2016 අය වැය යෝජනා මගින් පළාත් සභාවල වැය ශිර්ෂය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත් කිරිම පිළිබඳ විරෝධය දක්වන බවත් ඊට විසඳුමක් දෙන ලෙස ඉල්ලමින් පළාත් අමාත්‍යවරු සඳුදා (07) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සංදේශයක් භාර දීමට නියමිත බවත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවැසීය.
මෙය පළාත් සභාවන් හි ශක්තිය ශුන්‍ය කිරිමට සැකසු යෝජනාවක් බවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාවන් සඳහා දී ඇති බලය මධ්‍යම රජය උදුරාගෙන ඇති බවද මෙම ඉදිරිපත් කළ අයවැය යෝජනාව සංශෝධනය විය යුතු බවත් මේ ගැටලුව නිසා පළාත් සභාවන් හී අයවැය සැකසීම ගැටලුවක් වි ඇති බවත් ඒකනායක මහතා කීවේය.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පළාත් අමාත්‍යවරු දුක කියන්න ජනපති හමුවෙති
රාධා Monday, 07 December 2015 12:51 AM
2016 අයවැය යෝජනා මඟින් පළාත් සභාවල ශිර්ෂය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත්කිරිම ගැටළුවක් වියනොහැකි යැයි මට සිතේ. (නි)
රුවන් Monday, 07 December 2015 02:52 AM
මේ ගොල්ලන්ට මොන දුකක්ද? මහජන මුදලින් කාලා බීලා ඔහේ ඉන්න එකනේ කරන්නේ. දුකට හේතුව නම්, වැය ශීර්ෂය අඩුකළ නිසා වංචාවට මං ඇහිරී යාමයි. ජනාධිපතිතුමනි, ඔබතුමා හදන නව ව්‍යවස්ථාවෙන් නුසුදුස්සන් පන්නා දමන්න. දුප්පත් ජනයාට හෝ රටට මොවුන්ගේ වියදම් දරාගත නොහැක. (නි)
බමුණු ආරච්චි Monday, 07 December 2015 02:52 AM
13 වෙනි සංශෝධනය දුන්නහම පළාත් සභා වලට පොලිස් බලය සහ ඉඩම් බලතල ලැබෙනවා. ඒවා පළාත් සහා වලට ලැබෙනවට අපි විරුද්ධයි. අනික පළාත් සභා අපිට උවමනවට පිහිටවපුවා නොවෙයි. මෙය පළාත් සභාවන්හි ශක්තිය ශුන්‍ය කිරීමට සැකසු යෝජනාවක් එහෙම එනවා නම් මම කැමතියි (නි)