ලන්ඩන් ඔලිම්පික් උළෙලේ පිහිනුම් තරගාවලියේ මීටර 100 නිදහස් ආර (කාන්තා) ඉසව්වේ අද (1) පැවැති මුලික තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා රෙෂිකා උඩුගම්පොළ හයවැනි ස්ථානයට පත්විය. ඒ අනුව ඇයට තරගාවලියේ ඉදිරියට යෑමේ අවස්ථාව අහිමි විය. මුලික වටයේ තරග හතක් පැවැති අතර එහිදී දෙවැනි මුලික තරගයට රෙෂිකා සහභාගි වුවාය. ක‍්‍රීඩිකාවන් හත්දෙනකු අතරින් විනාඩි 1. තත්පර 04.93 කින් තරගය නිමකළ රෙෂිකා හය වැනි ස්ථානය ලැබුවාය. රෙෂිකා, මෙම ඉසව්ව නිම කළ හොඳම කාලය වන්නේ විනාඩි 1. තත්පර 03.76 වේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිත අධෛර්යය කරගන්න එපා. (ස)
මාව යවනවනම් පදක්කම ස්ථිරයි.
අයියෝ සල්ලි (ස)
ඔබට ඔලිම්පික් වරම් ලැබීමම අපේ රට ලද වාසනාවක්. (නි)
ජයරත්න මහත්තයා ලංකාව අතහැරලා චීනයේ හරි ඇමෙරිකාවෙ හරි පදිංචියට යන්නකො. පදක්කම් ගැනලා සතුටු වෙන්න පුළුවන්. (නි)
දේදුනු පාටයි මුහුණ ඔබේ නමුත් වැඩක් නෑ සමනළියේ......... (එහෙම කිවුවට තරහ වෙන්න එපා හොදේ) (නි)
ඔබ එය දක්ෂ ලෙස කළා...!!(නු)
ලංකාව බොරුවට ක්‍රිකට් වලට වලට වියදම් කරන සල්ලි මේ වගේ දක්ෂ ළමයින්ට දෙනවා නම් ලංකාව ලෝකයට ගෙනියන්න පුලුවන්.මොකද ක්‍රිකට් කියන්නෙ ලෝකය දන්න දෙයක් සහ දෑන ගන්න වුවමනාවක් තියන දෙයකුත් නොවෙයි. (නි)
අනේ කමක් නෑ අක්කේ. අපි ලබන පාර පීනලා පීනලා එක වෙමු කොහොමහරි. සැලෙන්න එපා. (ත)