ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) බාලක සංචියේ නායකයා ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ඉඳුවර අප්පුහාමිද, බාලිකා සංචිතයේ නායිකාව ලෙස කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ශර්දරා ප‍්‍රනන්දුද, නම් කර තිබේ.
ශ්‍රී ලංකා පාසල් අත්පන්දු (හෑන්ඞ්බෝල්) සංගමය ක‍්‍රීඩකයන් 20 දෙනකුගෙන් සහ ක‍්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් යුත් (වයස 20 න් පහළ) ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංචිත දෙකක් නම් කර තිබේ. බාලක සංචිතයට මොරටුව වේල්ස් කුමර විදුහලේ ක‍්‍රීඩකයන් පස් දෙනෙක් ඇතුළත්ව සිටිති. ඊට අමතරව ඞී. එස්. සේනානායක විදුහලේ ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක්ද බාලක සංචිතය නියෝජනය කරති.
බාලිකා සංචිතයට ගලේවල මැදබැද්ද, කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය, දේවි බාලිකා සහ නුගේගොඩ අනුලා යන විදුහල්වලින් ක‍්‍රීඩිකාවන් සිවුදෙනා බැගින් ඇතුළත්ව සිටී. ඉතිරි ක‍්‍රීඩිකාවන් තිදෙනා බෞද්ධ කාන්තා විදුහලේ ක‍්‍රීඩිකාවෝ වෙති.
මෙම සංචිත දෙක හඳුන්වාදීමේ නිල උත්සවය අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ මස 20 වැනිදා පස්වරු 2.30 ට කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ආදි ශිෂ්‍ය සංගම් ශාලාවේදී පැවැත්වීට නියමිතය.
ශ්‍රී ලංකා පාසල් අත්පන්දු බාලක සංචිතය:
ඉඳුවර අප්පුහාමි (නායක), අයන්ත ඩිල්ෂාන්, එස්. ආර්. කොස්තා සහ ගයන්ත මධුෂාන් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), අෂාන් කල්හාර, එම්. එස්. එස්. සෙනරත්, ආර්. සී. සිල්වා, ඞී. එම්. සමරසිංහ සහ ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. එස්. ප‍්‍රනාන්දු (මොරටුව වේල්ස් කුමර විදුහල), ඞී. එම්. කේ. ඒ. ටී. පී. කුරුප්පුආරච්චි, සජිත් උදයංග සහ එන්. ඞී. යූ. බී. ජයවර්ධන (කොළඹ නාලන්දා විදුහල), එම්. ජී. ඞී. එන්. විජේරත්න සහ සී. ටී. එම්. විජේරත්න (ගලේවල ශා. අන්තෝනි විදුහල), ටී. ජී. ඞී. ඞී. එස්. ඒකනායක සහ ටී. එම්. සී. එම්. දිසානායක (ගලේවෙල මැදබැද්ද විදුහල), රමේෂ් රුක්මාල් සහ නිර්මල ක්ලින්ටන් (පානදුර රාජකීය විදුහල), ඒ. ජී. අයි. එස්. ඉමේෂ්ක (සිරි සුනන්ද විදුහල) සහ ඞී. වී. දිසානායක (කොළඹ ආනන්ද විදුහල)
කණ්ඩායම් බාර ආචාර්ය - සුමින්ද කරුණාරත්න මහතා (මොරටුව වේල්ස් කුමර විදුහල)
ශ්‍රී ලංකා පාසල් අත්පන්දු බාලිකා සංචිතය:
ශර්දරා ප‍්‍රනන්දු (නායිකා), එන්. ෂෙහාරා කාදර්, ඩබ්ලිව්. ඒ. ඞී. එස්. දයංගා සහ ඞී. ඒ. එච්. ජයකොඩි (කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය), ඒ. එම්. එස්. එස්. කුමාරි, ටී. පී. ඞී. ඞී. එස්. දිසානායක, රංගනා නවෝදි කෞශල්‍යා සහ ඩබ්ලිව්. ඒ. කේ. විජේසිංහ (ගලේවෙල මැදබැද්ද විදුහල), හරිනි හේවාතන්ත‍්‍රි, නිල්මා බෝගහවත්ත, අපුරිවා සමරකෝන් සහ ටිරනි සේනාරත්න (අනුලා විදුහල), සඳුනි එදිරිසිංහ, තමේෂි ජයසිංහ, දමිසර ඒකනායක සහ චේතනා හංසනී (දේවි බාලිකා විදුහල) සහ එම්. ශෂිකලා මුනිදාස, හරින්ද්‍රි ඉෂිලියා සහ දිනෙල්කා පනාගොඩ (බෞද්ධ කාන්තා විදුහල)
කණ්ඩායම් බාර ආචාරිනී - මානෙල් පීරිස් මහත්මිය (හෝමාගම සුභාරතී මැදි මහ විදුහල)
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාසල් අත්පන්දු සංචිත දෙකක නායකත්වයට ඉඳුවර - ශර්දරා
දිනේෂ් Friday, 21 June 2013 07:21 PM
අනිවාර්යයෙන්ම ගම් වල හොද ක්‍රීඩකයෝ ඉන්නවා (නි)