IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාසල් 20 කට ස්වීස් වැසිකිළි

ගාල්ල හිනිදුම,මොරවක, වැල්ලවාය මොනරාගල,සීගිරිය, දඹුල්ල හා අනුරාධපුර යන ප්‍රදේශවල ඉතා දුෂ්කර තෝරාගත් ප්‍රාථමික විදුහල් දහයකට වැසිකිළි 20 ක් සාදා නිමවා පරිත්‍යාග කිරීම, ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ මග පෙන්වීමෙන් පසුගියදා සිදු විය.

ස්විට්සර්ලන්තයේ මුවාරි කොරියන් බෞද්ධ විහාරයේ මුජිම් සුනිම් භික්ෂුණීවහන්සේගේ පාලනය යටතේ ක්‍රියාත්මකවන ඩග්ලස් ඒ කැම්බෙල් පදනමේ අනුග්‍රහයෙන් ලද මූල්‍යමය සම්පාදනයෙන් ඉදිකළ මෙම සත්කාරක ව්‍යාපෘතිය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන ඝංඝ නායක  හබරකඩ ඉන්ද්‍රරතන නාහිමිඋපදෙස් පරිදි, එප්පල සෝරත මාහිමියන්ගේ සංවිධානයෙන් සාර්ථකව සිදුවිය.
වීරපාන ජනපද විද්‍යාලය, ඕපාත සල්ගහවල ජනපද විදුහල,හල්විටිගල ජනපද විදුහල,උඩුගම ගල්ලන්දල ප්‍රාථමික විදුහල,දේවාලෙගම ප්‍රාථමික විදුහල,වැල්ලවාය කුඩාඔය ප්‍රාථමික විදුහල,මොනරාගල වැල්ලවාය පැල්වත්ත ප්‍රාථමික විදුහල,සීගිරීය උඩවෙලගම ප්‍රාථමික විදුහල,සීගිරිය දයකැපිල්ල ප්‍රාථමික විදුහල,සීගිරිය කුඩාඔය ප්‍රාථමිකවිදුහල,දඹුල්ල අනුරාධපුර සුචරිතගම ප්‍රාථමික විදුහල යන විදුහල් වලට මෙම පරිත්‍යාගය ලැබිණි.

මෙම විදුහල්වල සියළු සිසුන්ට හා ගුරුවරුන්ට සංකේතාත්මක තිළිණයක්
පිරිනැමීමද එම භික්ෂුණිය අතින් සිදු විය. වැලිවිටියේ සොරත හිමි,විදුහල්පති ශාන්ත කමල්,විශ්‍රාමික ආචාර්ය වරුන් වන අර්.ආර් හෙරත්, සී.සමරවික්‍රම යන මහත්වරු ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරමින් ව්‍යාපෘතියේ කටයුතු කළමණාකරණය කළහ.



අදහස් (0)

පාසල් 20 කට ස්වීස් වැසිකිළි

වික්‍රම Thursday, 15 August 2013 06:05 PM

අපේ අහවල් ඇමතිතුමා මේවට විරුද්ධව කෑ ගහයිද දන්නේ නැහැ (නි)

:       0       0

දයා Thursday, 15 August 2013 11:31 AM

‍මේක ජංගම වර්ගයේ වැසිකිලියක්ද?(ස)

:       0       0

නීල් Thursday, 15 August 2013 11:49 AM

වැසිකිලි, කැසිකිලි පාවිච්චි කරන ආකාරය ගැනත් ඔය එක්කම පුහුණුවක් දුන්නනම් හොඳයි. (ස)

:       0       0

රවිදු Thursday, 15 August 2013 11:49 AM

හොද වෙලාවට ඉන්දියාවෙන් දුන්නෙ නැත්තෙ..(ස)

:       0       0

පද්මිණී Friday, 16 August 2013 10:32 AM

ඉතාමත් අගනා වැඩක්. ඒ වගේම දිනපතාම විෂබිජ නාශක දියරයක් දමා පිරිසිදු කිරීමත් අනිවාර්යෙන්ම කරන්න වේවි. (ස)

:       0       0

අමිල Thursday, 15 August 2013 12:03 PM

ළමයින්ට භාවිතයට ලැබෙයිද? පාසල් දියුණු කරන්නත් උදව් කරන්න.ඔබට ස්තූතියි..... (ස)

:       0       0

ලුම්බිණි Thursday, 15 August 2013 12:07 PM

ඇත්තටම මේක හොඳ දෙයක්. මේ සමගම වැසිකිලිවලට ජල පහසු කම් තිබුන නම් ඉතාමත් හොඳයි. (ස)

:       0       0

දර්ශන Thursday, 15 August 2013 12:17 PM

හොඳ වැඩක්.පාසල් වලින් මේවා හොඳින් නඩත්තු කලයුතුයි. (ස)

:       0       0

නිල්-රානා Thursday, 15 August 2013 07:17 PM

හාමුදුරුවො ඉන්න තැන වැසිකිලියටවත් අඩුමගානෙ පාපිස්සක් දාගන්න ඉස්කෝලෙ ලමයි උනන්දු වුනොත් හොඳයි. නැත්නම් මෙහෙම වැහැල තියෙනවිට එක ලමයෙක් ආව ගමන් සුදු ටයිල් අල්ලපු බිම ඉවරයි.(නදී)

:       0       0

දිසානායක. Thursday, 15 August 2013 12:29 PM

ජාත්‍යන්තරය අජීර්ණය වී ඇති අයට නම් මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකිය. (ස)

:       0       0

කුමාර Thursday, 15 August 2013 08:01 PM

අවුරුදු දහස් ගානක් තිස්සේ පරදේශක්කාරයන් විසින් විනාශ කරපු ජාතිය ගොඩ ගන්න ලොව පුරා ඉන්න ජාතියක්,ජන්මයක් තියෙන හැම කෙනාම උත්සහ ගත යුතු බව මෙමගින් දෙන ආදර්ශයයි.(නදී)

:       0       0

ටිරල් Thursday, 15 August 2013 12:49 PM

මෙච්චර කල් කොහෙද මේ වගේ වැඩ කෙරුවේ. (ස)

:       0       0

නීල් Thursday, 15 August 2013 12:49 PM

ලුම්බිනි, ඇස් පේන්නෙත් නැත්නම් අදහස් දාන්න එපා. වැසිකිලිය උඩ ජල ටැංකිය හා වතුර බට පෙනෙනේ නැත්ද? (ස)

:       0       0

බන්දුල Friday, 16 August 2013 11:42 AM

අර නම් සීයක් විතර තියෙන මුල්ගල අමතක වෙලාද? (ස)

:       0       0

මහේෂ් Thursday, 15 August 2013 12:57 PM

මම හතර පන්තිය දක්වා ඉගන ගත්තේ මේ පාසලේ.අපට හිටියේ මුළු පාසලටම එකම ගුරුතුමයි.ඒ ගුරුතුමා විදුහල්පතිතුමා. එතුමා කොහොම හරි හැමදාම පාසල් ආවා.නැත්නම් ස්කෝලේ වහන්න වෙනවා නේ. එත් ඒ අතීතය හරිම සුන්දරයි.අපට වැසිකිලි තිබුනේ නෑ.එත් අද මම විදේශයක බැංකුවක රැකියාවක් කරනවා. අ යන්න ඉගෙනගනිපු ඒ අතීතයට හරිම ආදරෙයි. (ස)

:       0       0

චන්ද්‍ර කුමාර Thursday, 15 August 2013 01:12 PM

ලාංකිකයන්ගේ පුරුද්ද තමයි වෙන දේ මොකක් වුනත් අඩුපාඩු මොනවද කියල හොයන එක .ඒවගේම එහෙම හොයන්නෙත් මෙලෝ දෙයක් නොකරන අය. (ස)

:       0       0

ධම්ම Thursday, 15 August 2013 01:15 PM

ස්විස් වැසිකිළියක් කිව්වම මම හොඳට බැලුවා. අර සාම්ප්‍රදායික වැසිකිළියමනේ අනේ. පින්සිදුවේවා ! (ස)

:       0       0

රංජිත් සිල්වා Thursday, 15 August 2013 01:15 PM

අගනා සේවයක්. මේක කරන්න දායක වෙච්ච සියලු දෙනාටම ගොඩක් පින්. අනිත් යටත් මේ වගේ අදහස් පහල වේවා කියල පතනවා. (අ)

:       0       0

මිනිපෙ Thursday, 15 August 2013 09:13 PM

මේක රටකට වස ලැජ්ජාවක්. වැසිකිළි නැති පාසල්??කොපමණ ලම්බෝගිනි,ගුවන් තොටුපලවල්,අධිවේගී පාරවල්, ලෝක කුසලාන ක්‍රිකට් වලින් වැඩක් නැත.ලැජ්ජයි...වස ලැජ්ජයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 16 August 2013 01:15 PM

මේ වැඩේ අපේ දේශපාලකයෝ මුල්වෙලා කරන්න ගියා නම් මේ වැසිකිළිය හදන්න යන මුළු වියදම විතර වියදම් වේවි මුල්ගල තැබීමේ උත්සවයට. පස්සේ මුල්ගල පැලවේවි. (නි)

:       0       0

උපුල් Thursday, 15 August 2013 03:09 PM

මහේෂ්, ඔයාගේ සුන්දර අතීතයට ස්තූතියි. හරිම සුන්දරයි. (ස)

:       0       0

රොෂාන් Thursday, 15 August 2013 11:12 PM

ලංකාව දියුණුයි දියුණුයි කියනවා. පාසලකට වැසිකිළියක්වත් හදා ගන්න බැහැ ස්විස්ටර්ලන්තේ ආධාර නැතුව (නි)

:       0       0

දාස් Thursday, 15 August 2013 11:41 PM

අපේ අය හැදුවා නම් වැසිකිළියෙන් බාගයක් වියදම් කරාවී මුහුණත් තහඩුව ( සමරු ඵළකය) ගහන්න. අරයගෙ ආරාධනයෙන්, මෙයාගේ මග පෙන්වීමෙන් කියලා කෝටියක් ඒවා ලියලා අන්තිමට වැසිකිළියත් නැහැ (නි)

:       0       0

ටිරාල් Friday, 16 August 2013 01:44 PM

කෝකද පිරිමි? කෝකද ගැහැණු ? (නි)

:       0       0

ගයාන් Friday, 16 August 2013 12:53 AM

පිටබැද්දර, යන්නේ කොහෙදේ, මල්ලේ පොල්. එක එක රටවලට ගියාම ඔය වගේ ඔලුව අවුල්වෙනවා. නීල් රාණා, දැන් ටිකක් හැදිලා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 15 August 2013 03:56 PM

අවසර හාමුදුරුවනේ , වැඩේ නම් හොඳයි පින් සිද්ධ වෙනවා ඒත්, ඉස්කෝලෙකට වැසිකිලියක්වත් හදාගන්න බැරි තරමටම අපි පල්ලෙහාට වැටුනද කියල හිතුණා ? ශ්‍රී මහා බෝධියට තිසා වැවෙන් අඩියට අඟලේ සොලොප් එක තියල හුළං මඟින් වතුර ගෙනාව ජාතියක් , වැවේ රොන් මඩ බිසෝ කොටුවේ ඉතුරු කරන්න පුළුවන් විදියේ තාක්ෂණයක් හදපු ජාතියක් ( සුද්දෝ අදත් පුදුම වෙනවා) සීගිරි පර්වතයේ මුදුනට ජලය ගෙනියපු අදටත් හිතාගන්න බැරි විශ්ව කර්ම කරපු ජාතියක් ,රුවන්වැලි සෑරදුන්ට අකුණුසර වදිනවට චුඩා මානික්‍ය හදපු ඉංජිනේරුවෝ හිටපු ජාතියක් නේද මේ අද අසරණ වෙලා තියෙන්නේ , අනේ තරහ අවසර අපේ හාමුදුරුවනේ.... (ස)

:       0       0

සරත් Friday, 16 August 2013 02:19 PM

කරපු ක්‍රියාව අගය කරමි! එහෙත් මෙහි අනුග්‍රහාහ නම සටහන් කරලා තියෙන ආකාරය ඉතාම අශෝබනයි! ඒක අපේ රටේ පොදු වැසිකිළියක බිත්තියක් වගෙයි. ටිකක් කුඩාවට ක්‍රමානුකූලව මෙය සවිකිරීම හෝ ලිවීම කළා නම් වැඩේ තවත් ලස්සනයි (නි)

:       0       0

කුමාරිහාමි Saturday, 17 August 2013 10:25 AM

මේ වැසිකිලි ගුරු මණ්ඩලයට සීමා වේවි. සිසුන්ට පුරුදු පරිදි කැලේට යන්න වේවි. දැන් මේ කොමෙන්ට් එක දැකල ගුරු සංගම් යකා නටයිද දන්නේ නෑ.(නදී)

:       0       0

වරුණ Friday, 16 August 2013 07:28 AM

අර පානදුරේ ඉදලා දෙහිවල හරියට එනකන් වැසිකිළි ටිකක් හදා දෙන්න බැරිද? මොකද උදේට දුම්රියේ යන මිනිස්සුන්ට පසුපස පෙන්නගෙන සුන්දර වෙරල තීරය වැසිකිළි විදිහට භාවිතා කරන එක නවත්තා ගන්න අවහ්‍යයි.හරිම අසෝභන දසුනක් මේක. විදේශිකයන්ට පවා මේ වැඩේ පේනවා. ආස්චර්ය කියලා දැගලුවට වැඩක් නැහැ මේවගේ අසෝබන දේවල් එක්ක (නි)

:       0       0

විදුර Thursday, 15 August 2013 05:24 PM

"ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අපේ මිනිස්සුන්ව වැසිකිළි අරින්න හදනවා" කියලා දැන් සමහරු කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

මිනිපෙ Friday, 16 August 2013 10:39 PM

මට අදහන්න බැ මෙතන ලියන සමහරු නිකන් දීපු අස්සයගේ, දත් බලන හැටි.ගුණමකුකම.(නදී)

:       0       0

ඩයස් Thursday, 15 August 2013 05:26 PM

අපේ දේශපාලකයින්ට ලජ්ජා හිතෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3151 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2280 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3139 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3035 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1348 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36073 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site