ලන්ඩන් නුවරදී පැවැත්වෙන xxx වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 පසුපස ආර පිරිමි ඉසව්වේ පළමු මූලික තරගයට අද (29) සහභාගි වූ ශ්‍රී ලංකා පිහිනුම් ක‍්‍රීඩක හේෂාන් උනම්බුව දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. එහිදී හේෂාන් තත්පර 57.94 ක කාලයක් වාර්තා කිරීමට සමත් විය.
පළමු මූලික වටයේ තරගයේ පළමු ස්ථානය බර්බඩෝස්හි බ‍්‍රැඞ්ලි ඇලි (තත්පර 56.27) ද, තෙවැනි ස්ථානය සැම්බියාවේ ෂැනී ජොර්ඩන් (තත්පර 58.77) ද හිමිකරගත්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
43 දෙනෙක්ගෙන් 42 වෙනියා හරි උන එක ගැන සතුටුයි . (දී)
පැහැබර අනාගතයකට සුභ පැතුම් මල්ලී, තෙරුවන් සරණයි, (ස)
සුභ පැතුම් කොල්ලෝ.....(ස)
මෙම තරගයට තිදෙනෙකු පමණක් සහභාගි වූ බව කරුණාවෙන් සළකන්න. දැන් එයා කියන්නේ ඇයි එයාට අතේ අබාධයක් තියෙනවා කියලා? කෝ ඇන්ඩ්‍රෑ? ඇයි එයාව යැවුවේ නැත්තේ? (නි)
විශිෂ්ටයි මල්ලි. දෙවි පිහිටයි (දී)
සුභ පැතුම්....! (ස)
හිටියේ තුන්දෙනයිනේ. දෙවැනි තැන ගත්ත නමුත් ඊට අඩු කාලයකින් පිහිනපු තිහක් විතර හිටියා. (නි)
ලෝක වාර්තාවක් තියම්න්න කොල්ලෝ . (දී)
ජය ජය ශ්‍රී ලංකා...(ස)
නියමයි මල්ලී...(ස)
සුබ පැතුම්............... (දී)
උණුසුම් සුබ පැතුම් ... (දී)
නියමයි , සම්මා සම්බුදු සරණයි (දී)
තුන් දෙනෙක් තමයි තරග කළේ..... දිනපු එක ගැන සතුටු වුණාට මුලික වටයෙන් ඉවත් වෙන්න උණේ වෙලාව මදි වුණ නිසයි...... (නි)
ඔබට අපේ සුභ පැතුම් , ලංකාවට පදක්කමක් ගේන්න ශක්තිය ලැබේවා........(ස)
වේගයෙන් පීනමු මල්ලී...ජය වේවා !!(ස)
ඉදිරියටම යන්නට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! ඔබට දළදා සමිදු පිහිටයි! (නි)
උනන්දුව ජයග්‍රහණයට මුලයි. ජය ශ්‍රී! (නි)
ලක් මවගේ නම දිදුලවපන් මල්ලි ,,,/// (දී)
මේක මූලික වටයද? අවසාන වටයද තව කීයක් යන්න ඕනෙ ද සුභ පතනවා. අවසාන වටයට යන්න ලැබෙයි ද (අ)
ඔබට සුභ පැතුම් !!!!!!! (ස)
නියමයි නියමයි ඔය තියෙන්නේ.සුබ පතනවා අවසාන වටේටම යන්න ලැබෙන්න කියල. (අ)
අවසානය නොවේ උත්සහාය වටිනවා චමින්ද මේක ඔලිම්පික් ගමේ එකක් මෙහෙම හරි මූලික වටයේ දෙවැනි තැන ගත්ත කියන්නේ කොයිතරම් සතුටක් ද සුභ පැතුම් (අ)
ගොඩාක් සතුටුයි. ඒත් අවසන් තරගයට නොතේරුණු එක ගැන දුකයි. මොනවා උනත් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. අපෙන් සුභ පැතුම්. (අ)
ගොඩාක් වාසනාවන්තයි හේෂාන් පුතා (අ)
නියමයි....! (ස)
සුභ පැතුම් ශ්‍රී ලංකා.....(ස)
ඔහොම යං ඔහොම යං මල්ලි
අනේ හොඳයි පුතේ....පරිස්සමින්...ජය වේවා !(ස)
චමින්ද, දිනන එක නෙමෙයි වටින්නේ.මෙහෙම හරි සහභාගි වෙන එකයි. (නි)
හරිම සතුටුයි. බුදු සරණයි. (ත)
හේෂාන් මූලික තරඟයෙන් දෙවැනි තැන ලැබුවත්, සමස්ත ලැයිස්තුවේ 41 වැනි ස්ථානයේ ඉන්නේ.පිහිනුම් ඉසවු වලදී ඊළඟ වටයට සුදුසුකම් ලබන්නේ නිම කරන කාලය අනුව. ඒ නිසා සමහර මූලික වට වල ප්‍රථම ස්ථානය ලැබුණත් ඊළඟ වටයට සුදුසුකම් නොලබන්න පුලුවන්. නමුත් හේෂාන් ට ඉතා පැහැදිලි අනාගතයක් තිබෙනවා. ඔහුට තාම වයස 20යි. තව ඔලිම්පික් තරඟාවලි දෙකකටවත් සහභාගි වෙන්න පුලුවන්. වැදගත්ම දේ තමා ඔහුගේ ඉසව්වේ ලෝක වාර්තාව තත්පර 51.94. හේෂාන් ගේ හොඳම කාලය තත්පර 57.94. ඉතින් හොඳට පුහුණුවීම් කළොත් ඔහුට ඊළඟ ඔලිම්පික් තරඟාවලියේ අවසාන තරඟයටවත් එන්න පුලුවන් වෙයි. (නි)
සතුටුයි...(ස)
ඔහොම යන්, ඔය තියෙන්නේ....හැමොටම සුභ පැතුම්...(ස)
නියමයි කොල්ලෝ නියමයි..(ස)
මෙය මූලික වටයේ තරගයකි. මෙවැනි මූලික තරග 6 ක් පවත්වා ඇත. තරගකරුවන් 43 දෙනකු සහභාගී වී ඇත. එයින් හේෂාන් 42 තැන ද ඉහත සදහන් සැමීබියා ක්‍රීඩකයා 43 තැන ද ලබා මූලික වටයෙන් ම ඉවත්ව ඇත. නේද? (නි)