ගල්ගමුව මීගලෑව ව්‍යාපාරික මහින්ද කුමාර ඒකනායක මහතාගේ පුත් දිනිදු යශේන් ලන්කානාත් කුමාර (41/2 ) පැහැරගත් බව කියන තරුණයින් සිව් දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තුරු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.
සැකකරුවන් කුරුණෑගල බන්ධනාගාරයට රැගෙන ගිය බවත් පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් ඔවුහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රැඳවුම් නියෝගයක් මත රඳවා තබාගෙන රහස් පොලීසිය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගල්ගමුව උසාවියය ඉදිරිපත් කරනු ලැබුහ.
දරුවා පැහැර ගැනීමට යොදා ගත් යතුරුපැදි දෙකද රඳවා තුබු තැන්ද සොයා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරුවන් සිව් දෙනා රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇතැයිද එය ලක්ෂ තිස්පහ දක්වා අඩු කැර ගැනීමට සමත්වී යැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
මෙම දරුවා පැහැර ගැනීමෙන් තමන් කම්පාවට පත්වන බවත්, අඩු වයසේ තරුණයින් සිව් දෙනකු ඊට හවුල් වීම තමාගේ කම්පාවට තවත් හේතුවක් බවත් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
රහස් පොලීසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ,සහකාර පොලිස් අධිකාරී සමන්ත වීරසේකර සමුහ මංකොල්ල කෑම් විමර්ශන ඒකකයේ ප්‍රධාන පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා ,උප පරීක්ෂක පී එච් සී උපාලි, එච් පී බී අමරවංශ යන රහස් පරීක්ෂකවරු ද ගල්ගමුව,මීගලෑව,ගිරිබාව,අඹන්පොළ,පොල්පිතිගම පොලීසිද පොලීසිවල නිලධාරීහුද ගම්වාසීන්ගේ ද සහාය ඇතිව දින හතරක් පුරා මේ දරුවා නිරුපද්‍රිතව බේරා ගැනීමට වෙහෙසුණහ.
පොලීසියට ලොකුම මල් මිටක් හිමිවන බව ගැමියෝ කියති.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ජගත් අබේසිරිවර්ධන, නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන්,නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ, මහව සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක, ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද , අපරාධ අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා , මීගලෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂ සී පී ගුණසේකර මහත්වරුද මෙම මෙහෙයුම් වලට සහාය වු අය අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමදාම අපේ පොලිසිය කියා කියන්න අපිට ලැබේවා (දී)
ශ්‍රීලංකා පොලිසියට මගේ ප්‍රණාමය. (නදී)
මුලින්ම ශ්‍රීලංකා පොලිසියට මගේ ප්‍රණාමය. මම සයිප්‍රස් හිටියට හැමදාම නිවුස් බලන්නේ මේ අහිංසක දරුවා ගැන තොරතුරක් දැනගන්න. දරුවා සොයගත්ත බව දැනගත්ත වෙලාවේ ඇති උන සතුට කියා නිමකරන්න බැහැ පොලිසියේ දෙවිවරු පුතාගේ ජීවිතය බේරුවා. ඔය පාහරයන්ට දෙන්න තියෙන ලොකුම දඬුවම ලබාදෙන්න. (නදී)
දිල්ශාන්, පොලිසිය හැමදාම එසේ නොවේ. සමහර අවංක නිලදාරීන් වාගේම අශික්කිත වැඩ කරන පොලිස් නිලධාරිනුත් සැමදා දකිනවා. බලන්න අද ලංකාදීපය ,දිනපතා පොලිසියේ නිලදාරීන් කරන හොඳ වාගේම නරක වැඩ කරනා අයත් ඉන්නවා. එ්ක තමා මනුස්සයන්ගේ හැටි (නදී)
හිටපුපොලිස් නිලධාරියෙක් විදියට මම ගොඩක් සතුටු වෙනවා මේ ගැන . අපේ පොලීසිය හැමදාම මෙහෙම තමයි. දේශපාලනය නැත්නම්. (අ)
හිතේ තිබුන එක දුකක් ඉවර වුනා...බොහොම ස්තුතියි.(අ).
සැමදාම අපේ පොලිසිය කියා කියන්න අපිට ලැබේවා (නදී)
අපේ පොලිසිය ඉතාම දක්ෂයි. මේ සිද්දියේදී එය ඔප්පු කළා. දරුවාගේ ජීවිතයත් බේරුනා. සමහර නිලධාරීන්ගේ වැරදි වලට මුළු දෙපාර්තමේන්තුවටම දොස්කීම වැරදියි. (දේශපාලකයන්ගේ බලපෑම නිසාත් හරියට රාජකාරි කරන නිලධාරීන්ට හදිසි මාරුවීම් ලැබෙනවා.) (නදී)
තරුණයින් මෙවන් සිද්ධ්යකට සම්බන්ධවීම ගැන අපිත් කම්පා වෙමු. ජිවිත හානියක් නොමැතිව කිරි කැටියත් බේරා ගෙන මවට, පියාට බාර දුන් පොලිස් නිලධාරීන්ට අපෙත් උපහාරය. (නදී)
විරෝදාර පොලිස් නිලදාරින්ට මල් මිටක් මෙන්ම, දැන් ඉතින් කළු කෝට් උන්දලා බලාගෙන ඉන්නේ මේ අපරාධ කාරයින් නඩුවෙන් මොන බොරුවක් කියල හරි බේරාගෙන මඩිය තර කරගන්න. මේ වගේ අමනුස්සයන් වෙනුවෙන් තප්පුලන අයටත් මේ ආත්මයේදීම නරකාදියේ දොර ඇරේවා.(නදී)
මගේ නම් අදහස මේ අයවත් අයුධ පේන්වන්න කැලේට ගෙනියන්න ඕන. එතකොට තව කෙනෙක් මේ වගේ දෙයක් කරන්න හිතන්නේවත් නෑ. (ස)
උපාලිට උදේම ලුණු වතුර පෙවිලා වගේ. හොඳ හෝ නරක දකින විදියට අදහස් දමනට ලංකාදිපය ඉඩ දීල තියෙන්නේ ඒවා කුණුහරුප නොවන නිසාත් , සාදාරන මතයන් නිසාත් , සියල්ලට කලින් ලංකාදිපයට මල් මිටක් මගෙන් (නදී)
දේසපාලුවන්ගේ ඇඟිලි ගැසීම් නැත්නම් පොලිසියට වැඩ කල හැකි බවට මෙන්න තව උදාහරණයක්. (ස)
සල්ලි තිබුනත් නෑ වගේ හිටියනම් කිසි ප්‍රශ්නයක් නැනේ (දී)
මේ තක්කඩියන් මහජනතාවටත් දැක බලා ගන්න පින්තුර පල කරන ලෙස මම පොලිසියේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මනමාලියෝ බලන්න ගිහිල්ල අප්‍රසිද්ධියේ තව ගෙවල් කීයක් සුද්ධ කරලාද කියල එතකොට දැන ගන්න පුළුවන් වේවි. (දී)
උපාලි , හොඳ දේට හොඳ කියන්නත් නරක කියන්නත් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි පසුබට වෙන්නේ නැහැ. වරද තියෙන්නේ දේශපාලකයන්ට එක විදියකටයි සාමාන්‍ය ජනතාවට තව විදියකටයි සලකන එකටනේ. මොනවා උනත් මේ කිරි කැටිය බේරගන්න මහන්සි උන හැමෝටම අපි පින් දෙනවා දරුවෝ ඉන්න තාත්ත කෙනෙක් හැටියට (නදී)
මොවුන් පැමිණියේ දරුවාගේ පියා පැහැරගැනීමට කියා කියවෙනවා, හදිසියේම එය වෙනස් කලාලු. දරුවාගේ පියාව කාටත් නොපෙනන සේමෝටර් බයිසිකලයකින් පැහැරගෙන යා හැකිද? මෙ සදහා වෙනත් වාහනයක් සුදානම්ව තිබ්බාද? එසේ නම් ඔවුන්වත් අත්අඩංගුවට ගත යුතුයි නේද? මේ ගැන සිතිය යුතුයි නේද? (දී)
පොලිසියට ජාතියේ ප්‍රණාමය පුදකළ යුතුයි. මේ නඩුව නං ඉක්මනට තීන්දුවක් දෙන්න කටයුතු කරන මෙන් අධිකරනයෙන්ද ඉල්ලා සිටිමු. (දී)
අපෙනුත් මල් මිටක් (දී)
මේ මල් මිට පොලීසියට හිමියි. එහෙත් එය තියන්න වෙන්නේ ගල් කන්දක් උඩ මොකද කාලයක් තිස්සේ ගහපු ගල් වලින් පොලීසිය වැහිලා ගිහිල්ලා. (දී)
සැමදාම බොහෝ විට පොලිසියට දොස් නගන මහජනතාව , මෙතැනදී සදාරනව පොලිසියට ස්තුති කිරීමත් ප්‍රසංසා කිරීමත් අගයනවා . දරුවා යහතින් ගෙන එන්නට කල පොලිසියේ සේවය ඉමහත්ය (දී)
පොලීසියට ප්‍රණාමය වගේම නීතියෙන් දඬුවන් නියම කරන දේ ක්‍රියාත්මක කරන මෙන් රජයට බල කරමු. එල්ලුම් ගහට නියම උන අයට නීතිය සද්ද නැත්තේ මොකද පැනය තාම ඇත. (දී)
ලෝක වාසි සියල්ලන්ගේම උපහාරය පොලිසියට (දී)
පින්තුර පල කලොත් එක විත්තියට වාසියි, එයාලගේ ලොයෙර්ස්ලා කියාවි මේ කට්ටිය පත්තරෙන් දැකල අඳුනගත්ත කියලා. එක නිසා තමයි ෆොටෝස් දාන්නේ නැත්තේ (දී)
අපේ ශ්‍රීලංකා පොලිසියට දෙස් විදෙස් සෑම තැනම සිටින ලාංකිකයන්ගේ ප්‍රණාමය. වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන තුරු අප බලා සිටිමු. (නදී)
දරුවා රැකගෙන බේරාගෙන අාපු සියලු දෙනාටම ස්තුතියි. අපි ජෝර්දාන් වල ඉන්නේ එහෙ ඉන්න ගමන් දුක් උනා. තවත් සමන් කුමාර වගේ කතාවක් නැතිවෙන්න වැඩ කරපු පොලිසියට ගොඩක් පින්. (නදී)
ඔන්න වෙන වෙලාවලදී පොඩි වැරැද්දක් දැක්කම මුළු ශ්‍රී ලංකා පොලිසියමයි, රටයි, ජාතියයි පතුරු ගහන කොමෙන්ට්ස් දාන අපේ වැරදී නැති සුද්දන්ට ඔන්න දැන් තියනවා චාන්ස් එකක් කොමෙන්ට් එකක් දාන්න ශ්‍රී ලංකා පොලිසියට ගෞරවය දීලා. (නදී)
අපරාධ අනාවරණය මෙරට පොලීසියට පහසුෙවන් කළ හැකියි. පෙලිසියේ දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒත් අපරාධයකට දේශපාලනඥයෙක් ගෑවිලා නමි පොලිසියට සිදු වෙනවා දන්නේ නැහැ, දැක්කේ නැහැ, අැහුනේ නෑ, පැමිණිල්ලක් නෑ, තවම පරීක්ෂණ කරනවා, තව වාර්තා ලැබන්න තියනවා, සැකකරුවන් නිවෙස්වලින් පළා ගිහින් අාදිය කියමින් කල් මරන්න.(නදී)