IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බොදු බල සේනාවට එරෙහි චෝදනා ගොනු කරයි

කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවැති ජාතික බළ සේනාවේ මාධ්‍ය හමුවට බලෙන් ඇතුළු වී වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජූලි හත් වැනි දා බොදු බල සේනාවට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද පොලිසියට නියෝග කළේය.

බොදු බළ සේනාවේ ගලගොඩඅත්තේ  ඥානසාර හිමි පෙර දිනක උසාවිය අසළ දී ‘බල්ලා‘ යැයි කියමින් තමාට අපහාස කළ බව වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළේය.

ඒ ගැන පොලිසියට පැමිණිලි කරන ලෙස මහේස්ත්‍රාත් ඔහුට දැන්වීය.

 



අදහස් (0)

බොදු බල සේනාවට එරෙහි චෝදනා ගොනු කරයි

සමීර් Monday, 09 June 2014 07:11 PM

බොදු බල සේනාවට මමත් එකඟයි (නි)

:       0       0

ජෝන් Tuesday, 10 June 2014 11:46 AM

බොදුබලසේනාව කරන දේ හරි නමුත් කරන විදිහ වැරදියි . අනෙක් කරුණ සිංහල ජාතිය නැතිවී යාමේ තර්ජනය හුදෙක් දේසපාලන කටයුත්තකට එහා ගිය සමාජ සාකච්චාවට බදුන් විය යුතු විෂයක්. (දී)

:       0       0

ලුශාන් Monday, 09 June 2014 01:27 PM

'බල්ලා' කියන වචනය නම් ඒ තරම් හොද නැහැ (දී)

:       0       0

පිටිගල Monday, 09 June 2014 07:16 PM

බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැහැ කියලා කතාවක් මම පොඩි කාලේ අහලා තිබෙනවා. කවුරු කිව්වත් මම හිතන්නේ ඒක සහතික ඇත්තක් (නි)

:       0       0

ජනිත Monday, 09 June 2014 01:29 PM

බොදුබල සේනාව මේ කරන වැඩේ හරියටම හරි කියලඉ මට හිතෙන්නේ. බුදු දහම හොද උනාට අපි ඒ මග ගියාට.. අනිත් අය එකෙන් ප්‍රයෝජන ගනනි හදන්නේ.. වැරදි විදියට.. බොදු බල සේනාවට තෙරුවන් සරණින් තවත් ඉදිරියට මේ වෙන වැරදි පෙන්නලා දෙන්න අවස්ථාව ලැබේව... ඔක්කොටම මෛත්‍රී කර කර ඉදල වැඩක් නැහැ අපට රටත් නැති වෙවී... (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 09 June 2014 01:34 PM

සමස්ත මානව සංහිතියම නිසි මග යැවීම සඳහා තමා සෑම ආගමක්ම පහලවුනේ. යම් ආගමක් අදහන්නන් වෙනත් ආගමක්-ධර්මයක් දෙස බලා බිය වන්නට කිසිම හේතුවක් නැහැ. එකමදේය වන්නේ තමුන් හා තමන්ගේ පවුලේ සාමාජිකයින් හා සැවෝම ආගමානුකූලව ජීවත් වීමය. ඒ අනුව සිදුවේනම් තමුන් හා තමන් අදහන ආගම-ධර්මය ද රැකෙයි. ඒ හැරෙන්න අනුන්ට දොස් කියන එක හෝ වෙනත් ආගම් වලට අපහාස කිරීම හෝ නොවේ සිදු විය යුත්තේ. (දී)

:       0       0

පිටිගල Monday, 09 June 2014 07:34 PM

අපේ මිනිසුන්ට ඉතින් යමක් කිවුවට තේරුම් ගන්නෙ නැහැනේ (නි)

:       0       0

රණසිංහ Monday, 09 June 2014 01:50 PM

සම්පත්,ඔබ හරි (නි)

:       0       0

රන්ජිත් Monday, 09 June 2014 01:50 PM

මොනවා වුණත් ‍මේ වෙන දේවල් නම් අපිට අනුමත කරන්න අමාරුයි (නි)

:       0       0

ජගත් Monday, 09 June 2014 07:39 PM

සත්‍යාවබෝධය නැති කල බුද්ධ ශාසනයද නොපවතී. (නි)

:       0       0

නුවන් Monday, 09 June 2014 01:55 PM

මොනවද මේ වෙන්නේ? පොඩි ළමයින් වගේනේ හරියට... (නි)

:       0       0

කුසුම් Monday, 09 June 2014 07:44 PM

හැබැයි පිටිගල මහත්තයෝ, බුරන බල්ලන් එක්කම තවලමත් යන වෙලාවල් තිබෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. (නි)

:       0       0

උඩුමලගල ගමගේ Monday, 09 June 2014 01:58 PM

යම් දෙයක් රැක ගන්නට එහි මූලික සිද්ධාන්ත බිද හෙලීම කෙතරම් හාස්‍ය ජනක හා ඛේදජනකද ? බුදුදහම පරම අවිහිංසා වාදී දර්ශනයකි. සීලය ආරක්ෂා කරන අවසන් උපසම්පදාපන්න භික්ෂුවත් සිටින තුරු මේ ලොවේ බුදුදහම විනාශ කිරීමට කිසිවෙකුට නොකකි බවයි බුදුන් වහන්සේ වදාළේ. හිංසාවෙන් බුදුදහම ආරක්ශාකරන්නට තැත් කිරීම සැබවින්ම බුදුදහම ආරක්ෂා කිරීමද ? විනාශ කිරීමද ? (දී)

:       0       0

කුසුම් Monday, 09 June 2014 02:10 PM

සම්පත් මහත්තයා, හොඳට මතක තියාගන්න.බෞද්ධයන් නිදාගෙන වගේ පෙනුනට සැබෑ බෞද්ධයන් කිසි දවසක නිදිවැදිලා හිටියේ නැහැ. බුද්ධ ධර්මය නිසි ලෙස ශ්‍රවනය කළ අය දන්නවා එම උතුම් දහම අනුගමනය කරන්න ඕනෑ විදිහ. අතීතයේ බටහිර තුන් ජාතියක් හා ද්‍රවිඩයන් මේ රට ආක්‍රමණය කළත් බෞද්ධයෝ සැලුනේ නැහැ. එදා හිටි මහා සංඝරත්නය ධර්මයෙන් හා විනයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කළා (නි)

:       0       0

දිමුතු Monday, 09 June 2014 02:20 PM

මේ දෙපාර්ශවයම වැරදි බවයි මගේ හැඟීම වන්නේ. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 09 June 2014 02:22 PM

කුසුම් මහත්මියට දෙන්න තෑග්ගක් නැහැනේ මට(නි)

:       0       0

අජන්ත Monday, 09 June 2014 02:23 PM

මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

රුවන් Monday, 09 June 2014 02:29 PM

සම්පත් හරි (නි)

:       0       0

ගයාන් Tuesday, 10 June 2014 12:55 PM

පරුෂ වචනය පුජ්‍ය පක්ෂය ට කැපද? දන්නා කවුරු හරි කියා දෙන්න. ගිහියන්ට කැප නැහැ කියලා නම් අහලා තියනවා. (දී)

:       0       0

ගයාන් Tuesday, 10 June 2014 12:56 PM

බොදුබලසේනාව කරන දේ හරි නමුත් කරන විදිහ වැරදියි . - මෙ කතාවට මමත් එකතුයි. (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 10 June 2014 07:19 PM

නීති ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට සාමය බිඳ වැටෙනවා. ඕනෑම රටක ඒ ඒ ජාතීන්ගේ ඒ ඒ ආගමක් ධර්මයක් ඇදහීමේ නිදහස ලබාදීම කළයුතුයි. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 02:37 PM

හැබැයි දැන් හුඟ දවසකින් බොදු බල සේනාව කතාබහට ලක් වුණේ නැහැ (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 10 June 2014 01:16 PM

සම්පත්, ඔයා පළමුව බුද්ධ ධර්මය හොදට ඉගෙන ගෙන එන්න. මම කතා කරන්නේ ධර්මය රකින්න ඉන්න පැවිදි අය සීලාචාර ආදර්සමත් වී සියුරේ ගරුත්වය රැකෙන පරිදි වැඩකළා නම් මිට වඩා වැදගත් කියල. මොකද අපි ජාතිවාදයට, ආගම් වාදයට උඩගෙඩි දීම සුදුසු නැහැ. සමගිය, සදාරණය රැකෙන පරිදි වැඩ කිරීම මිනිසාගේ වගකීමක්. රටේ වෙන අපරාද ගැන සම්පත් මොකද ඔයාල කතා නැත්තේ ?මේගැන ලොකුවට කතාකරන්නේ ? දැන් කඩේ ගියා ඇති සම්පත්. බන පොතක් කියවල ධහම ඉගෙනගන්ඩ මුලින්. (දී)

:       0       0

අක්මල් ඛාන් Monday, 09 June 2014 02:58 PM

එහෙමම යමු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. අනුන්ට කලදේ තමන්ට පලදේ කියන කියමන හරියට හරි (දී)

:       0       0

තිලකා Monday, 09 June 2014 02:59 PM

බොදු බල සේනාවට මොකුත් කියන්න එපා (දී)

:       0       0

චානක Monday, 09 June 2014 03:04 PM

මේ ප්‍රශ්නයේදී ජාති වාදය ගාව ගන්න එපා (දී)

:       0       0

සැම්සන් පිලපිටිය Monday, 09 June 2014 09:06 PM

ජාතිවාදය ආගම් වාදය පතුරුවමින් 30 වසරකට පසු ලැබු නිදහස නැති කර නැවතත් රට ආගාදයට දමා ජාති වාදී යුද්දයකට ද මුල පුරන්නේ? මෙය තේරුම් නොගත හොත් රටත් අපත් විනාශ වෙනවා.(නදී)

:       0       0

නිලුක Tuesday, 10 June 2014 01:21 PM

බුද්දාගම විනාශ කරන්න එපා (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 10 June 2014 01:22 PM

සම්පත්, ධර්මය ගැන ඔයා මොනවා දැනගෙනද මේ කතාකරන්නේ ? ඔයා මොනවද දන්නේ ? කැමති දැනගන්න. මොකද මම නොදන්නා දේ ඔයාගෙන් දැනගන්න. (දී)

:       0       0

ප්‍රදීප් Monday, 09 June 2014 09:26 PM

බොදුබල සේනාව මේ කරන වැඩේ හරියටම හරි කියලයි මට හිතෙන්නේ. බුදු දහම හොද උනාට අපි ඒ මග ගියාට.. අනිත් අය එකෙන් ප්‍රයෝජන ගන්නයි හදන්නේ.. වැරදි විදියට.. බොදු බල සේනාවට තෙරුවන් සරණින් තවත් ඉදිරියට මේ වෙන වැරදි පෙන්නලා දෙන්න අවස්ථාව ලැබේව... ඔක්කොටම මෛත්‍රී කර කර ඉදල වැඩක් නැහැ අපට රටත් නැති වෙවී... (දී)

:       0       0

ගල්පාත Monday, 09 June 2014 09:54 PM

අනාගතයේ මිට වඩා දරුණු වෙනවා තත්වය (දී)

:       0       0

පියල් Monday, 09 June 2014 09:56 PM

වැරැද්ද නිවැරැද්ද අධිකරණය තීරණය කරයි කලබල එන්න දෙයක් නැහැ (දී)

:       0       0

පද්මිණි Monday, 09 June 2014 10:04 PM

කන්නත් නැතිව,නාන්නත් නැතිව බොන්නත් නැතිව ඉන්න කොට්ඨාශයක් ඉන්නවා. ඒ ඇත්තෝ ගැන බලනවා නම් බුදු දහමට ආදර්ශයක්. (දී)

:       0       0

පහන් Monday, 09 June 2014 03:24 PM

කුසුම් කියන්නෙත් සම්පත් කියන දේම තමයි .ෆැස්රුල් මහත්තය දෙන්නටම තෑගි දෙන්න . (දී)

:       0       0

නදීක Monday, 09 June 2014 10:08 PM

අනිත් අයවත් වනසල අපිත් වැනසෙමු. ප්‍රදීප් එහෙම හොඳයි නේද? මෛත්‍රීය කිරීම නවත්වල අපි වෛර කරමු. (දී)

:       0       0

පහන් Monday, 09 June 2014 03:31 PM

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ වටා මිනිස්සු එකතුවෙනවා .උන්වහන්සේ කරලා තියන වැඩකොටස බුද්ධ සාසන අමත්‍යන්සයවත් කරලා නැහැ . (දී)

:       0       0

කරු Monday, 09 June 2014 03:37 PM

සම්පත් 2014-06-09 12:42:06 සම්පත්, ඔයා කියන ආකාරයට ලංකාවේ බෞධාගම එන්න ඉස්සර තිබ්බ අගම මොකක්ක්ද ?, නිකන් ජාතිවාදය අවුස්සන්නේ නැතිව ඉන්නවා මනුස්සයෝ. (දී)

:       0       0

ඇත්ත Monday, 09 June 2014 10:27 PM

ෆස්රුල් ගෆූර් ,ඔයා කියන " යම් ආගමක් අදහන්නන් වෙනත් ආගමක්-ධර්මයක් දෙස බලා බිය වන්නට කිසිම හේතුවක් නැහැ" හරියට හොරාට ඉස්සෙල්ල කෙහෙල් කැන වැට පැන්න වගේ කතාවක්! (ස)

:       0       0

කපිල් ගමගේ Monday, 09 June 2014 10:37 PM

ඇයි අපේ රටේ සිංහල බෞද්ධයින්ටම ප්‍රශ්න දාන්නේ, අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. (ස)

:       0       0

සමීර Monday, 09 June 2014 03:42 PM

ඕව කරන්නේ මිනිස්සුන්ට රටේ තියෙන අනිකුත් ප්‍රශ්න ජිවන වියදම අමතකවෙන්න තමා ඕව කරන්නේ (දී)

:       0       0

දුල්රාජ් Monday, 09 June 2014 10:48 PM

ප්‍රදීප්, ඔයාගේ කතාව ඇත්ත. මම එය අගය කරනවා.තෙරුවන් සරණින් තවත් ඉදිරියට මේ වෙන වැරදි පෙන්නලා දෙන්න අවස්ථාව ලැබේවා! (නි)

:       0       0

පවන් Monday, 09 June 2014 11:30 PM

තමන්ගේ ආගම තමන් අදහාගෙන පාඩුවේ ඉන්නවා නම් ප්‍රශ්න ඇතිවන්නේ නැහැ (නි)

:       0       0

පහන් Tuesday, 10 June 2014 02:34 PM

අවුරුදු 30 යුද්ධෙ ගැන කතාකරන අය තව අවුරුදු 30 කින් ඇතිවෙන්න යන අනතුර ගැන දන්නේ නැහැ . (දී)

:       0       0

බිමල් Monday, 09 June 2014 03:50 PM

කවුරු උනත් වරදක් වෙලා තියෙනවා නම් දඩුවම් දිය යුතුමය. (දී)

:       0       0

මාලිංග Monday, 09 June 2014 03:54 PM

ඒ පාර මොකද්ද ඒ මට සිද්දිය අමතක වෙලයි තිබ්බෙත් (දී)

:       0       0

සුසීමා Tuesday, 10 June 2014 12:14 AM

මොනවා වුණත් දැන් රට යන අත හොඳ නැහැ (නි)

:       0       0

සතිෂ් Tuesday, 10 June 2014 12:13 AM

නොදන්නා දේවල් නොකියා ඉන්න තරමට හොඳයි (නි)

:       0       0

යහම්පත් Monday, 09 June 2014 03:57 PM

කාලෙකට මතුවෙන සංවිධානය (දී)

:       0       0

සම්පත් Tuesday, 10 June 2014 12:13 AM

සෙනරත්, ඔයා මොනවද දන්නේ? (නි)

:       0       0

විල්සන් Tuesday, 10 June 2014 03:01 PM

මොකද්ද ඉතින් ඒ කතාවේ වැරැද්ද (දී)

:       0       0

සරත් Tuesday, 10 June 2014 12:13 AM

සමහරු අදහස් දැම්මට කිසිවක් නොදන්නා වග නම් පෙනෙනවා (නි)

:       0       0

ජිලෝ Tuesday, 10 June 2014 03:01 PM

ලෝකයේ සියල්ලෝම පැවිදි වූවත්,ඔවූන් අතර සත්‍ය අවබෝධය ලැබූ එක පුද්ගලයකුත් නැත්නම්,සියල්ලෝම පාපයහි අදර්මය්හි ගැලී වෙසෙත් නම් ඔවූන් තූල බුද්ද ශාසනයක් පවතීද.? (දී)

:       0       0

පහන් Monday, 09 June 2014 04:00 PM

කරු එන්න කලින් තිබ්බ ආගම නෙමේ .බුදුදහම ලැබීමෙන් පස්සේ ,මහින්දාගමනයෙන් පස්සේ අපට ලැබුණු දේ ගැන කතාකරන්න .මර්සලීන් ජයකොඩි පියතුමා කිව්වේ ,මගේ ජාතිය සිංහල .ආගම කතෝලික .උරුමය බෞද්ධ කියල .උන් වහන්සේ තව කිව්වා ,ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන් .වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන් කියල . (දී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ. Tuesday, 10 June 2014 02:02 AM

සම්පත් මහත්තයෝ, සිවුරක් පොරවාගත් පමණින් සියල්ල සම්පූර්ණ නැහැ. පළමුව සිවුරේ ගරුත්වය, සංවරය ඉගෙනගන්න ඕනෑ. අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනීසිටීම සියලු ශ්‍රී ලාංකික අපි හැමෝගෙම වගකීමක්. නමුත් ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ගේ අනන්‍යතාවයට අපි බාධාවක් නොවී අපේ ආගම, අපේ ජාතිය, අපේ රට අපි රැකගනිමු. (නි)

:       0       0

සිල්වා Tuesday, 10 June 2014 02:11 AM

මොනවද මේ සතුන්ගේ නම් කිය කියා පොඩි ළමයින් වගේ හැසිරෙන වැඩ? (නි)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Monday, 09 June 2014 05:00 PM

බල්ලෝ දැනගත්තොත් චීවරදාරියෙකුට එහෙම කිව්වා කියල මොනවා වේවිද දන්නේ නෑ. (දී)

:       0       0

සිල්වා Monday, 09 June 2014 05:12 PM

අනේ මන්දා මේ වෙන දේවල් මොනවද කියලා (නි)

:       0       0

සෝමා Monday, 09 June 2014 12:00 PM

වචනයක ප්‍රශ්නයක්, වැඩිය හිතන්න එපා (දී)

:       0       0

කාන්ති Monday, 09 June 2014 05:41 PM

ස්වාමින් වහන්සේලා මීටවැඩිය ඉවසිය යුතුයි නේද? (නි)

:       0       0

නිවන්ත Monday, 09 June 2014 05:43 PM

අදහස් දක්වන සමහරු කතා කරන්නේ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි වගේ (නි)

:       0       0

කුමාරි Monday, 09 June 2014 05:44 PM

මම නම් හැමදාම ඉන්නේ බොදු බල සේනාව පැත්තේ (නි)

:       0       0

නුවන් Monday, 09 June 2014 05:44 PM

මම නම් කියන්නේ අපේ හාමුදුරුවෝ කියන දේ හරි.බුද්ධාගම තියෙන්නත් බුද්ධාගම අදහන අය ඉන්න ඕනෑ. (නි)

:       0       0

කල්ප Tuesday, 10 June 2014 09:15 AM

බොදු බල සේනාවට ජයවේවා (දී)

:       0       0

සෙනරත් Monday, 09 June 2014 12:09 PM

හරි වැරැද්ද අධිකරණය තීරණය කරයි, අපි අධිකරණය විශ්වාස කරනවා සාධාරණයක් වෙයි කියලා (දී)

:       0       0

ගුණවර්ධන Monday, 09 June 2014 05:47 PM

ගිහි කෙනෙකුට වඩා අපි පුජ්‍ය පක්ෂයෙන් සම්මා වාචා යන කාරනය බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

කල්ප Tuesday, 10 June 2014 09:14 AM

ගලබොඩ ඇත්තේ හාමුදුරුවනේ දැන් ඔය ඇති නේද (දී)

:       0       0

සේනක Monday, 09 June 2014 05:54 PM

බොදු බලසේනාව මීට වැඩිය සංවරයකින් යුක්තව මේ කටයුත්ත කළා නම් මීට වැඩිය ලොකු ගරුත්වයක් ලැබෙන බව මගේ විශ්වාසයයි (නි)

:       0       0

ප්‍රියා Monday, 09 June 2014 12:14 PM

ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදා වරදක් කලේ නැහැ (දී)

:       0       0

සෑම් Monday, 09 June 2014 12:16 PM

ටික දවසකින් මුකුත් කලබැගෑනියක් දැක්කේ නැහැ. මේකේ අයත් බුදු දහම අවබෝධකරගෙනද දන්නේ නැහැ. (දී)

:       0       0

මොහොමඩ් Monday, 09 June 2014 06:04 PM

චණ්ඩිකම් වලින් ප්‍රශ්න විසඳන්න බැහැ. කරුණාවෙන් පහදාදෙන එකයි වැදගත් (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 09 June 2014 12:27 PM

මේ බොදුබල සෙන නායකයන් විසින් තවත් පැවිදි නායක හාමුදුරු කෙනෙකුට මෙලෙස අපහස කරමින් නටන නාඩගම් නවත්වන්න. බැරිනම් තවදුරටත් සාසනයට අපහස නොකර සිවුරට ගරු කරලා පාඩුවේ අගමානුකුලව ජිවත් වෙලා තමුන්ගේ ජාතියට, තමුන්ගේ ආගමට සේවය කරන්න. මේකද අපේ බුදු පියා අපිට දේසනා කරපු දර්මය ? අපිත් හොද බෞධයෝ තමා. ඒත් මෙහෙම අපි ඉගෙනගත් බුදුදහමේ සදහන්වෙලා නෑ (දී)

:       0       0

මදුශ Monday, 09 June 2014 12:28 PM

විජිත හිමියන්ට නොවෙයි කාට උනත් බල්ලා කියන්න වටින්නේ නැහැ (දී)

:       0       0

සමන් Tuesday, 10 June 2014 09:51 AM

අනේ මන්දා සත්තුන්ට අපහාස කරන්න නරකයි. කෙනෙකුට තව කෙනෙක් අර විදිහට පෙනෙන්නේ තමාද එවැන්නෙකු වීම නිසාය. (ස)

:       0       0

සම්පත් Monday, 09 June 2014 12:42 PM

සෙනරත් ඔයා හොද බෞධයෙක්නම් දැන් නිදන් හිටපු කාලේ ඇති. පොඩ්ඩක් අවදිවෙලා වටපිට බලන්න බෞධයන්ට වෙලා තියනදේ. උදාහරනෙකට ගන්න මලදිවයන. එදා බෞධ රටක්ව තිබුන මලදිවයනට අද බුදුපිළිමයක් ගෙනියන්නවත් අවසර නැහැ. එදා බෞධ රටක්ව තිබුන ඇෆ්ගනිස්තානේට අද බෞධයන්ට ඇතුල් වෙන්නවත් බැහැ. බොදු බළ සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි කරන්නේ ඔයාවත් මමවත් ඉදිරිපත්වෙලා නොකරන දේ. හොදම දේ නිවට සිංහල අපට බැරිදේ කරනඅයට ආශීර්වාද කිරීමයි (දී)

:       0       0

චානක Monday, 09 June 2014 12:44 PM

සිංහල ජාතිය නිවට ජාතියක් කියලා කියන්න එපා (දී)

:       0       0

රොෂාන් Monday, 09 June 2014 06:31 PM

ස්වාමින් වහන්සේලා මෙහෙම ප්‍රශ්න දාගන්න එක වැරදියි (නි)

:       0       0

කසුන් Monday, 09 June 2014 12:45 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

සුපුන් Tuesday, 10 June 2014 10:15 AM

බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය ක්‍රමයෙන් නැති වෙලා යන මොහොතක අපේ සිංහල බෞද්දයන් මේ තරම් නිවට නිහඩ මොන හේතුවකටද කියල හිතාගන්න බැ. ඥානසාර හාමුදුරුවන්ට මේ දේ දිගටම කරන්න ශක්තිය ලැබෙනවා. (දී)

:       0       0

සෑම් Monday, 09 June 2014 12:52 PM

සම්පත්,බුද්ධාගම රැකගන්න මැරයන් අවශ්‍ය නැහැ, බුදුදහම පිළිපදින මිනිසුන්ගේ හදවතේ හැමදාම තිබිය යුත්තේ අවිහිංසාව සහ ගුණගරුක බවයි. ඔබ කියන විදියට බුද්ධාගම කියන්නේ අනික් ආගම් වලට අපහාස කරමින් ඔව්න්ගේ සිද්ධස්ථාන කඩා බිඳ දමන ආගමකට නම් ඔබ බුද්ධාගමේ වෙන්න බැහැ ""ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී"" . (දී)

:       0       0

කන්නන්ගර Monday, 09 June 2014 12:56 PM

මේ හිමි වරුන්ගෙන් හරි කවුද වැරදි කවුද ?

:       0       0

ෆෙලිසිඅන් Monday, 09 June 2014 01:01 PM

මේ බොදුබල සේනා නායකයන් විසින් තවත් පැවිදි නායක හාමුදුරු කෙනෙකුට මෙලෙස අපහස කරමින් නටන නාඩගම් නවත්වන්න. බැරිනම් තවදුරටත් සාසනයට අපහස නොකර සිවුරට ගරු කරලා පාඩුවේ අගමානුකුලව ජිවත් වෙලා තමුන්ගේ ජාතියට, තමුන්ගේ ආගමට සේවය කරන්න. මේකද අපේ බුදු පියානන් අපිට දේසනා කරපු දර්මය ? (දී)

:       0       0

ශශීමාල් Monday, 09 June 2014 01:10 PM

බොදු බල සේනාව මීට වැඩිය ඉවසීමෙන් වැඩකටයුතු කළ යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 551 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 202 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 576 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 432 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2473 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2373 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37072 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24420 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 604 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site