රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා රන් මුදු 05 ක් සහ රන්පටි 78 රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායකදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරුවෝ වයස අවුරුදු 40 සහ 41 ක් වූ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි රෙදි පිලි ව්‍යාපාරිකයෝ වෙති. අත් අඩංගුවට ගනු ලැබූ රන්වල බර ග‍්‍රෑම් 748 කි.
ඔවුහු තම බෑග් හැඩල ඇතුලේ මෙම රත්තරන් සගවා තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන කේ.ඒ ධර්මසේන සහ කේ. පේ‍්‍රමනාත් යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන එස්.නියාෂ්, ටී සෝමලිංගම්, ඒ.ආර් සේනාධීර සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන රෝහණ කුමාර, එස්.ඞී දයානන්ද, ජේ.සී අභයවර්ධන, සී.කොටැඹගේ, අසංක පෙරේරා, තරිඳු ඉලේපෙරුම, සී.පී අබේවික‍්‍රම, එස්.පී ලොකුගම යන නිලධාරීන් විසින් සිදු කරති.
බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත
ශ්රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු
තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෑග් හැඩලයෙන් ලක්ෂ පනස් හයක් එළියට
වජිර Sunday, 17 March 2013 06:28 AM
දැන් මේ අල්ලන බඩු වලට ඊළගට වෙන්නේ මොකක්ද? (නි)
සෙනරත් Saturday, 16 March 2013 03:28 AM
ඕනෑම අයෙකුට ස්ථිර ආදායම් මාර්ගයක් නැති වුණොත් එයාලා ඊළගට හොරකම පටන් ගන්නවා. (නි)
ගිම්හානි Saturday, 16 March 2013 12:48 PM
මේ අල්ලන රත්තරන් බඩු වලට මොකද වෙන්නේ (ස)
කිර්ති Saturday, 16 March 2013 07:13 PM
දෙයියෝ සක්කි
ඉෂාර Saturday, 16 March 2013 09:48 AM
රාජ සන්තකයි තිලක් මහත්තයෝ... (ස)
ලලිත් Saturday, 16 March 2013 10:11 AM
අල්ලන හෙර බඩු වලින් මහජනතාවටත්, රටටත් යහපතක් වෙන වැඩපිළිවෙළක් තිබේදැයි දැනගැනීමට කැමැත්තෙමි. (නි)
තිලක් - ඩුබායි. Friday, 15 March 2013 10:58 PM
මේ අල්ලන රත්තරන් ටොන් ගානට ඩොලර් කෝටි ගානට මොකද වෙන්නේ. ? (ස)
අශේන් Saturday, 16 March 2013 05:07 PM
කොහොමද වැඩේ (දී)
සුමනා Sunday, 17 March 2013 01:37 AM
මිනිස්සුන්ගේ වැඩ තමයි (දී)
උපුල් Saturday, 16 March 2013 11:20 AM
රටේ සුභ සාධනයට දෙයක් කරන්න (අ)
සංජීව Sunday, 17 March 2013 02:41 AM
මේවාට දැන් මොකද වෙන්නේ? (නි)