පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉරිදා (25) පැවැත්වේ. මෙවර ඒ සඳහා සිසුහු හාර ලකෂයක් පමණ පිරිසක් මධ්‍යස්ථාන 3800කදී මෙම කඩඉම් විභාගයට වාඩි වෙති. විභාග පරීක්ෂකවරු 18000ක් ඒ සඳහා යොදවනු ලැබ සිටිති. ජනප්‍රිය පාසල් තෝරා ගැනීම සහ ශිෂ්‍යාධාර ලබා ගැනීම මෙහි අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා...මේ යන ක්‍රමය නම් ගුණදායක නැහැ. 1 වසරේ 2 වසරේ ඉදලම ළමයාගේ ඔලුවට දාන්නේ මේ ශිෂ්‍යත්වේ .. ටියුෂන් මාස්ටර්ලගේ මල්ල කරේ..පහ වසරේ ශිෂ්‍යත්වේට පොඩි එකා ටියුෂන් යන්නේ මොන්ටිසෝරියේ ඉදලා.එතනින් පටන් අරගෙන ඊට පස්සේ ඕලෙවල්..වැඩ 9 ටම ටියුෂන්.ඊට පස්සේ ඒ ලෙවල් .මොන්ටිසෝරියේ ඉදලා ටියුෂන් මාස්ටර්ලගේ පස්සේ බඩ ගාලා දෙමව්පියන්ගේ ආදායමෙන් වැඩි කොටස ටියුෂන් කඩවලට පුජා කරලා යන්තම් විශ්ව විද්‍යාලෙට ගියගමන් ඔන්න ඔක්කොටම මතක් වෙනවා නිදහස් අධ්‍යාපනේ.ඊට පස්සේ මිනිහෙකුට නිදහසේ පාරක යන්න බැහැ. හරියට නිදහස් අධ්‍යාපනේ පාරේ යන එන මිනිස්සු අරන් ගිහින් වගේ..අනේ කාලේ වනේ වාසේ කිව්වලු..ඔහොම යන් ඔහොම යන්.. (නි)
මුදියන්සේ දුලානි ලක්ෂ්මන් වැනි අය ජීවිතේ එක තැන පල්වෙන කට්ටිය රටට දැයට ඉදිරියට ගෙනයාමට කිසිම උනන්දුවක් නැහැ (දී)
ප්‍රසන්නගේ අදහස සමඟ එකඟයි . (දී)
ප්‍රසන්න මහතාගේ අදහස ඉතා නිවැරදිය. (දී)
සුභපතනවා මම හැමෝටම (දී)
හොද ඉස්කෝලෙකට ළමයාව දාගන්න තියෙන එකම අවස්තාව (දී)
ගුණේගේ දුව විතරක් නෙමෙයි තව වසර කීපයකින් මගේ දුවත් පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙනවා. මම කියන්නේ මගේ දරුවන් ගැන විතරක් හිතලා නෙවෙයි. මගේ දරුවන්ට නම් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නත් නැතත් හොඳ පාසැලක් තෝරා ගැනීමේ අවස්ථාව මගේ සමාජ මට්ටම මඟින් සලස්වලා දීලා තියෙනවා. ඒක නිසා මට නම් එවැනි ගැටළුවක් නැහැ. මම කතා කළේ මම වෙනුවෙන් නෙමෙයි. දූ දරුවෝ ඉන්න සෑම අම්මා තාත්තා කෙනෙක් වෙනුවෙනුමයි. සමහරු මට වැරදි ප්‍රතිචාර ලබාදීලා තිබුණා මම දැක්කා. මට එරෙහිව මෝඩ ප්‍රතිචාර දැමූ මහගෙදර ඇඹිලිපිටිය නැමැති වාචාලයට මට කියන්න තියෙන්නේ ඉස්සර ඩබල් ප්‍රමෝෂන් ඇතුව එක්වර පන්ති දෙකක් ඉහළින් සමත්ව ගිය කෙනෙක් මම. මගේ දරුවෝ තුන් දෙනාත් මට වඩා දක්ෂයි. එහෙමයි කියලා මගේ දරුවෝ කවදාවත් මම ටියුෂන් යවලා නැහැ. පාසැලේදී දෙන වැඩ ඉතා හොඳින් නිම කරලා එයාලා හොඳට අධ්‍යාපනය ලබනවා. ඒ අතරතුර පාසැලේ බාහිර විෂය සමගාමී කටයුතු වලටත් ඉතාම උනන්දුවෙන් එයාලා සම්බන්ධව කටයුතු කරනවා. ක්‍රීඩා කරනවා. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ කටයුතු කරන්නේ හරියට උත්මත්තකයෝ වගේ. දරුවන්ව ටියුෂන් පංති දාන්න තියෙන්නේ පුදුම තරඟයක්. පාසැලේ මුළු දහවල් කාලය පුරාම එක සීරුවට ඉගෙනීම කටයුතු කරලා හෙම්බත් වෙලා ඉන්න දරුවාට අවශ්‍ය මානසික විවේකය ලබාදීම වෙනුවට ඒ දරුවාට ඉන් පසුව ටියුෂන් පංතියක මුළු හවස්වරුවක ගාල්කර තැබීම කායික හා මානසික අංශ දෙකින්ම ඒ දරුවන්ට කරන ලොකුම ලොකු අපරාධයක් නෙවෙයිද? මේ තත්වය වත් හරියාකාරව තේරුම් අර ගන්න බැරි මිනිස්සුන්ට තාත්තා කෙනෙක් කියන නමවත් ඔබින්නේ නැති බව මගේ අවංක වැටහීමයි. (නි)
හරි අපි ඔක්කොමලා ගුනේගේ දුවට සුබ පතනවා.(නදී)
මගේ දුවත් හෙට පහේ ශිෂ්‍යත්ව විභාගයට ලියනවා. ඇයට විශිෂ්ට ජයක් පතනවා. (නි)
ලංකාවේ මිනිස්සු කොහ්මත් නිකන් ඉන්න තමයි කැමති බිරිදව රට යවල එවන සල්ලි වලින් හොදට බිල නිදිය ගන්නවා ළමයි ගැන හිතන්නේ නැහැ කම්මැලි කම් මග හැර ඉදිරියට යමු (දී)
මටත් පුංචි දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දරුවෝ තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහටයි මම මේක ලියන්නේ. මේ පහේ ශිෂ්‍යත්ව විභාගය ඇත්ත වශයෙන්ම කුඩා ළමා මනසට විශාල හිරිහැරයක්. වදයක්. ඉස්සර අපි පුංචි කාලේ තිබ්බා නිදහස් මානසික වාතාවරණය දැන් හැදෙන කිසිම දරුවෙකුට අත්විදින්න අවස්ථාවක් නැහැ. මේ පහේ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කුඩා දරුවන් අතර පමණක් තිබෙන තරඟකාරී දෙයක් නොවෙයි. දැන් අම්මලා තාත්තලා තමයි පහේ ශිෂ්‍යත්වයට තරඟකාරීත්වයේ මුලින්ම ඉන්නේ. තමන්ගේ දරුවා හොඳම ඉස්කෝලේකට දාගන්න, තමන්ට බැරිවුන අධ්‍යාපන කඉම් දරුවන් ළවා අල්ලවන්න දෙමව්පියන් මහන්සි ගන්නේ මේ පහේ ශිෂ්‍යත්ව විභාගය හරහායි. ළමා මනසට මේ මඟින් සිදු වන අහිතකර බලපෑම කොයි තරම් විශාලද කියලා කියනවා නම් පසුකාලීනව දරුවන් සැබෑ අභියෝගවලට මුහුණදීමේදී ඉක්මනින්ම මානසික ව්‍යාකූලබවට පත් වීමේ හැකියාව අධික දරුවන් වීමේ ප්‍රවණතාවයක් මේ මගින් ඇතිවන බව මනෝ වෛද්‍යවරු පව අදහස් දක්වලා තියෙනවා. (නදී)
හැමෝම එකා වගේ පාස් වෙන්න
දරුවන් වෙනුවන් වැඩ කර රට ගොඩනගමු !! (නි)
පොඩිකාලේ කම්මැලිකමට නිකන් හිටපු හින්දා තමයි ඔය.දැන්වත් ටික්කක් මහන්සි වෙලා වැඩකරමු නැතනම් දරුවන්ටත් ඔය වගේ දුක්විදින්න වෙනවා (නි)
දරුවන් හදනවා වගේම හොදට උගන්වන එක අපගේ වගකීමයි. දැනුම තමා මුලිකම දේ !! (නි)
ප්‍රසන්න ඔයාගේ කාලේ ඒ විදිහේ උනන්දුවක් නොතිබුන හන්ද තමයි පන්තියකින් දෙන්නෙකුට තුන්දෙනෙකුට වඩා සාමාන්‍ය පෙළවත් සමත් වෙන්න බැරිඋනේ. දැන් ඉන්න දෙමවුපියොත් දරුවනුත් උගත් බුද්ධිමත් අය. අපේ කාලෙට වඩා දෙමවුපියන්ට අධ්‍යාපනයේ වටිනාකම තේරෙනවා. ඒ හන්ද ඒ අය ළමයි උනන්දු කරවනවා. ඔය ප්‍රවනතාවය තියෙන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. අපේ ආච්චිලගේ කාලේ දෙමවුපියෝ ගැහැණු අයට ඉස්කෝලේ යන්න දුන්නෙත් නැතිලු. දැන් ඒ හණමිටි යුගය අවසන්වෙලා. උගත මනා සිල්පයමයි මතු රැකෙනා (දී)
අපේ රටේ දරුවන්ට හොද බුද්ධි මට්ටමක් තිබෙනවා. ඒක හොදට ඔප දාලා ගන්න එක දෙමුපියන්ගේ වගකීම. හැම දරුවෙකුටම ඉගෙනගන්න පුලුවන්. දැනුම දෙන ක්‍රමය තමයි හදුනා ගන්න ඕනෑ (නි)
විශේෂයෙන්ම දෙමවුපියන් කම්මැලි වෙන්න හොද නැහැ. දරුවන් ගැන හොද අවබෝධයකින් වැඩ කරනවා නම් මෙවැනි විභාග ලොකු කරගන්න ඕනෑ නැහැ. මනා කලමනාකාරිත්වයක් තිබීම හරිම වැදගත්. දරුවන්ට දැනුම අවශ්‍යයි. මහන්සි වී වැඩ කරමු. කැපවෙමු (නි)
අධ්‍යාපනය උක් දණ්ඩක් වන්නේ වැලදු පසුවයි, මිහිර දැනෙන්නේ !!!! (නි)
මේ තුලින් දක්ෂ ළමයි ඉදිරියට එනවා. රටේ අනාගතයට යම්කිසි බලපෑමක් ඇතිකරනවා දක්ෂ දරුවන්!! ලොකු තරගයක් තියෙන එක ඇත්ත. නමුත් දරුවන් ලොකු දැනුමක් ලබා ගන්නවා මේ තුලින්. දෙමුපියොත් මේ පිළිබදව උනන්දු වෙන්න ඕනෑ. කම්මැලිකම් මගහැර උත්සාහයෙන් වැඩකළහොත් ජයගැනීමට පුලුවනි. දරුවට හොද කඩඉමක් මෙවැනි විහාග. දරුවන්ට පොඩි කාලයේ සිට අධිෂ්ටානය පිළිබදව තමාගේ විශ්වාසය ගැන හැගීමක් ඇතිකරන්න ඕනෑ (නි)