ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුන් සංවිධානය කළ වෛද්‍ය විද්‍යා ප්‍රදර්ශනය, වෛද්‍ය සායනය සහ ලේ දන් දීමේ කඳුවුර අද එම විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි.
එම විදුහලෙන් අධ්‍යාපනය ලැබ මේ වන විට වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයන් සහ වෛද්‍ය සිසුහු එක්ව මෙහි සායන පැවැත්වුහ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇතුළු බෝ නොවන රෝග සායන, ගැහැණු ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් සුවනාරී සායනය, උගුර කණ නාසය පිළිබඳ සායන, අක්ෂි වෛද්‍ය සායනය, දන්ත වෛද්‍ය සායනය, නව යොවුන් වියේ සෞඛ්‍ය ගැටළු පිළිබඳ දැනුම්වත් කිරීම, පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ සම්මන්ත්‍රන සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රවර්ධන වැඩසටහන්, දේශීය වෛද්‍ය සායනය, පශු වෛද්‍ය සායනය ද මොවුහු පැවැත් වුහ.
මීට අමතරව එහි උගත් නීතිඥයෝ සහ නීති සිසුහු නීති උපදේශන සේවාවන් පැවැත් වුහ.
ජාතික හැදුනුම් පිළිබඳ ජංගම සේවය, විදේශ ගමන් බලපත් පිළිබඳ ජංගම සේවය, උප්පැන්න මරණ හා විවාහ ලියාපදිංචි කිරීමේ ජංගම සේවා, ඉඩම් ගැටළු පිළිබඳ ජංගම සේවා, බදු හා ගිණුම් කටයුතු පිළිබඳ ජංගම සේවා, රැකියා වෙලඳ පොළ අධ්‍යාපන හා වෘත්තීය පිලිබඳ මාර්ගපදේශන සේවාවන්ද මෙහිදී පැවැත් වුහ.
ඉහත ආයතයන්හි සේවය කරන බණ්ඩාරනායක ආදි සිසුහු රැසක් මෙයට එක්ව සිටියහ.
යක්කල ආයුර්වේද රෝහළේ වෛද්‍යවරු සහ සිසුහු එක්ව දේශීය වෛද්‍ය සායනයක් පැවැත් වුහ.
ඔවුහු පැමිණි සිට සැමට හකුරු සමග ඔසුපැන් පිළිගැන්වුහ.
සාමාන්‍ය රෝහළක මෙන් බාහිර රෝගී ඒකකයක් ද එහි පැවති අතර බටහිර බෙහෙත් මෙන්ම දේශීය බෙහෙත් නොමිලේ සපයනු දක්නට ලැබිණ.
තම අවශ්‍යතාවයන් සහ ගැටළු නිරාකරණය කරගැනීම සඳහා නන් දෙසින් ජනයා විදුහල් භූමියට ඇදී ආහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියෙන් වෙල් යාය කන්ද නැගල අපි ඉස්කෝලෙට ආවා. දැන් නම් කසගස් පේන්න නැහැ. පිටු පසින් සුසාන භුමිය. ඔබ සෙවනේ ගතකල අවුරුදු 7 මගේ ජිවිතයේ සුන්දරම කාලයයි .චිරන් ජයතු !!! (නදී)
සුපිරි, කියන්න වචන නෑ. (ස)
මම මේක දැක්කේ එෆ් බී එකෙන්. වැඩේ මරු. බොක්කටම වැදුන. (ස)
අපේ සුභ පැතුම්! (නි)
මේ වැඩ සටහන සංවිධානය කළේ " බණ්ඩාරනයකයේ අපි" සහෘද එකමුතුව මගින්. ඇත්තටම ක්‍රියාත්මක කලේ සමස්ත බණ්ඩාරනයකවරුන් කියල කියන්න පුළුවන්. හැමෝටම පුළුවන් "බණ්ඩාරනයකයේ අපි" සහෘද එකමුතුව එක්ක මේ වගේ වැඩසටහන් එක්ක ඉදිරියේදී එකතුවෙන්න. සියලු දෙනාටම විවෘතව ආරාධනා කරනවා පහත ක්‍රමයකින් අපිත් එක්ක එකතු වෙන්න කියලා. FB - BandaranayakayeApi (වචන අතර ඉඩක් නැතුව) e - [email protected]
වැඩේ හොදයි. හැබැයි අර මාධ්‍යවේදීන්ට ගහපු අයට දාන්න හිස කුඩිච්චි ටිකක් අරගෙන ගියා නම් හොඳයි විදුහලේ නම විනාශ කලා සුළු පිරිසක්. ඒ මාධ්‍යෙව්දියෝ මේකට ආවේ නැද්ද? (නදී)
වැඩේ නියමෙට තිබුනා. සතුටුයි සාර්තකත්වය පිළිබදව. පසු වෛද්‍ය සායනයකුත් තිබ්බෝ. (නදී)
පහන් ගේ සහා ජගත්ගේ ප්‍රථිචාර දැක්කහම පපුව කඩාගෙන ගියා වගේ දැනුනා. නිමේෂයෙන් ඒ සුන්දර පාසල් කාලයට ගියා. (නදී)
මෙය හැම පාසලකම සිදුවිය යුත්තක්. සුපිරි ගනයේ පාසල් වගේම අනෙකුත් අඩු පහසුකම් ඇති පාසල්වලත් මේවා ක්‍රියාත්මක කරනවා නම් කොච්චර හොඳද? (නදී)
සංවිදායක මණ්ඩලයට අපගේ ප්‍රණාමය ! (නදී)
මේ පාසල් මාතාවට දෙවි පිහිටයි! (නි)
නීලක අයියා නියම වැඩක් ! (නදී)
මට පුදුම දුකක් ඇතිවෙන්නේ මේවා දැක්කම. අපි පිටරටක ඉඳගෙන සල්ලි මත්තෙම නැහෙනවා මිසක් මේ වගේ දේකට එකතු වෙන්න බැහැනේ.මගේ පාසලට තුණුරුවන්ගේ සරණයි! (නි)
මගේ පළමු අම්මා නැතත් දෙවැනි අම්මා තවමත් බලසම්පන්නයි. ඔබට නමස්කාර වේවා! (නි)
මගේ හද පිරි සතුට! (නි)
බණ්ඩාරනායක අම්මේ... ඔබට සදා ජය...! (නදී)
මාත් පැත්තකින් ඉන්නවා (නදී)
බණ්ඩානායකයේ වත්මන් සිසුවෙක් ලෙස ආඩම්බරයි. (පරිඝණක සමාජය)
බණ්ඩාරනායක අභිමානය විහිදුවා ලු තවත් දවසක්. ආඩම්බරයි මගේ සහෝදර වෛද්‍ය සහෝදරයින් ගැන. සුවහසක් රෝගී ජනතාව සුව කිරීමට මගේ දෙවැනි අම්මා බිහි කළ වෛද්‍යවරු අනන්තයි. ඔබට චිරං ජයතු ! (නදී)