පස්සර ගෝනකැලේ වතුයායේ ආගමික ස්ථානයක දී ඇතිවූ ගැටුමක දී පොලිසිය වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගැමියෝ කියති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ මේ ගැටුමේ දී පොලීසියේ තිදෙනකු ද තුවාල ලබා ඇති බවයි. ගැටුම පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදුවූ බව ද මාධ්‍ය ප්‍රකාශක කියයි. පොලීසියේ තිදෙනා ද පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තුවාල ලැබූ ගැමියා ද සමග බදුල්ල රෝහලට මාරුකැර යවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලක්කයට අහසටවත් ඩෙඩිතියලා නැද්ද එතකොට? කොහොමද තුවාල සිදුවුණේ? (නි)
මේ වගේ අවස්ථාවල ඔය වතු වල අය බොහොම සාමකාමීව නීතිය රකින්නේ නැහැ. වෙඩි තිබ්බේ නැත්නම් අද තුවාල කාරයො නෙවෙයි මරන තමයි දකින්න ලැබෙන්නේ. එහෙම වුනා නම් අයුධ තියාගෙන ඇයි බලාගෙන හිටියෙ කියාවි. (නදී)
මමත් හිතන්නේ ..සාමාන්‍ය වැසියෝ සේරමලා "ඉස්නයිපර්ස්ල" ..සේරමලා ඉදල තියෙන්නේ ගස් උඩ ඔත්තු බලමින් (නදී)
මේ ගැටුමට සම්බන්ද සිවිල් පුරවැසියන් ලග ආයුද තියෙන්න පුළුවන්. ගිනි අවි,මල්ටි බැරල් රොකට් ලෝන්චේර්,මිසයිල විදින වැනි දේ සිවිල් පුරවැසියන් ලග තිබිම ඉතා භයානකයි. අනේ මේ අය ඉක්මනට ආයුද පෙන්නන්න එක්කගෙන යන්න.(නදී)
අනේ ඉසුරන්දි, ඔයාගේ කෙනෙක් ඔය උද්ගෝෂණයේ ඉඳලා වෙඩි වැදුනා නම්... (නි)
දැන් ඉන්න ගොඩක් මිනිස්සු නීතියට යටත් නැහැ.පොලිසිය කියන දේ අහන්නෙ නැහැ.මිනිසුන් නීතිය අතට ගන්න ගියාම මේ වගේ දේවල් වෙනවා.හැමෝම ඉක්මන් වැඩියි. (නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ.පොලිස් බලතල රටේ ජනතාව අතට ගන්නවා නම් එක බරපතල වරදක්.(නදී)
අහසට තියපු වෙඩිල්ල අහසේ ඉදන් රවුමට කැරකිලා ඇවිත් අර මනුස්සයට වැදුනා (නදී)
මොකක්ද හේතුව? මට තේරෙන්නේ නැහැ අහසට වෙඩි තැබුවහම මිනිසුන්ට වදින්නේ කොහොමද? (නදී)
අහසට තබන වෙඩිල්ලේ තරම නම් හොඳට පේනවා. (අ)
අහසට වෙඩි තියලා කෙනෙක් තුවාල වුණේ කොහොමද මන්දා (නි)
හොද වෙලාවට මේ වෙලාවේ අහස් යානයක් ඉහලින් ගියේ නැත්තේ. නැතිනම් MH 17 අහස් යානයට වුනු දේ තමයි වෙන්නේ. පිටබැද්දර ජයා, අපි අදහස් දාන්නෙ මේකේ තියෙන වාර්තාව බලලා. නැතුව එතනට ගිහින් විමර්ශනයක් කරලා නෙමෙයි.(අ)
මේ අදහස් දාලා තියෙන කවුරුවත් දන්නවද මේ සිදුවීම ගැන හරියටම? (නි)
මොන වගේ ආගමික ස්ථානයක්ද මේක.......? (නි)
චමත්ගේ කතාව නම් නියමයි.මට තාමත් හිනාව නවත්වගන්න බෑ (දී)
මේ එතකොට ඒ මනුස්සයා අහසේද ඉදලා තියන්නේ?නැත්තම් අහසට තියපු වෙඩිල්ල අහසේ ඉදන් රවුමට කැරකිලා ඇවිත් අර මනුස්සයට වැදුනද?අර මෝටර් සයිකලයෙන් යද්දී පපුවට වැදුන වගේ .කවුරු හරි දන්නවනම් පැහැදිලි කරනවද? (දී)
පොලිසිය අහසට වෙඩි තියන වෙලාවේ ඒ මනුස්සයා ඉදලා තියෙන්නේ පොල් ගහක් උඩ පොල් කඩ කඩා ..පවු.... නේ....ද? (අ)
මෙයාල මොනවා හරි කියලමාරු වෙයි. (අ)