වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් රජයේ රක්ෂිතයන්හි ගස් කපා දැව ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් අනාවරණය කැර ගැනීමට හැකි වු බව ලග්ගල පොලීසිය කියයි.
අද (09) අලුයම වැලි ටිපර්ථයක් සෝදිසි කිරිමේදි වැලි අස්සේ සඟවා තිබු තේක්ක කොට එකසිය දහසයක් සමඟින් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැලි කීය ගානෙද දෙන්නේ? (නි)
අත්අඩංගුවට අරන් විතරක් ප්‍රමාණවත් නෑ.නීති විරෝධි වැඩ කරන සියලුම වාහන රාජ සන්තක කරන්න ඕනා.රියදුරු බලපත් ජීවිත කාලයටම තහනම් කලයුතුයි. (ස)
හොද පොලිස් මහත්තුරු ටිකක් අපේ ඉඩමක හොරෙන් ගස් කපල පොලොසියට අල්ලලා දුන්නම පොලිසියේ කට්ටිය ලී ටික පොලිසියේ බාල කැම ගන්න ගියා අල්ලපු ලොරියේම ලී මුදලාලිගේ ගෙදර. අන්තිමට සිද්දිය ගොඩින් බේරන්න අපිටත් එන්න කිව්වා ලී මුදලාලිගේ ගෙදරට.(නදී)
තුන්වෙනි නුරි වත්තත් හමුවෙලා නේද? මේකේ හැම තැනම තියෙන්නේ ප්‍රාදේශීය සභා නොවේ ප්‍රාදේශිය පාතාල සභා. වගෙය්ි. ඉතින් අලුත් පොලිස්පතිතුමා ගැන තමයි අපට තියන එකම බලාපොරොත්තුව. නැත්නම් අපට ලංකාවට යන්න හිතෙන්නේ නැහැ.කොටින්ම යන්න බයයි. (නි)
හොඳ සොයාගැනීමක් වැලි ලෝඩ් එක 12000යි ඒ වගේද කොටන් ලෝඩ් එක රියැදුරාව නෙමෙයි ඕක කරන මහා අයව අල්ලන්න රියැදුරු බලපත්‍රය ජිවිතකලේටම අවලංගු කරන්න (අ)
හොඳ සොයාගැනීමක් (නි)
ලග්ගල? මෙහෙ නේද අර අම්මයි පුතයි දෙන්නම වැලි ටිපර් එකක හැපිලා මැරුනේ? අනිවාර්යෙන්ම මේක දේව සාපයක් තමයි !! (නි)
රාත්‍රී වැලි ප්‍රවාහනය ,ඉබ්බා දියේ දැම්ම වගේ. මේකට සම්බන්ධ ලොක්කෝ අල්ලන්න. ලොරිය රාජසන්තක කළ යුතු වැඩක්. (නි)
අපේ කෝටිපතියන්ට කුඩු ගෙනියන්නත් මේවගේ අලුත් ක්‍රමයක් හොයාගන්නයි තියෙන්නේ.(නදී)
පොලිසියට වැරදිලාවද්ද? (නි)
මං හිතන්නේ දැනටමත් නීති තියෙනවා මේ ලොරි රාජ සන්තක කරන්න. ඒක ඉතින් කරුණු සලකා බලල අධිකරණය විසින් තීරණය කලයුතු දෙයක්. පැමිණිල්ල මෙහෙයවූ වන නිලධාරියා කරුණු ඇතුව තදින් ඉල්ලා හිටි එවැනි අවස්තාවක තට්ටු ලොරිය රාජ සන්තක කළා අනුරාධපුර මහේස්ත්‍රාත් තුමෙක් ඉස්සර. (නදී)
අනවසර දැව ජාවාරම් කරුවන් ලොරිවල තට්ටුවට උඩින් තවත් තට්ටුවක් ගසා එය තුල තේක්ක ලෑලි තොග අසුරාගෙන එය මත ලුණු ගෝනි පටවා ප්‍රවාහනය කල අවස්තාවකදී පුත්තලමේදී අත්අඩංගුවට ගන්න මටත් මගේ කණ්ඩායමටත් හැකි උනා. තවත් ලොරියක රියදුරු අසුන පිටුපස කොටසේ කාමරයක් සේ වෙන්කොට වහලයේ තහඩුව ගලවා තේක්ක දැව දමා අමතර ටයරය වහලයට තබා ගැටගසා ප්‍රවාහනය කරමින් තිබියදී අල්ල ගන්නටත් හැකි උනා. දැව ජාවාරම් කරුවන් නොයෙකුත් උපක්‍රම යොදනවා. අදාළ නිලධාරිනුත් මේ ගැන දැඩි අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. (නදී)
හතර වෙනි නුරි වත්ත අද 10 ද. ගාල්ල පැත්තෙන් වාර්තා වෙනවා. එකත් රජයට සම්බන්ද ප්‍රදේශීය දෙශපලකයෙක් හා ගෝල බාලයින් ගේ වැඩක්. ජයවේවා! අපි මෙහෙම ඉඳන් රට විරුවන්ගේ භූමිකාව රඟදක්වමු. ආපහු ලංකාවට යන්න ඕන නැහැ, මොකද කරන්නේ කියලා හිතා ගන්න බැහැ (අ)