
(අංජුල මහික වීරරත්න)
පැලවත්ත හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ වැඩ කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් පැවසීය.
වර්තමානයේ ජනතාවට ජීවත්වීම අසීරු වී තිබෙන බව කී හිටපු ජනාධිපතිවරයා පැලවත්ත හැර අනෙක් සියලු පක්ෂ එකට වැඩ කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.
සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු පක්ෂ එකඟතාවයකට පැමිණීමේ සාකච්ඡාවක් ඇතිකර ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ හොරු එක මිටට. එකම තැනින් සැකපිට, ඇපපිට කට්ටිය අල්ලගන්න ලේසියි. ටැන්කූ, ඇං!
හානේ හපොයි! මහජන මුදල්, සාංගික දේපළ වගේ ආරක්ෂා කරපු, මිනිස්සුන්ට බොහෝ ආදරය කරපු පිරිසකට වෙච්ච දෙයක්.
අපිට කිසිම අමාරුවක් නැහැ. උඹලට තමයි හොරාකන්න නැතුව අමාරුව.
ජනතාව එළවපු අය කොච්චර එකතු වුණත් පලක් තියෙයිද?
මෙන්න මෙතනදී තමයි ඔබතුමන්ලාට වලිගේ පැගුණේ, අරුණ දෙමළ-මුං වතුකම්කරු, “අපි සිංහල-රදල” කියාගෙන ජනවර්ග, අනෙකුත් දේශපාලන මතවාදයන් කොන්කරපු උද්ධච්ච දේශපාලනය සහ අසාවල්තන බිම ඇතිල්ලෙනකම්ම කරන මළ-පෙරේත දේශපාලන තණ්හාව. බුදුන්ගේ-දෙවියන්ගේ නාමයෙන් දන්වත් මේ “තරුණ ආණ්ඩුවට” රට ගොඩගන්න ඉඩ දීලා චුතවෙලා යන්න! පින් අයිති වේ…!!!
පැලවත්ත = වලපැත්ත” එච්චර තමයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ… තව මොනවද?
ඔය නොකිය කියන්නේ ඒකෙ නායකයා සීය කියලා
මෙයින් අපට අදහස් වෙන්නේ පරණ පක්ෂවල ඉන්නේ හොරු හා මැරයින් බවයි. අනුර බලයට ඒමට කලින්ම කිව්වා ඉදිරියේදී හොරු එකතු වෙන බව.
ඒ කියන්නේ හොරුන්ව විතරද ගන්නේ?