IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පළමු ටෙස්ට් තරගය - ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 105 කට සීමාවෙයි

කෝඩුකාර පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක නේතන් ලයන් ගේ (34/5) විශිෂ්ට පන්දු යැවීම නිසා  ඕස්ටේ‍්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (1) ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 105 කට සීමාවිය. වර්ෂාව හේතුවෙන් ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 115 ක් ලබා ලකුණු 283 ක් ඉදිරියෙන් සිටියේය. ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිමේ පළමු පන්දුවේදීම ෂේන් වොට්සන් දවා ගැනීමට චානක වෙළගෙදර සමත් විය. රිකී පොන්ටිං දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 4 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට දැඩි අස්වැසිල්ලක් විය. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් ලකුණු 42 ක් ලබා සිටියදී තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය ක‍්‍රීඩකයකු ලෙස එංගලන්ත ජාතික විනිසුරු රිචඞ් කෙට්ල්බරර් තීරණය කළේය. එම දැවී යෑම විනිසුරු තීරණය විමසීමට යොමු කළ අතර එහිදී ක්ලාක් දැවී නොගිය ක‍්‍රීඩකයකු ලෙස තීරණය කළේය. ක්ලාක් සිය 21 වැනි ටෙස්ට් අර්ධ ශතක ලෙස ලකුණු 60 ක් රැස්කළේය. ඩිල්ෂාන්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට පිලිප් හියුස් දැවීගිය බවට විනිසුරු තීරණය කළේය. එය විනිසුරු තීරණය විමසීමේ අවස්ථාවට යොමු කළ ද එය දැවී යෑමක් ලෙස සනාථ විය. රංගන හේරත් ප‍්‍රබල පිතිකරුවන් වන මයිකල් ක්ලාක්, මයික් හසී සහ බ‍්‍රැඞ් හැඩින් පන්දු අටක් තුළ දවා ගනිමින් නැවතත් දස්කම් දැක්වීමට සමත් විය. තරංග පරණවිතාන සහ තිලකරත්න ඩිල්ෂාන් ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළ අතර ඩිල්ෂාන් ක‍්‍රීඩා කළ දෙවැනි පන්දුවේදී ලකුණු 4 කට දැවී ගියේය. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙපළ වන කුමාර් සංගක්කාර (10) සහ මහේල ජයවර්ධන (11) අසාර්ථක වීමෙන් ලකුණු 44 කට කඩුලූ තුනක් බවට පත්විය. තරංග පරණවිතාන සහ තිලාන් සමරවීර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 43 ක සම්බන්ධතාව ඉනිමේ වැඩිම සම්බන්ධතාව වේ. මුළු ලකුණු සංඛ්‍යාව 87 ක්ව තිබියදී සිවුවැනි කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව ලකුණු 18 ක් තුළ කඩුලූ හතක් බිඳ වැටීමෙන් ලකුණු 105 කට සීමා විය. තරංග පරණවිතාන අන්තයක් ආරක්ෂා කරමින් පන්දු 115 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 29 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් මෙම තරගයේදී එක්දින වරම් ලැබූ නේතන් ලයන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලූ පහක් දවා ගැනීමට සමත් විය. අද (2 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.



අදහස් (0)

පළමු ටෙස්ට් තරගය - ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 105 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 1020 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1342 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1227 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 497 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1223 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 309 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 46 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site