සීත සමය අවසන් වී ගිම්හානය උදාවත්ම ලාංකික තරුණ ජිවිත කිහිපයක් ඉතාලියේදී දෑයට අහිමි වෙයි. දියේ ගිලිම් බිමත්ව මොටර් රථ පෑදවීම හා පිහි ඇනුම් ඊට හේතු වෙතියි ඉතාලි පොලිසිය කියයි. මෙම වසරේ සිදු වු පස්වන මරනයද පසුගිය සිකුරාදා මිලානෝ නගරයෙන් වර්තා විය.
මුහුදේ දිය නෑමට ගොස් ඔහු ද දියේ ගිලිමෙන් මරණයට පත්විය. මෙ අතර බිමතින් ඉතාලි පොලිසියට ගණන්කාරකම් පෙන්නු ශ්‍රි ලාංකික තරුණයින් පිරිසක් ගැන පුවතක් මිලානෝ නුවරින් එසැණට වර්ථා විය. විදුලි උත්පාදන යන්ත්‍රයක්, මස් පුළුස්සන ගිනි උදුන් විස්කි බ්‍රෑන්ඩි හා අවශය කලමනා රෑගත් මොවුන් පිරිස පාවියා හී ආදිජේ ගග අසබඩට ගියේ රෑය පහන් කරමින් විනෝද වීම සඳහාය.
මස් කමින් විස්කි බ්‍රෑන්ඩි වයින් බොමින් අධික ශබ්දයෙන් ගී ගයමින් සිටි පිරිස ගිනිමෑල කිහිපයක්ද දල්වා ගත්තේ විදුලි බුබුලු වලට අමතරවය. ඉතාලි පොලිසිය එම ස්ථානයට ලඟා වන අතර ශ්‍රි ලාංකිකයින්ගේ ගෝෂාකාරී හෑසිම්රී හා ගිනිමෑල ගසා තිබීම ඉතාලි පොලිසියේ විවෙචනයට ලක් වෙයි. සිහිය විකෘති වන තරමට මත්පෑන් පානය කල සිටි ශ්‍රි ලාංකිකයෝමේ අවස්තාවේදී පොලිසිය සමග බහින් බස් විමට පටන් ගත්හ. ‘අපි මේක නතර කරන්නේ නැහැ. හෑමදාම මහන්සි වෙලා වෑඩකරන හින්දා අපි ආවේ පොඩි ෆන් එකක් ගන්න. උඹලට ඕන නම් අපිට වෙඩි තියපල්ලා. අවුරුදු තිහක යුද්ධයක් තිබුණු රටක අපි තුවක්කුවට බය නැහැ.‘ යනුවෙන් ඔවුන් ඉතාලි පොලිසියට පෑවසු බව එතෑන සිටි තවත් අයෙක් එසෑණට පැවසීය. පොලිසියේ අය හරිම කරුනාවන්තයි.
ඔවුන් දෑනගත්තා මේ අය හොදටම බීලා කියලා. ගිනිමැල නිමන්න කිව්වා. අවශය නම් ගඟ අයිනට වෙන්න ගිනිමැලයක් ගහගන්න කියලා කිව්වා වගේම අනිත් අයට කරදරයක් නොවෙන්න ශබ්දය අඩු කර හැසිරෙන්න කියලා ඔව්න් යන්න ගියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද විස්කි වල බලය? මෙයාලට කියන්නේ රට කන ඇත්තෝ කියලා. (නි)
විදේශ වලට යන ශ්‍රී ලාංකිකයන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. (නි)
අනේ ඔන්න ඔය වගේ කියන්නකො බලන්න. මෙහෙ පොලිසියට කට්ටියගේ වෙරි ඉබේම හිදෙන්නේ නැද්දේ බලන්න. මෝඩ කම ප්‍රදර්ශනය නොකර දෙන දේ කාල වෙන දේ බලාගෙන තමන්ගේ ගම රට ආවනම් තමා හොද.(නදී)
කුමා ඔබ හරි. මෙහෙත් එහෙම තමා.(නදී)
90% ම ඉන්නේ මේ වගේ කට්ටිය. ඉරාජ් කිව්වා වගේ නිසි අධ්‍යාපනය නැති කට්ටිය තමා ඉන්නේ වැඩිපුර. අපේ රටේ නම කනවා. එන්නේ බෝට්ටුවේ නැගලා. ඇවිල්ලා මෙහෙ ඉන්නේ බලෙන්. ආවේ කොහොමද මතක නැහැ මෙහෙ පොළවට පයගපු ගමන්. (නි)
නීල්රනා, ඉතින් හිතල බලන්නකෝ. ලංකාවේ අය සමග බලනකොට ඉතාලියේ පොලිසිය හොදයිනේ. අපේ අයට වඩා නීතිගරුකනේ. (නි)
අපේ රටේ වුණා නම් බලන්න තිබුනා... (නි)
අපේ රටේ උනානම් බලාන්න තිබුනා නිතිය ක්‍රියාත්මක වෙන හැටි. එහෙම උනානම් මේ අයට ෆන් වෙනුවට ගන් ෆන් තමයි ලැබෙන්නේ.(නදී)
අපේ පොලිසියට නම් හිනා ඇති ඉතාලි පොලිසියේ ඉන්නේ මොන මෝඩයෝද කියලා (නි)
මේ වගේ මිනිස්සු සමගද අපි ජීවත් වෙන්නේ? හරිම ලැජ්ජයි. ඒක තමා අද ලංකාවට වෙලා තිබෙන්නේ (නි)
මදුෂා, ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. අපේ කොල්ලෝ සතුටු වෙන්නේ අනුන්ට වදයක් වෙන්නයි. තමන්ගේ විනෝදය අනුන්ට කරදරයක් කරන එකද විනෝදය කියන්නේ. (නි)
ඔන්න ඕක තමයි ඔස්ට්‍රලියාවේ තියෙන වෙනස. මෙහෙ ඉන්න උගත් වැදගත් ලංකික මිනිස්සු මෙහෙ නීතියට ගරු කරනවා. ඔය වගේ විකාර නැහැ. දැන් එන බෝට්ටු කාරයෝ මොනවා කරයිද දන්නේ නැහැ. (දී)
පොලිසියට වැරදිලාද මන්දා. (නි)
චමී, ඉස්සර රජු, සෙන්පතියෝ පිටේ තියාගෙන යුද්දෙට ගිය අශ්වයින්ට සටන අවසානයේ ජය සමරන්න ඉස්තරම් මිදි අඹරලා මිදි යුෂ බොන්න දුන්නලු. උන් මිදි යුෂ පමණට සප්පායම් වෙලා සතුටින් නිදා ගත්තලු. ඒත් යුෂ අරගෙන ඉතිරිවුණු මිදි පොතු කාපු බර අදින බුරුවෝ එළිවෙනකම් ශබ්ද කරමින් දබර කලාලු, අශ්වයින්ගේ සහ රජුගේ නින්දට බාධා කරමින්. (නි)
ඔන්න නියම පොලිස් මහත්තුරු.... (ස)
ඉතාලිය බොරු ප්‍රජාතාන්ත්‍රික රටක් නොවෙයි.මෙහිදී අපිත් වගකීමෙන් කටයුතු කලයුතුයි.(ස)
වඳුරන්ට දෑලිපිහි ලෑබුන ව්ගේ තමයි විස්කි ටිකක් බිව්වහම ටික දෙනක් මෙහෙම උනාට බීපු ඔක්කොම මෙහෙම නෑ.... (දී)
ලංකාවේ අපිට තියන තැන නැති කරන්ඩ එපා ඉතාලි පොලිසිය ලංකාවේ අයට සලකනවා මම කාරෙකේ යනකොට වැරදි දෙයක් කරලා ඩබල් ඉරි කපලා මව නතර කලා පළමුව මගෙන් කොහෙද කියල ඇහැව්වා මම ලංකාවේ කියපුවම උඹලගේ රටේ මිනිස්සු හොද යමන් කිව සමහරක් නිසා එකත් නැති වෙනවා (අ)
ඉතාලි ගිය ගොඩක් දෙනෙක් හිටියට වඩා හොදට ඉන්නවා. එකට බීලා ගහ ගත්තේ නැහැ නේද,මරා ගත්තේ නැහැ නේද? අපේ රටේ අය බිව්වොත් කරන්නේ මේවා. ලොකුවට හිතාගෙන උන්නට අපේ රටේ ඉන්න අය ගැන ගොඩ දෙනෙක් මේවා දන්නේ නැහැ. ජාති ආලයෙන් අන්ධ වෙලා.. (නි)
පොලිසිය ගියේ මනුස්සයට තියන ගෞරවයට මිස බයට නෙවෙයි. විනෝදවීම අපිට තියන අයිතියක් ,ඔය දෙය මෙහෙට සුළුම දෙයක්. මම අවුරුදු 26 ඉතාලියේ.(නදී)
මේවගේ අය නිසා ලංකාවේ නමට කැළලක් ඇතිවෙනවා හොදින් රැකියාවක් කරගෙන ඉන්න කෙනෙකුටවත් ඉන්න නෑ මේවගේ මෝඩ රැලක් නිසා මෙරටේ නිහතාමනි කමෙන් අපේ අය නරක වැඩ කරනවා (අ)
බටහිර නිදහස බුක්ති විදින්න දන්නේ නැහ.වන කරගන්නවා ගිය පළාතම.ඉතාලියේ විතරක් නොවෙයි ඔය ලෙඩේ(අ)
ඔහොම අය නිසා දුක් මහන්සියෙන් කියක් හරි හොයාගන්න ආව මිනිස්සුන්ටත් ඉතාලිය ඉස්සරහා ලජ්ජා වෙන්නයි වෙන්නේ... මේ පොලිසිය හොඳ වැඩියි... (ස)
ලංකාවේ වගේ පිටරටවලදී අනිත් අයට බාධා වෙන විධියට හැසිරෙන්න බැහැ.ඝෝෂාකාරී විධියට හැසිරුනොත් අනිත් මිනිස්සු පොලීසියට දැනුම් දෙනවා.මට මතක් වෙනවා එක සිද්ධියක්.ලංකාවේ අය කරපු.සිසුන් පිරිසක් රෑ වෙන තුරු ශබ්ද නගමින් සින්දු කියලා. ඉස්සරහ අප්පර්ට්මෙන්ට් එකේ හිටපු චීන පව්ලක් පොලීසියට පැමිණිලි කරලා පොලීසියන් ඇවිත් අවවාද කරලා ලංකාවේ ළමයින්ට.මේ අය බලු අසූචි වගයක් චීන ගෙදර දොර ළඟ තියලා පහුවදා උදේ.එම චීන කාන්තාව මගේ මිතුරියක්.මට විස්තරේ කිව්වා.හොඳ වෙලාවට හිතන් ඉඳලා තියෙන්නේ ඉන්දියාවේ සිසුන් කියල.මමත් සද්ද නැතව හිටියා.ඔන්න ලංකාවේ අයගේ හැටි.
රටකින් රටකට ඇවිත් ඉන්න දන්නේ නැති අයට හොඳ ලංකාවේ පොලීසිය තමයි. (ස)
අපේ අය වැඩිපුරම හැදිච්ච කම වෙනුවට වැඩිපුරම ප්‍රදර්ශනය කරන්නේ මෝඩ කම නේ. (ස)
ඉතාලියේ ඉන්න ලංකාවේ ඉතාමත්ම සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා මේ වගේ මෝඩ විදිහට හැසිරෙන පිස්සෝ! ලංකාවේදීත් නිසි අධ්‍යානයක් නොලබා රැකියාවක් නැතිව වැලේ වැල් නැතිව ඉතාලි ඇවිල්ලා මුළු රටම නැති කරනවා! පහු ගිය දවස්වලත් ඔය වගේ සිද්ධීන් වාර්තා උනා! අ(ස)
මට තියෙන ප්‍රශ්නේ, වෙඩිතියපල්ලා කිව්වට පස්සේත් ඇයි වෙඩි නොතිබ්බේ කියන එක. බීල බොරු චණ්ඩිපාට් දාන ලංකාවේ මැටි මෝලුන්ගේ බොරු වෙරි අරින හැටි මෙහෙ අයනම් දන්නවා. පොලිසිය නිකමට හරි පිස්තෝලයක් ඇද්දනම් කට්ටියට දුවන්න ඉඩ මදිවෙනවා. (ස)
මොනවද ඉතින් කොල්ලෝ සෙටි වෙලා පොඩි ආතල් එකක් ගන්න ඇති (ස)
නියම පොලිසිය(අ)
ලෝකේ කොහේ ජීවත් උනත් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න දන්නේ නැති, එක පාරට අතට සල්ලි ආවහම කරන්නේ කියන්නේ මොනවද කියල දන්නේ නැති මෝඩයෝ එහෙම හැසිරුනහම ලැජ්ජාව අපේ රටට කියන එක ඒ මෝඩයන්ට තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැ මට හිතෙන විදියට.(නදී)
අපේ පොලිසයට හිනත් ඇති නේද ?(නදී)
ලංකාවට ලැජ්ජාවක් නොවේ, ලංකාව ලෝකෙට ලැජ්ජාවක් වෙලා,හැමදාම ඇහෙන්නේ මෙහෙම දේවල් නිසා ලෝකේ මිනිස්සු හිතන්නේ ලංකාව වැදගතුන්ගේ රටක් විදිහට නොවේ (නි)
අපේ මිනිස්සුන්ට බොන්න තිබෙනවා නම් ඇති. අපේ නම රටේ නම තියාගෙන ඉන්න බැරි මොවුන්ට කියන්න කියලා වෙන දෙයක් නැහැ. මේවා හොද පාඩම් දැන්වත් හැදෙන්න (නි)
අධ්‍යානයක් නැති උදවිය ගියතැන ඉවරයි (නි)
ලංකාවේ නම් ඔය වගේ දේවල් කරන්න පුළුවන් ප්‍රාදේශීය සබා කාරයන්ටයි, දේශපාලකයන්ගේ පුතාලටයි විතරයි. ලංකාවේ දේශපාලකයෙක්ගේ පුතෙක් ඔහොම දෙයක් ලංකාවේ කළා නම් පොලිසිය අවශ්‍ය බඩුත් ගෙනැල්ලා දෙයි සමහරවිට. (නි)
මේ විකාර වැඩ නිසා අපිටත් අනාගතයේදී එන්න වෙයි. මොන දේ කරන්නත් සීමාවක් තිබෙනවා. ඇත්තම කිවුවොත් මෙහෙ පොලිසීය හරිම කරුණාවන්තයි.ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න නරකයි. (නි)
මගේ ෆේස් බූක් එකේ තිබෙනවා ඉතාලියේ ජීවිතේ කියලා ලිපියක්. ඉතාලියේ පොලීසිවල ඉන්නෙ මහත්වරු. මෙහෙ ආවහම අපේ මහත් හොරු කරන කැත වැඩ දැක්කම මට නම් පිස්සු වගේ (නි)