ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගොස් දේශපාලන රැකවරණය ලබාගැනීමට කුට උත්සාහයක යෙදුණුබව කියනඇමෙරිකා හා ඕලන්ද බෝට්ටුවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ගමන්කළ බව ඕස්ට්‍රේලියා බලධාරීන් සොයාගත් බව ඇසොසිඑටඩ් ප්‍රෙස් වාර්තාවක් උපුටා දක්වන ලාස් වෙගාස් සන් පුවත්පත වාර්තා කර ඇත.
මෙම මාධ්‍යවේදීන් දෙදෙනා ඇමෙරිකා සහ ඕලන්ද ජාතිකයින් බවත් පසුගියදා පැවැති ඕස්ට්‍රේලියානු මැතිවරණය සමයේ මුහුදු සිමාවේ ආරක්ෂක කටයුතු තරමක් දුරට ළිහිල්කිරීමට සිදුවීම උපයෝගී කරගනිමින් මෙම බෝට්ටුව ඕස්ට්‍රේලියා මුහුදු කලාපයට ඇතුළුවීමට උත්සාහ කරන ලද බවත් එහි දැක්වෙයි.
ලුකි ටොහල්සන් යන ජොවල් වෑන් හූඩට් නැමැති මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සතුව වීසා බලපත් තිබූ බව ඕස්‌ට්‍රේලියානු බලධාරීහු පවසති.
මැතිවරණයෙන් ජග්‍රහණය කල නව ඕස්‌ට්‍රේලියානු අගමැති ටෝනි ආබට් සැපයුවේ ව්‍යාජ සරනාගතයන් රැගත් බෝට්‌ටු කිසිදු සමාවකින් තොරව ආපසු හරවා යවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉන්දුනීසියාවේ ඉඳල ආ බව කිව්වා කියලා තමා මට මතක. කිසිම විදියකින් ලංකාවේ සම්බන්දයක් මේකට තියනවා කියලා මේහේ නම් කිව්වේ නෑ.(නදී)
ඕස්ට්‍රේලියා බලධාරින් නම් කියන්නේ මේ දෙන්නටම වලංගු විසා හා පාස්පෝර්ට් තිබුණු බවයි. ඒ දෙන්න ආවේ ඉන්දුනීසියාවේ ඉඳල. ඒ දෙන්නම යුද වාර්තා කරුවන් ලෙස ඇෆ්ගනිස්ථානයේ වැඩ කරපු අයලු. ලංකාවට සම්බන්දයක් තියෙනවා කියල කොහෙවත් කියල නැහැ. අනෙක සරණාගත කම ඉල්ලලා යන හැම බෝට්ටුවක්ම ලංකාවට සම්බන්ද නැහැනේ. (අ)
ඔන්න මේකට නම් කාටවත් නැහැ කියන්න බැහැ. අපේ අය ඒ පැත්තෙන් නම් ආස්චර්යයට ගිහින්. (ස)
මෙතන ලංකාවට සම්බන්ධයක් නැහැ. වාර්තාකාරයෝ සංක්‍රමනිකයෝ වගේ වෙස් වලාගෙන ගිහින් තිබෙන්නේ මේක වර්තා කරන්න. මේ ගොල්ල මේ වාර්තාව රුපවාහිනී මගින් ප්‍රචාරය කරහම පෙනේවි සංවිධානාත්මක කල්ලි මඳින් දේශපාලන අනාථයන් කියලා ඔස්ට්‍රේලියාවට යන්නේ ආර්ථික සරණාගතයන් කියලා මම නම් දකින්නේ මේක හොඳ වැඩක්. (ස)
මේ දෙන්නා නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයේ වාර්තා කරුවන්. (නදී)