ඊශ්‍රායලය විසින් එල්ලකරණ ප්‍රහාරයන් හා සමාන්‍ය ජනයාව මරා දැමීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන පලස්තීන ජනතාව වික්ටෝරියා ප්‍රාන්ත පුස්ථකාලය ඉදිරිපිට ආරම්භ කළ පෙළපාලියට ශ්‍රී ලාංකිකයෝද එක් වුහ.
මේ සඳහා පොලිස් ආරකෂාවද ලබාදී තිබු අතර මෙම පෙළපාලියට ශ්‍රී ලංකික මුස්ලි්ම ප්‍රජාව එක්ව සිටිනු දක්නට ලැබිණි.
ඔවුහු සටන් පාඨ කියමින් ඊශ්‍රායලයට එරෙහිව නාම පුවරු පවා ඔසවාගෙන විරෝධය පළ කළහ.
මෙල්බර්න් නුවර පිහිටි ඊශ්‍රායල ජාතික පාසල්වල ආරක්ෂාව තර කර ඇත.
මෙම උද්ඝෝසණයේදී උද්ඝෝෂකයන් ඇමතූ කතිකයෝ පලස්තීන ප්‍රශ්ණයේදී ඕස්ට්‍රේලියාව ක්‍රීයා කරණ ආකාරය පිළිබඳවද දැඩි කනස්සල්ල පළකළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශාන් ද සිල්වා, හොඳට ඉතිහාසය අධ්‍යනය කරන්න. මේ ප්‍රදේශ පලස්තීනුවන්ට අයත් උනේ කොයි කාලේද කියලත් බලන්න. ඊශ්‍රායලය තුල ලංකාවේ වෘතිකයන්ට රැකියා නැහැ. හේතුව එහෙ මිනිස්සු උගත්. මැදපෙරදිග වගේ නොවෙයි. මැදපෙරදිග එහේ මිනිස්සු කරන්නේ ඩ්‍රයිවින් නේ. පොඩි රටක රැකියා කරන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය මුළු මැද පෙරදිග එක්ක සංසන්දනය කරන එක මොන තරම් නුවණක්කාර වැඩක්ද කියල ඔයාම හිතන්නකෝ. මිනිස්සුන්ගේ අත් කපන එක එහෙම ම්ලේච්චත්වය නොවෙයි වෙන්න ඇති. ලියන්න කලින් හිතන්න. (නදී)
මේකේ මේ ලියා තියන සමහර අයගේ දැනුම බලනකොට අඩනවද, නැත්නම් හිනාවෙනවද කියලවත් හිතාගන්න බැහැ (නි)
ලෝක ඉතිහාසය බලන්න යන්න ඕනෑ නැහැ.දැන් රටේ ලෝකේ වෙන දේවල් වලින් ඉස්සරහට ලෝකෙටම සහ ලංකාවට වෙන දේ හිතාගන්න පුළුවන්! (නි)
ඊශ්‍රායලය අල්ලන් ඉන්නේ පලස්තීනුවන්ගේ රට. එක ඒ අයට ලැබියයුතුයි. යුදෙව්වෝ ගෙනත් පලස්තීනයට දාපු එක වැරදී.(අ)
ඊශ්‍රායලයේ මිනිස්සු මොන ජාතිකයෝ උනත් බොහොම බුද්ධිමත් ජාතියක් තාක්ෂණික සහ සැම අංශයකින්ම.මේගොල්ලන්ගේ ආයුධ අපේ යුද්ධයට ගොඩක් උදව් උනා.පලස්තිනේ වගේ බෙලි කපන රටක් නෙමේ.අනික අරාබි රටවල අපේ කට්ටිය කරන්නේ කම්කරු පන්තියේ රැකියා.(අ)
අපි සේවය කරන්නේ ඊශ්‍රායල් වල මේ මිනිස්සු අපිට කොච්චර ආරක්ෂාවක් දෙනවද ඊශ්‍රායල් වල ඉන්න මනුස්සකමින් ඉතා උතුම් මිනිස්සු (අ)
කොහෙද එන්නේ මල්ලේ පොල් (අ)
රොෂාන්,සහෝදරයට වැරදිලා 27000 පමණ මැරුණු අයගෙන් 3% පමණ තමා කියල තියෙන්නේ.නැතුව මුළු රටේම ඉන්න 9 % ගණන නෙමේ.අනික කොච්චර මැරුණද කියල හරියටම බලන්න පුළුවන් දියවන්නා ඔය ලග තියෙන හමුදා ස්මාරකය ලගට ගියානම්! (අ)
මට නොතේරෙන එක දෙයක් තියෙනවා. ජේසු තුමාව මරණයට පත්කළේ ඊශ්‍රායල්වරුන් වන යුදෙව් ජාතිකයෝ. නමුත් පලස්තිනේ යුදෙව්වන්ව නැවත පදිංචි කලේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ. නමුත් අද සටන් වදින්නේ පලස්තීනුවන් සමග. ඒ එක්කම තව දෙයක් නම් හිට්ලර් ජර්මනියේදී මේ යුදෙව්වන්ව ලක්ෂ ගණන් මරා තිබෙනවා ගෑස් කාමරවල සිරකර. කාටද විග්‍රහයක් කරන්න පුළුවන්. (නදී)
ලංකාවේ කිහිප දෙනෙක් ඔය පෙළපාලියේ යන්න ඇති. එහෙම ගියා කියල රටක් සහය දෙනවා කියල කියන්නේ කොහොමද? ඔය ප්‍රව්ර්තියම මම ටි.වී එකේ නිව්ස් වල බැලුව ලංකාව ගැන සදහන් කරේ නෑ කොතනකවත්, කිව්වේ පලස්තීන් අය පෙළපාලි ගියා කියල, මේවා එක එක්කනගේ හිතළු නිව්ස් වෙන එක තමා පුදුමේ. (නදී)
දේශාන් ද සිල්වා, ඔබ 100% නිවැරදියි. සමස්තයකට ඒ දැනීම නැහැ. ඔබ කියූ ආකාරයට 1948 ඔවුන්ව තාවකාලිකව පදිංචිකර ඇත. ඉන් පසුව තමා මේ ප්‍රශ්නය පටන් ගත්තේ. කෙසේ නමුත් දෙගොල්ලන්ම සාමයෙන් සිටිනවා නම් හරිම අපුරුයි. (නදී)
මේකේ තියන අදහස් දැක්කහම ලංකාවේ ලෝක ඉතිහාසේවත් දන්නේ නැති කොච්චර අය ඉන්නවද කියල පේනවා. ඉතින් අදහස් දැමීමෙන් ඇති පලේ මොකක්ද? (නදී)
අපිට සමහර වෙලාවට සිංහල මුස්ලිම් ගැටළු ඇවිත් තියනවා තමයි. නමුත් මේජර් මුතාලිප් වගේ දුර විහිදුම් බලකායේ මොනතරම් සේවයක් කරපු මුස්ලිම් අය හිටියද? අනික අපි දෙගොල්ලොටම කොටි ගැහුවා. හැබැයි ඊශ්‍රායලය කොටි පුහුණු කරපු පව්කාර රටක්. පලස්තීනය කවදාවත් අපේ රටට කෙනහිලි කම් කලේ නැහැ. අපිත් ප්‍රර්ථනා කරනවා පලස්තීනයට සාමය. සිංහල බෞද්ධයා පොඩි පොඩි පරන කෝන්තර ඇදගෙන මිලේජ්ජයන්ගේ පැත්ත ගන්නෙ නැහැ. ඒක මුස්ලිම් සහෝදරයන්ටත් වැටහෙනවා ඇති. (නදී)
ත්‍රස්වාදයෙන් බැට කන රටවල් දන්නවා ඒකේ බරපතලකම.මේක රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් නිසා ඕවාට අපි උඩපනින එකේ තේරුමක් නැහැ. (නි)
ලංකාවේ අපි ඊශ්‍රායලයට සයෝගය දක්වනවා. පල්ස්තිනුවන්ට තියෙන්නේ අරාබියට යන එකයි. එහෙ ඒ අයව ගනීද? (නදී)
දේශාන් , මුලින්ම ඊළාම් ත්‍රස්ත වාදීන්ට පුහුණව දුන්නේ පලස්තීනයේ. ඊශ්‍රායලය තමයි අපේ හමුදාවට පුහුණව දුන්නේ , පොඩ්ඩක් ඉතිහාසය ගැන හොයල බලන්න (නදී)
දකුණු ඉන්දියාවේ පුහුණු කඳවුරු වල කොටි පුහුණු වෙනකොට එයාලට පුහුණුව දුන්නේ පලස්තීන විමුක්ති හමුදාවේ උපදේශක වරු, මේවා ඔප්පු වෙච්ච සත්ත්‍ය දේවල්. (නදී)
ඔක්කොටොම අමතක වෙලා වගෙයි ඊශ්‍රායලය කරපු උදව් අවුරුදු 30 ක යුදය ජය ගන්න. කෆීර් යානා, ආයුද යුධ පුහුණුව. (නදී)
නාරද, 9% ඉන්න රටේ 3% ක් ආරක්ෂක අංශසවල ඉන්නවනම් හොදානේ. අනික මේ විගණනය ඉතිහාසයත් සමග කලානම් හොදා (නදී)
දේශාන් ද සිල්වා නොදන්න දේ කථා නොකර ඉන්න. (නදී)
දෙවන ලෝක මහා යුද්දයෙන් පසුව බ්‍රිතාන්‍ය අදිරාජ්‍ය වාදීන් විසින් පලස්තීන භූමියේ බලහත්කාරයෙන් ඊශ්‍රායලය යන රට ලෝක සිතියමට ඇතුලත් කලා. එදා පටන් දස දහස් ගණන් පලස්තීනුවන් සරණාගතයින් බවට පත්වුණා. එතනින් නොනැවතී අදටත් පලස්තීනයේ බටහිර එවුරේ බූමිය අත්පත් කරගනිමින් යුදෙව් ජනාවාස ගොඩනගමින් එක්සත් ජාතීන්ගේ සංවිදානයේ නියමයන්ට අමු අමුවේ පිටුපාමින් යුදෙව් ජනාවාස ගොඩනගමින් සිටිනවා. එතනින් නොනැවතී පලස්තීනුවන්ට ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර එල්ල කරමින් දරුවන් සිවිල් වැසියන් අමු අමුවේ මරාදමනවා. එවැනි පසු බිමක තව තවත් පලස්තීනුවන් සරණාගතයින් බවට පත්ව තිබෙනවා. මෙවැනි පසුබිමක පලස්තීනුවන්ට සිය ආත්ම ආරක්ෂාව සඳහා ප්‍රති ප්‍රහාර එල්ල කිරීම හැර වෙනත් විකල්පයක් තිබේද? හනික ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්දව පනත් ගෙනෙද්දී ශ්‍රී ලංකාවට සහය දුන්නේ බහුතරයක් මුස්ලිම් රටවල් බවත් මෙහිදේ සිහිකරනු කරරමෙත්තෙමි . (නදී)
දේශාන් ඔය ඇත්ත ගොඩක් අය දන්නේ නෑ. අපේ රටේ හෝ යුද්දයකදී මැරෙන්නේ අහිංසක මිනිස්සු. ඒ ගැන දුකයි. (නදී)
අපි හම්බ කරන තැනට අපි අාදරෙයි. අපිට මෙයාලගේ ඉතිහාසය වැඩක් නැහැ.. ඔය අරාබි මිනුස්සුන්ට නැති මනුස්ස ගුනධර්ම තියෙන රටක් මේක. . පාලකයන්ට ඕන අපේ සල්ලි විතරයි බලන කොට. අපිට අපි විතරයි (අ)...
ඉරාකෙ මිනිස්සු මරන්න එපා කියල පෙලපාලි යන්නෙ නැද්ද? එහෙ මිනිස්සු මරන්නෙ දෙයියගෙ කැමැත්තටද? (අ)
ඊශ්‍රායලය හොද රටක් .. ගොඩක් බුද්ධිමත් අය ඉන්නේ..(අ)
නිශාන්ත, මෝඩ කතා කියන්න එපා. ඔයා මොනවද ලංකාවේ යුද්ධය ගැන දන්නේ? ඊශ්‍රායලය කොච්චර ලංකාවට උදව් කළාද? අනික ඊශ්‍රායලය පලස්තීනය යුද්ධය පටන්ගත්තේ අද ඊයේ නොවේ. (නි)
ඊශ්‍රායිලයට සහය දෙනවා මිසක් පලස්තීනේට සහය දුන්නොත් අපේ රටෙත් අවසානේ.පලස්තීනේ ඉන්නේ මිනීමරුවෝ.ඊශ්‍රායිලය කරන්නේ තමන්ගේ රට ජාතීය රකින එක.(අ)
යුදගිනි දැල් ඉක්මනින් නිවේවා! (නි)
කරුණු හරිහැටි නොදැන මීට අදහස් දාන්න එපා. (නි)
දැන් පලස්තීනය ගරිල්ලා සංවිධාන සමඟ එකතුවෙලා ඊශ්‍රායලයට ගහනවා. මේ නිසා ඊශ්‍රායලයේ අහිංසක මිනිසුන් මැරෙනවා. (නි)
පලස්තීනයට හමාස් අය උදව් කරනවා කියන්නේ ඇත්තද? (නි)
මෝඩයා තමන්ගෙ වැඩක් හරියට කරගන්නෙත් නැතුව අනුන්ට කරදර කරන එකනේ කරන්නේ.... (නි)
මම මේ ඊශ්‍රායල් වල අවුරුදු 5ක සිට ඉන්නවා. රට ඇතුළත මිනිසුන්ට පුදුම නිදහසක් තියෙන්නේ.හරියට දන්නේ නැතුව අදහස් දාන්න එපා. (නි)
සල්ලි වලින් හෝ භෞතික වටිනාකමින් ලැබෙන ලාබවලින් මිනිස්කම මනින්න එපා (නි)
ඊශ්‍රායලය දැන් කරන දේ හරිද නැද්ද කියා හිතාගන්න පුළුවන් කොටි ත්‍රස්තවාදීන් සිංහල මිනිසුන්ට කළ විනාශයට ශ්‍රී ලංකා රජය පිළිතුරු දුන් ආකාරය අධ්‍යයනය කළහම. ප්‍රභාකරන් සිංහල වර්ගයා සිංහලද්වීපයෙන් අතුගාා දමන්න කතා කළ විදියටම තමයි හමාස් මිනිසුන් ඊශ්‍රායලය නැතිකරලා දාන්න ඕනෑ කියන්නේ. (නි)
නිදා සිටි කොටි ඇහැරුවේ කවුදැයි නොදන්නේද? (නි)
සාමය දසදිග පැතිරේවා! (නි)
මුස්ලිම් වුණත් කවුරු වුණත් සියල්ලන්ම මිනිසුන්. අපි ඔවුන්ට පිහිටවිය යුතුයි (නි)
දේශාන්, ඔබේ කතාව හරියටම හරි. 1948 ට කලින් ඊශ්‍රායල් කියල රටක් තිබුනේ නැහැ. 1920 දී යන යන එන මන් නැතිවෙච්ච යුදෙව්වන්ට ඉන්න ඉඩක් දීපු එකෙන් අද වෙනකොට පලස්තීනේ කියල රටක් නැතිවෙන තරමට ගිහින්. කොහොම උනත් ලෝකෙ ගොඩක් රටවලට මේ තත්වේ වෙලා තියෙනවා මුස්ලිම්ලගෙන්. ඉරාන, ඇෆ්ගනිස්ථාන්, පකිස්තාන්, බංග්ලාදේශ්, ඉන්දුනීසියා, මැලේසියා. (නදී)
වැඩිහිටියන්ට හොඳින් සළකන බුද්ධිමත් මිනිසුන් ඉන්න රටක් (නි)
ඇත්තෙන්ම නිවැරදි තීරණයක් (නි)
ඔවුන්ට අපහසු අවස්ථාවන් වලදි අපි පිහිටවිය යුතුයි (නි)
මෙන්න මේ අවස්ථාවේදී තමයි බලවත් රටවල මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ. (නි)
කවුරු කොහොමහරි මොන භූමිය අල්ලාගත්තත්, දැන් කරන්න දෙයක් නැහැ.ජාති දෙකටම දැන් රටවල් අතහැර යන්න බැහැ.අනෙක කොහේ කියලා යන්නද? (නි)
අපි නම් හැමදාමත් ඊශ්‍රායල් පැත්තේ තමයි (නි)
අනේ! මෙලොව දෙයක් නොදැන සමහරු ඊශ්‍රායල් වලට බනිනවා.අපි කරන රස්සාවේ හැටියට අපට හොඳ වැටුපක් ගෙවනවා. ඊශ්‍රායල් අය හරිම හොඳයි. අපිට හොඳට සළකනවා (නි)
කෙදිනක හෝ අන්තවාදීන් අපිට පහරදෙනකොට පලස්තීනය වෙනුවෙන් කඳුළු සලන අයට ඊශ්‍රායලය මතක් වේවි. (නි)
දේෂාන් ද සිල්වා සහ නිෂාන්ත, ඔබ දකින හැමදේම සත්‍යය බව නොසිතන්න.රට ඇතුළේ සිටින අපි දන්නවා සත්‍යය කුමක්ද කියා.අනික ඊශ්‍රායලයෙත් සිටින්නේ මනුෂ්‍යයින්. (නි)
ෂා ! නියම අදහස් ටික (නි)
ඊශ්‍රායලයේ අනාගතය ගැන අපිට හිතාගන්න පුලුවන් (නි)
තමන්ගෙ ගෙදර වටේට මේඅය හිටියොත් මොකද වෙන්නෙ ඉන්න දෙයි ද? (අ)
අනේ නෝනා වරුනේ මහත් වරුනේ මොනවා උනත් ජාති වාදය අත් අරින්න බැරිද (අ)
ඕස්ට්‍රේලියාවේ ඉන්නේ අපේ අය. පහු ගිය දවස් වල සරණාගත ප්‍රශ්නෙදි මාධ්‍ය මගින් ඉතා නරක විදිහට ලංකාවට මඩ ගහද්දි නිදාගෙන හිටියා. හිතා ගන්න අමාරුයි නැගිටලා ආවේ කොහේ ඉදන්ද කියල. සිංහලයෝ නම් වෙන්න බෑ.(නදී)
මේ කදුළු ප්‍රබාකරන් අපිට ගහන කොටත් තිබ්බා නම් ගොඩක් වටිනවා. අනෙක පලස්තීනය කොටින්ට අවි පුහුණුව දෙනකොට උන් හිතුවේ නැ උන්ට මේ වගේ දේවල් වෙයි කියලා. මේකට තමා කියන්නේ කල කල දේ පළ පල දේ කියලා. මෙයාලගෙන් පුහුණුවෙලා තමයි කොටි අපට ගැහැව්වේ. එ්ක අපට හොදට මතකයි (නදී)
ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව පෙළපාලියට සහභාගී උනාට පොදුවේ ශ්‍රී ලාංකිකයෝ හමාස් ත්‍රස්තවාදයට විරුද්ධයි. ඊශ්‍රායලයට ජය වේවා! හමාස් ත්‍රස්තවාදයට පරාජය! මේකෙන් සාමකාමී මුස්ලිම් වරු හිත රිදවා ගන්න කාරී නැහැ.මේ මගේ අදහස. (නදී)
මෙතන මැරෙන අය ගැන ඇත්තටම කනගාටු වෙනවා. නමුත් පකිස්ථානයේ , නයිජිරියාවේ, ක්‍රිස්තියානි අය පනපිටින්ම පිච්චුවා. බංග්ලාදේශයේ ඉන්දුනීසියාවේ වගේ රටවල බෞද්දයෝ පණපිටින් පිච්චුවා. සිරියාවේ,ලිබියාවේ, ඉරාකයේ. මුස්ලිම් අය මුස්ලිම් අයව මරනවා. , සිරියාවේ විෂ වායු ගහල කුඩා දරුවන් ගොඩක් මැරුනා නමුත් මේ මුස්ලිම් ජනතාවට ඒ දේවල් පෙනෙන්නේ නෑ. ලංකාවේ යුද්දෙදි මැරුන අයව පෙනුනේ නැහැ (නදී)
ඊශ්‍රායලයට ඡය වේවා. අපි ඊශ්‍රායලය සමගයි. (නදී)
පලස්තීනය ඊශ්‍රායලයට එක සතියට 300 ඉක්මවලා ගහපු රොකට් ප්‍රහාර ගැන මේ කවුරුත් කතා කරනවද? එ්ක හොඳ දෙයක් කියලද මේ කට්ටිය කියන්නේ? ත්‍රස්තවාදය හැම පැත්තෙන්ම හෙළා දකිනවා නම් තමා හොඳ. මේක හරියට කොටි දකුණට බෝම්බ ගහනකොට උතුරේ කොටින්ට අපේ හමුදාවන් ප්‍රති උත්තර දෙනකොට ලන්ඩන් වල පෙන්නපු පෙළපාලි වගේ. කොටි ත්‍රස්තවාදේට පිළිතුරු දෙන්න අපිට කෆීර් ටික හරි ලැබුනේ ඊශ්‍රායාලයෙන්. (නදී)
ඔය කව්රු කෑ ගැහුවත් හැම දේම සිදුවන්නේ ඊශ්‍රායල් වලට ඕන දෙය මිස අනිත් රටවල් වලට ඕන දේවල් නොවේ. හොඳට මතක තියාගන්ඩ (නදී)
මුළු ලෝකෙටම පිළිලයක් (නදී)
පලස්තීන මුස්ලිම් ත්‍රස්තයන් විසින් තරුණයන් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් මරා දමා ආරම්භ කල පහරදීම් නිසා මේ යුධමය වාතාවරණය ආරම්භ විය. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙස කොපමණ කීවත්, ඇසුවේ නැත. ඉන්පසු ර්ශ්‍රායලයෙන්ද ප්‍රහාර එල්ල කෙරිණි. පලස්තීනයෙන් මිසයිල දහස් ගණනක් ඊශ්‍රායලයට එවන්නේ නමුත් එහි තාක්ෂනය හොද නිසා ආරක්ෂාව සලසාගෙන තිබේ. ලංකාවේ සෑහෙන පිරිසක් රැකියා කරන්නේ ඉශ්‍රායලයේය. පලස්තීනය ඉල්ලගෙන කනවට කලයුතු දෙයක් නැත. පලස්තීන ත්‍රස්තයන්ට දහස් ගානක් මිසයිල ලැබෙන්නේ කාගෙන්ද? ත්‍රස්තයන්ට පක්ෂව ලංකාවේ අය කතා කරන්නේ ගොන්කමට නේද? (නදී)
ඊශායලය නියම මිනිස්සු ඉන්න රටක් මැදපෙරදිග වගේ නෙමේ. මේ මිනිස්සු අපිට සලකන විදියට කිසිම රටක් වැඩ කාරයන්ට සලකන්නේ නැහැ. මුළු අරාබිකරයේම ඉන්න අන්තවාදීන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ෂ වගේම කාර්‍යක්ශම හමුදාවක් බවට පත් වෙනවා. හැබැයි මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා ඒ කියන්නෙ මේ රට මුළු ලෝකෙන්ම වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා දැනට මේ ඇති.. මේ ලිස්ට් එක ගොඩාක් දිගයි …….. ඉතිං මුළු ලෝකෙන්ම මේ රටෙදි තමයි පළවෙනි වතාවට අන්තවාදීන්ට හුරතල් නැති උත්තර ලැබෙන්න පටන් ගන්නෙ. ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ. (නදී) මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ. මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට ලක්වෙන්න ගත්තා. මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් හොට ඇනගත්තෙ වැරදි මිනිස්සුත් එක්ක කියන එක ! මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය
දැන් ගොඩබිමින් ඊශ්‍රායල් හමුදා ඉදිරියට යනවා දැන් සාමාන්‍ය ජනයාට වන හානිය අඩුයි. ඉතාම ඉක්මනින් හමාස් සුන්නත් දුලිවී යනුඇත. හමාස් විසින් සිදුකල මියුනිච් ප්‍රහාරය (ජර්මන් ඔලිම්පික් උළෙලේ ඊශ්‍රායල් කණ්ඩායම මරාදැමීම ) එන්ටබේ ගුවන්යානා මංකොල්ලය සියලු දෙනාටම මතක් කරමි හෙලාදකිමි. (නදී)
හමාස් සංවිධානය කියන්වනම් සටන් විරාමයක් එපා යුද්ධය ඕන කියල නොගහ මක්කරන්න ද ප්‍රශ්නය ඇති කලෙත් එයාලමයි ඉල්ලගෙන කනවා කියන්නේ ඒකට තමයි (අ)
මේක දෙවියන්ගේ කැමැත්තනේ මොකට කලබල වෙනවද?(අ)
ලංකාවේ අපේ අයට ප්‍රබාකරන් ලොක්ක ගහද්දි මේ අය නිකමට මේ විදියට උද්ගෝෂණ කලාද ? පව් අනේ මෙයාලට ඇයි දැන් උනුවෙලා තියෙන්නේ.? (නදී)
මුස්ලිම් රටවල් වලට ඔච්චරම අමාරු නම් ගාසා තීරය ඉජිප්තුවටත් බටහිර ඉවුර ජෝර්දනයටත් එක්කරගෙන ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන්නේ. ලෝකේ කොච්චර මුස්ලිම් රටවල් තියනවද යන එකනේ තියෙන්නේ. මිනි මරනවට අපි කවුරුත් කැමති නැහැ. එ්ත් ඊශ්‍රායලය ඒ තත්වයට පත්කළේ පලස්තීනුවන්. බටහිර ඉවුරේ කට්ටිය ඔය අගේට ඉන්නේ ගාසා එකේ ඉන්න අයට තමයි අමාරුව තියෙන්නේ. (නදී)
රිල්මි, මුස්ලිම් කොච්චර රට වෙනුවෙන් දිවි පිදුවද කියල බලන්න පුළුවන් දියවන්නා ඔය රණවිරු ස්මාරකය ලගට ගියහම ඔයාටම ලජ්ජා හිතේවි.(නදී)
පලස්තිනේ මේක පටන් ගත්තේ. දැන් ඊශ්‍රායලය ඉවර කරනවා වැඩේ සාදාරන නැද්ද? (නදී)
රිළ්මි, මැරුණු 27000 පමණ අපේ හමුදා විරුවන්ගෙන් මුස්ලිම් ගණන 3% වත් නැහැ. ඒ හින්ද වැඩිය ආඩම්බර වෙන්න එපා! (නදී)
පින්තුර දැක්කම ඕස්ට්‍රේලියාවට අබ සරණ ලගදීම ලැබෙනවා කියල පේනවා (නදී)
රසිකා මුස්ලිම් රණවිරුවෝ කොපමණ මේ රට වෙනුවෙන් දිවි පිදුවද (නදී)
ප්‍රශ්න ඇති කරන්නේ ලොකු උදවිය. දුක් විදින්නේ අහිංසක මිනිස්සු. පලස්තීනය එදා ඉදන් ඊශ්‍රායලයට ප්‍රශ්න ඇති කරනවා. (නදී)
අපේ මිනිස්සු කී දාහක් ඊශ්‍රායලයේ රස්සා කරනවද. මැද පෙරදිග මුස්ලිම් රටවල් වගේ නෙමේ මේ රට. වැඩ කරන අයට හොඳ පඩියක් වගේම හොඳ ආරක්ෂාවක් දෙන රටක්. අපේ රටට හොඳ විනිමයක් ලැබෙන රටක්. වැඩ කරන අය ගොඩක් සතුටින් ඉන්නේ. තමුන්ගේ පවුල් පිටින් නඩත්තු කරන නිසා. පලස්තීන් කාරයෝ වැල නොකැඩී රොකට් ගහන්නේ. මේ රට හොඳ ආරක්ෂාවක් තියෙන නිසා මිනිස්සු මැරෙන්නේ නැතුව බේරෙනවා. නැත්නම් කී දාහක් මේ වෙනකොට මැරිලද. පලස්තීන් කාරයෝ රොකට් දාන්නෙත් මෙහෙ නගර වලට තමා. එ්ත් ඒවා උඩම පුපුරෝනවා. ඒක මේ රටේ දක්ෂකම. අපේ අය උඩ පැන්නට පලස්තීන් කාරයොත් නිකන් ඉන්නේ නෑ. (නදී)
කොටි අපිට ගහනකොට පලස්තීකවල පෙළපාලි ගියාද? මේ තියෙන්නේ ජාතිවාදයක්. ඔය පෙළපාලි යන අයව පලස්තීනෙට යවන්න ඕනේ (නදී)
ඊස්‍රායලය එක්ක ඔට්ටු වෙන්න ගියොත් ඒ රටට වෙන්නෙ විනාසය. ඊස්‍රායලය ආරක්සා කරන බලවත් හස්තයක් තිබෙනව අමෙරිකාවත් එයදන්නවා. (නදී)
අපේ කට්ටිය මේ ප්‍රස්නේ දිහා බලන්නේ පඩිය , රක්ෂාව , විදේශ විනිමය වගේ දේවල් මුල් කරගෙන . මෙතන කවුරුවත් හිතුවද කොයි පැත්තෙන් උනත් මේ මැරෙන්නේ මනුස්සයෝ කියලා. මම මේ කතා කරන්නේ සිංහල බෞද්ධයෝ සහ සිංහල කතෝලිකයෝ ගැන. අපි දෙගොල්ලොම ආගමික නිර්මාතෘවරු අපට කියල දුන්න පණිවිඩය මොකක්ද ? දයාව ,ආදරය , කරුණාව, මනුස්සකම , සාමය සහජීවනය නේද ? එහෙනම් ඉතින් අපි කොහොමද සතුටු වෙන්නේ මැරෙන්නේ මුස්ලිම් කට්ටිය නැත්නම් යුදෙව්වෝ කියලා. මේ හැමෝම මිනිසුන් කියල හිතුවොත් අපිට පුලුවන්ද අවංකවම සතුටු වෙන්න (නදී)
දේශාන් තමන් ඉන්න තැන නෙමේ හරිදේ කතාකරන්න .ඔයා ඔය කියන්නේ මෑත ඉතිහාසය (අ)
මේ සිංහල මිනිස්සු හරියට දෙයක් දැනගෙන නෙවී පෙළපාලි යන්නේ (අ)
දැන් ඉතින් පලස්තීනයට බයවෙන්න දෙයක් නැහැ. (නදී)
ඔය කියන කට්ටිය හොදට සැප විදිනවා ඔය රට වල. බොරුවට කෑ ගහන්න එපා (නදී)
මේකේ මේ ලියලා තියන අය දකින්නේ ඊශ්‍රායලය බොහොම හොදම රටක් හැටියට. ඊශ්‍රායලය කියන්නෙත් පලස්තීනුවන්ගේ රට. ඒ රට බලෙන්ම අල්ලගෙන බලහත්කාරයෙන් ව්‍යාප්ත වෙලා අද පලස්තීනුවන් එලවන්න හදනවා. ඊශ්‍රායලය කියන්නේ ලෝකේ ත්‍රස්තවාදය වපුරන රටක්. යුදෙව්වා කියන්නේ ම්ලේච්චයෝ ජාතියක් කියන එක මුළු ලෝකෙටම ඔප්පු කළා. අර එයාලගේ මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයෙන්ම ඒක තේරෙනවා. තව දෙයක් ඊශ්‍රායලය කියන රටේ ඕනා නම් 10000ක් ඇති අපේ ශ්‍රමිකයන්. එ් වගේද අපේ රටේ ප්‍රධාන විනිමය ආදායම. අපේ වෘතිකයන්ට එහේ රැකියා දෙන්නේ නැහැ. ඒවා දෙන්නේ යුදෙව්වන්ට. අපේ මේ කයිවාරු ගහන අයට එකක් කියන්නම් මැදපෙරදිග අපේ වෘතිකයෝ දහස් ගානක් ඉන්නවා. ලක්ෂ ගණන් හොද පඩි ගන්න අය ඉන්නවා. ඔය ඊශ්‍රායලය වගේ නෙවේ ඊට දෙතුන් ගුණයක් ලොකු පඩි. අනික අනුන්ගේ කැත කුනු අදින්න නෙවේ මැදපෙරදිග බහුතරය ඉන්නේ නිර්මාන ශිල්පින් තාක්ෂණික ශිල්පින් ඉංජිනේරුවෝ දොස්තරලා වගේ අය ඉන්නවා. දැන ගන්න දැනට මැද පෙරදිග ලාංකිකයන් ලක්ෂ 25ක් නිල වශයෙන් ඉන්නවා. එ්ත් මම නම් හිතන්නේ එ්ක ලක්ෂ 35කට වඩා වැඩි බවයි. නොදන්නා දේවල් කතාකරන්න එපා ම්ලේච්චයන් අතර ඉදලා ඔයාලත් දැන් ඒ ම්ලේච්චයන්ගේ මතයට හුරුවෙලා (නදී)
අපි නම් ඊශ්‍රායලයට. රටේ ලොකු ලොක්කන් පලස්තීන ලනු ගිල්ලට අපි නම් නැහැ (නදී)
මේ පුවත ගැන බොහෝ දෙනෙකුගේ කතාව 'යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල්' කියනවා වගේ. (නදී)
මේක දෙතුන් දෙනෙක්ගේ වැඩක් නේද? (නදී)
රිල්මි, කියන්න බලන්න කියක් දිවි පිදුවද ? ඔයාගේ පවුලේ කියක් තුවාල උනාද ? දන්නේ නැති නිසයි අහන්නේ ...(අ)..
මම ඊශ්‍රායලයේ ක්‍රියාව අනුමත කරනවා (නදී)
මෙතන ප්‍රශ්නය මේ ප්‍රතිචාර දාපු කව්රුවත් තේරුම් අරන් නැහැ. අහිංසක සිවිල් වැසියන් සහ අඩු වයසේ ළමයි විශාල ප්‍රමාණයක් මැරිලා. එහෙම තියෙද්දී, වෛරය මුල්කොටගෙන කතා කිරීම හරිම පහත් ගතියක්. අනේ දෙවියනේ අපේ මිනිස්සුන්ට මනුස්සකම යලි පිහිටුවනු මැනවි.(නදී)
මේ කදුළු ප්‍රබාකරන් අපිට ගහනකොටත් තිබ්බා නම් (නදී)
මේ ලෝකේ අද පවතින සියට අනු නවයක යුද්දවලට මුස්ලිම් සම්බන්දයක් තියනවා. මුස්ලිම් සහෝදරයිනේ... මන් නොදන්නා කමටයි අහන්නේ. ඒ මොකෝ හැබෑට... (නදී)
පලස්තිනෙට දෙන එක දෙන්න හමාස් කාරයන්ගේ අම්ම මුත්තා මතක් වෙන්න. පාන් කියා ගන්න බැරි වෙන්න. (නදී)
ඊශ්‍රායලේට ජයවේවා ! (නදී)
පලස්තීන කාරයෝ අතන මෙතැන හු තියන්න කලින් හමාස් කාරයෝ එවන මිසයිල් නවත්ත ගන්න. එහෙම උනොත් ඊශ්‍රායලෙත් ඔය ගහන ගැහිල්ල නවත්තයි. (නදී)
මේ සිද්ධියේදී මුලින්ම ප්‍රහාර එල්ල කලේ පලස්තීනය. මුලින්ම ඊශ්‍රායල් තුන් දෙනෙක්ව මරුවා. එ්කට ඊශ්‍රායල් මිනිස්සු පලස්තීන එක් කෙනෙක්ව මරුවා. ඊට පස්සේ හමාස් සංවිධානය රොකට් ගැහුවා. ඊශ්‍රායලය මේක ඉවර කරන්නම යන්නේ. නිදාගෙන ඉන්න කොටි අවුස්සලා කෑවෝ කෑවෝ කියනවා. ඊශ්‍රායලයට ජයවේවා! (නදී)
අනේ සහෝදරවරුනි, ඉතිහාසය බලන්න ඊශ්‍රායලය අැතිවූනේ කොහොමද කියලා (නදී)
මම රැකියාව කරන්නේ ඊශ්‍රායලයේ. අපි මේ රටට සේවයට පැමිණි දවසේ පටන් හොද වැටුපක් වගේම අපිට හොද ගරු කිරිමක්ද ලැබෙනවා. මට මතක විදියට සුනාමි විපතට අපි මුහුන දුන්න වෙලාවෙත් ඊශ්‍රායලය අපට උදව් කලා. අපි ලාංකික විශාල පිරිසත් සේවය කරන මේ රටේ අපි දකින වරදක් නැත් තරම්ය. මේ තත්වේ යුද්ධය ආරම්භ කලේ පලස්තීන ජාතිකයන්ය. අහිංසක පාසැල් දරුවන් 3 වධ හිංසාවට ලක්කර අමු අමුවේ මරා දමා යුද්ධය ආරම්භ කල පලස්තීන ජාතිකයින් දැන් වෙන රටවල් වලින් අනුකම්පාව යැදීම හාස්‍යජනකය. අප සේවයක් හැටියට කරන්නේ රෝගීන් බලා ගැනීමයි. පලස්තීන ජාතිකයින් පහර ගසන්නේ ඊශ්‍රායලයට වුවත් එම ප්‍රහාරයන්ට ගොදුරු වෙන්නේ ඊශ්‍රායල් ජාතිකයින් සමග ශ්‍රී ලාංකික අපත් සිටින බව මතකයට ගන්න. (නදී)
මෙතන වෙලා තියෙන්නේ මෙයාල ඉල්ලගන කාපු එකයි... තමන්ගේ පාඩුවේ ඉන්නේ නැතුව ඊශ්‍රායලය අවුස්ස ගත්තට පස්සේ දැන් බබාලා වෙන්ඩ හදනවා.. (අ)
මෙයාලට පිස්සු .ඕව හරියනවා ඊශ්‍රායලය ඉන්න අපේ ලාංකිකයන්ට මොකද වෙන්නේ (අ)
ඕස්ට්‍රේලියාවට බුදුසරණයි.......(අ)
දෙපැත්තම එකයි . .දෙගොල්ලන්ටම ඕනේ මරාගන්න.(අ)