IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පිහිනුම් තටාකයෙන් දැඩි සත්කාර ඒකකයට

කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයට වැටුණු ශිෂ්‍යයකු බරපතල තත්ත්වයෙවන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කුරුඳුවත්ත පොලීසිය කියයි.

පාසලේ නමය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා බාල දක්ෂයෙකි.

මාර්තු දෙවැනි සෙනසුරාදා දහවල් සිසුවා පිහිණුනුම් තටාකයට වැටී රෝහල් ගත කළ බවද, සිසුවාගේ තත්ත්වය බරපතල නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ ඇති බව ද, එම සිසුවා මේ වන තුරුත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබව බව ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය වන අවස්ථාවේ පිහිනුම් තටාකයේ විශාල සිසුන් පිරිසක් සිටි   බව ද පොලිස් ආරංචි කියයි.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ දෙවැනිදා ඇතුළත් කළ සිසුවාගේ තත්ත්වය බරපතළ බවයි. මේ වන තුරුත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුවාගේ සිහිය මද බව ද, මොළයට ඔක්සිජන්  යෑමේ මදි කමක් ඇති බව ද, තවදුරටත් ප්‍රතිකාර කරන බව ද ජාසිංහ මහතා පැවසීය.

රාජකීය විද්‍යාලයයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා පැවසුවේ සෙනසුරාදා පිහිනුම් තටාකය බාල දක්ෂ සිසුන් සඳහා වෙන් කර ඇති බවයි.

එය කාලයක් තිස්සේ පැවැති සම්ප්‍රදායක් බව ද, මේ සිදුවීම වන අතරතුර ආදි බාලදක්ෂයන් පවා එම ස්ථානයේ සිටි බව ද, අනතුරට පත් ශිෂ්‍යයා වහා රෝහල් ගත කිරීමට කටයුතු කළ  බව ද, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වෛද්‍යවරුන් දැනුවත් කර සිසුවා සුවපත් කිරීමට වෙහෙසෙන බව ද විදුහල්පති ගුණසේකර මහතා පැවසීය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ පිහිණුම් පුහුණුකරුවකු හෝ ජීවිතාරක්ෂකයකු සිටියේදැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

ක්‍රීඩා කරන අතර තුර සිසුන් අනතුරට පත්වී මිය යාමේ සිද්ධි පවා පසුගිය වකවානුවේ වාර්තා වූ බව ද, සිසුන් බාහිර ක්‍රියාකාරකම් වලට යොමු කරද්දී අධ්‍යාපන බලධරයන් මීට වඩා සොයා බැලිය යුතු බව ද ස්ටාලින් මහතා පැවසීය.



අදහස් (0)

පිහිනුම් තටාකයෙන් දැඩි සත්කාර ඒකකයට

හේමන්ත Tuesday, 12 March 2013 02:14 AM

කොහෙද ඒ තටාකය අපිටත් කියන්නකෝ (දී)

:       0       0

පද්මි Monday, 11 March 2013 03:45 PM

මේක පුදුම වැඩක් නේ? (දී)

:       0       0

ඩයස් Tuesday, 12 March 2013 05:48 AM

පූල් එකේ හිටිය ජේෂ්ඨයන් මොකද කළේ? පොඩි අයව බලාගැනීම ඔබගෙ වගකීමයි. ඒ අයට අඩුම තරමෙ බේස්ටෝක් රටාව හරි කියලා දුන්නානම් මෙහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

පත්රුවන් Monday, 11 March 2013 04:28 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ජයතිස්ස Monday, 11 March 2013 04:54 PM

කොහොමහරි ජීවිතය බේරුණු එකම ඇති. (නි)

:       0       0

රකිත් Tuesday, 12 March 2013 08:19 AM

සම්ප්‍රදාය කෙසේ වෙතත් පාසල් සිසුන් ගැවසෙන මෙවැනි පිහිනුම් තටාකවල අඩුම වශයෙන් එක ජීවිත බේරා ගැනීමේ පළපුරුදු පිහිනුම්කරුවකුවත් සැමවිටම සිටිය යුතුයි. එහෙම කෙනෙක් හිටියේ නැද්ද රාජකීය විද්‍යාලය වෙලත්? (නි)

:       0       0

රේණු Tuesday, 12 March 2013 04:10 PM

තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

චමින්ද Tuesday, 12 March 2013 09:30 AM

රාජකීය ගැන නම් මගේ හිතේ පැහැදීමක් නැහැ. (නි)

:       0       0

සිල්වා Tuesday, 12 March 2013 09:29 AM

මෙවන් සිදුවීම් නිසා පාසල් වලට දෝෂාරෝපණය කිරීම වැරදියි. (නි)

:       0       0

මාදව Tuesday, 12 March 2013 09:52 AM

කොහොමද දැන් ඒ ළමයාට (දී)

:       0       0

ශාන් Tuesday, 12 March 2013 09:58 AM

ළමයි දග වැඩි නම් අනෙක් මිනිස්සු මොනවා කරන්නද? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 11 March 2013 09:18 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

ලලිත් Tuesday, 12 March 2013 11:07 AM

මෙවන් පහසුකම් පාසල් වලට ලාබදිම පිළිබදව ස්තූතිවන්ත වෙමි. වැදගත් වන්නේ ඒවා පාවිච්චි කරන්නේ කෙසේද යන්න පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමයි. (නි)

:       0       0

සෞදි-සිංහ Monday, 11 March 2013 09:25 PM

කොළඹ ප්‍රසිද්ධ පාසැල්වල ළමයින්ට නම් විශේෂ ප්‍රතිකාර ලැබෙනවා. (නි)

:       0       0

පිටිගල Monday, 11 March 2013 09:43 PM

මෙලෙසින් දරුවන්ගේ දිවි බේරෙයිද? (නි)

:       0       0

ලලිත් Monday, 11 March 2013 02:14 PM

ඉතා ශෝකනිය පුවතක් (දී)

:       0       0

ඉන්දු Monday, 11 March 2013 02:26 PM

දැන් කොහොමද ඒ පුද්ගලයාට (දී)

:       0       0

පියල් Monday, 11 March 2013 02:42 PM

කොහෙද ඒ තටාකය (දී)

:       0       0

බණ්ඩාර Monday, 11 March 2013 02:43 PM

තටාකයට යන්නත් බයයි. කොහෙද ඔය (දී)

:       0       0

චමින්ද Monday, 11 March 2013 02:48 PM

අවාසනාවන්ත වැඩක් (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 March 2013 01:30 PM

අවාසනාවන්ත සිද්දියක් (දී)

:       0       0

ප්‍රේමන්ත Sunday, 17 March 2013 02:32 AM

කියලා වැඩක් නැහැ ශාන්. (නි)

:       0       0

පෙරේරා Monday, 11 March 2013 11:19 PM

ගඟේ, මුහුදෙ ගිලෙන අයවත් බේරගන්න එකේ මේ ළමය තටාකයේ ගිලිලා බරපතල තත්ත්වයකට පත්වෙනකල් ළඟ හිටපු අනිත් අය මොනවද කළේ? ආදි ශිෂ්‍යයෙකුටවත් බැරි වුණාද ඉක්මනට පැනලා බේර ගන්න, වතුර පෙවෙන්න නොදී. (නි)

:       0       0

කමල් Monday, 11 March 2013 03:06 PM

වගකිමෙන්තොරව වැඩ කරන්න එපා (දී)

:       0       0

නිශාන්ත Saturday, 16 March 2013 12:57 AM

වගකිවයුත්තෝ කවුරුන්ද? කෝ ජීවිතාරක්ෂකයෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1087 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 148 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 141 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 432 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1116 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2185 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site