පසුගිය හත්වැනිදා බණ්ඩාරගම පොලීසියෙන් පැන ගිය බව කියන කාන්තාව මීගමුවේ සිට බසයේ තණමල්විලට එද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එක් දරු මවක වන ඇය රන් භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ සිටියදී පැන යාමට ඉඩ දුන්නැයි පොලිස් පරීක්ෂකවරයකු,සැරයන්වරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කෙරිණි.
එම තිදෙනාම ඇය අත්අඩංගුවට ගැනීමය ගිය බව වාර්තා වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක්නේ. වැඩ තහනම් කරපු අය කොහොමද රාජකාරියකට ගියේ ? හරි හෝ වැරදි හෝ එය අර කාන්තාවට කරපු අසාධාරණයක්. (නදී)
ඇන්ඩෘ පෙරකදෝරු රස්සාවට නියමයි. හොරෙන් පැනල ගිය කෙනාව අල්ලපු එක වැරදියි. හරි මොකක්ද ? තව ඔයා වගේ දෙන්නෙක් හිටිය නම් රටටම ඇති. මට පේන හැටියට ඒ කාන්තාව එක්ක මොකක් හරි සම්බන්ධයක් තියනවා වගේ නැත්නම් හෙරකට අනුකම්පා කරයිද. (නදී)
එහෙනම් සිවිල් මිනිස්සු හොරු අල්ලන්නේ පොලිස් බලතල තිබිලද? පුදුමේ ඔය වගේ දෙයක් ඔයාගේ මොලේට අපු එක. (නදී)
අනේ මේ ඇන්ඩෘ මෝඩ කතා කියන්න එපා. කාන්තාවට හොර වැඩ කරලා පැනල ගිහින් ඉන්න පුළුවන් හැබැයි අල්ල ගත්තා නම් වැරදියි ද ? (නදී)
මෙයින් වැටහී යන්නේ ඒ කාන්තාවගේ හොර ගැන මේ තිදෙනා තරම් වෙන කවුරුත් නොදන්නා බව නොවේද? ඒ නිසා ඒ කටයුත්තට සුදුසුම තිදෙනා ඊට යොදවා ඇත. (නි)
ඇන්ඩෘ ඔයාගේ ගෙදරට හොරු පැන්නොත් ඔයා පොලිසිය එනකන් හොරු අල්ලන්න බලතල නැහැ කියල උඩ බලාගෙන ඉන්නවද? ඔයාලගේ අසල්වැසියෝ ඔයාලගේ ගෙදරට හොරු ඇවිත් ඉන්නකොට එයාලට බලතල නැහැ කියල හොරු අල්ලන්න උදව්වට එන්නේ නැත්ද? ඔයාල වගේ අය නිසා තමයි මේ රටේ අපරාධ වැඩිවෙන්නේ. අද බලන්න සමහරු මොන අපරාධයක් උනත් නොදැක්ක වගේ අහක බලගන ඉන්නවා. කිසිම උදව්වක් කරන්නේ නැහැ. (නදී)
තණමල්විල ගියේ මොකටද දන්නේ නෑැහැ නේද? (නි)
ඕවා වෙන්න කලින් නේද හිතන්න තිබුණේ? යන්න දීලා පස්සෙන් පන්නනවා වගේ වැඩක්නේ මේක. (නි)
මම කොතනකවත් කියා තිබෙනවද ඒ පැනගිය කෙනාව නැවත අල්ලගන්න එක වැරදියි කියලා. අල්ලලා, පැනලා ගිය එකටත් දඩුවම් දෙන්න ඕනෑ. වැරැද්ද වැඩ තහනම් කළ අය නැවතත් රාජකාරිය කරන එක. එහෙම පුලුවන් නම් වැඩ තහනම් කරන එකේ තේරුමක් තියනවද? සමන් නම් නීතිය ගැන අබමල් රේණුවක්වත් දන්නේ නැති හැඩයි. හැබැයි අද රටේ වෙලා තියෙන්නේ හැම කෙනාම නීතිය ක්‍රියාත්මක කිරීම අතට ගැනීමයි. (නි)