ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට ජාතික සංවර්ධන බැංකුවේ ඇගේ ගිනුම්වලට අදාළ ලේඛන දිය නොහැකි යැයි එම බැංකුව විසින් ඉදිරිපත් කැරුණු ඇපෑල මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතා විත්තිය නොවිමසාම ඉවත දැමීය.
බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායිකාවට නොදෙන එම ලියැවිලි බැංකුවෙන් නඩුවට ඉදිරිපත් කර ඇති බවයි.
තම වත්කම් හෙළි නොකළැයි ඇයට එරෙහිව අල්ලස් කොමිසමෙන් මේ නඩුව පවරා ඇත. වැඩිදුර විභාගය අගෝස්තු 25 වැනි දා ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මැතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයින් පවා තම වත් කම් හෙළි නොකරන කාලයේ මේ රටේ හදිසි ධනවතුන්, ව්‍යාපාරිකයින් , මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමට පෙනෙන්නේ නැද්ද ? (නදී)
ඒවා පේනවා ගාමිණී -සිරි ඒ ඔවුන් රජ උදහසට ලක් උන දවසට.(අ)
ඔව් වීරසිංහ මල්ලී,නුතන මොල්ලිගොඩ ලා, අරිට්ඨකී වෙන්ඩුලා, වඩිගයින්ගේ තරම තේරුම් ගන්නකොට, අහෝ. ප්‍රමාද වැඩියි (නදී)
මෙය දැන් වාඩිවෙලා ඉන්න පැත්ත බලපුහම පේනවා මෙයා කොහොම කෙනෙක්ද කියලා. (නදී)
මහාධිකරණ විනිසුරු එම් සී බී එස් මොරායස් මහතාට ජාතියේ ප්‍රණාමය ලැබිය යුතුයි. වල් වැදුන නීතිය කැළෑ නීතිය සමග මගුල් කද්දී අධිකරණය හා නීතිය හරි මගට ගත හැක්කේ ඔබ තුමන් වැනි කොන්ද පන ඇති විනිසුරුවන්ට පමණයි.(නදී)
මගේ බැංකු ගිණුම බලන්න මට බැරිද හත් ඉලව්වේ ? (නදී)
සත්‍යයා, ඔබ වගේ හිතන අය 1%ක්වත් නැහැ ලංකාවේ. ඒකයි ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තෙ, දියුණු කරන්නත් බැරි. (නි)
දේශපාලකයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතාලයන් කළු සල්ලි හම්බ කරන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඒත් අග විනිසුරු වගේ තනතුරක් හොබවන කෙනෙක් ඒ විධියට සල්ලි හම්බ කලා නම් විමතියක්. කොහොම වුනත් එසේ කරපු හැමෝටම නීතියෙනුත් ස්වාභාව ධර්මයෙනුත් දඩුවම් ලැබිය යුතුයි. (නදී)
මෙතුමිය අද වෙනකම් අගවිවිසුරුවරිය විදිහට වැඩ කලා නම් මුව හන් පොරවාගෙන ඉන්න මුර්ගයන් ගේ මුණු අපට බලාගන්න තිබුනා (නදී)
මෙය කරපු වැරැද්ද තමා සමෘධි අදිකාරියේ ආර්ථික සංවර්න එක යටතට ගන්න ගෙනාපු පනත ඉවත දාපු එක. එ්කයි මේ දඩුවම (නදී)
අනේ සාදු , ඉඳල හිටලා හරි අපිට ගැලපෙන තීන්දු තීරණ ලැබෙනවා නේද හරිම සන්තෝසයි . විනුසුරු තුඅමනි මගෙත් ආයු ලබා තවත් බොහෝ කල් ජිවත් වෙත්වා (නදී)
ලංකාවේ අධිකරණවල මෙවැනි කීර්තිමත් විනිසුරු හිටියා හැබැයි ඒ අයගේ අනාගතය ඉතාමත් සෝචනීය උනා. සමහර විනිසුරුවරයන්ට බොරු නඩු පටලවලා අත්අඩංගුවට ගන්න පවා කටයුතු කළා. ඒ නිසා රටේ ජීවත්වන ජනතාවසේ අපිටත් තියනවා යුතුකමක් හා වගකීමක් මෙවැනි පුද්ගලයන් ආරක්ෂා කිරිම රැක ගැනීම. (නදී)
අනෙත් අයටත් ආඩම්බරයක්. හැම නඩු අසන අයත් මෙහෙම ඉන්නවනනම් කොච්චර හොඳද? (දී)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)