පොසොන් පෝදා හොරෙන් විකිණිමට ගෙන ආ අරක්කු බොතල් 29 ක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි.
එහි වටිනාකම රුපියල් හතලිස් දහසකි. රුපියල් අටසිය පනහක් වන බෝතලයක් රුපියල් එක්දහස් දෙසීයක අළෙවි කිරීම සදහා සුදානම් කැර තිබිණි.
පොසොන් පෝදා හොරෙන් විකිණිමට ගෙන ආ අරක්කු බොතල් 29 ක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි.
එහි වටිනාකම රුපියල් හතලිස් දහසකි. රුපියල් අටසිය පනහක් වන බෝතලයක් රුපියල් එක්දහස් දෙසීයක අළෙවි කිරීම සදහා සුදානම් කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබෙන ලාබයෙන් දන්සලක් දෙන්න හිතාගෙන වෙන්න ඇති මේ වැඩේ කරන්න ඇත්තේ. හරියට අර කුඩු ගෙන්වන ශ්‍රීමතුන් ලොකු පින්කම් කරනවා වගේ. (නි)
පොහොය වෙනුවෙන් මත්පැන් හා මස් අලවිය තහනම් කිරීමෙන් වෙන්නේ ජාවාරම්කාරයින් තරවීමයි. පොහොය දින ආගමික කටයුතු සිදුකරන්නේ රටේ සමස්ථ ජනතාවම නොවේ. කිසියම් ආගමක් අන් ආගමිකයන්ගේ එදිනෙදා ජීවන රටාව අවහිර කිරීම වරදක්. (නි)
පොල්ගහවෙල මහමෙවුනාව අසල පොලිසිය මහත්තයෙක් මටත් 2ක් විකුණුවා. ගාන හරි.(නදී)
මේ වැඩ වැරදියි මල්ලියෝ (නි)
නීල්, මම හිතන්නේ ඔබ ක්‍රිස්තු භක්තිකයෙක්, මුස්ලිම් නම් වෙන්න බැහැ.මොකද එයාලා කැමති හැමදාම බාර් වහනවා නම්.ක්‍රිස්තු භක්තිකයෝ සියයට කීයද ලංකාවේ ඉන්නේ.ටිකක් හිතන්න මැදපෙරදිග බොහෝ රටවල්වල මද්‍යසාර තහනම්.ඒ මුස්ලිම් රටවල් නිසා. නමුත් කොච්චර නම් අන්‍ය ආගමිකයෝ ඉන්නවද. ? ලංකාව බෞද්ධ රටක් කියලා ඒ වගේ අන්‍යයන්ගේ නිදහසට බාධා කරලා නැහැනේ.අනෙක වහන්නේත් මාසෙටම දවසයිනේ, ඉතින් ඇයි ඒ ආගමටත් ගෞරව නොකරන්නේ. (නි)
මගේ අදහසට විරුද්ධ අයට. ඔය කියන තරම් මේ රට බෞද්ධ නම් පොහොය දිනයේදීත් මේ තරම් විශාල වශයෙන් මත්පැන් සහ මස් මාළු අලවි වන්නේ කුමක් නිසාද? ලංකාව සිංහල හෙළදිව මිස බෞද්ධ හෙළදිව නොවෙයි. ඉතිහාසයේ අපට වැරදුන තැන එතනයි. අපේ උරුමය බැදී ඇත්තේ සුමන සමන්, කතරගම, අයියානායක වැනි දේව නාම සහ ඉර-හඳ මිහිකත හා ගස්-කොළන් සමගයි. ඉස්ලාම් ආගම පැතිරවීමට හා ස්ථාපිත කිරීමට අනුගමනය කරන ක්‍රම බුද්ධාගමට අකැපයි. ඒ නිසා උදේ පහේ සිට මිනිසුන්ගේ නින්දට බාධා වනසේ ශබ්ද විකාශන යොදා ගෙන සිදුකරන වායුගෝල දුෂනයත් නැවැත්විය යුතුයි. (නි)
පුත්තලම දිස්ත්‍රික්කයේ ඔය කියන නීති නැහැ. වෙසක් දවසේ වගේම පොසොන් දවසෙත් බෞද්ධ කතෝලික බේදයක් නැතිව ගොඩක් කට්ටිය ජයටම කසිප්පු ගහලයි හිටියේ. කොහොමත් වතුරට වැඩියෙන් කසිප්පු එහෙ හරියට තියෙනවා. මහරගම පොලිසිය හොදයි.(නදී)