’‘මම පහේ ශිෂයත්ව විභාගය අසමත් වුන නිසා ජනප‍්‍රිය පාසැලකට යන්න බැරි වුනා. නමුත් මා ඉන් අධෛර්‍ය මත් නොවී මහන්සි වී පාඩම් කර අපොස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට අයුරින් සමත් වුනා. ඒ අයුරින් මා රත්නාවලී බාලිකා විදුහලට යාමට අවස්ථාව උදාකරගත් නිසා අද මෙවැනි ප‍්‍රථිඵලයක් ලබා ගැනීමට හැකි වුවා‘‘ යැයි 2013 අපොස උසස් පෙළ විභාගයෙන් වානිජ අංශයෙන් මුළු දිවයිනෙන් පස්වන ස්ථානයත් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් දෙවැනි ස්ථානයත් හිමි කරගත් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ රූපසිංහ ආරච්චිලාගේ ලසන්ති චන්ද්‍රමාලි සිසුවිය පැවසුවාය.
බාල සහෝදරයින් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ලසන්ති ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ ගමේ පාසැල වු රදාවන මහගමසේකර මහා විද්‍යාලයෙනි.
එහිදී ඇය අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට සාමාර්ථ හතක් ලබා උසස් ලෙස සමත් වීම නිසා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලට උසස් පෙළ හැදෑරීම සඳහා පැමිණීමට අවස්ථාව උදා වී ඇත.
ඇගේ පියා ආර්.ඒ චන්ද්‍රපාල බියගම නිදහස් වෙළඳ කලාපයේ රැකියාවක් කරන අතර මව රැකියාවක් නොකරයි.
ජයග‍්‍රහනය පිළිබඳව ඇය පවසන්නේ
’‘ මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වුනේ නැහැ. ලකුනු 121 යි ගන්න පුලූවන් වුනේ. මට රත්නාවලී බාලිකා වගේ ජනප‍්‍රිය පාසැලකට හෝ වෙනත් පාසැලකටවත් යන්න ලකුනු මදි වුනා.
මගේ ගම රදාවාන නිසා මම ගියේ ලගම තියෙන මහගම සේකර මහා විද්‍යාලයට. කොහොම හරි අපොස සාමාන්‍ය පෙළ සමත් වුනාට පස්සේ මම රත්නාවලියට අයදුම් පත‍්‍ර දැම්මා උසස් පෙළ කරන්න. ඒ විදියට තමයි මම රත්නාවලී බාලිකා විද්‍යාලයට ගියේ.
මම පළමු වාර විභාගෙදි පන්තියේ 19 වෙනියා. මුලින්ම මට උසස් පෙළ ගැන එතරම් අදහස් තිබුනේ නැහැ. ඇත්තෙන්ම පාසැලේ ගුරුවරුන් දිරිමත් කල නිසාම මම මහන්සි වෙලා පාඩම් කරලා ටිකෙන් ටික පන්තියේ පළවෙනියට කිට්ටු කරමින් සිටියා.
මම කොහොමත් බලාපොරොත්තු වුනේ නැහැ දිවයිනෙන් මේ වගේ ස්ථානයක් එයි කියලා. ඒත් මගේ පන්ති භාර ගුරුතුමිය ලක්ෂිකා සංජීවනී ගුරුතුමිය හැමදාම අපිව ඉලක්කයකට ගෙන ගියා. ඇය අවසාන දවසෙත් කිව්වේ දිවයිනෙන් ස්ථානයකට එන අයව ඇය ගනනේ විනෝද චාරිකාවක් එක්ක යනවා කියලා.
මම රූපවාහිනිය බැළුවා. විශේෂයෙන් මැරීගෙන පාඩම් කළේ නැහැ. ඇත්තෙන්ම මම අන්තිම මාස තුන උපරිමයෙන් පාඩම් කළා. එච්චරයි විශේෂත්වය. පාන්දරට නම් නැගිට්ටේ නැහැ. අවසන් මාස තුනේ ? දොළහ, එක දෙක වෙන කම් පාඩම් කළා.
මම හිතන්නේ ඒ මාස තුනේ තමයි මම මගේ උපරිමයට එන්න ඇත්තේ. ඒ වගේම මගේ පුංචි නංගිලා මල්ලිලාටත් දෙමව්පියන්ටත් පණිවඩයක් කියන්න තියෙනවා. අම්මේ තාත්තේ පහ වසර ශිෂ්‍යත්වයට පුංචි නංගිලා මල්ලිලව ඔය තරම් මහන්සි කරන්න එපා. එය අසමත් වුනා කියලා අධෛර්්‍යමත් වෙන්නත් එපා. ජනප‍්‍රිය පාසැලකට යන්න පුලූවන් අපොස සාමාන්‍ය පෙළ හොඳට සමත් වුනහම.
මගේ අනාගත බලාපොරොත්තුව ගනකාධිකාරී ක්ෂේත‍්‍රයෙන් පුලූවන් තරම් ඉහළට යාමයි.
අවසාන වශයෙන් මම මගේ පාසැලේ විසුහල්පතිනිය එච්.ඒ.එච් ජයවර්ධන මහත්මිය, අංශ භාර ගුරුතුමිය අනෝමාද සිල්වා, පන්ති භාර ලක්ෂිකා සංජීවනී ගුරු මෑනියන් ඇතුළු මට ඉගැන්වු සියළු ගුරු මෑණිවරුන්ව ආදරයෙන් මතක් කරනවා.
ඇගේ පන්ති බාර ගුරුතුමිය වන ලක්ෂිකා සංජීවනී මහත්මිය පැවසූවේ ලසන්ති චන්ද්‍රමාලි සිසුවිය පන්තියේ සිටි සියලූම දෙනා අතරින් විනෝදයෙන් සහ සැහැල්ලූවෙන් සිටි සිසුවියක් බවයි. හැම විටම සිනා සිසි සිටි අය ඇය ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළට පැමිණි බවත් කීවාය.
එමෙන්ම ඇය අඛන්ඩව අවසන් වාර විභාගය තෙක්ම පාසැල් පැමිණි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවේ , විශ්ව විද්‍යාල ජීවිතයේදී දේශපාලනය යන වචනය තහනම් වචනයක් කර ගෙන ඉදිරියට යන්න. නැතිනම් ඔබගේත් , ඔබේ දෙමුපියන්ගේත් උත්සාහය වතුරේ. ඔබට බුදු සරණ වේවා . (අ)
දුවේ ඔබ අබි ප්‍රාණයයි. ඔබට මගෙන් උදව්වක් අවශ්‍ය නම් ලංකාදීපයෙන් ඔයාගේ අනන්‍යතාවය කියල ඉල්ලා ගන්න. බුදු සරණයි දිරිය දියණියේ.(නදී)
සුභ පැතුම්.! 5 ශිෂ්‍යත්වය අවසානයක් නොව තවත් එක කඩුල්ලක් විතරක් කියලා ඔප්පු කරල පෙන්නපු එක අගය කරන්න ඕනා. විශ්ව විද්‍යාල දේශපාලනය ගැන සමහරු දාල තියෙන අදහස් දැක්කහම හිනා යන්නත් එනවා. ලංකාවේ විශ්ව විද්‍යාලයක පළමු උපාධිය කළ කෙනෙක් විදියට මට කියන්න තියෙන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් අනිවාර්යයෙන් දේශපාලනය ගැන දැන ගත යුතුයි කියලයි. විශ්ව විද්‍යාලයකින් බීහි විය යුත්තේ ලිං මැඩියන් නොවෙයි.(නදී)
දියණිය ඔබට ජය ඔබට දිගු ගමනක් ඇති බව සිතේ තබාගෙන කටයුතු කරන්න ඔබවන් දිරිය දියණියන් සැමට හොද ආදර්ශයක් (අ)
දුවේ, ඔයාගේ අම්මට තාත්තට සතුටු කදුළු වගුරුවන්න උපරිමයේ උපරිම සතුට ලබාදුන් දුවේ, ඔයාට තුණුරුවන් සරණයි!!! දෙවි රැක වරණයි!!! (අ)
මගේ සුභ පැතුම් දුවේ.(නදී)
සුභ පතනවා දුවේ නුඹට මමත්. වාසනාවන්ත අනාගතයකට.(නදී)
ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා.(නදී)
සුභ පැතුම්
ඉතාමත් ධෛර්යවන්ත ඔබට ලොකු අනාගතයක් තියනවා (අ)
ශිෂ්‍යත්ව කතාව වටිනවා ඔක්කොටොම වඩා. ලසන්තිට මගෙනුත් සුබ පැතුම්. (නදී)
සුබ පතනවා ඔබට. රටට යහපත් සේවයක් කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.(නදී)
දුවේ මගේ සුභ පැතුම් ඔයාට ජය ! (නදී)
වාසිටි දේශපාලනයට නොඇසූ කන් ඇතිව ඉන්න දුවේ. ඔබට සුබ අනාගතයක්! (අ)
සිනා කටක් මුව පුර රදවාගෙන සැහැල්ලුවෙන් ජයගත් මේ කඩයිම , මුළු දිවිය පුරාවටම සියලු කඩයිම් ජය ගන්නට හේතු වසන වේවා .(අ)
දියණියනි ඔබේ මාර්ගය නිවැරදියි. ඉදිරියටම යන්න. සුබපතනවා. (අ)
සුබ පැතුම් (අ)
ශිෂ්‍යත්ව විභාගෙට පොඩි දරුවෝ පීඩනයට ලක් කල දෙමවු පියන්ට තේරුනාද? (අ)
දුවේ ඔබට ජය . වාසනාවන්ත අනාගතයක් උද වේවි . ඔබට ජේසු පිහිටයි (අ)
සුභ පැතුම් දුවේ!!! (අ)
මම දුවට හදවතින් ම සුබ පතනවා. මේ ලෝකේ තියන ලොකුම සම්පත ඉගෙනීමයි .මම මිලානෝ සිට .(අ)
නුබ ගැන හරිම සතුටුයි දුවේ, ඉදිරියටම යන්න.., ඔබේ සියලු බලාපොරොත්තු සපල ''වේවා '' කියා ඉත සිතින් පතමි......!! (අ)
සූභ පතනවා...!! (අ)
''2013 වසරේ ආදර්ශවත්ම පාසල් දැරිය'''' .ඔබේ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා (අ).
නියමිනේ සහෝදරිය ඔහොම යමු...(අ).
ආදරණිය දියණිය ඔබට සුබපන්වා (අ)