ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 57 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (10 වැනිදා) පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 4 කින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරාජය කරමින් 8 වැනි ජය ලැබීය.
ඉන්දීය 21 හැවිරිදි වමතින් වේග පන්දු යවන ක‍්‍රීඩක ජාදෙව් උනාකට් ලකුණු 25 කට කඩුලූ 5 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.
මහේල ජයවර්ධන පන්දු 13 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 19 ක් රැස් කළේය. දිල්ලි පිලේ නිත්‍ය නායක මහේල ජයවර්ධනට මෙම තරගයේදී නායකත්වය අහිමි වූ අතර ඬේවිඞ් වෝනර් නායකයා ලෙස කටයුතු කළේය.
විරාට් කෝලි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 58 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 99 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 183 (විරාට් කෝලි 99, මොයිසිස් හෙන්ද්‍රික්ස් 26, ඒ. බී. ඩිවිලියස් නොදැවී 32)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 179 (මහේල ජයවර්ධන 19, විරේන්ද්‍ර සෙවැග් 18, උන්ක්ඩාට් චාන්ද් 41, බෙන් රෝරර් 32, මොනේ මොර්කල් 19, ඉර්ෆාන් පතන් නොදැවී 23, ජාදෙව් උනාකට් 25/5)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමු අපේ කෙනා මොකද කරන්නේ කියලා. (නි)
මහේල දඩි උත්සහයක් ගන්න බැලුව ......... (ස)
මෙ උතුම් රටට එරෙහි වුන හැමෝටම වෙනදේ ඕක තමයි. පහුවෙලා හරි පලදේවි.(නදී)