රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා රන් මුදු 05 ක් සහ රන්පටි 78 රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායකදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
සැකකරුවෝ වයස අවුරුදු 40 සහ 41 ක් වූ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි රෙදි පිලි ව්‍යාපාරිකයෝ වෙති. අත් අඩංගුවට ගනු ලැබූ රන්වල බර ග‍්‍රෑම් 748 කි.
ඔවුහු තම බෑග් හැඩල ඇතුලේ මෙම රත්තරන් සගවා තිබූ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන කේ.ඒ ධර්මසේන සහ කේ. පේ‍්‍රමනාත් යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන එස්.නියාෂ්, ටී සෝමලිංගම්, ඒ.ආර් සේනාධීර සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන රෝහණ කුමාර, එස්.ඞී දයානන්ද, ජේ.සී අභයවර්ධන, සී.කොටැඹගේ, අසංක පෙරේරා, තරිඳු ඉලේපෙරුම, සී.පී අබේවික‍්‍රම, එස්.පී ලොකුගම යන නිලධාරීන් විසින් සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ලන රත්තරන් ටොන් ගානට ඩොලර් කෝටි ගානට මොකද වෙන්නේ. ? (ස)
ඕනෑම අයෙකුට ස්ථිර ආදායම් මාර්ගයක් නැති වුණොත් එයාලා ඊළගට හොරකම පටන් ගන්නවා. (නි)
රාජ සන්තකයි තිලක් මහත්තයෝ... (ස)
අල්ලන හෙර බඩු වලින් මහජනතාවටත්, රටටත් යහපතක් වෙන වැඩපිළිවෙළක් තිබේදැයි දැනගැනීමට කැමැත්තෙමි. (නි)
රටේ සුභ සාධනයට දෙයක් කරන්න (අ)
මේ අල්ලන රත්තරන් බඩු වලට මොකද වෙන්නේ (ස)
කොහොමද වැඩේ (දී)
දෙයියෝ සක්කි
මිනිස්සුන්ගේ වැඩ තමයි (දී)
මේවාට දැන් මොකද වෙන්නේ? (නි)
දැන් මේ අල්ලන බඩු වලට ඊළගට වෙන්නේ මොකක්ද? (නි)