කැළණිය එක්සත් සුහද සමාජයේ බොදු හා කිතුනු සාමාජිකයෝ කැළණිය සිංහාර මුල්ල ජයන්ති මාවතේදී අද (23) බත් දන්සලක් දුන්හ.
කැළණිය හිඹුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස මධ්‍යස්ථානධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නය ද ඔස්ලෝ ගොමස් විශාමික අගරදගුරු ඇතුළු කිතුණු පුජකවරුද දන්සලට ආ පිරිසට ආහාර බෙදීමට උදව් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණුආරච්චි එක එක ජාතීන්ට කතා කරන්න එක එක ජාතින් ඕනෑ වෙන්නේ ගෝත්‍රවාදී සංකල්ප වල එල්ලිලා ඉන්න අයට. ඔහේගේ ඔය සංකල්පෙට කියන්නේ ලින්මැඩිවාදේ,නැතිනම් දුපත් මානසිකත්වේ. (නි)
අපේ සංහිදියාව හැමදාම තිබුණා (නි)
මේ වගේ දේවල් තමා අද කාලේ වෙන්න ඕනෑ.සාමයේ ලකුණු.සැමදෙනාටම පින්. (නි)
මේක ඉතාම හොද වැඩක්. මොකද අපි සියල්ලෝම ලාංකිකයෝ (නි)
ඒ වුණාට බෞද්ධ ළමයෙක් ආගමේ පාසලකට දාන්න ගියහම මුලින්ම අහන්නේ මොකක්ද? (නි)
මේවා කුමන්ත්‍රණ. කෝ අපේ බලසේනාව? (නි)
සජිත් ජාතිවාදියෝ එන්නේ ජාතියට කරදරයක් වුනාම. එදාට අපිත් ජාතිවාදියෝ. අපේ ජාතිය වෙනුවෙන් වෙන ජාතිකයෝ කතා කරන්නේ නැහැනේ. එහෙම නේද. (නි)
කෝ බොදුබල සේනා? (නි)
ඉතා හොඳ වැඩක්. දැකීම සතුටක් (නි)
සියලු ආගම් එකමුතු වී දුන් නිදහස් දන්සලේ සුවද එතෙර ඉන්න අපිටත් දැනෙනවා වගේ. (අ)
බමුණුආරච්චි, ඔයාගේ ඔය බමුණු අදහස් කොහෙන්ද ආවේ? ඇමරිකාවේ ජාතින් 46 වෙනුවෙන් කතාකරන්නේ ජාතින් 46ද? එහෙම නැතිනම් එහෙ ආණ්ඩුවයි සිඅයිඒ එකයිද? හම සුදු වුනත් එක්සත් රාජධානියේ ඉන්නවා ජාතින් 22 පමණ.ඒ 22 කතා කරන්න ජාතිවාදියෝ 22 ඉන්නවද? ඕක මානසික ලෙඩක්.හිට්ලර්ට තිබුනෙත් ඕක. (නි)
ආ සමන් අලුතෙන් පල්ලි ඇතිවෙන එක ප්‍රශ්නයක්ද? එතකොට යුරෝපේ එහෙම අලුතෙන් අරින පන්සල් ? (නි)
නන්දන, ලංකාව තියෙන්නෙ යුරෝපයේ නෙමෙයි. ඒ ගොල්ලො වැඩ කරන්නෙ එහාට ගැලපෙන විදියට. මෙහෙ වැඩ කෙරෙන්නෙ මෙහාට ගැලපෙන විදියට. අනික කොච්චර පන්සල් හැදුවත් යුරෝපයේ හාමුදුරුවරු හෝ වෙනත් අය අත්පත්‍රිකා බෙද බෙදා ගෙයක් ගෙයක් ගානෙ පාරවල් ගානෙ යන්නෙ නෑ නේද? එහෙ ඉන්න බෞද්ධයො පන්සල්වලට එනවා වගේම තමන්ටම හිතිලා තමන්ගෙම කැමැත්තෙන් පන්සල්වලට එන අන්‍ය ආගමිකයනුත් ඉන්නවා. ඩෙන්මාර්කයේ පහුගිය අවුරුද්දෙ ජනසංඛ්‍යා ලේඛන වාර්ථා බලන්නකො කීදෙනෙක් කැමැත්තෙන්ම බෞද්ධ වෙලාද කියලා.(නදී)
හැමදාම මෙවැනි පුවත් යටින් අදහස් දාන කිහිප දෙනෙක් නිකරුනේ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින අයට පුහු තර්ක ගොතමින් අපහාස කරනවා. ඒ වෙනුවෙන් වචන ගලපා කුණු අවුස්සා දෙන අචිනි රාවණා සොයුරෝ වගේ උකුස්සොත් දාලා. දෙගොල්ලම එකම දඩයම් කණ්ඩායමේ අය. ඒකයි සමන් වගේ අය ඇමට ගන්නේ. අනේ මන්දා! මේකත් අන්‍ය ආගමිකයන්ගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ. කවදත් පිරිසිදු මනසින් යුතුව මගේ රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටිමි (නි)
හරිම උතුම් පින්කමක්,හින්දු භක්තිකයොත් හිටියනම් තමා හොද.(නදී)
නදී, කතෝලික ළමයෙක්ව ඔය කියන හොඳ උසස් බෞද්ධ පාසල් වලට ගන්න තියෙන ප්‍රමුඛතාවය ගැන කතා මොකටද? ඒකයි අපේ රටේ පෞද්ගලික කතෝලික පාසල් (ඉන්ටනැෂනල් නොවේ) විවෘත වෙලා තියෙන්නේ. මමත් ගියේ ලංකාවේ උසස්ම ප්‍රතිපල ගන්න පෞද්ගලික කතෝලික පාසලට, ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බෞද්ධ පාසල් 6 වසරින් අරඹන නිසා බෞද්ධ ළමයින්ව මගේ ඉස්කෝලෙට දාගන්න පොරකාලා දාගෙන අන්තිමට උසස් ලෙස විභාග පාස් වුනාම දුවනවා අර කියන ඉස්කෝල වලට. මේවා සදාචාරාත්මකද? දුවන අයව කවදාවත් වාරණ දාගෙන රඳවාගෙන නැහැ කතෝලික පාසල්.ඔයා කරන හැම දෙයක්ම පටු විදියට දකින්න එපා. ඇයි මෙවැනි දේ දැකීම තුල සතුටු වෙන්න බැරි? (නි)
මා බෞද්ධ හෝ ක්‍රිස්තියානි නොවුනට මෙය ඉතා හොඳ ක්‍රියාවක්. අපි ඉස්සෙල්ලම හොඳ මිනිස්සු විය යුතුයි. පසුව අපට පුළුවන් අපි කැමති ධර්මයක් ආගමක් පිළිගන්න, අනුගමනය කරන්න. (නි)
හොද වැඩක්. සියල්ලෝම ශ්‍රී ලාංකිකයෝ හැටියට සමගියෙන් සිටිය යුතුයි (නි)
බොදු කිතුනු සමගිය පෙන්වන මේ ක්‍රියාව කිතුනුවෙක් විදියට මම අගය කරනවා.(අ)
අපි බේද වුනොත් ඒකෙත් වාසිය පාලකයන්ට.දැවෙන ප්‍රශ්න යට ගහන්න පුලුවන්නේ. ඒවාට මේ විදිහට උත්තර දෙමු.අද වගේ උතුම් දවසක. (නි)
ඉතාම වටිනා වැඩක්. ලංකාවෙ බෞද්ධයන් හා සාම්ප්‍රදායික කිතුනු කතෝලිකයන් අතර කිසිම ඝට්ඨනයක් නැහැ. අළුතෙන් ඇතිවෙලා තියෙන පල්ලි හින්දා තමයි මේ ප්‍රශ්ණ ඇතිවෙන්නෙ. ඒ ගොල්ලො බෞද්ධයන්ට පමණක් නෙමෙයි සාම්ප්‍රදායික කතෝලිකයන්ටත් එකසේ තර්ජනයක්. (නි)
හරිම සතුටුයි, අපි එක මවකගේ දරුවෝ (නි)
කෝ අර වර්ගවාදී නඩේ? ඇස් වල කටු අනිනවා වගේ දැනෙනවද මිනිස්සු සමාදානෙන් ජිවත් වෙද්දී?මෙහෙම එකමුතුව සිටියොත් වර්ගවාදීන්ට කන්න අදින්න නැහැ. (නි)
ලෝකයට තියෙන්නේ එකම ආගමයි. ඒ මිනිස්සු යහපත් විදියට ජීවත් වෙලා මේ ලෝකෙන් සමුගන්න එකයි (නි)
කෝ මේ ජාතිවාදියෝ? (නි)
මෙවැනි ක්‍රියා මගින් අපේ රටේ ජනතාවට සාමයේ පණිවිඩය ගෙන දෙන බොදු කිතුනු සියලු දෙනාට මගේ හද බැදී ස්තූතිය! (නි)
"ධර්මය බලවත් වූ දේශයක් ගොඩ නගමු එක ලක් මෑණිගේ දරුවෝ වගේ එකට එකතු වී " (නි)
මෙවැනි දේවල් දැකීමත් සතුටක්. ඔබ සැමට පින්! (නි)
ගමේ කට්ටිය එකට ඉන්න එකට සතුටුයි (නි)
බෞද්ධයින්ගේ එක මුදුන් මල්කඩක් වන කැළනියේ මේ වගේ ආදර්ශමත් දේවල් දකින්නත් සතුටුයි (නි)
මේ ඔබ හා මගේ රටයි (නි)
අනේ මන්දා! මේකත් අන්‍ය ආගමිකයන්ගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ (නි)
අපිත් අද දන්සලක් දුන්නා අපිත් කිතුනුවො තමයි (අ)