IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පොලිසියේ දෙන්නෙකුට යාපනයේදී ප්‍රහාරයක්

(රොමේෂ් මධුෂංඛ)

යාපනය කෝපායි නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී අද (30)  පොලිස් නිලධාරීන් දෙදෙනකුට යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දෙනු ලැබ ඇතැයි  කෝපායී පොලිසිය පවසයි.

තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා කෝපායි ප්‍රදේශයේ පැමිණිළි විභාග කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදි 4 කින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දෙනු ලැබ ඇත.

පොලිස් නිලධාරීන් දෙදෙනා හදීසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය පවසයි.

පහරදුන් පිරිස් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර එම පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව කෝපායි පොලීසිය කියයි.



අදහස් (31)

පොලිසියේ දෙන්නෙකුට යාපනයේදී ප්‍රහාරයක්

Prse Sunday, 30 July 2017 10:14 AM

යහපාලනය නම් ගොඩක් හොඳයි... ජය වේවා..!!!

:       701       741

mangalaSunday, 30 July 2017 10:28 AM

පොලිස් නිලධාරින්ට ත්‍රිවිධ හමුදාවට යාපනයේදී පහර දෙන විට සනීප ඇති නේද? මෝඩයන්ට බෙහෙත් නැහැ කියන්නේ ඕක තමයි.

:       196       236

wirSunday, 30 July 2017 12:29 PM

එයාලා මෙහෙ හරි චණ්ඩි නේ. අපි නම් කියන්නේ අනේ හොඳයි කියලා. එහෙන් හරි හැදෙන්න ඕනෙනේ....

:       16       125

GaminiSunday, 30 July 2017 10:31 AM

බැරිද ඔය කොළඹ ඉන්න පොලිස් මහත්තුරු ටිකක් යාපනයට යවන්නයි.

:       23       163

jayanthaSunday, 30 July 2017 12:31 PM

එලකිරි,.. තව තව ගුටි කන්න ලැබේවායි පතනවා !!

:       146       443

බණ්ඩාර (කැකිරාව) Sunday, 30 July 2017 10:22 AM

මේ ගැන මොකුත් ලියලා වැඩක් නැහැ.. පාලකයින් කතාකරන්නේ සංහිඳියාව ගැන විතරයි.

:       1247       1064

raveendraSunday, 30 July 2017 11:13 AM

ඇත්තද? සංහිඳියාව විතරනේ දැන් අඩු....

:       0       10

disanayaka Sunday, 30 July 2017 10:36 AM

තවම බලධාරින් නිදිද මන්දා? අැයි තවම විශේෂ කාරය බලකා සෙබළුන් හෝ සී.අයි.ඩී. එක යොදවන්නේ නැත්තේ? මේ වැරැදි ක්‍රියාවන් නිරීක්ෂණය කරන්න. මොවුන්ට නීතිය ඉක්මණින් ක්‍රියාත්මක කරන්න. තරාතිරම නොබලා... මේ ප්‍රවණතාවය නම් හොඳ දෙයක් නොවෙයි. අායෙමත් අකුරු හතරේ කල්ලිය ඔලුව උස්සන්න පටන්ගෙන වගේ. ලබාගත් නිදහස අායෙමත් වනසන්න හදන පාහරයින්ට රජයේ ආරක්ෂක අංශ වෙඩි තැබිය යුතුයි. කී දෙනෙකුට නම් ගැහුවද? අහිංසක ගැහැණු ළමයි කීදෙනෙකුට බලපෑම් කළාද? මොවුන්ව කොටුකරගන්න බැරිනම් මොන සාමයක්ද මේ රටේ....?

:       105       141

saman Sunday, 30 July 2017 10:49 AM

අර දකුණේදී චන්ඩි වගේ ඉන්න හමුදා, පොලිස්, නේවි කට්ටිය උතුරට බස්සවන්නයි තියෙන්නේ....

:       6       157

dikSunday, 30 July 2017 12:26 PM

ඔව් එයාලා එහෙ ගිහින් කාලා ආවත් අපි නම් ආයේ අනේ අපොයි කියන්නේ නෑ...

:       90       140

අනිල් Sunday, 30 July 2017 10:52 AM

අපේ සමහරුන්ට නම් ඔහොම ගහලත් මදි...

:       14       63

kap Sunday, 30 July 2017 10:58 AM

මේ ගැහිලි ආමි එකට කරන්නෙ නැත්තේ ඇයි? ඇයි පොලීසියට විතරක් මේවා කරන්නේ? මේකට අපි නොදන්න හේතුවක් ඇති... ඒක ගැන තමයි හොයලා බලන්න ඕනේ..

:       17       11

Ismail Hussen Sunday, 30 July 2017 11:00 AM

මොකේ සංහින්ඳියාව ගැනද මේ කතා කරන්නේ...?

:       0       14

Nandasiri Sunday, 30 July 2017 11:02 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා දැන් කියයි... බීල යන කොල්ලෝ ටිකක් කොලුකමට කරපු වැඩක් කියලා.

:       0       187

kumar (galf) Sunday, 30 July 2017 11:48 AM

බටහිර බලපෑමට පටන්ගත් සංහිඳියාව නිකන් අතින් අරන් කටේ පස් දාගැනීමක් විතරයි. අනිවාර්යයෙන්ම නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි. නැතිනම් නියපොත්තෙන් කඩන දේට චෙන්ෂෝ එකක් අරගෙනත් බැරිවෙයි කපන්න.

:       0       17

de silva Sunday, 30 July 2017 12:30 PM

අපි යහපාලනය පත්කර ගත්තේ රට ආරක්ෂා කරන බව.. ආර්ථික හොරුන්ට දඬුවම් දෙන බව සහ ආර්ථිකය නංවා ජීවන බර අඩු කරන බව වැනි ඔවුන් දුන් පොරොන්දු නිසාය. අද වෙනකොට මේ පොරොන්දු එකක්වත් ඉටු කරගැනීමට බැරිවී ඇති අතර දහස් ගාණක් රණවිරුවන්, පුර වැසියන් ජීවිත පූජාවෙන් හිමිකරගත් නිදහසද කෙමෙන් කෙමෙන් අපෙන් ඈත් වෙන බවක් පෙනේ...කරුණාකර මොනවා නැති වුණත් බඩගින්නේ හිටියත්, රටේ ආරක්ෂාව වැදගත්ය. ඔබලාට රටේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් අපට ක්‍රමයෙන් යහපාලනය හැරදමා නැවත යමපාලනයකට යාමට සිදුවෙන බව කරුණාවෙන් සලකන්න. මොනවා නැති වුණත් ඔවුන්ගේ කාලයේ රටේ ආරක්ෂාව ඔවුන් හොඳින් හෝ නරකින් ක්‍රියාත්මක කර ඇත.

:       25       78

asad Sunday, 30 July 2017 12:37 PM

යාපනේ බෝම්බ පිපුරුණත් සතුටු වෙන්නේ දෙමළ මිනිස්සු නෙවෙයි. අප්පච්චිගේ කට්ටියයි. එ්ක තමයි රටේ අවාසනාව...

:       406       129

de silva Sunday, 30 July 2017 12:49 PM

පොලිස් නිලධාරියා මිය ගිය සිද්ධියේ විනිසුරු කියලා තිබෙනවා... මෙම ප්‍රහාරය එල්ල වුනේ ඔහුට කියලා,.. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාෂක කියන්නේ,.. බිලා කෝලාහල කරගන්න තැනකට ගිය නිසා ඔහුට මැරුම්කන්න සිදුවුණා කියලා.... ඊට පස්සේ සිදුවුණ සිදුවීම් දෙක දිහා බැලුවම පෙනෙනවා. බීලා ඉන්න මිනිස්සු නොවේ, සංවිධානාත්මක කණ්ඩායමක් මේ වැඩ කරන බව ...

:       1       38

සනෝජ් හලාවත Sunday, 30 July 2017 12:53 PM

මේක තනිකර රාජපක්ෂවරුන්ගේ රජයේ වරද. මහා ලොකුවට කයිය ගැහුවට ත්‍රස්තවාදය නැති කරලා නෑ. ඒ රජය කරපු හැම වැඩකටම කරගහන්න වෙලා තියෙන්නේ මේ රජයට. යුද්ධයෙන් පවා හොරකම් කරලා මිසක් හරියට වැඩක් කරලා නෑ. අගමැතිතුමනි, ජනාධිපතිතුමනි අනේ අපිව බේරගන්න.

:       1063       33

LakmalSunday, 30 July 2017 02:07 PM

සනෝජ් ඔයා නම් මාර මොලකාරයෙක්නේ. ඔයාට තියෙන්නේ අපේ අගමැතිතුමාට වගේ නියම මොලයක්... ජයවේවා !!!

:       3       130

athula kSunday, 30 July 2017 02:38 PM

බේර ගනියි බලන් ඉන්න. ත්‍රස්ත සංවිධානයක් අතුගාලා ඉවර කරන්න බෑ. අන් කොන් ඉතුරු වෙනවා. ඒවාට නැගී හිටින්න බැරි වෙන්න ආරක්ෂක සැලැස්මක් තියෙන්න ඕනේ. එහෙම නැති වරදයි දැන් තියෙන්නේ...

:       0       65

halavatha Sunday, 30 July 2017 03:42 PM

අගමැතිතුමනි, ජනපතිතුමනි මුට්ටිය පුරෝලා දෙන්න අපි නාගෙන යනවා.

:       0       33

අනිල් Sunday, 30 July 2017 03:52 PM

මෙන්න මේ සනෝජ් හලාවතලා වගේ මොළය උඩ වාඩි වෙලා ඉන්න අය නිසා තමයි ලංකාවට මෙහෙම සිදුවුණේ..

:       0       123

de silva Sunday, 30 July 2017 03:57 PM

සනෝජ් හලාවත ඔබට බුද්ධියක් නැති බව ඔබේ අදහසින් පෙනී යනවා. රාජපක්ෂ රෙජීමය කල සමහර වැඩ ගැන මගේ කිසිම පැහැදීමක් නොමැත. නමුත් ඔවුන්ගේ දේශපාලන නායකත්වය යටතේ යුද්ධය ජයගැනීම සහ ඉන්පසු ඔවුන්ගේ කාලයේ වැඩි දුරටත් රටේ ආරක්ෂාව තහවුරු කිරීම සිදු කර ඇත. ඔබ ආයාචනා කරන ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට කොළඹ තිබෙන උද්ඝෝෂණ ටික පාලනය කිරීමටවත්, පක්ෂයේ සාමාජිකයන්ගේ විනය පාලන කිරීමවත් කරගැනීමට බැරිවී ඇත. තත්වය එසේ තිබියදී උතුරේ නැවත කැරැල්ලක් අවොත් එයට මුහුණ දීමට ඔවුන්ට කිසිම සැලසුමක් නොමැති බව පෙනේ..

:       0       144

මරියො Sunday, 30 July 2017 06:19 PM

තවත් එක් හුදකලා සිදුවීමක් ද අපෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමො ? , හුදකලා සිදුවීම් වෑඩි වගෙ හිතෙන්නෙ මට විතරද ?

:       0       1

de silva Sunday, 30 July 2017 09:49 PM

ඔබ ආයාචනා කරන ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට කොළඹ තිබෙන උද්ඝෝෂණ ටික පාලනය කිරීමටවත්, පක්ෂයේ සාමාජිකයන්ගේ විනය පාලන කිරීමවත් කරගැනීමට බැරිවී ඇත. තත්වය එසේ තිබියදී උතුරේ නැවත කැරැල්ලක් අවොත් එයට මුහුණ දීමට ඔවුන්ට පුලුවන්ද ? රජතුමාගේ කාලයේ ඔහුගේ වචනෙට පිටින් ක්‍රියා කරන්න ඔහුගේ පක්ෂයේ මිනිස්සු හිතුවේ වත් නැත , උතුරේ කණ්ඩායම් පොලිසියට , විනිසුරු වරයන්ට ප්‍රහාර එල්ල කිරීමට තබා ඔවුන්ද කෙලින් බලන්නට බිය වුහ ,

:       0       0

Kumara Monday, 31 July 2017 03:06 AM

පොලිසිය දකුණේ ජනතාවට පහරදේ. උතුරේ ජනතාවගෙන් ගුටි කයි....

:       0       34

sensa Monday, 31 July 2017 03:09 AM

නියපොත්තෙන් කඩන්න හැකි දේ පොරවෙන්නම් කපන්න තියන්න එපා ඔන්න.

:       0       22

Senarath Monday, 31 July 2017 03:37 AM

පොලිසියට ගැහුවම හුරේ දමල සතුටුවෙන්න හිතන උදවියට තේරෙන්නේ තමන්ට ගැහුවදාට. ඒ වගේම පොලිසියේ ඉන්න සේරම අපතයෝ නෙමෙඉ . ඕනේ තරම් හොද මනුස්සයෝ ඉන්නවා .

:       0       15

දිලුම් Monday, 31 July 2017 04:36 AM

සනෝජ් ජනාධිපති හා අගමැති හෙට අනිද්දට ඔවුන්ගේ ආරක්ෂාව පතා විදේශ රටවල පදිංචියට යනකොට ඔයාවත් එක්කන් යයි. බලාගෙන ඉන්න. ඔයාල වගේ අය නිසා තමයි මේ රට හැදිගෑවිලා තියෙන්නේ. ඇස්දෙක පොට්ට වෙලාද ඔයා පහුගිය කාලෙ හිටියෙ

:       0       1

de silva berlin Monday, 31 July 2017 09:31 PM

අන්න පොලිස්පති කියනවා මේවා පැරණ කොටියකුගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අව කල්ලියේ වැඩ කියල , නමුත් පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ බිල පිස්සු නටන කණ්ඩායමක වැඩක් කියලා, කවුද හරි ? මේකට විසදුම උතුරු නැගෙනහිර ආරක්ෂාව ෆොන්සේකා මහතා යටතට පත්කරන්න , දේශපාලනයට ඔහු නොගැලපේ , නමුත් රට ආරක්ෂා කිරීමට ඔහුට වැඩිය සුදුසු කෙනෙකු මුළු පාර්ලිමේන්තුවේම නැත . කරුණාකර සුදුස්ස සුදුසු වැඩට යොදවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මලින් පීරීගිය නුවරඑළිය වසන්තය
2025 අප්‍රේල් මස 19 686 0

නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.


ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
2025 අප්‍රේල් මස 19 2174 0

මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය


පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි
2025 අප්‍රේල් මස 19 542 0

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද


දළදා වඳින්න අද මහ සෙනඟක්
2025 අප්‍රේල් මස 19 560 0

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.


එදා ගමට දුන් මුදල් වැටුනේ සාක්කු වලට
2025 අප්‍රේල් මස 19 273 0

අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.


හාලිඇල දුම්රියපළ පාර ජලයෙන් යටවෙයි
2025 අප්‍රේල් මස 19 514 0

හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site