මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 350 ක් වැය කැර සංවර්ධනය කළ පොළොන්නරුව සෝමාවතී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.
ලොකු පාලම් හතරකින් ද බෝක්කු 109 කින් යුත් මෙම මාර්ගයේ සම්පුර්ණ දුර කිලෝ මීටර් 38 කි.
කිලෝමීටර් 26 ක් කාපට් අතුරා ඇත.ගං වතුරට යටවන කිලෝමීටර් 12 ක් කොන්ක්‍රීට් කැර තිබේ.පොළොන්නරුවේ සිට සෝමාවතියට දැන් පැය භාගයකින් ගමන් කළ හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් ඉක්මනින් හදන එක ගොඩක් හොඳයි. ඒත් නිසි ප්‍රමිතියෙන් හදා තියෙනවා නම් වැඩිය හොඳයි (නි)
ජනාධිපතිතුමෙනි, ඔබට ප්‍රණාමය. සාදු! සාදු! සාදු!(දී)
ජනාදිපති තුමනි ඔබට අපගේ ප්‍රණාමය (දී)
වෙළදුන්ට පුජා භූමිය කෙළසන්න දෙන්න එපා(දී)
හරිම අගෙයි ඔබට දීර්ඝායු (දී)
මේ වගේ පුජා භූමියක අවට සංචාරක හෝටල් ,විශ්‍රාමශාලා ,අත්‍යාවශ්‍යයි.මල් වෙළඳුන්,පොල්පලා ,රණවරා, බෙලිමල් . අඹ,නෙල්ලි,දොඩම්,දෙළුම් ,ආදී පලාතතට ආවේනික නිෂ්පාදන වෙළඳාමෙන් දුප්පතුන්ගේ අතමිට සරුවෙනවා. හැමවිටම තමුන් ගැන සිතනවා වගේම අනුන් ගැනත් සිතීම පුණයක් ක්‍රියාවක් මේ ලද පොසොන් සමයේ . (දී)
නියම වැඩක් (දී)
පාරවල් හදන එක නම් හොඳ දෙයක් (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔබට අපගේ ප්‍රණාමය! සාධු! සාධු! සාධු! (නි)
ඉතා උතුම් පුණ්‍ය කටයුත්තක්.... (නි)
හොඳ වැඩක්. මෙයට දායක වූ සැමට පින්! (නි)
ජීවන බර අඩු කරන්නේ කවදද ?????????????(දී)
මේ වැඩේ කොච්චර හොඳද? අපි ඉස්සර සෝමාවතිය වඳින්න අත් ට්‍රැක්ටර් වල දූහුවිලි කාගෙන ගියේ. (නි)
වරායෙන් ගොඩබාන කුඩු තොගය ලංකාව පුරා බෙදා හරින්න දැන් යන්නෙ පැයකටත් අඩු කාලයක්. මේක තමයි ආශ්චර්යය! (දී)
අමිල, මොකක්ද වෙලා තියෙන්නෙ. මොකක් හරි හොද දෙයක් ආන්ඩුවෙන් කරපු ගමන් අහන්නෙ ජීවනබර අඩුකරන්නෙ කවදද කියල.ඔයත් මහන්සි වෙලා උත්සාහ කරන්න ජීවන බර අඩුකරගන්න. ඒ කියන්නෙ ආන්ඩුවෙන් ජීවනබර අඩු කරනකම් බලාගෙන ඉන්නෙ නෑතුව ඔයාගෙ ආදයම වෑඩිකර ගන්න උත්සාහ කරන්න. (දී)
නිසි බලධාරීන්ගෙන් නමස්කාර පුර්වකව ඉල්ලා සිටින්නේ මෙම මාර්ග සංවර්ධනය හා සමගාමීව මෙහි සමහර පාටකයන් ඉල්ලා සිටින පරිදි කිසිදු ගොඩනැගිලි සංවර්ධනයක් සිදු නොකරන ලෙසයි. පැය භාගයක් තුල පොළොන්නරුවේ සිට පැමිණිය හැකිනම් ඒ සියලු කටයුතු එම නගරයේදී සිදුකොට පැමිණිය හැකියි. වෙළඳසල්, විශ්‍රාම සාලා යනාදිය සෑදීමෙන් මෙකී උතුම් පුණ්‍ය භුමිය වෙනත් පුජනීය නගර මෙන් කිලිටි වනවා නොඅනුමානයි. දඹදිව බුද්ධගයාවේ යකඩ වැටක් හෝ ඉදිකිරීමට මහාබෝධි සමාගමෙන් ඉඩක් නොමැත. එම නගරයේ සුන්දරත්වය සහ නිසසල බව කොතරම්ද ? කර්මාන්තපුර ඇති කිරීමට මේ රටේ සුදුසු තැන් බොහෝ ඇත......අදහසක් ඉදිරිපත් කිරීමේදී උදරය ගැන පමණක් නොසිතා වටිනාකම් ගැනද සිතන්න. (දී)
ජනාදිපති තුමාට අමාමහ නිවන් සම්පත් අවබෝද කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා.....!!!
දිඹුලාගල හාමුදුරුවෝ හිටියා නම් කොච්චර සන්තෝස වේවිද? මහ පිරිසක් සුමගට යොමුකළ දිඹුලාගල හාමුදුරුවන්ට නිර්වාණය අත්වේවා! (නදී)
වන සත්තු ඉන්න කොටස තමයි කොන්ක්‍රීට් කරලා තියෙන්නේ හැම තැනකින්ම වනසටුන්ට පාරට එන්න බැරි විදියට සහ ගංවතුරට පාර යට වෙන්නේ නැති වෙන්න ටිකක් උසට හදල තියෙන්නේ එය උනාට අලින්ට වන සතුන්ට පාර මාරුවෙන්න වෙනම තැන් කීපයකුත් හදල තියනවා මම ඔය ව්‍යාපෘතියට සම්බන්ධ උනා වැඩ කලා පොළොන්නරුවේ ඉඳල සොමවතියටම 38Km පයිනුත් ගීයා. (දී)
මම ජිවත් වෙන්නේ පිටරටක, දැන් ලංකාවේ කිසිම උත්සවයකදී ජාතික කොඩිය දකින්න නැහැ දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ ඇයි කියා කියා දෙනවද ? (නදී)
හොද වැඩට හොදයි කියමු. (දී)
සංවර්ධනය වියයුතුයි. ඒක හොඳ දෙයක්. නමුත් සත්ත්ව කොට්ඨාශයන්ට හානි නොවෙන්න. අපිට නම් සෝමාවතිය වඳින්න ටිකක් වෙලා ගියාට කමක් නැහැ. ඒ ස්වභාවික සම්පත් විනාශ නොකර සංරක්ෂණය කරන්න පුලුවම් නම් ඒ හොඳටම ඇති. (නි)
ඇත්තෙන්ම උදාර කටයුත්තක් (නි)
අමතර කර්මාන්ත ටිකක් බිහිවෙනවා නම් තමයි හොඳ (නි)
බොහොම අගනා කටයුත්තක් (නි)
ප්‍රමිතියට වැඩේ කර ඇති යැයි විශ්වාස කරමි. ඇත්තෙන්ම පින් සිද්ධ වෙනවා! (නි)
හිතේ හැටියට වැඳුම් පිඳුම් කරගන්න, සීරුවෙන් ගමන් යන්න. (නි)
සාධු සාධු සාධු!! (නි)
හොඳ වැඩක්. අපේ ස්තුතිය! වේග සීමා සහ වේගය පාලනය කරන්න දමන බාධක තිබෙනවද දන්නේ නැහැ. නැත්නම් අපේ කට්ටිය හැටට හැටේ යන්න යයි. (නි)
සෝමාවතිය වඳින්න ටිකක් පමා වුණත් කමක් නැහැ. එහෙත් වනාන්තරයේ සතුන් ආරක්ෂා වෙනවා නම් එය මොනතරම් පිනක්ද? ඒ ගැනත් අවධානය යොමුකළ යුතුයි. (නි)
අමතර කර්මාන්ත කිව්වට තරු පහේ හෝටල් නම් නැතුවාට කමක් නැහැ. (නි)
වැඩේ හොඳයි. පරිසරය, කැළය, සතුන් ආරක්ෂා වෙන පරිදි සංවර්ධනය වෙනවා නම් තවත් හොඳයි. (නි)
ගංවතුරට ඔරොත්තු දෙනවා නම් ඉතා අගෙයි (නි)
වැඩේ නම් ඉතාම හොඳයි (නි)
ඉතාමත්ම අගයකළ යුතු විශිෂ්ට වැඩක් (නි)
බලන්න, මොනතරම් උතුම් කටයුත්තක්ද? (නි)
වත්මන් රජය ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය සඳහා උදාර මෙහෙවරක් ඉටුකොට තිබෙනවා. ඒ ගැන අපි අපගේ ප්‍රණාමය රජයට පළකළ යුතුයි. මේ මාර්ග නිසිලෙස නඩත්තු කරනවා නම්, එය රටේ අනාගත සංවර්ධනයටත් මහත් පිටුවහලක් වේවි. (නි)
උදාර වැඩක්. පිං කටයුත්තක් (නි)
බොහොම හොඳ කටයුත්තක්. ස්තුතියි (නි)
කොච්චර හොඳ දෙයක්ද? (නි)
පාරවල් ටික හැදීම හොඳයි. පරිසරයත්, අලි ඇතුනුත් ඇතුලු අනෙකුත් සතුනුත් ආරක්ෂා වියයුතුයි (නි)
ඉතාම හොඳ වැඩක්. අපි දන්නවා මීට වසර කිහිපයකට පෙර තිබුන තත්ත්වය. දැන් දඹුල්ලේ සිට මාර්ගය ඉතාම හොඳයි. ජනාධිපතිතුමනි, එයටද පින්. හිටපු අගවිනිසුරු සරත් එම් සිල්වා මහතාද මෙම මාර්ගය දියුණු කිරීමට උනන්දු වුණා. එතුමාටත් මේ පොහෝ දින පින් අත්වේවි. (නි)
කාලයක් මුළුල්ලේ වල්බිහිවී තිබුන මේ ඵෙහාසික පින්බිම වන්දනාමාන කිරීමට මහජනතාවට අව්ස්ථාව උදාකර දුන් අපේ ජනාධිපතිතුමාට මහත් පින්! ඒවගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පුජාභුමිය වටා තිබෙන අනෙක් පුරාවස්තු රැකගැනීමට වැඩපිළිවෙලක් යෙදීමට උපදෙස් දෙනවා නම් එය තවත් වටිනවා (නි)