බත්තරමුල්ලේ ජයන්තිපුර නිවසක මිදුලට අද (8) අලුයම වැටුණු පාෂාණය තරමක් දියවෙන සුළු බව පෙනේයැයිද, එවැනි පාෂාණයක් දුටු පළමු අවස්ථාව මෙය යැයි ද, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න කියයි.
එය උල්කාෂ්මයක කොටසක් විය හැකි බව කියන ඔහු විද්‍යාගාර පරීක්ෂණ සඳහා එම කොටස් ලබා ගත්තේය. ඒවායේ විකිරණශීලීතාවක් හෝ යකඩ හෝ නැති බව ඔහු කියයි.
බත්තරමුල්ල ජයන්තිපුර මැද පාරේ සී ගුණතිලක මහතාගේ මිදුලට මේ ආගන්තුක පාෂාණය වැටී ඇත.
‘මෙම පාෂාණ උල්කාෂ්ම විය හැකියි. නමුත් කෙබඳු පාෂාණයක් ද යන්න කිව හැක්කේ පරීක්ෂණවලින් පසුවයි.‘
මහාචාර්යවරයා යන විට මෙම පාෂාණ කොටස් කුණුගොඩට දමා තිබිණි.
මහචාර්යවරයා කියනුයේ එවැනි දෙයක් ඉවත් නොකළ යුතු බවයි.
වැටුණු තැනම තැබීමෙන් පරීක්ෂණ පහසුවන බවත්, ඉවත් කිරීමෙන් වැදගත් සාක්කි නැතිවන බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොව මතුපිටින් හමුවන හැම දෙයක්ම පිට සක්වලින් ආ බවට ඉක්මන් නිගමන ගැනීම ඉකා අඥානවන්තයි. පහුගිය කාලෙ අහසින් මාළුත් වැටුණ නම් ඒ වගේ මැටි ගුලියක් වැටෙන්නට බැරිද? ඇරත්, උල්කාශ්ම වායු ගෝලයට ඇතුළු වෙන කොට අධික තාපයට ගොදුරු වෙන හින්දා මේ වගේ මෙලෙක් දෙයක් ඉතිරිවෙන්න පුළුවන්ද?(නු)
සොයා බලන්න හොදට මොකද මිට කලින් මේ වගේ දේවල් සිද්ද වී නැහැ (දී)
අපේ පාර්ලිමේන්තුවත් ඔය කිට්ටුවම නේද? ඉතින් පුදුමයක්යෑ ගල් පැලෙන එක? (නි)
හැමදාම මොනවා හරි වැටෙනවා. හෙට මොනවා වැයටයිද? දන්නේ නර (ස)
මේක දැං කාලෙ පාං ගෙඩියක් වෙන්න ඇති.. (නු)
දිඹුලාගල පැත්තේ හම්බ වෙච්ච පාෂාණ පිටසක්වල එව්වා නෙමෙයි කියල කිව්වානේද.. එක වහගන්න බත්තරමුල්ලට කිරිමැටි ගුලියක් උඩින් දාල... (නු)
කොහොමද ඉදිරියේ දී ලංකාවට ඔය විදියට මුතු මැණික් ටිකක් වැටුනොත්....(ස)
ලෝකෙ විනාසෙ ගැන කල පරික්ෂන වගේද දන්නේ නැහැ නේද?(නදී)
අල්ලපු ගෙදර මනුස්සයා තරහට කළු ගල් කුට්ටියකින් ගැහුවද දන්නේ නෑ (ස)
උල්කාපාතයක්වත් පාත් වෙලාද පොළවට? (නි)
මාරයි නේද? (නි)
මේවා ඉතින් අපිටම කියන නිසා හොඳයි (ස)
පහුගිය කාලේ බත්තරමුල්ල පැත්තේ තිබුණු උද්ඝෝෂණ වලට පාවිච්චි කරන්න ගෙනාපු දේශපාලන මඩ වෙන්න ඇති. (නි)
ඉදිරියට මොනවගේ දේවල් කඩාගෙන වැටේවිද කවුද දන්නේ (ස)
බත්තරමුල්ල කියන්නේ හුගක් ඥනවන්තයෝ ඉන්න පැත්තක්ලු. (නි)
මේක දැන් රැල්ලක් වෙලා (ස)
සොහොන් ලකුණක් වගේ (ස)
මොන කල්පනාද ජානක(නු)
මම ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ.. මේවා ලංකාවෙ අයව නොමග අරින්න කරන වැඩ..!(නු)
නොදන්න දේවල් ගැන ගොඩක් සැළකිලිමත් වෙන එක අපි හැමෝටම හොදයි..!(නු)
අයිස් ක්‍රීම්ද දන්නෙ නැහැ..!(නු)
කාබයිට් වගේ පේන්නේ? ගෑස්වලට අරන් ඉවරවෙලා කවුරුහරි දාන්න ඇති..!(නු)
අල්ලන්න එපා කියලා තියෙද්දිත් අල්ලනවා..!(නු)
මීට පෙර පොළොන්නරුවට වැටුණු උල්කාෂ්මය ඒ මිනිස්සු පරෙස්සම් කරලා තිබුණා. කොළඹ නූගත්කමයි, ගමේ බුද්ධිමත්කමයි අතර වෙනස පේනවා නේද? (නි)
මේක ගැන හොයන්න ඕන දැං ගොඩක් මේවා ප්‍රශ්න වීගෙන එන්නෙ..(නු)
ලෙඩ් වෙන්න ඇති. (නි)
බත්තරමුල්ලේ කෙනෙක් වෙලත් ඕක කුනු ගොඩට දාන්න තරම්ම කල්පකාවක් නැති කෙනෙක්ද.?(නදී)
කිරි මැටි වගෙයි පේන්නේ (ස)
කිරි මැටි ගුලියක් නේද ? අහල පහල තරහකාරයෙක් දමල ගහන්න ඇති ! (ස)
විශ්වයේ පුදුමයක්, නියමයි.(නදී)
ලග බේකරියකින් කපුටෝ ගෙනියන කොට බිම වැටිලද?(නදී)