IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පීසී පොලිසියේ ඉල්ලීම ඉවත දමයි

දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් අද රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යෑමට එන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ලසන්ත බුද්ධික මහතා නිල ඇඳුමෙන් සිටි අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තවත් දෙදෙනකු නැනෝ කැබ්රියේ සිට ඇත.

දොඩම්ගොඩ ස්ථානාධිපතිගේ අරමුණ වී ඇත්තේ කොස්තාපල්ලවා එදින සිද්ධිය වූ තැනට වාහනය පදවාගෙන යෑම බව කියති.

සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු දෙදෙනකු ද සමග මහ රෑ යෑමට නොහැකි බව කියමින් පොලිසියේ ඉල්ලීම කොස්තාපල් සුමින්ද සමන් ප්‍රතික්ෂේප කළේය. තමාගේ ආරක්ෂාව ගැන ගැටළුවක් ඇතැයි ද ඔහු කීවේය.

ඉන් පසු ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගත් පොලිසිය නිවසින් පිටව ගියේය.

කොස්තාපල්ගේ ඥාතීන් කියනුයේ පොලිසිය කොස්තාපල් සුමින්ද අමාරුවේ දැමීමට හදන බවයි. පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.



අදහස් (0)

පීසී පොලිසියේ ඉල්ලීම ඉවත දමයි

චමින්ද Sunday, 06 July 2014 07:31 AM

බන්දුල පෙරේරා,කවදාද කඩේ යාම නවත්වන්නේ? (නි)

:       0       0

යූස්රි Friday, 04 July 2014 02:22 AM

මේ සිද්ධිය කොහොම ‍විස‍ඳෙයිද මන්දා (නි)

:       0       0

ප්‍රදීප් Friday, 04 July 2014 02:22 AM

ළඟදිම අලුත් ආරංචි බොහොමයක් අහන්න වෙයි වගේ (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 04 July 2014 02:29 AM

කොන්දක් තිබෙන පීසී කෙනෙක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 July 2014 12:51 PM

සමන්ති නොදන්නා ගොඩක් දේවල් තියෙනවා වගේ..ලජ්ජා නොවී ටිකක් අන්තර්ජාලයෙන් හොයල බලන්න ලෝකේ අපරාද නඩු විසදන්න අවශ්‍ය තොරතුරු සාධක හොයාගන්න ක්‍රම වේද මොන වගේද කොහොමද කියල.ඒ එක්ක ඔය ලෙඩේට බේතකුත් තියෙනවද කියල හොයල බලන්න අමතක නොකර.. (ස)

:       0       0

කමල් Friday, 04 July 2014 02:56 AM

මෙහෙම තීරණයක් ගත් එක හොඳයි (නි)

:       0       0

එදිරිසූරිය Friday, 04 July 2014 03:00 AM

පීසී නුවණක්කාරයෙක් වගෙයි (නි)

:       0       0

ප්‍රදීපා Friday, 04 July 2014 03:22 AM

පොලිසියේ කෙනෙකුට අසාධාරණයක් වුණ වෙලාවේ ඔහොම නම්, අනෙක් මිනිස්සුන්ට මේ රටේ සාධාරණයක් තියෙයිද?දඩ කොලයක් නිසා හැමදේම ඉවරයි. අනේ උඩ ඉන්න දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද මේවා? (නි)

:       0       0

අශේන් Friday, 04 July 2014 01:16 PM

සමන්ත ඔයාට හිතුනදේ මට වෙන විදිහකට හිතුනා. ඒ කියන්නේ මේක මිනිමරුමක් නම් පොලිසියට තව කෙනෙක්ව මරල පෙන්නන්ඩ ඕනිද? අනේ අපේ පොලිසිය ? (අ)

:       0       0

සජීව් Friday, 04 July 2014 05:09 AM

මේක හරියට ටෙලි නාට්‍යයක් වගෙයිනෙ (නි)

:       0       0

විජේබා Friday, 04 July 2014 01:24 PM

අවංක යුක්ති ගරුක නිලධාරීන් කිහිප දෙනෙක් හරි ලංකාවේ රාජ්‍යය ආයතනවල ඉන්නවා. දේශපාලන පත්වීම් නිසා තමයි එහෙම හොඳ මිනිසුන් දිනෙන් දින රාජ්‍ය සේවයෙන් වඳ වී යන්නේ. මෙම වැරැද්ද හරි ගස්සන්න කාටද පුළුවන්? (ස)

:       0       0

වීරසිංහ Friday, 04 July 2014 05:23 AM

මේ කොස්තාපල් ගැන යුක්තිය ඉටු කිරීමට යම් කිසි සංවිධානයක් ඉදිරිපත් වීම සුදුසුයි තියා සිතෙනවා. ඔහු ඉතා බියෙන් ජීවත් වෙනවා ඇති. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 04 July 2014 05:25 AM

බොහොම හොඳ තීරණයක් අරගෙන තියෙන්නෙ (නි)

:       0       0

හෂාන් Friday, 04 July 2014 05:30 AM

කොස්තාපල් දුරදිග හිතන කෙනෙක් වගෙයි (නි)

:       0       0

අනුර Friday, 04 July 2014 05:43 AM

වගකිවයුත්තනි, ඇයි ඔබ තවමත් නිහඬව ඉන්නේ? (නි)

:       0       0

මෛත්‍රී Friday, 04 July 2014 01:41 PM

මේ ගොල්ලෝ නිල රාජකාරි ඇදුනුත් නැතිව රෑ වෙනකල් බලා හිටියද රාජකාරි ඉටු කරන්න? අනේ මෙහෙමත් අාශ්චර්යක් (නදී)

:       0       0

යසිරු Friday, 04 July 2014 05:53 AM

යහපත් විදියට මේ ගැටලුව විස‍ඳේවා! (නි)

:       0       0

සත්‍යා Friday, 04 July 2014 06:15 AM

ඔන්න ඔහොමලු වැඩ වෙන්නේ මේ දවස් වල. (නි)

:       0       0

සිරිසේන Friday, 04 July 2014 06:19 AM

ඕක ගැන හොයන්න නැනෝ කැබ් එකෙන් රෑම යන්න ඕනෑද? අනික තව සිවිල් දෙදෙනෙකුත් එක්ක? පීසී ප්‍රවේශම් වෙන්න. මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්නේ මේක (නි)

:       0       0

සමන්ති Friday, 04 July 2014 06:23 AM

හිතමු දුම්රිය දෙකක් හැපුනා කියලා. එතකොට පරීක්ෂණයේදී නැවත එම විදියටම දුම්රිය දෙකක් ගමන් කරවා හැපෙන්නට හරිනවාද? මම මේ නොදන්නාකමටයි අහන්නේ (නි)

:       0       0

සෙනෙවි Friday, 04 July 2014 02:00 PM

පොලිසියෙ මිනිහට මෙහෙම නං සාමාන්‍ය මහ ජනයාට කොහොම සලකාවිද ?පොලිස්පති මේ පිළිබඳව ලැජ්ජා විය යුතුයි .(අ)

:       0       0

සලීත් Friday, 04 July 2014 06:33 AM

පීසී දුරදිග හිතලා වැඩකරන කෙනෙක් වගෙයි (නි)

:       0       0

වාසනා Friday, 04 July 2014 02:04 PM

රාත්‍රී මොන එහෙකට යන්න කතා කරනවද ආයුද පෙන්නන්න කියාවි වෙඩි තියාවි (අ)

:       0       0

සිරිමෙවන් Friday, 04 July 2014 06:43 AM

පීසීගේ ඉදිරි ගමන් මඟ සාර්ථක වේවා කියා පතනවා (නි)

:       0       0

රසික. Friday, 04 July 2014 02:13 PM

අපේ රටේ වෙන දේවල් අහනකොට දුප්පත් අපිට කවුරු පිහිට වෙයිද මන්දා. (නදී)

:       0       0

සම්පත් Friday, 04 July 2014 02:17 PM

ආයුද පෙන්නන්න යන්න වෙන්න ඕනේ (නදී)

:       0       0

එරංග Friday, 04 July 2014 06:52 AM

අනේ මන්දා මොනවද සිද්ධ වෙන්නේ කියලා (නි)

:       0       0

ලුම්බිණි Friday, 04 July 2014 07:04 AM

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යන එකේ තේරුම මොකද්ද? (නි)

:       0       0

රවිදු Friday, 04 July 2014 07:08 AM

මේක නම් පීසීගේ නරකම වෙලාවක් වගෙයි (නි)

:       0       0

ගමගේ Friday, 04 July 2014 07:09 AM

ජාත්‍යන්තර මානව හිමිකම් පාර්ශවයන් මේවා දෙස බලා සිටීද? (නි)

:       0       0

අබ්දීන් Friday, 04 July 2014 07:13 AM

පීසී මහත්තයෝ, තමන් හිසට තම අතමය සෙවණැල්ල (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 July 2014 07:17 AM

සමන්ති නොදන්නා ගොඩක් දේවල් තියෙනවා වගේ‍. ලැජ්ජා නොවී ටිකක් අන්තර්ජාලයෙන් හොයා බලන්න ලෝකේ අපරාධනඩු විසදන්න අවශ්‍ය තොරතුරු සාධක හොයාගන්න ක්‍රම මොන වගේද කොහොමද කියලා.ඒ එක්ක ඔය ලෙඩේට බේතකුත් තියෙනවද කියලා හොයා බලන්න අමතක නොකර (නි)

:       0       0

ප්‍රදීප් Friday, 04 July 2014 07:34 AM

මම හිතන්නෙත් පීසී හරි (නි)

:       0       0

සෝනු Friday, 04 July 2014 07:35 AM

පීසී මහත්තයෝ, තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වෙන්න (නි)

:       0       0

කුමාර Friday, 04 July 2014 07:35 AM

මොනවා වුණත් බුද්ධිය මෙහෙයවා ගත් තීරණය අගය කරනවා (නි)

:       0       0

ටිරෝන් Friday, 04 July 2014 07:38 AM

මම ඔය දුටුවාමයි මෙහෙම කොන්දක් තිබෙන පොලිස් නිලධාරියෙක් (නි)

:       0       0

මහේෂ්‍ Friday, 04 July 2014 07:49 AM

ඔය සිද්ධියේදී දඩ කොලය ලැබූ කෙනා සාමාන්‍ය පුද්ගලයෙක් වුණා නම්...? (නි)

:       0       0

රම්සී Friday, 04 July 2014 07:52 AM

හොඳ පීසී කෙනෙක් (නි)

:       0       0

විජේසිංහ Friday, 04 July 2014 07:55 AM

නීතිය මකුළු දැලක් යන කියමන සනාථ වෙයිද මන්දා. (නි)

:       0       0

රමණි Friday, 04 July 2014 08:04 AM

දැන් නම් බොහෝ දුරට බොහෝ දේවල් ගැන අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

රාජුන් Friday, 04 July 2014 08:05 AM

පරණ හින්දි චිත්‍රපටි වල ඔන්න ඔහොම දේවල් මම දැකලා තියෙනවා. (නි)

:       0       0

මහානාම Friday, 04 July 2014 08:05 AM

සමන්ති, ඔයා නොදන්නා නිසා කියන්නේ. දුම්රිය 2 ක් හැපුනාම ඒ වැඩේ කරන්න බැහැ. ප්ලේන් එකක් කඩා වැටුනාම ඒ වැඩේ කරන්න බැහැ. නමුත් පරිගණක මඟින් ඒ දේ කරනවා.මෙතනදී එය ප්‍රායෝගිකව කළ හැකි නිසා , එවන් උත්සාහයක් ගත්තා වෙන්න පුළුවන් (නි)

:       0       0

සෙන්සා Friday, 04 July 2014 08:11 AM

මෙිකත් ලෝකයක්ද? ජනතාව කරකවලා අත ඇරලා වගේ. මෙහෙමත් අබුද්දස්ස කාලයක් දැකලම නෑ. අමිම අප්පවත් ෂුවර් නෑ. (නදී)

:       0       0

සමන් Friday, 04 July 2014 08:14 AM

පොලිසියේම වැඩනේ. ඔයාට දෙයියන්ගේම පිහිටයි. ඔන්න ඔයගොලන්ගේ ආයුද හා සේවය ඔයගොලන්ටම බලාගන්න අවස්ථාව. (නදී)

:       0       0

චම්පික Friday, 04 July 2014 03:35 PM

බන්දුල පෙරේරා. ඔයා ලොකු බක පන්ඩිතයෙක් වෙන්න ඇති. ඒ උනාට ඔය කොරන්න හදන වැඩේ අපිට නම් ඔයාගෙ ගොන් මොලේට වඩා වැටහෙනවා. (නදී)

:       0       0

සෙලාන්සියුස් Friday, 04 July 2014 08:23 AM

ඉස්සෙල්ලා අධිවේගී මාර්ගයේ වේග සීමාවට වැඩියෙන් අර වාහනය ධාවනය කරවන්න. ඊට පස්සේ දඩ කොලයක් ලියවන්න. ඒ විදිහට මුල ඉඳලා මේක කරලා බලන්න (නදී)

:       0       0

වසන්ත Friday, 04 July 2014 08:37 AM

පීසීට ජය වේවා! (නි)

:       0       0

අනුර ශාන්ත Friday, 04 July 2014 08:45 AM

පොලිස්පතිතුමනි, මේ නිලධාරියා ගැන සොයා බලන්න (නි)

:       0       0

තරිඳු Friday, 04 July 2014 03:56 PM

ඒ අවංක නිලධාරියා පොලිසියෙන් අස් වුනාට පස්සේ ඇයි මහා රාත්‍රියේ එක්ක යන්න හදන්නේ. ඔහු ගත් තීරණය නිසා ඔහුගේ ජීවිතය බේරුනා. ඔහුට තියෙන්නේ සරණාගතයෙක් ලෙසට වෙන රටකට යන්න. මෙහෙ හිටියොත් ජීවිතේ විස්වාස නැහැ. අනේ රටක කාලකන්නි කම. මට හරි අනුකම්පාවක් දැනෙනවා ඔහු ගැන.(නදී)

:       0       0

අෂාන් Friday, 04 July 2014 08:58 AM

බොහොම නුවණක්කාර තීරණයක් (නි)

:       0       0

කමල් Friday, 04 July 2014 08:58 AM

ඒක හොඳයි. මොකද මඟදී මාර්ග අනතුරු වුණත් වෙන්න පුළුවන්. (නි)

:       0       0

සලීත් Friday, 04 July 2014 09:01 AM

පොලිසියටත් මෙහෙම වෙනවා නම් අපි ගැන මොන කතාද? (නි)

:       0       0

මහනාම Friday, 04 July 2014 04:13 PM

සමන්ති නොදන්නා නිසා කියන්නේ. මේ වගේ දේවල් සොයන්න නුතන තාක්ෂනය යොදා ගන්නවා. උදා කෝච්චි 2 ක් හැප්පුනාම හෝ ප්ලේන් කඩා වැටීමකදී ඒ බව සොයා බලන්න කොම්පියුටර් සිමුයුලේෂන් තාක්ෂනය යොදා ගන්නවා. ප්‍රයෝගිකව පරික්ෂා කරගත නොහැකි නම්. නමුත් මෙතැන ප්‍රායෝගික ගැටළුවක් නැති නිසා මෙහෙම උත්සහ කිරීම වැරදියි. නැති උනත් බාවිතා කරපු ක්‍රමවේදය නම් අනුමැත කළ නොහැක රටේ සිදුවෙන සිදුවීම් දිහා බලනවිට (නදී)

:       0       0

ලලින්ද්‍ර Friday, 04 July 2014 09:11 AM

පොලිස්පතිතුමනි, පෙනෙනවා නේද තත්වය. ඔබතුමාගේ පොලිසිය එහි සේවය කරන නිලදාරියෙක් වත් විශ්වාස කරන්නේ නැති ආයතනයක් වෙලා. රටේ මිනිස්සු ගැන කුමන කතාද. ඔබතුමාට නම් හුගක් ආඩම්බර ඇති. (නදී)

:       0       0

මේනක Friday, 04 July 2014 09:40 AM

මේකට සංවිධානාත්මක විය යුතුය. (නදී)

:       0       0

වසන්ත Friday, 04 July 2014 09:43 AM

පොලිසියේ මහත්වරුනි, ආත්ම ගෞරවයත්,පොලිසියේ ගෞරවයත් රැක ගතහොත් හොඳ නැත්ද? (නදී)

:       0       0

සමරනායක Thursday, 03 July 2014 10:15 PM

කොහේ එක්ක යන්නද මේ සූදානම? (නි)

:       0       0

සුකිරි Friday, 04 July 2014 10:51 AM

පී .සී දන්නවා පොලිසියේ අයියල ගැන .99න් පී .සී බේරුනා. රාජකාරිය අකුරට කරන කෙනෙක් වෙන්න ඇති ? (ස)

:       0       0

සුනිල් Thursday, 03 July 2014 10:36 PM

පීසී හරි. පවතින වාතාවරණය අනුව කිසිවෙක් ගැනවත් විශ්වාසයක් තියන්න බැහැ (නි)

:       0       0

කමල් Thursday, 03 July 2014 10:48 PM

එයා පොලීසියේ හැටි දන්නවාද? නැත්නම් එයාගේ හැටි පොලීසිය දන්නේ නැද්ද? කොහොම හරි අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් විය යුතුයි. මේක පසුපස මොකක් හරි රහසක් තියනවා වගෙයි (නි)

:       0       0

සම්පත් Thursday, 03 July 2014 10:49 PM

මෙතන මම හිතන්නේ මොකක්හරි ප්‍රශ්නයක් තිබෙනවා. (නි)

:       0       0

ඇසළ Thursday, 03 July 2014 10:49 PM

මොළය තියන හිටපු පොලිස් නිලධාරියෙක්. (නි)

:       0       0

සමන්ත Thursday, 03 July 2014 11:11 PM

ආසියාවේ ආශ්චර්යය පෙන්නන්නද? යන්න නම් එපා (නි)

:       0       0

පෙරේරා Thursday, 03 July 2014 11:35 PM

පොලිසියවත් විශ්වාස කරන්න බැරි තත්වයක් එයි වගේ නේද? (නි)

:       0       0

ගයාන් කරුණාරත්න Friday, 04 July 2014 12:02 PM

පී සී ගෙ වාහන රක්ෂණය නිසි අකාරයෙන් ගෙවල නෑහෑ නේද? මේක පී සී ගෙම උගුලක් වෙන්න බෑරිද? (නදී)

:       0       0

චන්දන Thursday, 03 July 2014 11:52 PM

පරිස්සමෙන්. අද පොලිසියත් විශ්වාස කරන්න අමාරුයි. (නි)

:       0       0

සීලා Friday, 04 July 2014 12:03 AM

එයා පොලිසිය ගැන හොඳින් දන්නවනේ. නොගිය එකම තමයි හරි. (නි)

:       0       0

විපුල Friday, 04 July 2014 12:21 PM

හොද තීරණයක්. අයි පි කෙනෙක් වෙන්න ඕන මනුස්සයෙක් තමයි පි සි විදියට ඉදල තියෙන්නේ (නදී)

:       0       0

ජිම් බ්‍රවුන් Friday, 04 July 2014 12:35 AM

මොකද්ද අපේ රටට ලැබෙන්න යන කලදසාව? (නි)

:       0       0

රුවන්ති Friday, 04 July 2014 12:35 AM

කවුරු හරිද කවුරු වැරදිද මන්දා. අද රටේ දුප්පත් මිනිසුන් හැම අතින්ම අසරණයි. (නි)

:       0       0

අරෝෂ් Friday, 04 July 2014 12:59 AM

අපේ පීසී මහත්තයා බොහොම නුවණක්කාර තීරණයක් අරගෙන තිබෙනවා (නි)

:       0       0

චානක. Friday, 04 July 2014 01:05 AM

මෙන්න මේ වගේ නිලධාරින් තමයි පොලිසියට සුදුසු (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 04 July 2014 07:29 PM

පි සි ගියේ නැත්තේ මොකද කියල අපිට නම් තේරෙනවා. වැඩේ වටරැක වෙන්න වැඩි දවසක් යන එකක් නැහැ. වට රැකට හොදම් නළුවා දීලා පි සි ට හොදම සහය නළුවට හිමි සම්මානය ගන්න පුළුවන් වේවි. ඇමෙරිකාවට පනින්න කලින් වැඩේ පත්තු නුනොත්. (නදී)

:       0       0

නාරද Friday, 04 July 2014 12:35 PM

අනේ මල්ලියේ කොහොම හරි යුරෝපයට එන්න ඔය පුවත් ටිකකුත් එකතු කරගෙන. ඉතුරු හරිය අපි බලාගන්නම්. හැබැයි තව දෙයක් කියන්න ඕනේ යුරෝපයේ ඉන්න සමහර නීති විරෝධී ලාංකිකයන් ලකාවේ ඔය වගේ පුවතක් එනකන් ඉන්නේ සරණාගත ඉල්ලන්න. එයාල කියන්නේ මට තමා මේක උනේ, එහෙම කියලා නම වෙනස් කර හොද වැඩ කර ගන්නවා. එක දිනක් ලංකාවේ උන එක්තරා සිදුවීමකට එම පුද්ගලයාම ගිහින් විස්තරේ කියල සරණාගතව ඉන්න ඉල්ලුවලු. ඊට පස්සේ එයාල කිව්වලු ඔය සිදියට සම්බන්ද උන කෙනා මාසයකට කලින් ඇවිත් අපිට ඔය විස්තරය කිව්වනේ කියලා. බලනකොට ඇත්ත මනුස්සයා පරක්කු වැඩියි (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 04 July 2014 01:06 AM

අද රටේ තත්ත්වය මේකද? එක් පාර්ශවයක් දිගින් දිගටම බැට කනවා. පොලිස් නිලධාරියෙකුගේ තත්ත්වය මෙසේ නම් සාමාන්‍ය අපේ තත්ත්වය ගැන මොන කතාද? (නි)

:       0       0

කමල් Friday, 04 July 2014 12:36 PM

අර තමන්ම ගහේ බැඳගත්තා කෙනා කලා වගේ රටෙන් පිටවෙන්න පුලුවන්නම් මේ නිලධාරියාගේ ජීවිතයට ආරක්ෂාවක් ලැබෙයි. ලොකු අවදානමක් ඉදිරියේ ඇති බව පෙනේ. (නදී)

:       0       0

බිහාර Friday, 04 July 2014 01:17 AM

අපේ පොලිසියට මේ මොකද වුණේ? (නි)

:       0       0

මාලි Friday, 04 July 2014 12:42 PM

පොලිසියේ නම් අම්ම තාත්ත හිටියත් විශ්වාශ කරන්න එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 0 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 284 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2080 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 229 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 943 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1019 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site