කොළඹ කොටහේන වුල්පැන්ඩල් වීදීයේ ලන්දේසී පල්ලියේ භාරකරු ලබන අගෝස්තු හතර වැනිදා තෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
දේවස්ථානයේ ඉපැරණි අකුණු සන්නාහකයේ පාදම පිහිටි ස්ථානය පාදම සොයා වළක් හෑරීමට ඔහු ආධාර හා අනුබල දී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
පොලීසිය පැවසුයේ එම පුද්ගලයා මිල කළ නොහැකි දෙයක් සොයා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම දැන් මේක ලෙඩක් වගේ වෙලානේ (නි)
අනේ මන්දා! දැන් හැමෝම හාරන්න පටන් අරගෙනද කොහෙද? (නි)
හැමෝම හාරන එකේ ,එයත් පොඩ්ඩක් හාරලා බලන්න ඇති.සමහර විට අකුණක් වැදීමේදී, සිදුවන ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න ඇති. (අ)
මමත් හොයා හොයා ඉන්නේ තාම එකක්වත් හරියට සෙට් උනේ නෑ (නදී)
ඓතිහාසික වශයෙන් , අපේ රටට ආක්‍රමණය කල විජාතිකයින් දෙස බැලු කල ,පෘතුගීසීන්, ලන්දේසින්, ඉංග්‍රීසින් ප්‍රමුඛත්වයේ ලා සැලකෙනවා. මේ අතරතුරේදී මැලේ, මුස්ලිම්, ඉන්දියාවෙන් නායක්කර් වංශිකයන්ද පැමිණියා. සිද්ධියට සම්බන්ධ පල්ලියේ මාර්ගයෙන් එහා පැත්ත කොටහේනටත්, මෙහා පැත්ත අයිතිවෙන්නේ අලුත් කඩේ වසමටත්ය. නුතනයේ ආදුරුප්පු වීදිය එදා වුල්ෆන්ඩල් වීදීය වුයේ ඉංග්‍රීසි පාලන සමයෙයි. මෙම ප්‍රදේශයේ වෘර්කයෝ වාසය කල ඝණ ලැහැබ් නිසා ලන්දේසි පාලන සමයේ ව්‍යවහාර කලේ වුල්වන්දාල් යනුවෙන්ය. කෙසේ වෙතත් මෙම පල්ලිය වසර 500 කටත් වඩා පැරණියි කීවොත් මා නිවැරදියි. මෙයට සමගාමීව කොටහේන ශා: අන්තෝනි , අලුත්කඩේ උසාවිය ඉදිරිපිට දෙව් මැදුර.ශා බස්තියමේ, ඔල්කොට් මාවත, දෙව් මැදුරු සමකාලීනයන් බව මගේ වැටහීමයි. කෙසේ වෙතත් පෞරාණික වස්තුන් ආරක්ෂා කිරීමට වග කිව යුතු භාර කරුවන් කරන වැරදි වැඩ වලටකිසිදු සමාවක් දිය යුතු නොවේ (නදී)
ඉස්සර වැදිච්ච අකුණුවල අල බැහැලද කියල බලන්න හාරන්න ඇත්තේ.(නදී)
පල්ලියේ හිටියට වැඩක් නැහැ. හොරකම තමයි හිතේ තියන්නේ. (නදී)