පොසොන් පහන්කූඩු තරඟයකට ඉදිරිපත් වූ සිසුවකු (15) පහරකෑමට ලක්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දොඩංගොඩ නවෝද්‍යා පසෙල් ඩී බී ඉෂාර ජයලත් සිසුවා පවසනුයේ තමා ඉදිරිපත් කළ පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී රුපියල් පහළොස් දහසක තෑග්ගක් ද ලැබුණු බවයි.
පොලිසිය එම තරඟය සංවිධානය කළ බවත් වේදිකාවෙන් බසින විටම පාසලට සම්බන්ධ බව කියන කෙනකු තම තෑග්ග උදුරා ගත් බවයි. පසුදා තමා ඇනුම් බැණුම්වලටත්, පහර දීමටත් ලක්වූ බවයි.
දොඩම්ගොඩම් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි මෙල්ල කරපු ..රටට ..ගුණධර්ම හදන්න බෙරිවෙන එකක් නැහැ.. එත් මී විදුහල්පටිටත් කර්නල් පදවියක් දෙයිද කියල බලමු.(අ)
ගුරු සංගම් කියලා කරන්නේ බොරුවක්නේ. මම ජනාදිපති උනානම් ඔය ගුරු නෝනට හොද වැඩක් කරනවා.(නදී)
මෙයාට හොද දඩුවමක් දිය යුතුයි.(නදී)
කෝ මේ ළමා හා කාන්තා පොලිස් සේවාව දැන් මොකද කියන්නේ?(නදී)
අද පාසල් වල සිටින ගුරු මහත්මීන් හා මහත්මයන් ගොඩක් වැරදි දඩුවම් ලබාදෙනවා. මන්ද මුදලට ගිජු වීම නිසා. අද මේ ළමයට පහර දීම බලන්න කොච්චර අසදාරණද මන්ද මුදල් අදාල ගුරු මහත්මියට නොදුන් නිසා. තවත් පාසලක තරුණ වයසේ ළමයෙකුගේ පන්ති කාමරය තුල ගවුමේ වැටිය ගැලෙව්වා. මේවා අසදාරන වැඩ අධ්‍යාපන දෙපර්තමෙන්තුව මේවට නිසි පියවර ගන්න ඕනා. ගුරුවරියන් ගෙවල් වල ප්‍රශ්න ළමයින්ගෙන් ගන්නවා. මේවට හොද මානසිකත්වයක් තියෙන ගුරුවරු පාසල් වලට දාන්නා ඕනා. කුඩු කාරයන් හොරු මංකොල්ල කරුවන් මිනී මරුවන් බැදගත්ත ගුරුවරියන් අඩු මානසිකත්වයකින් ඇවිත් ළමුන්ට හිංසා කරන එක වැරදියි. තමන්ගේ තරුණ දුව පාසැල තුල අපහසු තාවයට ලක් කලාට ගුරු තුමියට දුන් දඩුවම එක පැත්තකින් සාදරණයි.(නදී)
මේ සිද්ධිය සම්බන්දයෙන් නිහඬව නොසිට ඒ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් ගොනු කර ගැටලුව සම්බන්ධයෙන් සමාජයේ ඇස් ඇරවීම සම්බන්ධයෙන් එම දෙමවුපියන්ට ස්තූතිය පුද කරමි. දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවීමට එම දෙමවුපියන් මෙන්ම අධ්‍යාපන බලධාරීන් ද වගකීමෙන් කටයුතු කරනු ඇතැයි බලාපොලොත්තු වෙමි. මේ දරුවාගේ පියා පාසලට ගොස් එම විදුහල්පතිනියගේ ක්‍රියාවට එරෙහිව කතා කළා නම් අර ගුරු සංගම් සියල්ලම එම විදුහල්පතිනියගේ පැත්තෙන් සිට දරුවටත් පියාටත් එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට දරුවාවත් පියාවත් දඬු කඳේ ගහන්න තීරණය කරාවි. එම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් කර දැමීමට පාසලේ සියලුම නිලධාරින් පෙළ ගැසේවි. මේක නේද හැමදාම ලංකාවේ බලය හා ශක්තියක් නැති මිනිස්සුන්ගේ දරුවන් අත්දකින සත්‍ය ? ඉගැන්වීමේ සහජ ආසාව ඇති අය පමණක් ගුරු වෘත්තීයට පත්කිරීමට නොහැකිනම් සෙස්සන් හට මානසික ප්‍රතිකාර හෝ ලබා දිය යුතුයි. ගුරු වෘත්තිය සඳහා වහාම ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම සුදුසු යැයි පාසල් යන දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස සිතමි. ලංකාවේ සිටින බලධාරීන්ට පවතින තත්වය තේරුම් ගැනීමට නොහැකි නම් වෙනත් දියුණු රටක අධ්‍යාපන දැනමුත්තන්ගෙන් උපදෙස් ලබාගත හැක. (නි)
බලන්න මොන තරම් නම් මේ ගුරුවරිය අඩු මානසිකත්වයකින් පෙලෙනවද කියලා.ගුරුවරු දරුවන්ව පීඩනයට පත් කරනවද කියල පාසලේදී?ගුරුවරු කැමති නැද්ද පාසලේ දරුවෙක් යම් විදියක ජයග්‍රහණයක් ලබනවට? බලන්න මේ දරුවාගේ නිර්මාණය කොතරම් වටිනා එකක්ද කියලා, මට මේක දකින විට මගේ මනසේ ඇදුනේ " කැරිබියන් පයිරෙට්ස් ජක්ස්පරෝ" ෆිල්ම් එකේ රූප රාමුවක් ව. අති දක්ෂ නිර්මාණයක්. පෙනෙන විදියට බූ මටුල්ලකින් නිර්මාණය කරලා තියෙන්නේ. සැම ගුරුවරයෙක්ම තම වගකීම ඉටුකළ යුතුයි. එසේ නැතිව කිසිම කෙනෙක් දරුවන් අපහසුවට පත් කරන්නේද ඔහු හෝ ඇය සේවයෙන් නෙරපා හැරිය යුතුයි. මෙය රජයේ වගකීමක්. අපේ රටේ මොකක්ද ඉදිරි පරපුරේ අනාගතය .....? (නි)
ගුරුසංගම් මහත්වරුනි , මේ සිදුවීමටත් පෙරට විත් අසරණ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වේ යැයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙමු (නි)
අහිංසක ළමයෙක්. ඔහුට සාදාරණය ඉටුවේවා ! මම ඉන්න රටේ ළමයිනට ගැසීම සම්පුර්නෙයෙන් තහනම් කරමු (නි)
අංජන ඔයා හරි. අපි වයඹ පළාත් සභා මන්තිරිට විරුද්ධව කතා කළා සේ මෙවන් ගුරුවරුන්ටත් විරුද්ධව කතා කරමු (නි)
පුතේ, ඔයාට හොද හැකියාවක් තියෙනවා. ඕවා අමතකක කරලා බාධක ජය අරගෙන ඉදිරියටම යන්න (නි)
අපි පුංචි කාලේ වේවැල් වලින් ගුටි කාලා කරගත්ත තුවාල වල හැටියට ඕවා මොන තුවාලද? (නි)
මේ ගුරුවරිය හොයල රිමාන්ඩ් කරන්න. මෙයා නෙවෙයි නේ කූඩුව හැදුවේ. නීතිය අකුරට කරන්න පොලිස් මහත්තුරුනි. දැන් මේ ළමයි දෙන්නට පාසලක් අවශ්‍යව ඇත. (නි)
මේවා කවදත් තිබුන දේවල්. අපි පාසල් යන කාලෙත් මෙහෙම ගුරුවරු හිටියා.ළමයි බෙදාගෙන කණ්ඩායම් හදාගෙන වැඩි සැලකිලි දීපු අවස්ථා එමට තිබුනා මට මතක තියෙනවා. මේ ළමයා ඒ කණ්ඩායම් වලට නැති කෙනෙක් වෙන්න ඇති,මොනවා වුනත් ගුරුවරු ප්‍රමාණය ඉක්මවා යනවා කියලා පේනවා. ගුරුවරු මගපෙන්නුවත් ළමයාගේ දක්ෂතාවය මත තමා හැම ජයග්‍රහණයක්ම ලැබෙන්නේ. ඒ නිසා කාරුණිකව මග පෙන්වා බුද්ධිමත්ව ඔවුන් හසුරුවන්නන් තමයි නියම ගුරුවරු (නි)
අද සමහර පාසල්වල ගුරු ගෝල සම්බන්ධය ඉතා දරුණු ලෙස පරිහානියට පත්වී ඇත. පාසල් කාලයේදී ගුරුවරයකුගෙන් වේවැල් පාර කාපු හැටි මට අද වගේ මතකය. එම ගුරු පියාට මම අදත් පින්දෙමි, මන්ද ඔහු එසේ කලේ හුදෙක්ම මා යහමගට ගැනීමේ පවිත්‍ර චේතනාවෙනි. අද තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. (නි)
ගුරු සංගම් වල මහත්වරු මොනවද මේ විදුහල්පතිනිය ගැන කියන්නේ. මෙයා රුපියල් පහලොස් දාහකට ඔචච්ර කෑදරද? (නදී)
අපේ රටට, මිනිස්සුන්ට, මොනවා වෙලාද කියල හිත ගන්නත් බැහැ.රට ගැන උනන්දුවක් තියන සැම ගිහි පැවිදි නායකයෙක්ම මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් අරඹන්න ඕන. (අ)
දෙපැත්තේම කරුණු දාන්න. මොකද වුනේ කියලා හිතාගන්න එතකොට පුළුවන් (නි)
මොකක්ද මේ වෙලා තියෙන්නේ. අපි නම් පාසල් කාලේ තරඟකින් දිනුවහම බලන්න ඕනෑ තිබ්බ සැලකිලි. පාසලේ නම බැබලුවා කියලා (නි)
අනේ කලේ වනේ වාසේ! (නි)
මුදලට ගිජු උන සමාජයක මිනිස් කම් කොයින්ද?(අ)
ඔය විදුහල්පතිගේ චරිතය මුළු ගුරු මණ්ඩලයම දන්නවා අනේ මන්දා දැන් වත් බලධාරින්ගේ දෑස ඇරේවා කියලා අපි හිතන්නේ මුළු පාසලේ ම කිසිම කෙනෙක් මෙයාට කැමති නැ තමාගේ වාසිය පමණක් හිතන කෙනෙක් මමත් මේ පාසලේ ආදීශිෂ්‍යෙයක් මින් පසු අපි පාසලේ ඉදිරි කටයතු වලට ඕනෑම දෙයක් කිරීමට එකතු වෙනවා (අ)
පැමිණිල්ල දාපු ළමයා නැවත පාසල් ගිය විට විදුහල්පතිනිය හැකි හැම අවස්ථාවකම පලිගනීවි.ඊට පස්සේ කොච්චර නිර්මාණශීලී ළමයෙක් වුනත් ඒ ළමයාට පාසල වධකාගාරයක්වගේ පෙනේවි.ගුරුවරු ගාව ආදරය කරුණාව නැතිව ළමයි යහමගට ගන්නේ කොහොමද?(අ)
පාසල් දරුවන්ට ගුරුවරුන් විසින් කායික හා මානසික වද හිංසා පැමිණවීම සම්පුර්ණයෙන් තහනම් කළ යුතුය. එසේ කරන වධකයන් ගුරු සේවෙයෙන් නෙරපා හැරිය යුතුය. (නි)
සකල සිරින් පිරුනාය කියා ... හැමදාම කියපු සිරි ලංකාවේ.... මිනිසුන් හට මේ කුමක් වෙලා දෝ .... හිතා ගන්න බැ මා හට මිතුරේ ....(නදී)
මේ වෛරය ක්‍රෝධය මිනිසාගේ කෙලෙස් සමග බද්ද වී තිබෙන දෙයක්. දෙමාපියන් තම දරුවන්ට කුඩා කල සිටමමා වෛර නැත්තෙක් වෙම්වා, ක්‍රෝධ නැත්තෙක් වෙම්වා ආදී වශයෙන් කියා සෙත් පැතීමට සැම දිනකම දිරි ගැගෙන්වුවොත් දරුවා වැඩී ලොකු මහත් වන විට කල සෙත් පැතීම මොලයේ තැන්පත් වී තිබෙන බැවින් මෙවැනි පාපකාරී දෙයින් වැලකීමට උත්සාහ ගන්නවා.(නදී)
ආගම මුදලට.(නදී)
ලංකාවේ මිනිස්සු හදන්න බැහැ. ආකල්ප හරිම වෙනස්.තමා උත්සාහ නොකර අනෙකාට ඊර්සියා කරනවා. (නි)
දිනුම පැරදුම පිළිගන්න බැරි කොටසක් කරපු වෙඩක් වගේ . මොන උනත් අහිංසක ළමයා. එකම ආගමක එකම රටක එකම ජාතියක අය මෙහෙම නම් . වෙනත් අය ගෙන මොනවා කියන්නද (අ)
අසරණ දරුවට අසාදාරනයක් වෙන්න දෙන්න එපා.මැරවරයන්ට ප්‍රසිද්දියේම දරුවම් ලැබේව.(අ)
පාසලේ ගුරෙක් ගේ ළමය පැරදුනා ද ? අන්න එයාගේ පියා ගැන හොයල බලන්න (අ)
අපූරුයි පාසලෙන් දක්ෂයන්ව අගයපු හැටි (අ)