ත. නොදියුනු ආගම් අන්තවාදය නිසා ලෝකයම පැටළුනු නූල් බෝලයක් වගේ. මේ 21 වන සියවසේ ජනතාව ජීවත් වන්නේ අධ්යාපනයෙන්, නීතියෙන් හා දියුනු චින්තනයෙන්. තම තමන් කැමති ප්‍රතිපදාවක් ගෙදරදී අනුගමනය කල හැකියි. ධර්ම ප්‍රචාරක ජාවාරම බොහෝ යල් පැනගිය බිස්නස් එකක්. එයින් සිදුවන්නේ රට පමනක් නොව සමස්ථ ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වීමයි.(නදී)
රටේ ජනාධිපති කව්ද ? මෙයා කව්ද ? මෙයාටයි රජයටයි තියන සම්බන්දකම් මොනවද ? වහා රටට හෙළිකරනු.(නදී)
පින්සිදු වේවා හාමුදුරුවනේ..(නි)
මේ බෞද්ධ රටේ ප්‍රශ්න ඇතිකර ගන්න අවශ්‍ය නැහැ (නි)
හාමුදුරුවන්ටත් තව වරප්‍රසාද ලැබෙන ක්‍රමයක් ඇති කළා නම් නේද හොද?(නි)
සියලුම ආගමික මධ්‍යස්ථාන විස්තරාත්මක දත්ත සමග පොදු ආයතනයක ලියාපදිංචි කරමු !(නි)
රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම සඳහා ආගමික ස්ථාන අලුතින් ඉදිකරනවා විනා ඉදිකිරීම වලක්වාලීම විසදුමක් වෙනවනම් එකෙන් හැගෙන්නේ ආගමික ස්ථාන මගින් රටේ වාර්ගික සුහදතාව බිදහෙලනවා කියන එකද? (ස)
ඒක හොඳයි (ස)
මෙයාට පොඩ්ඩක් මොලේ අමාරුවක් තියනවා ඒක ලගදීම හොදවෙනවා.(නදී)
අදහස නම් වටිනවා ඕක කරන්න ඉඩ දෙන්නේ කවුද ? පල්ලි අටවන එක නවත්වන්නේ නෑ නේද? (නදී)
මේ අය කවදා හරි මගේ රට විනාශ කරනවා , ගැටුම් ඇති කරවනවා. මේක ඉක්මනින්ම නවතන්න ඕනා.(නදී)
බෝ ගහ අයින් කරලා පල්ලිය හදන්න ඉඩමකුත් දුන්න වගේ නැගෙනහිර පැත්තේ කඩාපු පන්සල් ටික ආපහු තිබුණු තැනම හදන්න රජයෙන් ආධාර දෙන්න කියන්න හාමුදුරුවනේ. රජයේ වියදමින් අනවසර ඉදිකිරීම් අයින් කරන්න කියන්න. ඩෝසර් කරලා ඉතිහාසය වැහුවට වන්දි රජයෙන් ඉල්ලන්න හාමුදුරුවනේ.(නදී)
කොහොමද එහෙම කියන්නේ මම නම් විරුද්දයි ඒ කතාවට (දී)
ඔව් ඒ වෙනුවට බාර් අරිමු.(නදී)
රටක ආගමික ස්ථාන වැඩි වුනා කියලා ප්‍රශ්න ඇතිවෙනේ නැ අධ්‍යාත්මික කම ඉහලයනවා.(නදී)
අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව ඔය කෙහෙල් මල් පුරුදු කෙරුවේ ධර්මාශෝකගේ පුතා. තිස්සවත් මොඩයා කරගෙන.(නදී)
මෙන්න අහවල් සංවිධානයේ තවත් "තලෙයිබාන්" යෝජනාවක්.(නදී)
නසාර් මතක තියාගන්නවා ඔහේ ඉන්නේ සිංහල බෞද්ධ රටක කියලා. ඔයාලා ලංකාවේ සුලු ජාතියක් බව හැම වෙලාවෙම මතක තියගන්න.(නදී)
මිනිස්සුන්ව කුලප්පු කරනේ නැතුව ඉන්න පාඩුවේ.(දී)
රටේ වාර්ගික සුහදතාව වර්ධනය කිරීම කරන්න හදන්නේ අනිත් ආගම් වලට කරදර කරලද? (නදී)
මෙයාට හොදටම පිස්සු.(නදී)
මේවා ප්‍රයෝගික කතා නොවෙයි (දී)
ආගම ගැන හාමුදුරුවෝ බෙහොම ආදරෙන් කතා කරනවා. ආගමේ විදිහට ඉන්නේ නැති එක තමයි දුක. මතකනේ.(නදී)
සිවුරක් ඇදගත් හැම කෙනෙක්ම හාමුදුරු කෙනෙක් වෙන්න බැහැ.(නදී)
නියම අදහස ,හාමුදුරුවෝ කිව්වා හරි
අතීසාරයට අඹුඩ ගහනවා වගේ වැඩක් (දී)
ඉතාම කාලෝචිත යෝජනාවක්. දැන් ඉන්න ජනගහනයට තියන ආගමික ස්ථාන ඇති. එයින් අධ්‍යාත්මික ගුණවගාව දියුනුකිරිමයි විය යුත්තේ. තව තවත් ආගමික ස්ථාන විතරක් සැදීමෙන් ජාතින් අතර සහජීවනය බිඳවැටී ගැටුම් අතිවියහකියි (දී)
කෝ අපේ රටෙ ඉන්න පාලකයෝ මේකද ආගමික නිදහස කියන්නේ (දී)
නස්සර් මෙන් මොකුත් අහගන්න එපා (දී)
ඒ කියන්නේ දැන් තියෙන ටික ඇතිද (දී)
අයියෝ ලංකාව (දී)
ඔක්කොම හරිද එතකොට (දී)
ලංකාවේ මේ ප්‍රශ්නයටව් වග කියන්න ඕනේ ජාත්‍යන්තරයි (දී)
මේක ධර්මද්වීපයක්..පන්සල් හදන එක වලක්වන්න එන්න එපා මේ වගේ වැඩ නිසා තමා අනිත් ආගම් මේ විදිහට ඔලුව උස්සල තියෙන්නෙ...(දී)
මේවා ලෝකයා හිනස්සන වැඩ (දී)
අයියෝ ලංකාවට ගිය කල (දී)
මතක තියා ගන්න අනාගතයේ ලෝකෙන්ම ලංකාවේ විතරයි බුදු දහම ඉතුරු වෙන්නේ (දී)
අපිට තියෙන්නේ මේවා බල්ලාගෙන ඉන්න විතරයි (දී)
ගින්නක් නැතුව දුමක් නෑ. දන්නෝ දනිති මේක ලංකාවටත් ප්‍රශ්නයක් වෙන ලකුණු පහල වෙලා නේද. (දී)
බුදුදහම කියන්නේ අවිහිංසාවාදී දහමක් නිසා පන්සල් හෙදුවට මොකුත් වෙන්නේ නැහැ. අවසර අපේ හාමුදුරුවනේ (දී)
කොහොමද එහෙම කියන්නෙ...... (දී)
නසාර් ලංකාව සිංහල බෞද්ධ රටක්. (දී)
ඊට කලින් බාර් ටිකටත් නීතියක් දැම්මොත් හොදා නේද? (දී)
ඊට කලින් බාර් ටිකටත් නීතියක් දැම්මොත් හොදා නේද? (දී)
අනේ මන්දා, මොනවද කියලා මේවා? (නි)
කාලෝචිත යෝජනාවක්.ඉස්කූලවල් ටික හරියට දියුණු කලානම් හොඳටම ඇති.කවුරු මොනවා කීවත් උගත විසින්ම තම ආගම තීරණය කරාවි.වසලය සල්ලි සහ බලය වෙනුවෙන් ඕනෑම ආගමක් හෝ දෙයක් පාවා දෙවි.රුසියවේ පුරවැසි භාවය ගත් හිටපු ආ තරුණය තම ආගම තෝර ගත්තේ තමාම විසින්.(අ)
නිශ්ශබ්ද වෙනාවා හොඳයි හැමෝම.(අ)
එදා පොට්ටේ මොකාටද එන්ඩ හදන්නේ (අ)
නියම ප්‍රකාශයක්..!! අනර්ඝ අනාගත ආයෝජනයක්..!! ඔබ වහන්සේට මහත් ගෞරවයෙන් වන්දනා කරමි..!! (අ)
හොද අදහසක්,මිනිස්සු ආගම් අදහනවානම් ඔයතියන පල්ලි පන්සල් හා කෝවිල් ඕනෑතරම් ඇති. (අ)
ලෝකේ ජනගහනය වැඩි වෙනකොට ඔවුන්ගේ අවශ්‍යතාවයනුත් වැඩිවෙනවා. (නි)
හිනාවෙ තරමට හදවත පිරිසුදු වියයුතුයි. (නි)
අරාබි රටවලට බුදු පිළිමයක් පවා තබාගන්න තහනම්. පල්ලි හදන එකත් තහනම්ද? නැහැ නේ. බහුතර සිංහලයා බෞද්ධ දර්ශනය තුළ ජීවත් වන නිසා තමයි අනිත් ජාතීනට වෙන කිසිම රටකට වඩා නිදහසේ ජිවත්වෙන්න හැකිවෙලා තියෙන්නෙ. නමුත් ඒක දඩමීමා කරගෙන සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් විනාශකාරි දේ කිරීමට අන්තවාදී පිරිස් යොමුවෙලා තියනවා. ඒවා නවත්වන්න දැඩි නීතී නොමැති නිසා තමන්ගෙ රට ජාතිය රැක ගන්න මහ ජනතාව මැදිහත්වීම වළක්වාලිය නොහැකියි. (නි)
මේ හාමුදුරුවෝ කවුද? අවුරුදු 30 ත්‍රස්තවාදය තිබුනා. එතකොට මේ අය කොහෙද හිටියේ? (නි)
යුරෝපයේ බොහෝ රටවල් වාගේ ආගම් වලට තියෙන නැඹුරුවීම අඩුකරගෙන, පන්සල් ,පල්ලි, කෝවිල් ඉදිකිරීම් නවත්වා රටෙ දියුණුවට උදව් කොට, පුහු මත වලින් මිදී, නවීන පන්නයට ගැලපෙන සේ ජිවිතය හැඩ ගසාගෙන අනුනට ඉරිසියා නොකර ජිවත් වෙන්න පුරුදු වන්න. (නි)
අනේ, ඕනෑම දෙයක් කරන්න ආගමට නිගා නොදී. (නි).
ප්‍රධාන ආගමික නායකයින් සියලු දෙනාම එකතුවෙලා යම් ස්ථාවර, රටට පිළිගත හැකි වැඩපිළිවෙලක්ඇති කළ යුතුයි. නැත්නම් අපේ රටට නැවතත් අයහපත් කාලයක් උදාවේවි. (නි)
කව්රු මොන කතා කිවුවත් හාමුදුරුවෝ හරියටම හරි (නි)
මොනවද මේ කියන්නේ (අ)
ලංකාවේ බෞද්ධ පන්සල් හැදෙනවට වැඩි වේගයකින් මුස්ලිම් සහ කතෝලික පල්ලි ඉදිවෙනවා. ඒවාට අන්තෙර් ජාතික ආධාර මිල්ලිඅන් ගණනින් ලැබෙනවා. බුද්ධ සාසන අමාත්‍ය අංශයෙන් මේවා වලක්වන්න පියවර ගන්නේ නැහැ. එතනත් ලොක්කෝ වෙනත් ආගමිකයෝ. (අ)
කිර්ති; අපේ ගමේ සිංහල, දෙමල, මුස්ලිම්, කියලා වෙනසක් නැහැ බුදුහාමුදුරුවෝ ඉන්දියාවෙන් තමයි වැඩියේ , (අ)
මොනවද හාමුදුරුවනේ මේ කියන්නේ? (නි)
ඒ ගමන මොකද මේ වෙන්නේ? (නි)
පිට රටකට ගිහින් බලන්න.මෙහෙ තියන ආගමික නිදහස ඇවිල්ලාම බලන්න. (නි)
පන්සලුත් එපාද අපේ හාමුදුරුවනේ? අනේ දෙවියනේ! (නි)
කොහොමද ටිකිරි මොලේ? (නි)
බෞද්ධයන් පළමුව පන්සිල් පද පහ රකින්නකෝ. අපි පල්ලි හදන එක නවත්වන්නම් (නි)
හැබැයි මේ අයට බැරි වුණා රතුපස්වල සිද්ධියේදී මැදිහත් වෙන්න. (නි)
දැන් දැන් ලෝකේ විනාශය අත ළඟමයි. පාප ක්‍රියාවන් වැඩි වැඩියෙන් සිදු වෙන මේ කාලවකවානුවේදී ආගමික සිද්ධස්ථාන වලටද මැර ප්‍රහාර එල්ල වෙනවා. ඒ වෙනුවට පාප කර්මයන් වැඩි වැඩියෙන් සිද්ධ වෙනවා. ඕවට නිහඬ ඇයි? මෙහම ගියොත් වැඩි දවසක් යන්න කලින් තවත් සුනාමියක් ඇවිල්ලා මේ මුතු ඇටය ගිල ගන්නවා. (නි)
අනවශ්‍ය ආයතන හැම එකම අහෝසි කරන්න.එත කොට රට සාමකාමී වේවි. (නි)
අපි සියල්ලම එකම ජාතියක් (නි)
බෝ ගස් තිබිය යුතුයි. ඒක බෞද්ධ සංකේතයක් (නි)
ස්වභාව ධර්මය විසින් රකින්නේ හොද වැඩ කරන පිරිස් පමණයි (නි)
අන්න හොද යෝජනාවක්. කොහොමහරි ක්‍රියාත්මක කරන්න බලමු (නි)
ප්‍රශ්න සාමදානව විසදා ගනිමු (නි)
අනේ මන්දා මොනවා කියනවද කියලා? (නි)
ඥානසාර හාමුදුරුවෝ බුදුසසුන වෙනුවෙන් පෙනී හිටින එකටයි අපි ගෞරව කළේ (නි)
අපට අප ගන්න තීරණ වලින් නියම ප්‍රතිපල ලැබුනත්,අන් අයගේ අයිතින් උල්ලංගනය නොකර ජිවත් විය යුතුයි. (නි)
වසර 30ක් පුරා අපි විදි දුක අමතකද? (නි)
මේ ප්‍රශ්න දුරදිග යන්න දෙන්න හොද නැහැ (නි)
ජයවේවා! (නි)
අනේ අපේ හාමුදුරුවනේ... (නි)
ගරුතර සඟ සසුන අපි බේරා ගනිමු (නි)
බාර් වැහුවොත් කසිප්පු නිෂ්පාදනයට හොද කලක් යයි. එක අතකින් බාර් වලිනුත් බොන්නේ කසිප්පුම තමයි. (ත)
දැනුවත්ව සිහිබුද්දියෙන් කරපු ප්‍රකාශයක්ද අනේ මන්ද? වෛද්‍ය පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි (අ)
අරාබි රටවල වෙනත් ආගමික ස්ථාන හදන්නට ඉඩ දුන්නේ නෑ කියලා මේ වගේ රණ්ඩු වෙන්නේ නැත්තේ ඇයි?(අ)
වැඩිවෙන ජනගහනයට අනුව පන්සල්,පල්ලි.කෝවිල් වැඩිවිය යුතුය. මෙම ස්ථාන මනුෂ්‍යන්ගේ සිත් පහන් කරන, සන්සුන් කරන නිසා පන්සල්,පල්ලි කෝවිල් වැඩිවීමෙන් මිනිසා යහමගට යොමුවේ.
මේ අයට තමන්ගේ දෙවියන් අදහන්න එම දේවස්ථාන අලුතෙන් හදා ගැනීමට පුර්ණ නිදහස තිබිය යුතුයි.
ඔබව ආරක්ෂා කරන අයගේ වැරදි හදල මේ රටට යහපතක් කරලා නිවන් දකින්න (අ)
මුස්ලිම් අයගේ කටවල් නිසා තමයි සිංහල මිනුස්සු අව්ස්සගෙන හැමදාම ගුටි කන්නේ.තමන්ට ඉන්න රටක් ලැබිල තියේනම් පාඩුවේ ඉන්න ආගමක් දහමක් ඇදහගෙන.ඒ රට තමන් සතු කර ගැනීම ගැන හීන බල බල ඉඳල විදොලම මැරිලා යයි.තරමට උඩ පැන්නොත් හොඳා. (අ)
ඔව් ඔව්. ආගමික ස්ථාන හදන එක නවත්වන්න. ඒ වෙනුවට බාර්, කැසිනෝ ස්ථාන ආදිය හදන්න. එතකොට අධ්‍යාත්මික දියුණුව වැඩි වෙයි. (ත)
පළමුව ආගම්වාදය අවුස්සන අයව එළවන්න ඕනෑ (නි)
ඔබ සියල්ලමත් ප්‍රවේශම් වෙන්න.උගුල් අටවන්න පුළුවන් ඔය හඩ නිහඩ කරවන්න.. (නි)
කාලෝචිත ඉතාමත්ම හොදම යෝජනාවකි. ජයවේවා! (නි)
හොරාට කලින් කෙසේල්කන වැට පැනල තියෙන්නේ...! (අ)
එතකොට බුද්ධ ශාසන අමාත්‍යංශයක් රටට මොකටද? (නි)
මේ වෙලාවේ මට නම් මතක් වෙන්නේ ජෝන් කොතලාවල මහත්තයා කියපු දේ තමා. (නි)
ඉස්ලාමිය භක්තිකයනි, නුඹලා ජිවත්වන්නේ බෞද්ධ රටකයි. අවිහිංසාවාදය බුද්ධ ධර්මයයි.ඒ බැවින් අනවශ්‍ය දේවල් ප්‍රකාශ කිරීමෙන් වළකින්න. නුඹලාට ජය. (නි)
ආගමික නිදහස මිනිසාට අවශ්‍ය දෙයක්. (නි)
එහෙම නෙමෙයි, "අපිට වයින් ස්ටෝස් එපා තවත්" කියලා කියමු. එතකොට රටට හොද යි (නි)
ලෝකය එදිරියේ හොද නමක් තිබුණු අගමික නිදහසත් , ඇතැම් පටු අදහස් දරන උදවිය නිසා නැතිවී යන්න පුළුවන්. (නි)
අපි රටේ සදාචාරය, සංස්කෘතිය කුමකින් වර්ධනය කරමුද? (නි)
පන්සල් පල්ලි කෝවිල් වැනි ආගමික ස්ථාන අරින්නේ නැතුව වෙන මොනවා අරින්න කියලද කියන්නේ? (නි)
ඔව් ඔව්. ඒ කියන එක හරි. (නි)
අදහස හොදයි. නමුත් තැබෑරුම්? (නි)
අන්න නියමයි.... පන්සල්, පල්ලි, කෝවිල් එපා. (නි)
එහෙනම් දැන් මොනවද හදන්න ඕනෑ? (නි)
ආගමික ස්ථාන හැම මුල්ලක් ගානෙම හදන එකයි වැරැද්ද. (ස)
ලීල් ගුණවර්ධන, මේක බෞද්ධ රටක් නොවේ වැද්දන්ගේ රටයි ඒක මතක තියා ගන්න. (ස)
කව්ද දන්නේ නැහැ සෑම කුණු ගොඩක් ගාව සහ ත්‍රී වීල් ස්ටෑන්ඩ් එකක් ගාව හදන්නේ. (ස)
හාමුදුරුවනේ අර වැලිවේරියේ ?අයටත් ඔය වගේ සද්දේ ටිකක් දැම්මනං තමයි වඩා වටින්නේ. (දී)
හොද විසදුමක් තමයි (දී)
ලංකාවත් සවුදි අරාබියාව වගේ එකම ආගමක් පමණක් ඇදහීමේ නිතිය ගෙනා යුතුයි. (ස)
කව්රු මොනවා කීවත් හාමුදුරුවෝ කියපු එකේ විශාල අදහසක් තියෙනවා
අපේ වත්තේ බෝ ගහක් තියෙනවා කවුරු හරි ඔතන පන්සලක් හදන්න ඉල්ලයි කියලා බයේ හිටියේ බෝ හින්දා කපන්නත් බැහැ (දී)
මෙවැනි ආත්මාර්ථකාමී සංවිධාන තහනම් කරන්න ඕනා. ඒක රටක සමගියට විශාල තර්ජනයක්! (දී)
සාරංග, දැන් හදන්න ඕනෑ මිනිසුන්ගේ හිත. පන්සල් පල්ලි හැදුවට මිනිසුන්ගේ හිත හැදෙන්නේ නැහැ, නීල් -රනාගේ අදහස හරියටම හරි.කාටත් වැදගත් අදහසක්. (නි)
පල්ලි හදනවාට විරුද්ධව කෑ ගහන්නේ නැතුව පන්සලුත් හැදුවානම් ඉවරනේ. කතෝලික පල්ලි නම් ඉදි කරන්නේ ගමේ මිනිස්සු අවරුදු ගානක් තිස්සේ සල්ලි එකතු කරලා. තමන්ගේ ආගමික වතාවත් ඉටු කර ගන්න. (නදී)
ධර්මසේන,සේපාල පෙරේරා,මනෝහරවන්, ඔයාලා ලබන ආත්මෙ මගේ ළමයි වෙලා ඉපදේවා !!!! ඇයි කියල දන්නවනේ? (ස)
ගෙදරට වෙලා ධර්මය අදහන එක තමයි හොඳම වැඩේ. බුදුහාමුදුරුවෝ පන්සල් කෝවිල් ගානේ ගිහින් පුද පූජා පැවැත්වුයේ නැහැ. ඒ නිසා නිර්මල බුදු දහම අදහන්න ඕනෙ නම් ගෙදරට වෙලා උනත් කරන්න පුළුවන්. (නදී)
අවසරයි අපේ හාමුදුරුවනේ, දැන් මොනවා කරන්නද? උයාගත් බත් ටික උගුරෙන් පහළට වැටෙන්නේ කොහොමද මේ කතා ඇහෙනකොට? (නි)
ලංකාවේ මිනිස්සු අනෙක් අයට සළකනවා වැඩියි (නි)
මේක බෞද්ධ රට,බෞද්ධයාට පමණක් උරුමකම් කිවහැකිය කියන මතය සම්පූර්ණ වැරදියි. අනිත් අය කියලා සුළු ජාතීන් කියලා කොන් කිරීමත් වැරදියි. (නි)