IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පල්ලෙබැද්දේ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක්

(අජිත්ලාල් ශාන්තඋදය)

විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීම වහාම නවත්වා දේශීය ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගය හරස්කර අද(13) පල්ලෙබැද්ද නගරයේ පැවති  උද්ඝෝෂණයකට මැර ප‍්‍රහාරයක් එල්ල විය.

පල්ලෙබැද්ද නගරයේ තුන්තොට හන්දියට අද පෙරවරුවේ රැස්වූ  දහසකට ආසන්න පිරිසක් ගම්මිරිස් වැල් ආදිය අතැතිව විරෝධතා පුවරුද සමග එක්ව  රැස්වී රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන පාර අවහිර කරමින් ටයර් ද පුළුස්සමින් රතිඤ්ඤා ද පත්තු කරමින් උද්ඝෝෂණයක් කළහ.

පිටරටින් මෙරටට ගම්මිරිස් ගෙන ඒම නිසා ලංකාවේ ගම්මමිරිස් මිල සීග‍්‍ර ලෙස පහත බැස ඇති බවත් ගම්මිරිස් සඳහා වැඩි මිලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් උද්ඝෝෂකයෝ කීහ. 

උද්ඝෝෂණය ආරම්භ කර විනාඩි පහළොවක් පමණ ගතවූ පසු රත්නපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ද එතැනට පැමිණියේ ය.

රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා උද්ඝෝෂකයන් අමතමින් පාරේ එක පැත්තක් වාහනවලට විවෘත කරන්නැයි ඉල්ලමින් පෙළපාලියකින් පල්ලෙබැද්ද නගරයට යන්නට ආරාධනා කළේ තමන් ද එන බව පවසමිනි.

විරෝධතාවේ නිරත පිරිසක් පාරේ කොටසක් විවෘත කරනවාට විරුද්ධ වුව ද වැඩි පිරිසක් කැමැත්ත පළ කළ නිසා පාරේ එක් පසෙකින් වාහන ගමන් කරද්දී උද්ඝෝෂකයෝ පෙළපාලියෙන් පල්ලෙබැද්ද නගරය කෙළවරේ ඇඹිලිපිටිය දෙසට ඇති ගල්පාය හන්දියට පැමිණියහ. ගල්පාය හන්දියේදී උද්ඝෝෂකයෝ පාර මැද වැතිර විරෝධය පළකරන්නට වූහ.

පාරේ පැත්තක් වාහන ගමනාගමනයට ඉඩ දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටිය ද උද්ඝෝෂකයෝ එය ප්‍රතික්ෂේප කළහ.

එසේ  පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පවත්වාගෙන යද්දී හිස්වැසුම් අතැතිව පැමිණි හය හත් දෙනකුගෙන් යුත් පිරිසක් උද්ඝෝෂකයන් අතරට කඩා වැද එක් අයකු ‘තොපි හූ කිව්වේ මට නේදැයි’ විමසමින් ගැටුමක් ඇති කරගත්තේය.

උද්ඝෝෂකයෝ ද ඔවුනට පෙරළා පහර දුන්  අතර දෙපිරිස අතර එය ද්වන්ධ සටනක් බවට පත්විය. උද්ඝෝෂකයන්ට මැරයින් හිස් වැසුම් වලින් ද පහර දුන්නේය. උද්ඝෝෂණය හේතුවෙන් අවහිර වී තිබූ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා ඉන්පසු ඉඩ සැලසිණි.

පොලීසිය ද පැමිණ ගැටුම සමථයකට පත් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. මද වේලාවකට පසු එහි පැමිණි නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එතැනට පැමිණ උද්ඝෝෂකයන් සාධාරණ බව පැවසුවේ ය. 

 



අදහස් (6)

පල්ලෙබැද්දේ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක්

himal Thursday, 13 July 2017 10:41 AM

බංකොලොත් දේශපාලකයො මොකක්හරි උද්ඝෝෂණයකින් ගොඩ යන්න හදනවා. වැඩේ වැරදුනාම තමන් එක්ක ආපු අයට සලකන්නේ මෙහෙම නම්, බලයට ආවොත් කොහොම කරයිද?

:       0       2

de silva Thursday, 13 July 2017 10:44 AM

මැර ප්‍රහාරය මම අනුමත නොකරමි, නමුත් හැමදාම ගොවියෝ විතරක් ආරක්ෂා කරමින් ඉන්න බැහැනේ ? පාරිභෝගිකයෝ ගැනත් හිතන්න ඕනනේ ? මේක වීවෘත ආර්ථිකයක් තිබෙන රටක් ඉල්ලුම අඩු වෙනකොට මිල පහත වැටෙනවා. කුළු බඩුවල මිල කලාපයේ අනිත් රටවල් සමග සංසන්දනය කරනකොට ලංකාවේ වැඩි .

:       0       1

RATHNE Thursday, 13 July 2017 10:53 AM

දේශීය වගාවන් විනාශ වීමට ඉඩ හැර තිබීමේ ප්‍රතිපත්තිය, වර්තමාන ආණ්ඩුවේ ඉතා කණගාටුදායකය. ගොවින් වී වගාවන් වලින් ඉවත් වීමේ ප්‍රතිපලයක් ලෙස සහල් හිඟය කදිම නිදසුනකි.

:       1       0

ජි නන්දන Thursday, 13 July 2017 12:13 PM

දහසකට ආසන්න පිරිසකට හය හත් දෙනෙක් ගැහුවද

:       0       1

jayampathi Thursday, 13 July 2017 01:37 PM

ඉතින් කාරණාව හොඳටම පැහැදිලියිනෙ මෙතන ගම්මිරිස් කියල වෙන අරමුණු ඉටුකරගන්නවා .. මේ අයට මැර ප්‍රහාර දීල විතරක් මදි මේ විදියට අවහිර කරමින් මහජනතාවට කරදර කරනවට.

:       0       1

de silva berlin Friday, 14 July 2017 02:13 PM

ගම්මිරිස් මිල අඩු වුණා කියලා ගොවියෝ පාර වහගෙන උද්ගෝෂණය කරන එක අසාධාරණයි. ගම්මිරිස් මිල වැඩි වුණ වෙලාවට පාරිභෝගිකයෝ කරබාගෙන විඳදරාගෙන ඉන්නවා මිසක් පාරවල් වහන්න යන්නේ නැහැනේ... ඔතන 1000 කට වැඩි පිරිසක් ඉන්නවා නම් ඔය 7-8 දෙනෙකුට ගහල එලවල දමන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 5 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 268 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 146 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 411 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1104 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1114 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site