අගුලාන තෙලවල පාර ද මුල්ලේරියාවේ පාරක් අලුත්වැඩියා කැර දෙන්නැයි එම පළාතේ වැසියෝ අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ටයර් ද පිළිස්සූහ.
මෙම පාරේ ගමන් කිරීම ඉතා අපහසු බවත්, තවත් කළකින් අලුත්වැඩිකා කරන බවත් විරෝධතාකරුවෝ කීහ.
පිළිස්සූ ටයර් පොලිසිය විසින් නිවා දැමීය.
අගුලාන තෙලවල පාර ද මුල්ලේරියාවේ පාරක් අලුත්වැඩියා කැර දෙන්නැයි එම පළාතේ වැසියෝ අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ. ටයර් ද පිළිස්සූහ.
මෙම පාරේ ගමන් කිරීම ඉතා අපහසු බවත්, තවත් කළකින් අලුත්වැඩිකා කරන බවත් විරෝධතාකරුවෝ කීහ.
පිළිස්සූ ටයර් පොලිසිය විසින් නිවා දැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකට ඉස්සර කාලේ පාරවල්වල ටයර් පිච්චෙන හැටි නිතර දැකලා අපේ ජනතාවට ඒවා නොදක ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා වගේ. අනික් අතට, පොලිසියටත් මෙතෙන්දි පුහුණුවක් ලබන්න පුළුවන් විශ්ව විද්‍යාල ළමයින්ගේ ඇඟට අල්ලන්න කලින් ටයර්වලට වතුර විදලා. (නි)
ඇත්තටම හොද පුහුණුවක් හරි ඉලක්කයට වතුර විදින්න දැන් රාළහාමිලට පුළුවන් වේවි සහභාගි සියලු ජනතාවට ස්තුති (අ)
අදාල බලදාරීන් මෙම පාරේ යන්නේ නැද්ද.(නදී)
නොකෙරෙන දේවල්නේ ඉල්ලන්නේ. අහවල් දේකටද අලුත් වැඩියාවන්? අධි වේගී මාර්ගයක් ඉල්ලා උද්ගෝෂණය කළා නම් හෙට ඉඳන් වැඩ.(නදි)
මේ මිනිස්සු මොන හිතාගෙන ද ඉන්නේ ඉල්ලන ඉල්ලන දේවල් කොහොම දෙන්නද?(නදී)
මමත් මුල්ලේරියාව නවනගරයේ වල්පොල ජීවත්වෙන්නෙ. පාරේ යන බස් එකේ යට, පාරේ වදිනවා කිව්වොත් තේරෙයිනේ තත්වේ. බට දාන්න තමා පාර කැඩුවේ. ඉක්මනට වැඩ නිමා නොකර අත ගානවා. උණ රෝහලට යන්න බැහැ. වලේ වැටිලා මැරෙන්නෙ. (නි)
රාවනා දේශය දැන් හනුමන්ගේ දේශය වෙලා. ගිනි තියලා ඔක්කොම ප්‍රශ්නවලට පලස්තර විසඳුම් ලබාගන්නේ.(නදී)
ටයර් පුච්චනකොට කොච්චර පරිසර දූෂණයක් වෙනවද? අම්ල වැසි ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අධික ලෙස නිකුත් වෙනවා ටයර් පුච්චනකොට. මේ මිනිස්සු ඕව ගැන හිතන්නේ නැනේ?(නදී)
මේකනේ වැඩේ, ටීවී පත්තරවල කියන්නේ රටේ සේරම පාරවල් හදල වගේනේ, ඉතින් මේ මිනිස්සුත් හිතනව අපේපාර විතරයි හදල නැත්තේ කියල. ඒකනිසා මේ උද්ගෝෂණ කරනව. මෙච්චර කයිවාරු ගැහුවත් දුප්පත් මිනිහෙකුට තේ දලු ගෝනියක් කරතියාගෙනයන්න බැරි පාරවල් කීයක් තියෙනවද (අ)