IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පස්යාලේ වෙඩි තැබීම ගැන සොයන්න කණ්ඩායම් දෙකක්

ගම්පහ පස්යාලේ දී පොලිස් වෙඩි පහරින් යතුරුපැදිකරුවකු මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇතැයි පොලිසිය කියයි.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත කොමසාරු මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරී සඳසිරි බණ්ඩාර මහතා ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් පරිදි කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී ඊ විදිසිංහ මහතා ද පරීක්ෂණ ආරම්භ කර ඇත.

අණ නොතකා ගමන් කළ යතුරු පැදිය පොලිස් නිලධාරීයකු හප්පා පළා යන්නට තැත් කරද්දීම වෙඩි තැබූ බව පොලිසිය කියයි. යතුරු පැදියේ ගමන් කළ අනෙක් තරුණයා කියනුයේ පොලිස් අණ අනුව යතුරු පැදිය නතර කළ පසු පොලිසිය වෙඩි තැබූ බවයි.

සිද්ධිය වන අවස්ථාවේ පොලිසියේ පස් දෙනකු පමණ එම ස්ථානයේ සිට ඇති බව පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

පස්යාලේ වෙඩි තැබීම ගැන සොයන්න කණ්ඩායම් දෙකක්

නාලක Thursday, 12 June 2014 10:00 PM

පන එයිද (දී)

:       0       0

ශිරාන් මෙන්ඩිස් Thursday, 12 June 2014 10:42 PM

මොන වරදක් කලත් නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තියන්න රටක පොලිසියට පුළුවන්කමක් තියනවද? මෙවැනි සිද්ධි වලින් වෙන්නේ මානව හිමිකම් උල්ලංගනය ගැන අපේ රට තවත් ඉහලට යන එක .................. (දී)

:       0       0

වීරසිංහ Thursday, 12 June 2014 10:58 PM

අපිව ගොනාට අන්දන වැඩ මේවා.නිතිය කියල දෙයක් නැති රටක මොකදට මේ වගේ කණ්ඩායම් 100ක් පත් කලත්... (දී)

:       0       0

කුමාර Thursday, 12 June 2014 11:43 PM

ශිරාන් කියන දේ හරි (නි)

:       0       0

නලින් Thursday, 12 June 2014 04:57 PM

පොලිසියට අසීමිත බලයක් දී තිබෙන නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. අනික පොලිසියට පුලුවන්ද අණ නොතකා ගියත් මෙහෙම කරන්න? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

ගුණසේකර Friday, 13 June 2014 12:55 AM

මියගිය පුද්ගලයාට නිවන් සුව පතමි! (නි)

:       0       0

කමල් Thursday, 12 June 2014 05:44 PM

අණ නොතකා ගියා නම් වෙඩි තැබීම සාධාරණයි. නැත්නම් මෙයින් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වේවි. පාතාලයන් පැන යාවි. කුඩ්ඩන් රජ වේවි. නලින්, දන්නෙ නැති වුණත් ඔය වාගේ ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

මහේන්, ඩුබායි. Friday, 13 June 2014 04:03 PM

පොලිසියට 400සිසි වගේ මොර්ටර් සයිකල් දීල තිබෙන්නේ මේ වගේ අවස්ථවල හඹා ගොස් කටයුතු කිරීමට, මම ඕනෑතරම් දැකල තිබෙනවා ඒවගේ අවස්ථා, එව්ලාවේදී අපි පොලිසිය අගේ කරා, ඒවගේම රේඩියෝ ෆොනේ දීල තියෙන්නෙත් මේවගේ රාජකාරිවලට වෙන්න ඕන, පොලිස් මාද්‍ය ප්‍රකාශක කල ප්‍රකාශයෙන් හා පරීක්ෂණයට ගිය පොලිස් නිලධාරියාගේ ප්‍රකාශයෙන් පේනවා සාධාරණ පරීක්ෂණයක් නොකෙරෙන බව. (දී)

:       0       0

රවිනාත් Thursday, 12 June 2014 05:47 PM

නාමල්, යම්කිසි දවසක ඔබට මෙවැනි සිද්ධියක් වනවිට ඔබ වෙනුවෙන් කතා කරන්න කිසිවෙකු නැති වේවි. (නි)

:       0       0

කලන Friday, 13 June 2014 04:53 PM

අහිංසක ජිවිතයක් තමයි නැති උනේ (දී)

:       0       0

ශ්‍යාමිකා Thursday, 12 June 2014 06:03 PM

මේ අපරාධ අවසන් වෙන්නේ නැද්ද දෙවියනේ? ඔක්කොම මිනිසුන් මැරිලා අවසන් වුණාමද මේකට විසඳුමක් ලැබෙන්නේ? පොලිසියට කවුද මේ බලය දෙන්නේ? (නි)

:       0       0

පහන් Thursday, 12 June 2014 06:06 PM

එතකොට අණ නොතකා ගියාම සාමාන්‍ය ජන ජීවිතය අවුල් වෙනවද?නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා කමල් (නි)

:       0       0

විමල් Thursday, 12 June 2014 06:26 PM

පොලිස් කොමිසමක අවශ්‍යතාවය හොඳටම තිබෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 13 June 2014 06:31 AM

නිරායුධ ජනතාවට මෙහෙම කරන එක මම නම් අනුමත කරන්නෙ නැහැ කවදාවත් (නි)

:       0       0

වින්සන්ට් Thursday, 12 June 2014 06:50 PM

පොලිස් නිලධාරීන් මෙපමණ ගණනක් ඉදිරියේ නිරායුධ සිවිල් වැසියෙක් ඝාතනය වීමෙන් ඇති වූ මේ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද කියා ජනතාව අවදියෙන් බලාසිටියි. (නි)

:       0       0

අශ්වික Thursday, 12 June 2014 07:09 PM

කණ්ඩායම් දෙකක් නොවෙයි හතරක් පහක් දැම්මත් පාඩු නැහැ (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 13 June 2014 07:06 AM

දැන් පොලිසියට කොකා ගස්සන මානසිකත්වය ඇවිල්ලා වගෙයි තියෙන්නේ .. (නි)

:       0       0

අසංක Thursday, 12 June 2014 07:10 PM

වෙඩි තැබීම නම් වැඩිවෙලා ලංකාවේ (දී)

:       0       0

ශාන්ති Thursday, 12 June 2014 07:18 PM

ලෝකේ කිසිම රටක නීතියක් නැහැ වෙඩි තියල මරන්න .පොලිසියට උනත් නීතිය ක්‍රියාත්මක වෙනවනම් තමයි හරි. (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 June 2014 09:11 AM

ආයුධ දරන්නට නම් හොඳ නිරවුල් මනසක් ඇති වගකීමකින් වැඩ කරන චරිතයක් වෙන්නට ඕනෑ. නැතුව එහෙම හිතුන, හිතුන විදියට මහජනයාට වෙඩි තියන්න බැහැ. ඔහු නිරායුධ පුද්ගලයෙක්. මියගිය තරුණයාට නිවන් සුව පතමි. (නි)

:       0       0

නිවන්ත Friday, 13 June 2014 09:28 AM

අපරාදේ තරුණ ජීවිතයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1001 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 302 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1960 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 466 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 950 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37107 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24451 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site