IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොළොන්නරුව සෝමාවතී ගමනට දැන් පැය භාගයයි

මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 350 ක් වැය කැර සංවර්ධනය කළ පොළොන්නරුව  සෝමාවතී මාර්ගය  මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.

ලොකු පාලම් හතරකින් ද බෝක්කු  109 කින් යුත් මෙම  මාර්ගයේ සම්පුර්ණ  දුර කිලෝ මීටර්  38 කි.

කිලෝමීටර්  26 ක් කාපට් අතුරා ඇත.ගං වතුරට යටවන  කිලෝමීටර් 12 ක් කොන්ක්‍රීට් කැර තිබේ.පොළොන්නරුවේ සිට සෝමාවතියට දැන්  පැය භාගයකින් ගමන් කළ හැක.

 



අදහස් (0)

පොළොන්නරුව සෝමාවතී ගමනට දැන් පැය භාගයයි

ඩයස් Wednesday, 11 June 2014 05:58 PM

වැඩේ හොඳයි. පරිසරය, කැළය, සතුන් ආරක්ෂා වෙන පරිදි සංවර්ධනය වෙනවා නම් තවත් හොඳයි. (නි)

:       0       0

කුමාර Thursday, 12 June 2014 06:55 AM

ඉතා උතුම් පුණ්‍ය කටයුත්තක්.... (නි)

:       0       0

ජනක Wednesday, 11 June 2014 06:06 PM

ගංවතුරට ඔරොත්තු දෙනවා නම් ඉතා අගෙයි (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 11 June 2014 06:10 PM

ඇත්තෙන්ම උදාර කටයුත්තක් (නි)

:       0       0

අචිනි Thursday, 12 June 2014 02:43 PM

මම ජිවත් වෙන්නේ පිටරටක, දැන් ලංකාවේ කිසිම උත්සවයකදී ජාතික කොඩිය දකින්න නැහැ දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ ඇයි කියා කියා දෙනවද ? (නදී)

:       0       0

නන්දන Thursday, 12 June 2014 07:34 AM

හොඳ වැඩක්. මෙයට දායක වූ සැමට පින්! (නි)

:       0       0

‍පියල් Wednesday, 11 June 2014 06:20 PM

ඉතාමත්ම අගයකළ යුතු විශිෂ්ට වැඩක් (නි)

:       0       0

කමල් Wednesday, 11 June 2014 06:22 PM

බලන්න, මොනතරම් උතුම් කටයුත්තක්ද? (නි)

:       0       0

ප්‍රභාත් Thursday, 12 June 2014 08:13 AM

පාරවල් ඉක්මනින් හදන එක ගොඩක් හොඳයි. ඒත් නිසි ප්‍රමිතියෙන් හදා තියෙනවා නම් වැඩිය හොඳයි (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 12 June 2014 08:36 AM

මේ වැඩේ කොච්චර හොඳද? අපි ඉස්සර සෝමාවතිය වඳින්න අත් ට්‍රැක්ටර් වල දූහුවිලි කාගෙන ගියේ. (නි)

:       0       0

පෙරුමාල් Thursday, 12 June 2014 09:11 AM

වරායෙන් ගොඩබාන කුඩු තොගය ලංකාව පුරා බෙදා හරින්න දැන් යන්නෙ පැයකටත් අඩු කාලයක්. මේක තමයි ආශ්චර්යය! (දී)

:       0       0

කුසුම් Wednesday, 11 June 2014 07:17 PM

වත්මන් රජය ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය සඳහා උදාර මෙහෙවරක් ඉටුකොට තිබෙනවා. ඒ ගැන අපි අපගේ ප්‍රණාමය රජයට පළකළ යුතුයි. මේ මාර්ග නිසිලෙස නඩත්තු කරනවා නම්, එය රටේ අනාගත සංවර්ධනයටත් මහත් පිටුවහලක් වේවි. (නි)

:       0       0

රොහාන් කළුආරච්චි Wednesday, 11 June 2014 07:32 PM

උදාර වැඩක්. පිං කටයුත්තක් (නි)

:       0       0

අජිත් Wednesday, 11 June 2014 07:53 PM

බොහොම හොඳ කටයුත්තක්. ස්තුතියි (නි)

:       0       0

ජයවර්ධන Wednesday, 11 June 2014 07:55 PM

කොච්චර හොඳ දෙයක්ද? (නි)

:       0       0

වසන්ත Wednesday, 11 June 2014 07:56 PM

පාරවල් ටික හැදීම හොඳයි. පරිසරයත්, අලි ඇතුනුත් ඇතුලු අනෙකුත් සතුනුත් ආරක්ෂා වියයුතුයි (නි)

:       0       0

අනුර Wednesday, 11 June 2014 08:07 PM

ඉතාම හොඳ වැඩක්. අපි දන්නවා මීට වසර කිහිපයකට පෙර තිබුන තත්ත්වය. දැන් දඹුල්ලේ සිට මාර්ගය ඉතාම හොඳයි. ජනාධිපතිතුමනි, එයටද පින්. හිටපු අගවිනිසුරු සරත් එම් සිල්වා මහතාද මෙම මාර්ගය දියුණු කිරීමට උනන්දු වුණා. එතුමාටත් මේ පොහෝ දින පින් අත්වේවි. (නි)

:       0       0

දුමින්ද Thursday, 12 June 2014 10:19 AM

අමිල, මොකක්ද වෙලා තියෙන්නෙ. මොකක් හරි හොද දෙයක් ආන්ඩුවෙන් කරපු ගමන් අහන්නෙ ජීවනබර අඩුකරන්නෙ කවදද කියල.ඔයත් මහන්සි වෙලා උත්සාහ කරන්න ජීවන බර අඩුකරගන්න. ඒ කියන්නෙ ආන්ඩුවෙන් ජීවනබර අඩු කරනකම් බලාගෙන ඉන්නෙ නෑතුව ඔයාගෙ ආදයම වෑඩිකර ගන්න උත්සාහ කරන්න. (දී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 11 June 2014 08:56 PM

කාලයක් මුළුල්ලේ වල්බිහිවී තිබුන මේ ඵෙහාසික පින්බිම වන්දනාමාන කිරීමට මහජනතාවට අව්ස්ථාව උදාකර දුන් අපේ ජනාධිපතිතුමාට මහත් පින්! ඒවගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පුජාභුමිය වටා තිබෙන අනෙක් පුරාවස්තු රැකගැනීමට වැඩපිළිවෙලක් යෙදීමට උපදෙස් දෙනවා නම් එය තවත් වටිනවා (නි)

:       0       0

හේමන්ත Thursday, 12 June 2014 10:59 AM

නිසි බලධාරීන්ගෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටින්නේ මෙම මාර්ග සංවර්ධනය හා සමගාමීව මෙහි සමහර පාටකයන් ඉල්ලා සිටින පරිදි කිසිදු ගොඩනැගිලි සංවර්ධනයක් සිදු නොකරන ලෙසයි. පැය භාගයක් තුල පොළොන්නරුවේ සිට පැමිණිය හැකිනම් ඒ සියලු කටයුතු එම නගරයේදී සිදුකොට පැමිණිය හැකියි. වෙළඳසල්, විශ්‍රාම සාලා යනාදිය සෑදීමෙන් මෙකී උතුම් පුණ්‍ය භුමිය වෙනත් පුජනීය නගර මෙන් කිලිටි වනවා නොඅනුමානයි. දඹදිව බුද්ධගයාවේ යකඩ වැටක් හෝ ඉදිකිරීමට මහාබෝධි සමාගමෙන් ඉඩක් නොමැත. එම නගරයේ සුන්දරත්වය සහ නිසසල බව කොතරම්ද ? කර්මාන්තපුර ඇති කිරීමට මේ රටේ සුදුසු තැන් බොහෝ ඇත......අදහසක් ඉදිරිපත් කිරීමේදී උදරය ගැන පමණක් නොසිතා වටිනාකම් ගැනද සිතන්න. (දී)

:       0       0

යසිත Sunday, 15 June 2014 11:03 AM

සංවර්ධනය වියයුතුයි. ඒක හොඳ දෙයක්. නමුත් සත්ත්ව කොට්ඨාශයන්ට හානි නොවෙන්න. අපිට නම් සෝමාවතිය වඳින්න ටිකක් වෙලා ගියාට කමක් නැහැ. ඒ ස්වභාවික සම්පත් විනාශ නොකර සංරක්ෂණය කරන්න පුලුවම් නම් ඒ හොඳටම ඇති. (නි)

:       0       0

අමිල Wednesday, 11 June 2014 10:05 PM

ජීවන බර අඩු කරන්නේ කවදද ?????????????(දී)

:       0       0

සුසිල් එන්. කොළඹ Wednesday, 11 June 2014 10:07 PM

ජනාධිපතිතුමෙනි, ඔබට ප්‍රණාමය. සාදු! සාදු! සාදු!(දී)

:       0       0

ශිහාන් Wednesday, 11 June 2014 10:14 PM

ජනාදිපති තුමනි ඔබට අපගේ ප්‍රණාමය (දී)

:       0       0

සමන් Wednesday, 11 June 2014 10:25 PM

වෙළදුන්ට පුජා භූමිය කෙළසන්න දෙන්න එපා(දී)

:       0       0

ඉන්ද්‍රානි Wednesday, 11 June 2014 11:46 PM

හරිම අගෙයි ඔබට දීර්ඝායු (දී)

:       0       0

නලින් තුම්බෝවිට Thursday, 12 June 2014 11:56 AM

ජනාදිපති තුමාට අමාමහ නිවන් සම්පත් අවබෝද කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා.....!!!

:       0       0

ගාමිණී සිරි Thursday, 12 June 2014 12:13 AM

මේ වගේ පුජා භූමියක අවට සංචාරක හෝටල් ,විශ්‍රාමශාලා ,අත්‍යාවශ්‍යයි.මල් වෙළඳුන්,පොල්පලා ,රණවරා, බෙලිමල් . අඹ,නෙල්ලි,දොඩම්,දෙළුම් ,ආදී පලාතතට ආවේනික නිෂ්පාදන වෙළඳාමෙන් දුප්පතුන්ගේ අතමිට සරුවෙනවා. හැමවිටම තමුන් ගැන සිතනවා වගේම අනුන් ගැනත් සිතීම පුණයක් ක්‍රියාවක් මේ ලද පොසොන් සමයේ . (දී)

:       0       0

අමල් Thursday, 12 June 2014 12:27 AM

නියම වැඩක් (දී)

:       0       0

අනුර Thursday, 12 June 2014 07:42 PM

හොද වැඩට හොදයි කියමු. (දී)

:       0       0

ධර්මසේන Thursday, 12 June 2014 02:01 AM

පාරවල් හදන එක නම් හොඳ දෙයක් (නි)

:       0       0

විකී Wednesday, 11 June 2014 05:12 PM

වැඩේ නම් ඉතාම හොඳයි (නි)

:       0       0

ජමිත් ලියනගේ Wednesday, 11 June 2014 05:15 PM

අමතර කර්මාන්ත ටිකක් බිහිවෙනවා නම් තමයි හොඳ (නි)

:       0       0

රාජ් Thursday, 12 June 2014 03:42 AM

ගරු ජනාධිපතිතුමනි, ඔබට අපගේ ප්‍රණාමය! සාධු! සාධු! සාධු! (නි)

:       0       0

මැණික් Wednesday, 11 June 2014 05:15 PM

බොහොම අගනා කටයුත්තක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 June 2014 05:18 PM

ප්‍රමිතියට වැඩේ කර ඇති යැයි විශ්වාස කරමි. ඇත්තෙන්ම පින් සිද්ධ වෙනවා! (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 11 June 2014 05:22 PM

හිතේ හැටියට වැඳුම් පිඳුම් කරගන්න, සීරුවෙන් ගමන් යන්න. (නි)

:       0       0

මතුගම Wednesday, 11 June 2014 05:25 PM

සාධු සාධු සාධු!! (නි)

:       0       0

චමිල Wednesday, 11 June 2014 05:26 PM

හොඳ වැඩක්. අපේ ස්තුතිය! වේග සීමා සහ වේගය පාලනය කරන්න දමන බාධක තිබෙනවද දන්නේ නැහැ. නැත්නම් අපේ කට්ටිය හැටට හැටේ යන්න යයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 11 June 2014 05:25 PM

සෝමාවතිය වඳින්න ටිකක් පමා වුණත් කමක් නැහැ. එහෙත් වනාන්තරයේ සතුන් ආරක්ෂා වෙනවා නම් එය මොනතරම් පිනක්ද? ඒ ගැනත් අවධානය යොමුකළ යුතුයි. (නි)

:       0       0

රවීන් Thursday, 12 June 2014 01:30 PM

දිඹුලාගල හාමුදුරුවෝ හිටියා නම් කොච්චර සන්තෝස වේවිද? මහ පිරිසක් සුමගට යොමුකළ දිඹුලාගල හාමුදුරුවන්ට නිර්වාණය අත්වේවා! (නදී)

:       0       0

අබය Thursday, 12 June 2014 01:56 PM

වන සත්තු ඉන්න කොටස තමයි කොන්ක්‍රීට් කරලා තියෙන්නේ හැම තැනකින්ම වනසටුන්ට පාරට එන්න බැරි විදියට සහ ගංවතුරට පාර යට වෙන්නේ නැති වෙන්න ටිකක් උසට හදල තියෙන්නේ එය උනාට අලින්ට වන සතුන්ට පාර මාරුවෙන්න වෙනම තැන් කීපයකුත් හදල තියනවා මම ඔය ව්‍යාපෘතියට සම්බන්ධ උනා වැඩ කලා පොළොන්නරුවේ ඉඳල සොමවතියටම 38Km පයිනුත් ගීයා. (දී)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 05:48 PM

අමතර කර්මාන්ත කිව්වට තරු පහේ හෝටල් නම් නැතුවාට කමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 987 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 300 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1953 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 466 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 947 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 581 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37107 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24451 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site