ෆේස්බුක් මිතුරෝ 33 දෙනෙක් අම්පාර මහඔය පොල්ලෙබැද්ද ගමට නෑගම් ගොස් පවුල් 109ක සාමාජිකයන් 371දෙනකුට ඇඳුම් පැළැඳුම් හා ආහාර ද්‍රව්‍ය බෙදා දුන්හ.
ධනේෂ් මදුරංග නම් තරුණයා මීට මාස තුනකට පෙර සිය ෆේස්බුක් පිටුවේ පොල්ලේබැද්ද ගම ගැන පණිවුඩයක් පලකිරීමෙන් පසු එය දුටු ෆේස්බුක් ගිණුම් හිමියෝ 950 දෙනෙක් පමණ එම ගම්වැසියන්ට දීටම ඇඳුම් පැළඳුම්, වියළි ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කළහ.
තෑගී බෙදාදීමට මසකට පමණ පෙර එම ගමට ගොස් අවශ්‍යතා ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයන් ගණනය කර ඔවුනට අවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් කිරීමට ෆේස්බුක් මිතුරනට සති තුනක් පමණ ගත විය.
උදව් උපකාර කළ පිරිසෙන් ඇතැමෙක් කොරියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකාව, ඉතාලිය, ඊශ්‍රායෙලය, ඕස්ට්‍රේලියාව, කුවේට්, ඩුබායි, චීනය, ජපානය, බහරේන්, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ ඇතුළු රටවල් රැසක රැකියා කරන්නෝ වෙති.
ධනේෂ්ගේ ෆේස්බුක් පණිවිඩය දුටු ඇඟළුම්හල් හිමියෝ කිහිප දෙනෙක් ද ඇඳුම් පැළඳුම් ලබා දුන්හ.
සීනි, තේකොළ, හාල්, පොල්, කිරිපිටි, පරිප්පු, සෝයා ඇතුළු ආහාර ද්‍රව්‍යය ද, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, පොත්, පෑන් පැන්සල්, සපත්තු සහ බෙහෙත් වර්ග ද බෙදා දුන් ද්‍රව්‍ය අතර වෙයි.
විවිධ ප්‍රදේශවල විසිරී සිටින ෆේස්බුක් මිතුරෝ 33 දෙනෙක් පානදුරට පැමිණ පානදුර සිට බස්රථයකින් රාත්‍රී 11ට පමණ පොල්ලේබැද්ද ගමට යෑමට පිටත් වූ අතර පසුදින උදෑසන හත පමණ වන විට ගමට ළඟ වූහ. මේ ගමනේ දී ඔවුනට දැරීමට සිදු වූයේ ගමන් වියදම් පමණි. සෙසු සියලු දෑ ෆේස්බුක් මාර්ගයෙන් ලැබිණි.
එහි යන විට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු සහ පවුල් 109ක සාමාජිකයෝ පැමිණ සිටියහ. එක් පවුලකට ඇඳුම් 30-50ත් අතර පාර්සලයක් ද, අනිකුත් ද්‍රව්‍ය සහිත පාර්සලයක් ද ලබා දුන් අතර ෆේස්බුක් මිතුරන් ගමෙන් පිටවූයේ එහි දුප්පත් පවුලකට ගෙයක් සාදා දෙන බවට පොරොන්දුවක් ද දෙමිනි.
.gif)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අගය කළයුතු සමාජ සත්කාරක ක්‍රියාවක්. (නි)
ඉතාමත්ම උතුම් කාර්යයක් (නි)
මේ සද්කාර්යයේ යෙදුන අයට මෙන්න මගෙනුත් මල් මිටක්! ෆේස් බුක් නිර්මාතෘවරයාගේ අදහසත් මෙයම වෙන්න ඇති. ජාතීන් අතර මිතුදම, අනෝන්‍යය පැවැත්ම සඳහා සහයෝගය.... නමුත් ගොඩක් අය (උන්මත්තකයන්) මේක පාවිච්චි කරන්නේ බොරුව සහ රැවටීම තුලින් මානසික සහ කායික සුවය සඳහා පමණයි. මෙය හොඳ ආදර්ශයක් සියල්ලන්ටම. (නි)
යහපත් ක්‍රියාවක්.ෆේස් බුක් සමාජ ජාලය තුළත් හොඳ දේ මෙන්ම නරක දේත් තිබෙනවා. ප්‍රයෝජනයට ගන්නා විදිය අනුව එය වෙනස් වෙනවා (නි)
සියල්ලෝම සතුටට පත්වේවා! (නි)
අගය කළ යුතුම සද්ක්‍රියාවක්. මෙවන් දේවල් අහන්න දකින්න ලැබෙනවා නම් ලොකු සතුටක් (නි)
කොපමණ හොඳ මිනිසුන් තවමත් අපි අතර සිටිනවාද? (නි)
ඉතාම හොඳ වැඩක් මේවගේ තවත් වැඩ කරීමට ශක්තිය ලැබෙන්නට පතනවා (දී)
අර බලය මේ බලය තියෙනවා කියන කට්ටිය මෙවැනි වැඩ කරනම් ඔච්චර දඟලන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ (දී)
ඔන්න ඔව්නේ වැඩ.දැන් හැදෙන තරුණ පරපුරට ඕක හොද ආදර්ශයක් නිකන් කාලය කකා ඉන්නවට වැඩිය. (දී)
මේ වගේ දේවත්වයෙන් වැඩ කරන අයත් අපි අතර සිටිනවා. (දී)
ඕනෑම දෙයක් යහපත් විදියට යොදාගන්න පුළුවන්. මේක හොඳ ආදර්ශයක්. තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා! (නි)
හොඳ වැඩක් දරුවනේ. (නි)
ඕනෑම දෙයක් හොඳට සහ නරක දෙකටම යොදාගන්න පුළුවන්. බුද්ධිමත් තරුණ සොයුරන්ට අපේ උත්තමාචාරය! (නි)
අගය කළයුතු වැඩක් (නි)
අමාර , මට නම් මේ තෑගි ටික කෙසෙල් කොළක ඔතා දුන්නත් කමක් නැහැ. මොකද කවරය නොව ඇතුළත ඇති දේ තමයි වටින්නේ. මොනවා වුණත් මේ දරුවන්ගේ උත්සාහයට බොහොම පින්! (නි)
විශිෂ්ටයි! අපිත් කැමතියි මේවාට සහභාගි වෙන්න. (නි)
ආදර්ශමත් ක්‍රියාවක් සහෝදරවරුණි , අවංක චේතනාවට ඔබලාගේ ජිවිත මෙන්ම උපකාර කල අයගේ හා උපකාර ලැබූ අයගේ ජීවිතද සාර්ථක වේවා, (දී)
මෙයට සහභාගී වූ සැමට තෙරුවන් සරණයි (දී)
ගොඩක් පින් අතේ වැඩක් ඔයාල හැමදෙනාම කරගතේ මේ වගේ වැඩ පිළිවලක් කරන කොට එෆ් බී එකට අපිටත් කියනකො අපිත් ගොඩක් කැමති මේ වගේ උදව් කරන්න ,,,, (දී)
මේක ගොඩක් හොඳ වැඩක් .දිගටම මේ වගේ දේවල් වලට එකතුවෙන්න අපි කැමතියි.අර කබිතිගොල්ලව ගමටත් මේ වගේ උදව්වක් කරමුද?
හොද වැඩක් (දී)
කරපු වැඩේනම් ගොඩාක් පින් අර කොල්ලෝ ටික (දී)
ඇත්තටම සතුටුයි මේවගේ ප්‍රතිචාර අපේ ගමටම තෑගි ප්‍රජා සත්කාරයට ලැබීම පිලිබදව. ෆේස් බුක් නිසා තමන්ගේ වටිනා ජීවිත නැති කරගන්නා කාලෙක එම ෆේස් බුක් මගින්ම කෙනෙකුගේ ජීවිතයකට නව ආරම්බයක් ලබාදීමට උත්සහ ගන්නා සියලුදෙනාටම බොහොම ස්තුතියි. කවදාවත් හිතුවේ නෑ එෆ් බි එකේ තව කෙනෙකුට උපකාර කරන්න කැමැත්තෙන් සිටින මෙපමණ පිරිසක් සිටිනවා කියල. මේ සදහා මටත් අහම්බෙන් තමයි සම්බන්ද වෙන්න පුළුවන් උනේ මට ඇත්තටම සතුටුයි ගමටම තෑගී ප්‍රජා සත්කාරයේ චායාරුප ශිල්පියෙක් කෙනෙක් විදිහට සම්බන්ද වෙන්න ලැබීම පිලිබදව මෙම පින්තුර දැකල තවත් අය මේ සදහා සම්බන්ද වීම තරම් වෙනත් සතුටක් නෑ.... තමන්ට උපකාරයක් කිරීමට හැකි ඕනෑම දෙයකින් උපකාර කල හැක. (දී)
දේශපාලකයෝ නැද්ද මේකට සම්භන්ද (දී)
සමාජ හවුලකින් වූ සමාජ ක්‍රියාවක්.හරිදෙය හරියට ප්‍රයෝජනට ගත් අවස්ථාවක්.මෙවැනි සමාජ හවුලකට එකතුවීමට මමද කැමැත්තෙමි. (නි)
හොඳ ළමයි ටිකක්. නියම වැඩක්. මේ වගේ වැඩ තමයි කරන්න ඕනෑ (නි)
ඇත්තටම මේ වගේ වැඩ තමා කරන්න ඕනෑ. මේ අයට මගේ ප්‍රණාමය පිරිනමනවා. මේ වගේ ගමක් තිබෙනවා බදුල්ල හාලිඇල උදේනිගම කියලා. පුලුවන් නම් ඒ ගමටත් සහයෝගයක් දෙන්න. ගොඩක් පින් (නි)
උඩින් පෙනෙන දෙයින් පමණක් මේ ගැන අදහසකට එන්න බැහැ. (නි)
අරවින්ද මල්ලි, ඔයාලට මගේ ප්‍රණාමය! (නි)
ප්‍රවීන්, ඇත්තටම ජනතාවට සේවය කරන්න දේශපාලනයට එන්න ඕනේ නෑ. ලංකාවේ ජනතාව මේක තේරුම් ගන්නකල් දේශපාලුවෝ ඔයාලගේ ඔලුවට අතසෝදාවී! (දී)
මේ මහත්මයට ඇමති කමක් දෙන්න වටිනා පුද්ගලයෙක්! (දී)
සුපිරි වැඩක් කොල්ලනේ (දී)
කෝ ඔය ෆේස් බුක් නිසා කට්ටිය මැරෙන කොට මැරෙන්න කෑගහපු සුචරිත වාදීන් ටික (දී)
මොලයක් හා හදවතක් තියෙන අයට පිහියක් හම්බ උනාම එකෙන් අනල මිනියක් මරන්නේ නැහැ. (දී)
අපේ මේ සමාජ සත්කාරයට කැමති සියලු දෙනාම අපත් සමග එකතු වෙන්න. (දී)
මට සතුටුකදුලු වැටෙනවා මේ පින්තූර බලල. බොහොම හොද පින්කමක්, හැමොටම ගොඩක් පින්. තව තවත් මේවගේ දේවල් කරන්ඩ මේ අයට ශක්තිය ලැබේවා (දී)
මේකනම් නියම වැඩක්(දී)
ප්‍රවීන් මේ මහත්තයා ඇමතිලගෙන් හත් ගව්වක් දුරින් තියන්න ඕන වටිනා පුද්ගලයෙක්.මැති ඇමති වරු හම්බ කරනවා ඇරෙන්න දානමය වැඩට එන්නේ මුණු පෙන්නන්න ව්තරණේ. (දී)
ෆෙසේ බූක් කණපිට ගහන කලේ ග්‍රේට් වෙඩක් යාලු..ඔයාලට සුබපෙතුම් සමග දිගාසිරි පතමි...ඊලඟ සැරේ අපිටත් කියන්න... (දී)
කවුරු මොනවා කිව්වා ෆේස් බුක් වලත් ගොඩක් හොඳ දේවල් තියනවා. මෙන්න මෙව්වා තමයි ඒවාට උදාහරණ, කොහොමත් කොයි දේත් හොඳ නරක තියෙන්න පුළුවන්. අපි එක ප්‍රයෝජනයට ගන්න විදිය අනුව හොඳද නරකද කියන එක තීරණය වෙනවා. ඔයාලගෙ ෆේස් බුක් මිතුරු එකට සම්බන්ඳ වෙන්න පුළුවන් විදිය පොඩ්ඩක් කියනවද ? (ස)
මෙන්න මේ වගේ තරුණ පිරිස් අපිට අවශ්‍ය ....බොහොම අගය කලයුතු වැඩක් (දී)
අයහපත් දේවලුත් යහපත් දෙයකට හරවා ගත්ත බවට හොඳ නිදසුනක් (දී)
මනුස්ස හදවතක් ඇතිව උපන් ඔබ සියලු දෙනාට හදපත්ලෙන්ම ආශීර්වාද කරමි...!!! (දී)
මෙවන් දු පුතුන් රටට ආශිර්වාදයක්ඔවුන්ට තෙරුවන් සරණයි (දී)
අනේ මන්ද මෙහෙම දෙයකට අපේ අයගේ කටවල් ඇරෙන්නේ නැත්තේ මොකද කියල මේවා තමා බුදුන් දෙසන කල දාන පාරමිතාව මම හිතන්නේ මෙය හොද ආදර්ශයක් අපි හැමෝටම කුරු මොනවා කිව්වත් මෙයට සහබාගි උන සියලු දෙනාට ගොඩක් පින් (දී)
මේක උත්තම වෙඩක් බොහොම පින් (දී)
ෆේස් බුක් මෙන්න මේ වගේ දේවල් වලට යොදා ගන්න .බලන්න තරුණ කම එකතුවීම සතුටුයි (දී)
https://www.facebook.com/B.H.EdirisooriyaFoundation?fref=nf මේ ලින්ක් එක හරහා එකතු වෙන්න පුලුවන් (දී)
මෙය ඉතා වටිනා වු මුලු මහත් තරුණ පරපුරටත් ආදර්ශයක් ගත හැකි වටිනා සත් ක්‍රියාවක්...ඔබ සැමට ගොඩාක් පින්.(දී)
යහපත් ක්‍රියාවක් .ෆේස් බුක් සමාජ ජාලය තුලත් ගොඩක් හොඳ දේවල් තියනවා.ප්‍රයෝජනයට ගන්න විදිය අනුව මේ ජාලය හොඳද නරකද තීරණයවෙ. (දී)
මෙවැනි දෙයක් රටකට හොඳ දෙයක් කිරීමටත් යොදා ගත හැකිය යන්නට දිය හැකි උදාහරණයක්. (දී)
ශ්‍රේෂ්ට ක්‍රියාවක් ,,දිගු ගමනකට සුබ පැතුම් ,,,,,(දී)
මෙවන් කොල්ලන් ලෝකෙටම ආදර්ශයක් (දී)
ඔබ සියලු දෙනාගේම මව්පියන්ටයි මේ උපහාරය. ! ගංවතුර ගලනවිට බංගලා වලින් එලියට අඩිය නොතබපු , නියඟ කාලයේදී ගැමියන් වතුර බිව්වාද නොදන්නා තුමා ලා මේ පින්තුර බලා වත් හැදෙන්න බැරි නිසා අඩු වශයෙන් ලැජ්ජවටවත් පත් වේවා ! (දී)
අගය කලයුතු වැඩක් (දී)
බින් බැග් වල නැතුව හොඳට පැක් කරලා දුන්නනම් තවත් හොඳයි (දී)
විශිෂ්ට කාර්යයක් (නි)
කාන්තාවන්ගේ ඡායාරූප දමාගෙන හොර ෆේස්බුක් ගිණුම් හදාගෙන ඉන්න සමහර මානසික රෝගීන්ට මේක පෙන්නන්න ඕනෑ. (නි)