කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවැති ජාතික බළ සේනාවේ මාධ්‍ය හමුවට බලෙන් ඇතුළු වී වටරැක විජිත හිමියනට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජූලි හත් වැනි දා බොදු බල සේනාවට එරෙහිව චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද පොලිසියට නියෝග කළේය.
බොදු බළ සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි පෙර දිනක උසාවිය අසළ දී ‘බල්ලා‘ යැයි කියමින් තමාට අපහාස කළ බව වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළේය.
ඒ ගැන පොලිසියට පැමිණිලි කරන ලෙස මහේස්ත්‍රාත් ඔහුට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි පිටිගල මහත්තයෝ, බුරන බල්ලන් එක්කම තවලමත් යන වෙලාවල් තිබෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. (නි)
තමන්ගේ ආගම තමන් අදහාගෙන පාඩුවේ ඉන්නවා නම් ප්‍රශ්න ඇතිවන්නේ නැහැ (නි)
ප්‍රදීප්, ඔයාගේ කතාව ඇත්ත. මම එය අගය කරනවා.තෙරුවන් සරණින් තවත් ඉදිරියට මේ වෙන වැරදි පෙන්නලා දෙන්න අවස්ථාව ලැබේවා! (නි)
ඇයි අපේ රටේ සිංහල බෞද්ධයින්ටම ප්‍රශ්න දාන්නේ, අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. (ස)
ෆස්රුල් ගෆූර් ,ඔයා කියන " යම් ආගමක් අදහන්නන් වෙනත් ආගමක්-ධර්මයක් දෙස බලා බිය වන්නට කිසිම හේතුවක් නැහැ" හරියට හොරාට ඉස්සෙල්ල කෙහෙල් කැන වැට පැන්න වගේ කතාවක්! (ස)
අනිත් අයවත් වනසල අපිත් වැනසෙමු. ප්‍රදීප් එහෙම හොඳයි නේද? මෛත්‍රීය කිරීම නවත්වල අපි වෛර කරමු. (දී)
කන්නත් නැතිව,නාන්නත් නැතිව බොන්නත් නැතිව ඉන්න කොට්ඨාශයක් ඉන්නවා. ඒ ඇත්තෝ ගැන බලනවා නම් බුදු දහමට ආදර්ශයක්. (දී)
වැරැද්ද නිවැරැද්ද අධිකරණය තීරණය කරයි කලබල එන්න දෙයක් නැහැ (දී)
අනාගතයේ මිට වඩා දරුණු වෙනවා තත්වය (දී)
බොදුබල සේනාව මේ කරන වැඩේ හරියටම හරි කියලයි මට හිතෙන්නේ. බුදු දහම හොද උනාට අපි ඒ මග ගියාට.. අනිත් අය එකෙන් ප්‍රයෝජන ගන්නයි හදන්නේ.. වැරදි විදියට.. බොදු බල සේනාවට තෙරුවන් සරණින් තවත් ඉදිරියට මේ වෙන වැරදි පෙන්නලා දෙන්න අවස්ථාව ලැබේව... ඔක්කොටම මෛත්‍රී කර කර ඉදල වැඩක් නැහැ අපට රටත් නැති වෙවී... (දී)
ජාතිවාදය ආගම් වාදය පතුරුවමින් 30 වසරකට පසු ලැබු නිදහස නැති කර නැවතත් රට ආගාදයට දමා ජාති වාදී යුද්දයකට ද මුල පුරන්නේ? මෙය තේරුම් නොගත හොත් රටත් අපත් විනාශ වෙනවා.(නදී)
මොනවා වුණත් දැන් රට යන අත හොඳ නැහැ (නි)
සත්‍යාවබෝධය නැති කල බුද්ධ ශාසනයද නොපවතී. (නි)
අපේ මිනිසුන්ට ඉතින් යමක් කිවුවට තේරුම් ගන්නෙ නැහැනේ (නි)
බල්ලෝ බිරුවට තවලම නවතින්නේ නැහැ කියලා කතාවක් මම පොඩි කාලේ අහලා තිබෙනවා. කවුරු කිව්වත් මම හිතන්නේ ඒක සහතික ඇත්තක් (නි)
බොදු බල සේනාවට මමත් එකඟයි (නි)
ස්වාමින් වහන්සේලා මෙහෙම ප්‍රශ්න දාගන්න එක වැරදියි (නි)
චණ්ඩිකම් වලින් ප්‍රශ්න විසඳන්න බැහැ. කරුණාවෙන් පහදාදෙන එකයි වැදගත් (නි)
බොදු බලසේනාව මීට වැඩිය සංවරයකින් යුක්තව මේ කටයුත්ත කළා නම් මීට වැඩිය ලොකු ගරුත්වයක් ලැබෙන බව මගේ විශ්වාසයයි (නි)
ගිහි කෙනෙකුට වඩා අපි පුජ්‍ය පක්ෂයෙන් සම්මා වාචා යන කාරනය බලාපොරොත්තු වෙනවා. (නි)
මම නම් කියන්නේ අපේ හාමුදුරුවෝ කියන දේ හරි.බුද්ධාගම තියෙන්නත් බුද්ධාගම අදහන අය ඉන්න ඕනෑ. (නි)
බොදුබලසේනාව කරන දේ හරි නමුත් කරන විදිහ වැරදියි . අනෙක් කරුණ සිංහල ජාතිය නැතිවී යාමේ තර්ජනය හුදෙක් දේසපාලන කටයුත්තකට එහා ගිය සමාජ සාකච්චාවට බදුන් විය යුතු විෂයක්. (දී)
නීති ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට සාමය බිඳ වැටෙනවා. ඕනෑම රටක ඒ ඒ ජාතීන්ගේ ඒ ඒ ආගමක් ධර්මයක් ඇදහීමේ නිදහස ලබාදීම කළයුතුයි. (නි)
ලෝකයේ සියල්ලෝම පැවිදි වූවත්,ඔවූන් අතර සත්‍ය අවබෝධය ලැබූ එක පුද්ගලයකුත් නැත්නම්,සියල්ලෝම පාපයහි අදර්මය්හි ගැලී වෙසෙත් නම් ඔවූන් තූල බුද්ද ශාසනයක් පවතීද.? (දී)
මොකද්ද ඉතින් ඒ කතාවේ වැරැද්ද (දී)
අවුරුදු 30 යුද්ධෙ ගැන කතාකරන අය තව අවුරුදු 30 කින් ඇතිවෙන්න යන අනතුර ගැන දන්නේ නැහැ . (දී)
සම්පත්, ධර්මය ගැන ඔයා මොනවා දැනගෙනද මේ කතාකරන්නේ ? ඔයා මොනවද දන්නේ ? කැමති දැනගන්න. මොකද මම නොදන්නා දේ ඔයාගෙන් දැනගන්න. (දී)
බුද්දාගම විනාශ කරන්න එපා (දී)
සම්පත්, ඔයා පළමුව බුද්ධ ධර්මය හොදට ඉගෙන ගෙන එන්න. මම කතා කරන්නේ ධර්මය රකින්න ඉන්න පැවිදි අය සීලාචාර ආදර්සමත් වී සියුරේ ගරුත්වය රැකෙන පරිදි වැඩකළා නම් මිට වඩා වැදගත් කියල. මොකද අපි ජාතිවාදයට, ආගම් වාදයට උඩගෙඩි දීම සුදුසු නැහැ. සමගිය, සදාරණය රැකෙන පරිදි වැඩ කිරීම මිනිසාගේ වගකීමක්. රටේ වෙන අපරාද ගැන සම්පත් මොකද ඔයාල කතා නැත්තේ ?මේගැන ලොකුවට කතාකරන්නේ ? දැන් කඩේ ගියා ඇති සම්පත්. බන පොතක් කියවල ධහම ඉගෙනගන්ඩ මුලින්. (දී)
බොදුබලසේනාව කරන දේ හරි නමුත් කරන විදිහ වැරදියි . - මෙ කතාවට මමත් එකතුයි. (දී)
පරුෂ වචනය පුජ්‍ය පක්ෂය ට කැපද? දන්නා කවුරු හරි කියා දෙන්න. ගිහියන්ට කැප නැහැ කියලා නම් අහලා තියනවා. (දී)
මම නම් හැමදාම ඉන්නේ බොදු බල සේනාව පැත්තේ (නි)
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය ක්‍රමයෙන් නැති වෙලා යන මොහොතක අපේ සිංහල බෞද්දයන් මේ තරම් නිවට නිහඩ මොන හේතුවකටද කියල හිතාගන්න බැ. ඥානසාර හාමුදුරුවන්ට මේ දේ දිගටම කරන්න ශක්තිය ලැබෙනවා. (දී)
අනේ මන්දා සත්තුන්ට අපහාස කරන්න නරකයි. කෙනෙකුට තව කෙනෙක් අර විදිහට පෙනෙන්නේ තමාද එවැන්නෙකු වීම නිසාය. (ස)
ගලබොඩ ඇත්තේ හාමුදුරුවනේ දැන් ඔය ඇති නේද (දී)
බොදු බල සේනාවට ජයවේවා (දී)
මොනවද මේ සතුන්ගේ නම් කිය කියා පොඩි ළමයින් වගේ හැසිරෙන වැඩ? (නි)
සම්පත් මහත්තයෝ, සිවුරක් පොරවාගත් පමණින් සියල්ල සම්පූර්ණ නැහැ. පළමුව සිවුරේ ගරුත්වය, සංවරය ඉගෙනගන්න ඕනෑ. අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනීසිටීම සියලු ශ්‍රී ලාංකික අපි හැමෝගෙම වගකීමක්. නමුත් ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ගේ අනන්‍යතාවයට අපි බාධාවක් නොවී අපේ ආගම, අපේ ජාතිය, අපේ රට අපි රැකගනිමු. (නි)
සමහරු අදහස් දැම්මට කිසිවක් නොදන්නා වග නම් පෙනෙනවා (නි)
සෙනරත්, ඔයා මොනවද දන්නේ? (නි)
නොදන්නා දේවල් නොකියා ඉන්න තරමට හොඳයි (නි)
මේ හිමි වරුන්ගෙන් හරි කවුද වැරදි කවුද ?
සම්පත් මහත්තයා, හොඳට මතක තියාගන්න.බෞද්ධයන් නිදාගෙන වගේ පෙනුනට සැබෑ බෞද්ධයන් කිසි දවසක නිදිවැදිලා හිටියේ නැහැ. බුද්ධ ධර්මය නිසි ලෙස ශ්‍රවනය කළ අය දන්නවා එම උතුම් දහම අනුගමනය කරන්න ඕනෑ විදිහ. අතීතයේ බටහිර තුන් ජාතියක් හා ද්‍රවිඩයන් මේ රට ආක්‍රමණය කළත් බෞද්ධයෝ සැලුනේ නැහැ. එදා හිටි මහා සංඝරත්නය ධර්මයෙන් හා විනයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කළා (නි)
යම් දෙයක් රැක ගන්නට එහි මූලික සිද්ධාන්ත බිද හෙලීම කෙතරම් හාස්‍ය ජනක හා ඛේදජනකද ? බුදුදහම පරම අවිහිංසා වාදී දර්ශනයකි. සීලය ආරක්ෂා කරන අවසන් උපසම්පදාපන්න භික්ෂුවත් සිටින තුරු මේ ලොවේ බුදුදහම විනාශ කිරීමට කිසිවෙකුට නොකකි බවයි බුදුන් වහන්සේ වදාළේ. හිංසාවෙන් බුදුදහම ආරක්ශාකරන්නට තැත් කිරීම සැබවින්ම බුදුදහම ආරක්ෂා කිරීමද ? විනාශ කිරීමද ? (දී)
මොනවද මේ වෙන්නේ? පොඩි ළමයින් වගේනේ හරියට... (නි)
මොනවා වුණත් මේ වෙන දේවල් නම් අපිට අනුමත කරන්න අමාරුයි (නි)
සම්පත්,ඔබ හරි (නි)
සමස්ත මානව සංහිතියම නිසි මග යැවීම සඳහා තමා සෑම ආගමක්ම පහලවුනේ. යම් ආගමක් අදහන්නන් වෙනත් ආගමක්-ධර්මයක් දෙස බලා බිය වන්නට කිසිම හේතුවක් නැහැ. එකමදේය වන්නේ තමුන් හා තමන්ගේ පවුලේ සාමාජිකයින් හා සැවෝම ආගමානුකූලව ජීවත් වීමය. ඒ අනුව සිදුවේනම් තමුන් හා තමන් අදහන ආගම-ධර්මය ද රැකෙයි. ඒ හැරෙන්න අනුන්ට දොස් කියන එක හෝ වෙනත් ආගම් වලට අපහාස කිරීම හෝ නොවේ සිදු විය යුත්තේ. (දී)
බොදුබල සේනාව මේ කරන වැඩේ හරියටම හරි කියලඉ මට හිතෙන්නේ. බුදු දහම හොද උනාට අපි ඒ මග ගියාට.. අනිත් අය එකෙන් ප්‍රයෝජන ගනනි හදන්නේ.. වැරදි විදියට.. බොදු බල සේනාවට තෙරුවන් සරණින් තවත් ඉදිරියට මේ වෙන වැරදි පෙන්නලා දෙන්න අවස්ථාව ලැබේව... ඔක්කොටම මෛත්‍රී කර කර ඉදල වැඩක් නැහැ අපට රටත් නැති වෙවී... (දී)
'බල්ලා' කියන වචනය නම් ඒ තරම් හොද නැහැ (දී)
බොදු බල සේනාව මීට වැඩිය ඉවසීමෙන් වැඩකටයුතු කළ යුතුයි (නි)
මේ බොදුබල සේනා නායකයන් විසින් තවත් පැවිදි නායක හාමුදුරු කෙනෙකුට මෙලෙස අපහස කරමින් නටන නාඩගම් නවත්වන්න. බැරිනම් තවදුරටත් සාසනයට අපහස නොකර සිවුරට ගරු කරලා පාඩුවේ අගමානුකුලව ජිවත් වෙලා තමුන්ගේ ජාතියට, තමුන්ගේ ආගමට සේවය කරන්න. මේකද අපේ බුදු පියානන් අපිට දේසනා කරපු දර්මය ? (දී)
මේ දෙපාර්ශවයම වැරදි බවයි මගේ හැඟීම වන්නේ. (නි)
සම්පත්,බුද්ධාගම රැකගන්න මැරයන් අවශ්‍ය නැහැ, බුදුදහම පිළිපදින මිනිසුන්ගේ හදවතේ හැමදාම තිබිය යුත්තේ අවිහිංසාව සහ ගුණගරුක බවයි. ඔබ කියන විදියට බුද්ධාගම කියන්නේ අනික් ආගම් වලට අපහාස කරමින් ඔව්න්ගේ සිද්ධස්ථාන කඩා බිඳ දමන ආගමකට නම් ඔබ බුද්ධාගමේ වෙන්න බැහැ ""ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී"" . (දී)
අපි බලමු මොකද වෙන්නේ කියලා (දී)
සිංහල ජාතිය නිවට ජාතියක් කියලා කියන්න එපා (දී)
සෙනරත් ඔයා හොද බෞධයෙක්නම් දැන් නිදන් හිටපු කාලේ ඇති. පොඩ්ඩක් අවදිවෙලා වටපිට බලන්න බෞධයන්ට වෙලා තියනදේ. උදාහරනෙකට ගන්න මලදිවයන. එදා බෞධ රටක්ව තිබුන මලදිවයනට අද බුදුපිළිමයක් ගෙනියන්නවත් අවසර නැහැ. එදා බෞධ රටක්ව තිබුන ඇෆ්ගනිස්තානේට අද බෞධයන්ට ඇතුල් වෙන්නවත් බැහැ. බොදු බළ සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි කරන්නේ ඔයාවත් මමවත් ඉදිරිපත්වෙලා නොකරන දේ. හොදම දේ නිවට සිංහල අපට බැරිදේ කරනඅයට ආශීර්වාද කිරීමයි (දී)
විජිත හිමියන්ට නොවෙයි කාට උනත් බල්ලා කියන්න වටින්නේ නැහැ (දී)
මේ බොදුබල සෙන නායකයන් විසින් තවත් පැවිදි නායක හාමුදුරු කෙනෙකුට මෙලෙස අපහස කරමින් නටන නාඩගම් නවත්වන්න. බැරිනම් තවදුරටත් සාසනයට අපහස නොකර සිවුරට ගරු කරලා පාඩුවේ අගමානුකුලව ජිවත් වෙලා තමුන්ගේ ජාතියට, තමුන්ගේ ආගමට සේවය කරන්න. මේකද අපේ බුදු පියා අපිට දේසනා කරපු දර්මය ? අපිත් හොද බෞධයෝ තමා. ඒත් මෙහෙම අපි ඉගෙනගත් බුදුදහමේ සදහන්වෙලා නෑ (දී)
ටික දවසකින් මුකුත් කලබැගෑනියක් දැක්කේ නැහැ. මේකේ අයත් බුදු දහම අවබෝධකරගෙනද දන්නේ නැහැ. (දී)
ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදා වරදක් කලේ නැහැ (දී)
හරි වැරැද්ද අධිකරණය තීරණය කරයි, අපි අධිකරණය විශ්වාස කරනවා සාධාරණයක් වෙයි කියලා (දී)
සම්පත් 2014-06-09 12:42:06 සම්පත්, ඔයා කියන ආකාරයට ලංකාවේ බෞධාගම එන්න ඉස්සර තිබ්බ අගම මොකක්ක්ද ?, නිකන් ජාතිවාදය අවුස්සන්නේ නැතිව ඉන්නවා මනුස්සයෝ. (දී)
අදහස් දක්වන සමහරු කතා කරන්නේ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි වගේ (නි)
ස්වාමින් වහන්සේලා මීටවැඩිය ඉවසිය යුතුයි නේද? (නි)
අනේ මන්දා මේ වෙන දේවල් මොනවද කියලා (නි)
බල්ලෝ දැනගත්තොත් චීවරදාරියෙකුට එහෙම කිව්වා කියල මොනවා වේවිද දන්නේ නෑ. (දී)
කරු එන්න කලින් තිබ්බ ආගම නෙමේ .බුදුදහම ලැබීමෙන් පස්සේ ,මහින්දාගමනයෙන් පස්සේ අපට ලැබුණු දේ ගැන කතාකරන්න .මර්සලීන් ජයකොඩි පියතුමා කිව්වේ ,මගේ ජාතිය සිංහල .ආගම කතෝලික .උරුමය බෞද්ධ කියල .උන් වහන්සේ තව කිව්වා ,ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන් .වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන් කියල . (දී)
කාලෙකට මතුවෙන සංවිධානය (දී)
ඒ පාර මොකද්ද ඒ මට සිද්දිය අමතක වෙලයි තිබ්බෙත් (දී)
කවුරු උනත් වරදක් වෙලා තියෙනවා නම් දඩුවම් දිය යුතුමය. (දී)
ඕව කරන්නේ මිනිස්සුන්ට රටේ තියෙන අනිකුත් ප්‍රශ්න ජිවන වියදම අමතකවෙන්න තමා ඕව කරන්නේ (දී)
වචනයක ප්‍රශ්නයක්, වැඩිය හිතන්න එපා (දී)
ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ වටා මිනිස්සු එකතුවෙනවා .උන්වහන්සේ කරලා තියන වැඩකොටස බුද්ධ සාසන අමත්‍යන්සයවත් කරලා නැහැ . (දී)
කුසුම් කියන්නෙත් සම්පත් කියන දේම තමයි .ෆැස්රුල් මහත්තය දෙන්නටම තෑගි දෙන්න . (දී)
මේ ප්‍රශ්නයේදී ජාති වාදය ගාව ගන්න එපා (දී)
බොදු බල සේනාවට මොකුත් කියන්න එපා (දී)
එහෙමම යමු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. අනුන්ට කලදේ තමන්ට පලදේ කියන කියමන හරියට හරි (දී)
හැබැයි දැන් හුඟ දවසකින් බොදු බල සේනාව කතාබහට ලක් වුණේ නැහැ (නි)
සම්පත් හරි (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
කුසුම් මහත්මියට දෙන්න තෑග්ගක් නැහැනේ මට(නි)