පාසල් දහසේ වැඩසටහන යටතේ ලාහුගල පාසලක සිසුන් වෙනත් පාසලකට යැවීමට නැගෙනහිර අධ්‍යාපන නිලධරයන් ගත් තීරණයට එරෙහිව ලාහුගල සිට අම්පාර දක්වා අද පාගමනක් ඇරැඹිණි.
එම සිසුන්ගේ දෙමාපියන්ගේ මැසිවිල්ල වනුයේ අලුත් පාසල කිලෝ මීටර කිහිපයක් දුරින් පිහිටි නිසා එහි යෑම අපහසු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියා ලංකාව දැනටමත් සෝමාලියාව, ඉතියූපියාව,බංගලිදීසයක් වෙලා ඉවරයි. මේ යන ක්‍රමයට ඉදිරියේදී පොලේ ගිහින් අරන් යන එලවලු මල්ල උස්සගෙන දුවන කාලයක් උදා වෙනවා.(නදී)
මේ ජනාධිපතිතුමා අපකීර්තියට ලක් කිරීමේ දුෂ්ට වැයමක්.(දී)
මේ ළමයින්ට අධ්‍යාපනයට ගොඩනැගිල්ලක් ඉදිකරලා දෙන්න නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් රට ගිය ඇත්තෝවත් පිහිට වෙනවා නම් ලොකු දෙයක් (නි)
මේ,පුංචි දරුවන්ට පාසලක් නැති උනාට බලන්නකෝ තාරපාර තියෙන්නේ දිලිසි...දිලිසි (දරු පැටවුන් ටික ලස්සනේ බැහැ).(නදී)
පළමු බැනරයේ අසන ප්‍රශ්නයට පිළිතුර මෙසේය. අධ්‍යාපන තීන්දුව සැමට සෙතක් ගෙන දෙයක් නම් අනිවාර්යයෙන්ම එහි ගෞරවය ජනාධිපතිවරයාට සහ අධ්‍යාපන ඇමතිවරයාට හිමි වේ. එම තීරණය එතරම් ජනප්‍රිය එකක් නොවේනම් එහි වගකීම අනිකුත් හෙන්චයියන්ට බැර කෙරේ. බැරි වෙලාවත් එම තීරණය සැමට අහිතක් වෙන එකක් නම් එහෙම තීරණයක් දුන් කෙනෙක් සොයා ගැනීමට බැරිය. (අ)
දෙමාපියන්ට සෑහෙන ආඩම්බර ඇති (නි)
මේ ප්‍රශ්ණේ අපි දැක්කේ නැති වුනාට දේශපාලකයේ කඹ අදිනවා ඇති.නිදහස් අධ්‍යපනය කියන සුත්තරේ පවතින රටක අධ්‍යාපනය හිගා කන්න වෙලා. (නි)
මිස්ටර් ගමගේ උද්ඝෝෂණයේ ඇති වැරද්ද මොකක්ද?ඔයා අද ඔය භුක්ති විදින සමහර අයිතිවාසිකම් මේ විදියට උද්ඝෝෂණ කරල ගත්ත ඒවා තමයි (අ)
පිටරට සියලු සංවිදාන එකතුව මෙයට සහයෝගය දෙමු මෙය ගොඩගන්න.(නදී)
පාසල් දහසත් ,වැව වැටසටහන වගේ වෙන පාටයි පෙනෙන්නේ. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.(නදී)
බොරු වැඩ වලට සල්ලි වියදම් කරන රේඩියෝ වලට එහෙම පුළුවන්නේ මේ වගේ දෙයකට උදවු කරන්න.අපිටත් පුළුවනි සල්ලි ටිකක් එකතු කරලා උදවු කරන්න,අනික එක ඇමතිකෙනෙක් දවසකට මොන සල්ලි කන්දක් නාස්ති කරනවද ඒ වයෙන් මේ වගේ දෙයක් නොකරන්නේ ඇයි, (ස)
දැක්කම ඇඩෙනවා පව් පොඩි උන්ටික. සමහර පුතාලා හදට යන්න හදනවා. මේ පොඩි උන් ටිකට ස්කෝලයක් හදලා දෙන්න බැරිද?(නදී)
දකින දකින දරුවන් වඩා ගෙන ඉඹින තාත්තලා ඉන්න රටක මෙහෙම වෙන්න බැහැනේ.(නදී)
නිල්මිණි, කෝටි 10-15 වක් වටින ලම්බෝගිනි, ෆෙරෙර්රි,පොර්චේ චාර් 7-8 ක් නාවේ නෙමෙයි ගුවන්යානා ගෙනත් ගොඩ බාන රටක මෙහෙම වෙන්න පුලුවන්ද?(නදී)
අනේ!! අනේ!!! මේ ඊයේ පෙරේදා මහ ලොකුවට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර "දැයට කිරුල" සංදර්ශනය තබලා එහි උණුසුමවත් තවමත් බැස්සේ නැති ප්‍රදේශයක් නේද ? ඇයි මුන්නැහෙලාට මේ වගේ දුෂ්කර පලාත් ළමුන්ට මේ ටකරං මඩුවක් වෙනුවට පාසැල් ගොඩනැගිල්ලක් සාදා දෙන්නවත් හැකියාවක් තිබුණේ නැද්ද ? අනේද කියන්නේ.(නදී)
පාසැල මොකොටද ? ඔය තියෙන්නේ යස අගේට පාර.(නදී)
සමහර අපේ ඇත්තෝ පිට රට වලට ගිහාම අපේ කම අමතක කරනවලු. ඒ වගේ අයට ලංකාව පෙන්නේ සොමලීයාව වගේ තමයි....කළු සුද්දෝ.(නදී)
පාසලක් වැහෙන එක නම් හරිම අපරාධයක්. ඒත් මේ නොදරුවෝ උද්ඝෝෂණය කරන්න පෙළඹිලා ඇති ප්‍රවණතාවය නම් දැන් බොහොම නරකයි(නි)
ප්‍රියා,දන්නේ නැත්නම් දැන්වත් දැනගන්න. ශ්‍රී ලංකාව මොනම විදිහකින්වත් සෝමාලියාවට සම කරන්න බැහැ.ඕනෑම රටක අඩුපාඩු තියනවා තමා....(නි)
අයියෝ! මගේ රටට ගිය කල... මම දන්නෙ නැති හින්දා අහන්නේ. අනාගත සෝමාලියාවද මේ? කව්රු හරි කියන්න මට. (නි)
බන්දුල ඇමතිතුමා කෝ. (ස)