පළාත් සභා මැතිවරණයේ වයඹ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වාහනවල හා දැන්වීම් පුවරුවල ඇලවු පෝස්ටර් කරුවලගස්වැව පොලීසිය මගින් ගැලවීම අරඹා ඇත.
පළාත් සභා මැතිවරණයේ වයඹ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වාහනවල හා දැන්වීම් පුවරුවල ඇලවු පෝස්ටර් කරුවලගස්වැව පොලීසිය මගින් ගැලවීම අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ වැඩට අපි හරි දක්ෂයි. (නදී)
මාර වැඩක්නේ?අලවනකම් බලා ඉඳලා ගලවනවා? (නි)
කොහොමත් මෙයාලට වැඩ නැහැ.දීලා තියන වැඩේ නම් හොදයි. (නි)
ඔය පෝස්ටර් අලවනකම් බලාගෙන ඉදලා ගලවනවට වඩා, අච්චු ගහන එක තහනම් කරන්න බැරිද? (නි)
රටක නීතිය ,සාමය ආරක්ෂා කරන්න ඉන්න ආයතනයක නිලදරුවන් , නගර සබාවේ වැඩ කටයුතු කරද්දී , ඒ වැඩේ කරන්නේ කවුද? (නි)
නුගතුන්ගෙන් පිරුන පොලිසියක් නේද අපිට ඉන්නේ කියල මේ වගේ වැඩ වලින් ලෝකෙටම ඔප්පුවෙනවා නේද ? බලු වලිගෙ උන පුරුකේ දැම්මත් නැහැ ඇදේ ඇරෙන්නේ නැහැ කියනවනේ.(නදී)
පොලිසිය ඉන්න ඕනේ පොස්ටර් ඇලෙව්වට පස්සේ ගලවන්නද? නැත්නම් අලවන කොටම අලවන අයව අල්ලලා නිතිය ක්‍රියාත්මක කරන්නද?(නදී)
අනේ පොලිස්පතිතුමනි මේ නිලධාරීන්ගේ ගරුත්වය රකින්න මේ වගේ වැඩ වලට මේ නිලධාරීන් යොදවන්න එපා. නීති විරෝදීනම් දඩ ගහන්න. දඩය ගෙවන තුරු වාහන රාජසන්තක කරන්න. තාප්ප වල පොස්ටේර් අලවනවානම් එය අයිති කරුට දඩ ගහන්න. පොලිසිය තව තවත් හෑල්ලු වෙන්නේ මේ වගේ වැඩ නිසා.(නදී)
හොදට බලන්න ඔය ගලවන්නේ මොන පාට කට්ටියගේ පොස්ටේර් ද කියලා ! වීරයෝ වගේ ගල වන්නේ කෝ... පාට කට්ටියගේ ඒවා නේද!(නදී)
මේ මනාප ඡන්ද ක්‍රමයේදී අපේක්ෂකයෙක් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රමාණය බැලුවම මේ මිනිස්සු බලය ලැබුනම නිකම්ම හොරු බවට පත් වෙනවා.නැතුව කොහොමද මේ වියදම් කළ මුදල් ප්‍රමාණය හොයන්නේ? ඊළග මැතිවරණයට වියදම් කරන්නේ? අපිට කල්පනා වෙන ක්‍රම ඔය ලොක්කන්ට කල්පනා වෙන්නේ නැද්ද? නැත්නම් අපිට හිතෙන ක්‍රමයේ වැරද්දක්ද මන්දා (නි)
පරිස්සමින්, බලාගෙන ........ (ස)
නැති වරදට දඩ ගහන පොලිසියට , මේක වරදක් නොවේද? මෙවෙනි විහිළු වැඩ කරන්නේ ?(නදී)
අනේ ජොලි වැඩක්නේ....... (ස)
මේක එළුවන්ගේ වැඩක්නේ. පව් අප්පා රාළහාමිලා! (නි)
මේ මොන පිස්සු වැඩක්ද? මේක නීති විරෝධී නම් දඩ ගහන්න ඕනෑ නේද ආයෙත් නොකරන්න. (නි)
ලෝකයක් බලාගෙන ඉන්නවා. දැන්වත් මේ විහිළු නැවැත්තුවා නම් නේද හොඳ. ආශ්චර්ය කරා මෙහෙම යන්න පුලුවන්ඳ? (නි)
එතකොට අර ඇදුම් වල ප්‍රින්ට් කරලා තියෙන පින්තුර මකන්නේ කොහොමද (දී)
පොලිසියට වෙන වැඩ නැද්ද
පොලිස් සේවාව තවත් හෑල්ලුවට ලක් වෙනවා (දී)
පොලීසියට තවත් වැඩක් කියන්නේ හරියට පොලිසිය වැඩ කරනවා වගේනේ. පොලිසිය කරන්නේ දෙසපාලුවන්ගේ වැඩ කරන එක විතරයි (දී)