IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘පුවත්පත් මණ්ඩලය වහා අහෝසි කරනු‘

පුවත්පත් මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීම ගැන ජාත්‍යන්තර පුවත්පත් සම්මේලනය හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අයිතිවාසිකම් ආයතන ද දැඩි විරෝධය පළ කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජූලි දෙවැනි දා පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් පත් කර එය යළි පණ ගැන්වීය.

1973 දී පිහිටවූ මෙම මණ්ඩලයෙන් මාධ්‍යවේදීන් සිර ගෙට යැවීම ඇතුළු දැඬුවම් කිරීමේ පුළුල් බලතල රැසක් හිමිවෙතියි එම ආයතන කියයි.

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ද ජනපතිගේ ක්‍රියාව තරයේ හෙළා දකියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත් මණ්ඩලය යලි පණ ගන්වා ඇත්තේ නීති විරෝධී ලෙස යැයි ද, ඊට සාමාජිකයන් පත් කිරීමේ දී මාධ්‍යවේදීන්ගෙන් උපදෙස් ලබා ගැනීමේ මූලික ආචාරශීලී බව වත් පෙන්වා නැතැයි ද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කියයි.

දරදඬු නීති ඇතුළත් පුවත්පත් මණ්ඩලය ප්‍රජාතන්ද්‍රවාදී පාලනයක් යටතේ මාධ්‍ය අයිතිවාසිකම් උල්ලංඝණය කරන බවත්, ජයපතිවරණයේ දී දුන් පොරොන්දු වලට පිටුපා මාධ්‍ය නිදහසට එරෙහිව කළ මේ ක්‍රියාව වහාම අහෝසි කර පුවත්පත් මණ්ඩලය ද අහෝසි කරන ලෙස අන්තර් ජාතික පුවත්පත් සම්මේලනය (අයි.එෆ්.ජේ) ඉල්ලයි.

ජාතික රාජ්‍ය සබාවේ 1973 අංත 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් ස්ථාපති පුවත්පත් මණ්ඩලයට දිසා අධිකරණයකට ඇති බලතල හිමිය. දිසා අධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචනා මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි වුවත් පුවත්පත් මණ්ඩලයේ තීන්දු තීරණවලට එරෙහිව කිසිදු අධිකරණයකට යා නොහැකිය.

පනතේ දෙවැනි වගන්තියේ දෙවැනි උප වගන්තිය අනුව පුවත්පත් මණ්ඩලයට එරෙහිව නඩු පැවරිය නොහැකිය.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂගෙන් සහ ජනපති විසන් පත් කරනු ලබන තවත් සාමාජිකයන් යන දෙනකුගෙන් පුවත්පත් මණ්ඩලය සමන්විතය.

පනතේ නව වැනි වගන්තියේ පළමු වැනි උප වගන්තිය අනුව පුවත්පත් මණ්ඩලය මගින් පැවැත්වූ පරීක්ෂණයකින් පසු නිවැරදි කිරීමක් පළ කරන ලෙස පුවත්පතකට අණ කිරීම, පුවත්පත් අයිතිකරුට, මුද්‍රණකරුට, ප්‍රකාශකට, කර්තෘට, පත්‍ර කලාවේදියාට හෝ සෙසු නිලධරයකුට දෝෂාරෝපනය කිරීම, පෙර සඳහන් කළ පිරිසට උචික පාර්ශ්වයකින් සමාව අයදින ලෙස අණ කිරීම කළ හැකිය.

පනතේ නව වැනි වගන්තියේ පස් වැනි උප වගන්තිය අනුව මණ්ඩලයේ යම් අණක් දෝෂාරෝපනයක් අවසානාත්මක හා තීරණාත්මක විය යුතු අතර කිසිම අධිකරණයක දී එය ප්‍රශ්න නොකළ යුතුය.

 

 

 



අදහස් (0)

‘පුවත්පත් මණ්ඩලය වහා අහෝසි කරනු‘

දිනිති Tuesday, 14 July 2015 12:23 PM

පුවත්පත් කතුවරුන් බිය වීම එක පැත්තකින් සාධාරනයි. නමුත් සමහර වාර්තාකරුවන් මාධ්‍යවේදීන් බොරු ලියන එක වැරදියි. හරියට හොයල බලල නිවැරදි දේ පල කිරීමට උත්සහ ගත යුතුයිත කතෘ සංසදයේ ආචාර්ය ධර්ම පිළිපදිනවා නම් ප්‍රශ්නයක් නෑ. සමහර මාධ්‍යවේදීන් සල්ලි වලට වහල් වෙලා ලියනවා. (නදී)

:       0       0

තිලකා නවරත්න Tuesday, 14 July 2015 09:37 AM

වහාම කළයුතු වැඩක්. (නදී)

:       0       0

රෝහණ Tuesday, 14 July 2015 10:23 AM

පුවත් පත් ආචාර දර්මවලට ගරු කරමින් සංයමයකින් නිවැරදි පුවත් පලකල යුතුය. දේශපාලන පක්ෂවලට, නායකයන්ට කඩේ නොයා යුතුය. අද පුවත්පත් ඒ කාර්ය ඉටුකරනවාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 612 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4071 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2524 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1314 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1431 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27662 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site