අලුත්ගම හා ධර්ගා නගරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී පැවසූහ.
බනකට වඩිමින් සිටි අයගම සමිත හිමියනට ධර්ගා නගරයේ දී පහර දීම ගැන පොලිසිය නිසි පරිදි ක්‍රියා කළා නම් මේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවන බව තම අදහස යැයි ඒ හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි. (නදී)
පොලිසිය නිසි පරිදි ක්‍රියා නොකරන හැම තැනකටම මෙයලා යනවද ? දැන් පස්යාල නිකන් පාරේ යන කොල්ලෙක් වෙඩි තියලා මැරුණා . මෙයාල වචනයක් කතා කලාද ? මෙතන බොහොම පැහැදිලියි කවුද වැරදි කියලා. මෙයාලා එක වචනයක් කිව්වද කැසිනෝ වලට විරුද්දව එක වචනයක් කිව්වද? එතනෝල් හා කුඩු වලට විරුද්දව එක වචනයක් කිව්වද ? රටේ වෙන අපරාද වලට එරෙහිව මොනවද කළේ. ඇයි ජිනීවා වලට යන්නේ නැත්තේ ? බොහොම අමාරුවෙන් පොලිස් හා හමුදා වල ජිවිත කැප කරලා බේර ගත්ත රට ආයේ නැති කරන්න තමා මේ හදන්නේ (නදී)
මෙම සිද්දිය ඇති වුණේ රියදුරු කරපු නොමනා ක්‍රියාවක් නිසා . මෙම දර්ගා නගරයේ සිදුවූ සියල්ලට වග කිවයුතු ඒ රියදුරු මහතාය (අ)
පොලිසිය නිසි පරිදි ක්‍රියා නොකරන හැම තැනකටම මෙයා ලා යනවද ? දැන් පස්යාල නිකන් පාරේ යන කොල්ලෙක් වෙඩි තියලා මැරුණා . මෙයාල වචනයක් කතා කලාද ? මෙතන බොහොම පැහැදිලියි කවුද වැරදි කියලා , ඔය කියන අය තමා මේ හැම දේම කරන්නේ . මෙයාලා එක වචනයක් කිව්වද කැසිනෝ වලට විරුද්දව , එක වචනයක් කිව්වද එතනෝල් හා කුඩු වලට විරුද්දව , එක වචනයක් කිව්වද රටේ වෙන අපරාද වලට එරෙහිව , මෙයා ලා ඇයි ජිනීවා වලට යන්නේ නැත්තේ ? බොහොම අමාරුවෙන් පොලිස් හා හමුදා වල ජිවිත කැප කරලා බෙර ගත්ත රට ආයේ නැති කරන්න තමා මේ අය හදන්නේ . (අ)
පෝල් මහත්තය කියපුව ඇත්ත. ස්තුතියි (අ)
ජාතිවාදී ප්‍රශ්න යළි රටේ ඇති නොවිය යුතුයි. (අ)
ජනතාව බුද්ධිමත් වුනොත් හොදයි.කොටි බලගෙන ඉන්නෙ රටට කෙලවෙනකන්. (අ)
පෝල් මහත්තය කියපුවා ඇත්ත. ස්තුතියි (නදී)
අනේ අපට නම් බොරු කියන්න බැහැ. (නදී)
අනේ දෙවියනේ (නදී)
නියමයි සියල්ලෝම දෙවි කෙනෙක් යටතේ ඉන්න බව මතක තියාගන්න ,බාලගිරි දොසේ අද නැහැ හෙට .(අ)
ඔබ වහන්සේගේ කතාව මම ඇහුව.සියළුම දේ යථාර්ථය ඇත්ත හාමුදුරුවනේ (අ)
පොලිසිය ගැන අපිට මොන විදිහේ ප්‍රශ්න තිබුනත්, ඔය කියන අයට වඩා, පොලිසියට නීතියයි, විනයයි, සංවරකමයි හොඳට තියනවා. (අ)
රැස්වීමක් තියලා ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ සාමාන්‍ය මහජනයා වෙන්න ඇති. (අ)
මේ ලගකදී, ස්ත්‍රියක් ස්වාමින් වහන්සේ කෙනෙකුට කනේ පහරක් ගහපු පුවතක් වාර්තා උනා එතකොට මේ අය කොහෙද හිටියේ? (නදී)
හැරෙන පැත්තට හෝයියා කියන්ට එපා මිනිසුනේ. එක වෙලාවකට තව එකක්. තව වේලාවකට තව එකක්. මම මේ කියන්නෙ උඩ කමෙන්ටි කරපු මිනිස්සුන්ට. එක වේලාවකට ගහපු එක හොදයි කියනවා. තව වෙලාවකට අනේ අපොයි කියනවා. (නදී)
මගේ ජිවිත කාලයට මේ ධර්ගා නගරයේ ඇතිවුන හතරවෙනි කෝලාහලය. දැන් හිතාගන්න පුලුවන් නේද? (නදී)
බොදුබල සේනාව ගියේ බික්ෂුන් වන්සේට පහරදීමට විරුද්දව. පොලිසිය පහර දෙන හැමඑකටම බොදුබල සේනාව යන්න ඕනා කියලා කියන්නේ ඔලුව නරක් උන අය. (නදී)
එතකොට එස්. මහින්ද හිමි කියන්නෙත් ජාති වාදියෙක්ද? අනගාරික දර්මපාල තුමා ? (නදී)
කුසුම් බොහොම හරි ඔයා. ජාති වාදයට උඩ ගෙඩි දෙන්න එපා. මෙතැන ඉන්න ගොඩක් අය ලාබාල වෙන්න ඇති. 1983 ජුලි කලබල වලදී මොකද උනේ ? කෝටි ත්‍රස්තවාදය පට ගත්තේ කවද්ද ? කොටින් වෙනුවෙන් ජනමතයක් ගොඩ නැගුනේ කවදා ඉදන්ද ? ජයන්ත , නාගොඩ බොහොම හරි බුද්දිමත් කොමෙන්ට්ස් දාන්න ජාති වාදී හැගීම නොඇවිස්සෙන පරිදි. (නදී)
දැන් සනීපෙට නින්ද යනවා ඇති. නියම බෞද්දයන්ගේ වගකීම සිද්දිය සමතයකට පත්කිරීමට හා වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව බෞද්ද අබෞද්ද සියලු දෙනාට පසක් කර දීම මිස, සිද්දියට තවත් ගිනි ඇවිලීම නොවන්නේය. අද කිසිදු ආගමක් නැති බොහෝ යුරෝපියන් බෞද්ධ දර්ශනය පිළිබද පැහැදී බුද්ධාගම වැලද ගන්නා අවධියක උපතින්ම බෞද්ධයන් වන අපගේ හැසිරීම ගැන සැහීමකට පත්විය හැකිද? (නදී)
පුජක පක්ෂය ජනතාවට හරි මග පෙන්විය යුතුයි. ආයුද අතට ගැනීම බුදු දහමට පටහැනි නැ. මේ අරුමය කරන පන්සල්,පල්ලි ,හා කෝවිල් වලට ජනතාවගේ දායකත්වය නැවැත්විය යුතුයි. රැකියා කරන දැන උගත් වැදගත් අය, මේ වගේ පාරේ කැරලි ගහන්නේ නැ. (නදී)
පෝල් මහත්තයා කියන්නා වගේ මේ උන්නාන්සේ රටේ ජනතාවට වෙන හැම අසාධාරණයකදිම ඉදිරිපත් නොවීම සාධාරණ විමසුමකට ලක්විය යුතු කාරණයක්. කොහොම වුණත් රටේ පාලකයෝ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටුනොකරනවා නම් ඒ කාරිය ආගමික නායකයෝ කළ යුතුයි. හැබැයි හැම කාරණයකදිම ඒ දේ සිදුවිය යුතුයි. (නදී)
අන්තවාදී උනත් නොඋනත් මේවා සිදු වියයුතු දේවල් නොවේ. සිහි බුද්ධියෙන් කටයුතු කරන්න (දී)
පටු දේසපාලන අරමුණු ඉටු කරීමට නොව හැමෝම ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වී වැඩ කිරීමට ආගමික නායකයන් මුලිකත්වය ගත යුතුයි. මෙතන වෙන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් (නදී)
ටික දවසක් නිදහසේ හිටියනේ දැන් ඉතින් වැඩේ හරි (දී)
පෝල් මහත්තය හීනෙන් ඇවිදිනවා වගේ..ඔබ තුමා ඔය කියපු දේවල් වලට විරුද්ධව බොදු බල සේනාව හඩක් නැගුවේ නැද්ද කියල බලන්න පහු ගිය කාලේ පත්තර ටිකක් අරන් ...කාට දිරෙව්වෙ නැති උනත් තමන්ගේ රටේ තමන්ගේ උපන් බිමේ අසරණ වුනු තමන්ට සරණක් නැහැ කියල හිතුනු සිංහල බොදුනුවන්ගේ හිත් තුලට මේ සිදුවිමෙනුත් බොදු බල සේනාව තව දුරටත් තදින් කාවැදුණු බව අපිනම් හොදින්ම දන්නවා..කව්රු වල දාන්න හැදුවත් මේ බලවේගය දවසින් දවස වර්දනය වෙනවා.එක දේශපාලනික වශයෙනුත් වාර්ගික සහ ආගමික වශයෙනුත් යම් යම් අයට නෙමෙයි සියල්ලන්ටම ඉදිරියේදී ලොකු අභියෝගයක් තර්ජනයක් වේවි. (දී)
බොදු බල සේනාවට ජය වේවා (දී)
30 වසරක් යුද්ධයෙන් පීඩා විද හුස්ම ගැනිමට හැදුවා පමණි (දී)
අපේ රටේ බහුතරයට එක ප්‍රතිපත්තියක් නැහැ (දී)
පාරේ යනකොට කොයි කවුරුත් පරිස්සමෙන් එලවන්න ඕන නොදන්නා පළාත්වල යද්දී. පානදුර පින්වත්ත කොස්ගොඩ බලපිටිය ආදී ගම්මාන පසු කරද්දී ඕනෑම රියදුරෙක් දන්නවා පළාතේ මිනිස්සු එකමුතුයි කියා. මොකක් හරි වැරද්දක් උනොත් ගමම එකතු වෙනවා කියා. මෙතැනදී රියැදුරා ඉවසීමෙන් වැඩ කරා නම් මෙහෙම වෙන්නේ නැහැ.
රුවන් ඔබගේ ඔය ටිකිරි මොලයට වැටහෙන විදිහට අර ජාතික විරයින්ව කාටද ඔබ සංසන්දනය කරන්න යන්නේ? වසර තිහක ත්‍රස්තවාදී යුද්ධයක් ජයග්‍රහණය කල ත්‍රිවිධ හමුදාවක්, පොලිසියක් ඉන්න අපේ රටට, මේ ඉන්න වීරයන් හොඳටම ඇති. තවමත් ඔවුන් ගැන අපට විශ්වාසයි. මේ ඊයේ පෙරේද බිහි උන පුහු වීරයින් අපට මොකටද? ඔවුන් අපේ රටට මොනවද කරලා තියෙන්නේ? බුද්ධ ශාසනයට මොනවද කලේ? කරුණාකරලා අන්තවාදී විකාර අදහස් මෙතන පලකරන්න එපා. අන්තවාදයේ කෙලවර ඇත්තේ ත්‍රස්තවාදය බව හොඳට මතක තබා ගන්න.(නදී)
පෝල් ගේ අදහස 100 % සත්‍යයි.(නදී)
වැලිවේරියේ වතුර ඉල්ලලා උද්ඝෝෂණය කල අසරණ මිනිසුන්ට "පට පට" ගාල ත්‍රස්තවාදීන්ට වගේ වෙඩි තියලා මරල දානකොට බොදු බල සේනාව හිටියේ කොහේද? බොදු සේනාව තියා ඔය කිසිම සංවිධානයක් ඒ වෙනුවෙන් කතා කළේ නැහැ. බයේ කට වහගෙන හිටියා. ඒකට උත්තර දෙන්න? මෙතලින් කන්ටේනර් ගණනින් ගෙන්වනකොට ,කුඩු සෙමෙන්ති කොට්ට ගණනින් ගෙන්වනකොට,කේරල ගංජා මිටි ගණනින් ගෙන්වනකොට බොදු බල සේනාව හිටියේ කොහෙද දන්නේ නැහැ.(නදී)
අනිවාර්යෙන්ම ඡන්දයක් ලග එනවා ඇති. දැන් රටේ මිනිස්සු තුන් වේල කාල ඇදලා හොදට ඉන්න නිසා විකුනන්න දෙයක් නැති කමට ජාති වාදය අවුස්සලා ඡන්ද ටික ගන්නද හදන්නේ? (නදී)
වෛරයෙන් වෛරය නොසන්සිදේ. මෛත්‍රිෙයන් වෛරය සංසිදේ (නදී)
ලංකාවේ ඉපදුනා නම් ඔක්කොම මොන ආගමේ මොන ජැටියේ උනත් එක කොඩියක් යටයි ඉන්න ඕනේ. යුද්දෙදි ජිවිත කැප කරපු රණවිරුවෝ පන දුන්නේ ඔයාල අපි හමෝම වෙනුවෙන්ම නෙමෙයිද? (නදී)
මම අහන්නේ එක දෙයයි. බුදුන් වහන්සේ අද දවසේ වැඩ සිටියා නම්, උන් වහන්සේ මේවා දැක සතුටු වෙයිද? (නි)
සමහරු කිසිම දෙයක් දන්නෙ නැහැ වගේනේ කතාව (නි)
බන්දුල පෙරේරා මහතා පළකළ අදහස් මගේ හද විනිවිද ගියා. ඇත්ත ඇති හැටියෙන් දැකීම පිළිබඳවත් ඔබේ අදහසටත් මෙන්න මගේ ප්‍රණාමය. (නි)
මොනවා උනත් මරාගන්න එක හොඳ නෑ. ඒ උනාට නේපාලය වගේ රටවල බෞද්ධයන්ට උනේ මොනවද කියලත් පොඩ්ඩක් හොයලා බලන්න. කව්රු මොනවා කිව්වත් සහජීවනයෙන් ඉන්නනම් ආගම් වාදය වපුරන එක නවත්තන්න ඕනා. ඇත්ත මේ මිනිස්සු බහුතරයක් බොහොම වැදගත් යහපත් විදියට ජීවත් වෙනවා. කන් වැඩක් නතුව ඉන්න සුලු පිරිසකගෙ ඔනෑ එපාකම් මත තමයි මෙ ජිහාඩ් වගේ සංවිධාන හදාගෙන රටවල් වල භීෂනය වපුරන්නේ.(නදී)
පෝල්, හැමදේම බොදු බල සේනාවට බලන්න ඕනා නැහැ. රටේ පොලිසියක්, නීතියක්, උසාවි තියෙන්නේ එ්කට. මේ එකකින්වත් අසාධාරනකම් වෙනුවෙන් ඉහතකී නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තනම් වෙන කරන්න දෙයක් නෑ. අද ලෝකේ ඇතිවෙලා තියන යුද්ද වලින් වැඩි හරියකට සම්බන්ධ වෙලා ඉන්නේ කව්ද? නයිජීරියාව, පකිස්ථාණය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව. ආදී ඕනෑතරම් උදාහරණ දෙන්න පුලුවන්.(නදී)
රටේ ස්ථිරසාර සහජීවනයක් ජාතීන් අතර සහ ආගම් අතර ඇති කිරීමට නම් සියලු දේශපාලන හා අන්තවාදයට නැඹුරුතාවක් ඇති සමහර ආගමික සංවිධාන වල නම් වහා තහනම් කර ඔවුන්ගේ නම් වෙනස් කර ගැනීමට ඔවුන්ට කෙටි කාල සීමාවක් පැනවිය යුතුය්. නැත්නම් ජාති සහ ආගම් වශයෙන් වෙන්වීම වැලැක්විය නොහැතියි. විශේෂයෙන් දේශපාලන පක්ෂ සදහා ආගමික හෝ ජාතික නාම රහිතව කොන්ග්‍රස් පක්ෂය, රිපබ්ලික් පක්ෂය, කොන්සවේටිව් පක්ෂය, ලිබරල් පක්ෂය නැතිනම් පැසිස්ට් පක්ෂය යනුවෙන්වත් හා රුචිකත්වයන් අනුව දේශීය නමක් යොදාගැනීමට ඔවුන් පෙලඹවිය යුතුයි. ආගමික හා ජාතික නිදහසක් ඇතිකිරීමට එය විශාල පිටිවහලක් වනු ඇත. (නදී)
මේකටනේ කට්ටියම බලා හිටියේ. දැන් ඉතින් නැතිවන ජීවිත වලට සම්පුර්ණ වගකීම ගන්න ඕනෑ කවුද? (නි)
කවුරු වුණත් කමක් නැහැ. වැරැද්දක් කර ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න (නි)
පෝල්, පළමුව හොඳින් ඇස් කන් හැර බලන්න (නි)
අනේ! අපේ දරුවන්ට යහපත් හෙට දවසක් උදාකර දෙන්න දෙවියනේ! (නි)
රසික ,ඔයා හරියටම හරි (නි)
වගකීමෙන් කටයුතු කිරීමයි මේ වෙලාවේ අවශ්‍යම වෙන්නේ (නි)
හාමුදුරුවනේ, මේ වෙලාවේ ඉවසීමෙන් කටයුතු කරන්න (නි)
මොනවා වුණත් දැන් දැන් රටේ වෙන දේවල් වලට මම නම් විරුද්ධයි. අපි කාටවත් රණ්ඩු සරුවල් කරමින් ජීවත්වෙන්න අවශ්‍ය නැහැ (නි)
පොලිසිය, හමුදාව මේ හැමෝම එක්වෙලා රටේ සාමය නැවත ස්ථාපිත කරන්න කටයුතු කරමු. නැවත වරක් රටේ යුද්ධයක් ඇතිවනු දකින්න අපි කැමති නැහැ (නි)
බන්දුල පෙරේරා මොනවද මේ කියවන්නේ? (නි)
බන්දුල පෙරේරා මහතාණෙනි , ඔබගේ අදහසට අද එතුමා පැහැදිලිවම පිළිතුරු දීලා තිබෙනවා. ඒ වගේම අනෙක් පාර්ශවත් උත්තර දීලා තිබෙනවා.කරුණාකර හෙට පත්තරය බලා නැවත අහදස් දාන්න. සිල්වා මහතා බොහොම හරි (නි)
මිනිසුන්ට හොඳ නුවණ පෑදේවා!අන්තවාදීන්ට කඩේ යන සුළු පිරිසක් අතරේ සාමය සහජීවනය අගයන විශාල පිරිසක් සිටීම ගැන සතුටු වෙමි. ඔබට ජය! (නි)
කොයිතරම් හොඳ කෙනෙක් වුණත් වැරදි දෙයක් කරනවා නම් ඒක හරි කියන්න එපා.දේශපාලකයෙක් වුණත් පැවිද්දෙක් වුණත් කරන්නේ වරදක් නම් ඒක වැරදීම තමයි.මිනිසුන් හැටියට බුද්ධිමත්ව වැඩ කිරීම අද සමාජ අවශ්‍යතාව බව තේරුම් ගත්තොත් අපිට හෙටක් තියේවි (නි)
බොදු බල සේනාවට මමත් හිස නමා මාගේ ආචාරය පුදකරනවා (නි)
මේ රටේ බොදු බල සේනාවක් කියලා එකක් තිබුණේ නැත්නම් අද තත්ත්වය කොහොම වෙයිද? මොනවා වුණත් රට වෙනුවෙන් කතාකරන මෙවන් සංවිධාන අවශ්‍ය බවයි මගේ නම් හැඟීම වෙන්නේ (නි)
පොලිසියට මේ වෙලාවේ බොහොම ලොකු වගකීමක් තිබෙනවා (නි)
දෙවියන්ගේ නාමයෙන් අපේ දරුවන්ට නැවත යුධ ගිනි දැල් දැකගන්න ඉඩදෙන්න එපා (නි)
නසාර්ට එකඟ වෙන්න මට නම් බැහැ (නි)
බොදු බල සේනාව විසින් කරන සියලු කටයුතු සාර්ථක වේවා! (නි)
පොලිසියේ වගකීම රටක නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි (නි)
සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)
සමහර බලලෝභී දේශපාලකයින් බලය වෙනුවෙන් නොකරන අපරාධයක් නැහැ. හරිම සංවේගයක් ඇතිවෙනවා මේවා දකිනවිට. ධර්මය රකින්නන් ධර්මයෙන් ඈත්වීම මේ සියල්ලට හේතුවයි. (නි)
බුදු දහමට නිගාදෙමින් අධර්මයේ හැසිරෙන්නෝ දුගතියටම යති. ගින්නෙන් විනාශ වී අපායටම යති. බුදුන්ගේ දහම අවිහිංසාවයි, ඉවසීමයි, අටලෝ දහමේ නොසැළෙන බවයි. (නි)
පහුගිය කාලේ ඇතිවුණ ප්‍රශ්න වලට නිසි පිළිතුරු දුන්නා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. කවුරු කවුරුත් මේවට වගකියන්න ඕනෑ. (නි)
බොදු බල සේනාවට ජය වේවා! (නි)
බන්දුල, මේ වගේ අවස්ථාවකවත් මිනිසුන් අවුස්සන්නේ නැතුව ඉන්න. මේක තම තමන්ගේ කෝන්තර පිරිමසාගන්න අවස්ථාවක් නෙමෙයි. මෙහෙම ප්‍රශ්න දුරදිග යන්නේ නැතුව වරදක් කළ අයට නීතිය අනුව දඬුවම් දී විසඳාගත යුතුයි. (නි)
බන්දුල, මම මෙතෙක් ඔබගේ කතා බලාගෙන හිටියා මිසක් ඊට පිළිතුරු ලෙස වචනයක්වත් ලිව්වේ නැති කෙනෙක්. කරුණාකර මේ වෙලාවේ ප්‍රශ්නය වැඩිකරන්න උඩ ගෙඩි දෙන්න එපා. ඔබ කළු ජුලිය කාලයේ හිටියේ පිටරට වෙන්න ඇති. අපි හිටියේ ලංකාවේ පාසල් ශිෂ්‍යයන් හැටියට. තවත් නම් එහෙම දෙයක් අපිට එපා. (නි)
මේ කලබල නිසා ජන ජීවිතයට මොනතරම් නම් කරදර වුණාද? (නි)
මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්නේ නැතුව බේරාගත්තේ නැත්නම් අන්තර්ජාතික වශයෙන් රට අපකීර්තියට පත්වෙන බව ඇයි සමහරුන්ට නොතේරෙන්නේ? දැනටමත් මම ඉන්න රටේ මේ ගැන ඉතා නරක ප්‍රචාරයක් ලැබිලා. (නි)
හරියටම හරි. අපිත් එකඟයි (නි)
බොදු බල සේනාව වටා එක්වුණු මහා ජනගඟක් ඉන්නවා. ඊට විරුද්ධව කතාකරන එක් කෙනෙක්වත් උන්වහන්සේගේ සම්පුර්ණ කතාවකට ඇහුම්කන් දීලා නැහැ වගේ. (නි)
කුසුම්ට මමත් එකඟයි (නි)
මර්වින්, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනෑ. කුසුම් හරියටම හරි . මම ලංකාවේ නැති වුණත් ඒ ලස්සන රටට ආදරෙයි. (නි)
බොදු බල සේනාව වැනි සංවිධාන රටක තිබීම අවශ්‍ය දෙයක් (නි)
ලංකාවේ නැවතත් ලොකු ප්‍රශ්නයක් ඇතිවේවිද කියලා මට බයයි (නි)
ඉපදෙන හැමෝම මැරෙනවා, ස්වභාව ධර්මයේ නියමයට අනුව. මිනිසා තමයි සත්වයන්ගේ දියුණුම ජීවියා. නමුත් අපි ජීවත්වෙන්නෙ තවමත් ගල් යුගයේ අය වගෙයි නේද? දේශපාලකයන් මොන විදිහට කිවුවත් බුද්ධියෙන් හිතපල්ලා මිනිසුනේ! මේ මැරෙන්නේ,කපාකොටාගන්නේ,හිරගෙවල් වල වසර ගණන් දුක්විඳින්නේ අපේම මිනිසුන් නේද? (නි)
පෝල් කියන දේ මමත් අනුමත කරනවා (නි)
මෙතන සමහර අයට ජාතියක් ආගමක් නැති අය වගේනේ කතාව. "ශාන්තිවාදී තපස් රකින්නේ පිටකොඳු බිදගත් ඔළ මොළ නිවටුන්...." (නි)
පෝල් කියන දේ මමත් අනුමත කරනවා. කවුරුන් මොන විදිහට කිවුවත් බුද්ධියෙන් හිතන්න මිනිසුනේ! (නි)
සියල්ලන්ම මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරමු (නි)
මේ ගැටලු සියල්ල ඉක්මණින් විසඳේවා! (නි)
කැසිනෝ පනත ගෙනෙද්දී මේ අය කොහෙද හිටියේ? කාටවත් නීතිය අතට ගන්න දෙන්න බෑ. යම් ප්‍රශ්නයක් ඇතිවුන නම් ඒක නීතිමය ක්‍රියා මාර්ගයකින් විසදන්න ඕනේ. (නදී)
මේ හදිසියේ ඇති වූ ප්‍රශ්න සියල්ල විසඳාලන්න අපි කාලයට ඉඩහරිමු (නි)
මේ ගිනිදැල් නිවී රටට සාමය උදාවේවා! (නි)
සිංහලයාට, බෞද්ධයාට අගතියක් වේ නම් එතනදී පෙනීසිටීමයි බොදු බල සේනාව කරන්නේ. එහෙම නැතුව පෝල් කියන විදියට හැමදේටම අත දාන්නේ නැහැ. පෝල් කියන විදියට එහෙනම් රටට ආණ්ඩුවක්, පොලිසියක්, හමුදාවක් ඉන්නේ ඇයි? (නි)
මේ ප්‍රශ්නය ඇතිවෙලා දැන් දවස් ගණනක් වෙනවා. නමුත් විසඳුමක් නැහැ (නි)
මේවා දැකලා සන්තෝෂ වෙන කට්ටියකුත් අපි අතරම ඉන්නවා (නි)
කොහොම වළදාන්න හැදුවත් මේ රට විනාශ කරන බලවේග දවසින් දවස වර්ධනය වෙනවා. (නි)
රටට යහපතක් වෙනවා නම් තමයි අපි කැමති (නි)
මොනවා නැතිවුණත් රටක ජාතීන් අතර සමගිය නැතිවුණොත් ඒ රටේ පරිහානියට ලක්වෙන්නේත් ඒ කාරණාවයි (නි)
හොඳයි. බොදු බලය කළ දෙය වැරදියි කියමුකෝ. එතකොට ඔය නෝනා මහත්වරුන් මොනවද ඒවා ගැන කරලා තියෙන්නේ? කියමු බලන්න. (නි)
බොදු බලය හෝ වේවා වෙන කවුරුන් හෝ වේවා රටක යහපතට වැඩ කරනවා නම් අපි ඒ පැත්තේ (නි)
මේ සිද්ධවෙන දේවල් පාලනය නොකළොත් රට තවත් යුද්දෙක පැටලේවි (නි)
කිසිවෙකුටවත් කරදරයක් නොම වේවා! (නි)
ජාතිවාදය කියලා මිනිස්සු හදා ගත්තු මතයක් විතරයි තියෙන්නේ, ඇත්තටම එහෙම දෙයක් නැහැ ලෝකේ, (දී)
අනාගත වංශය කියවන්න ඔය සෑම ප්‍රශ්නයකටම පිළිතුරු එතන තියෙනවා (දී)
මේ ඔක්කොටොම හිතන්න එක දෙයක් කියන්නම්. හැම අගමකින්ම කියන්නේ එක දෙයයි සමගියෙන් ජීවත්වෙන්න කියල. හැම දෙනාම තමන්ගේ ආගමට අනුව කටුතුතු කලානම් එක තමයි වටින්නේ. (දී)
මේ ප්‍රශ්නය දුරදිග යන්න හේතු උනේ මේ සන්සිද්දියද (දී)
බොදු බල සේනාව කියන ඒ ප්‍රකාශය හරි මෙතන නීතිය නිසි වෙලාවට ක්‍රියාත්මක උනා නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ (දී)
පොල් නැගිටින්න නැගිටින්න දැන් එලි වෙලා.. ඔයා තවම හීනෙන් කියවනවා. (දී)
කනගාටුයි වෙච්ච දේ ගැන, බහුතරයක් මිනිස්සු දරන්නේ මේ හාමුදුරුවෝ කියන මතය තමයි (දී)
මමත් කියන්නේ බොදු බල සේනාව කියන දේම තමයි (දී)
මේ රට සියලු දෙනාටම අයිතියි. එහි බෙදීමක් ඇතිවිය නොහැක (නි)
අනේ!නැවත ඒ රුදුරු අතීතය නම් අපිට දකින්නට නොලැබේවා! (නි)
ධර්ගා නගරයට මෙතන අදහස් දාන අය ගිහින් තියනවද? යන්න බලන්න. (නි)
කවුරු කාට දොස් කියා ගත්තත් වැඩක් නැහැ (දී)
කතාව ඇත්ත මිනිස්සු ඉල්ලුවේ පොලිසියෙන් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්න කියලා (දී)
මම ඒ ප්‍රකාශය පිලි ගන්නවා (දී)
මිනිස්සු මිනිස්සු මරා ගන්න කොට සන්තෝස වෙන්න එපා (දී)
මිනිස්සු නිකන් ප්‍රශ්න දා ගන්නේ කාලා ඇඳලා සතුටින් ජිවත් වෙන්නේ නැතුව (දී)
කවුරුවත් මේ ප්‍රශ්නයේදී උනේ මොකද්ද කියලා හරියට නොදැන කතා කරන්න එපා (දී)
රටේ තියෙන්නේ එක තිතියයි ඒ නිතිය කාටත් පොදුයි (දී)
කවුරුවත් හරි කවුරුවත් වැරදියි කියන්න අපිට බැහැ අධිකරණය පවරලා තියෙනවා ඒ බව තීරණය කරන්න (දී)
ආගමික සහජීවනයයි අවශ්‍යය (දී)
පෝල්, අපි තේරුම් ගන්න ඕන ප්‍රශ්නෙට මුල. එතනට හරියට විසදුමක් ලැබුණා නම් ඔච්චර විනාශසයක් වෙන්නේ නැහැ. එ්ක අපි හැමෝටම තේරෙනවා. මේ රටේ හාමුදුරු නමකට අතක් උස්සන්න කාටද අයිතියක් තියෙන්නේ? (නදී)
බෞද්ධ ,ඉස්ලාම් , හින්දු , කතෝලික , යන ආගම් ඇදහීමට ශ්‍රීලංකාව තුල කිසිම බාධාවක් නොමැත. එනමුත් කුමන ආගමකට හෝ ජාතියකට නින්දා, අපහාස කරනවා නම් ඔවුන් කිසිම ආගමකට, ජාතියකට අයත් නොවේ. අපගේ ආගමට , ජාතියට අප බොහෝ ආදරය , ගෞරවය දක්වන නිසාවෙන් එයට කුමන හෝ බලපෑමක් එල්ල වෙන්නේනම් එය පරාජය කිරීමටත් අප එක සිතින් බැදී ඇත. එය සෑම ජාති ආගමික අනුගාමිකයන්ගේ යුතුකම හා වගකීමද වන්නේය. (ස)
මෙතන කියන අයටවත් පුටුවල ඉදන් උපදෙස් දෙන අයටවත් මේ දුක දැනෙන්නේ නැත්තේ තැලෙන්නේ සාමාන්‍ය ජනතාව, මේ එකම ඇමති කෙනෙක්ට හෝ ව්‍යාපාරිකයෙකුට උනා නම් මෙලහකට මොනව වෙලා තියෙයිද, එක පුද්ගලයෙකුගේ ප්‍රශ්නය එතනින් ඉවර කලා නම් මෙතරම් ප්‍රශ්න වෙන්නේ නෑනේ, සුළු මහා හෝ සිංහල මුස්ලිම් නෙවෙයි මනුශ්‍යත්වයක් තියෙන්න ඕන ඉස්සෙල්ලා, ලේ වලින් හොයන්න පුලුවන්ද මොන අාගමේද මොන ජාතියේද කියා, ඔක්කොමගේ තියෙන්නේ රතු පාට ලේ නම් කුමටද මේ නාඩගම්, පටු අදහස් වලට ඉඩ නොදෙමු. එකා වෙමු. මනුස්සකම් ගොඩ ගමු. (ස)
සහජිවනයි වැදගත් අන්න ඒ දේ පුරුදු කරන්න (දී)
අපිට මොකුත් කියන්න බැහැ, නිතිය ආරක්ෂා කරන අය ඒවා දැන ගන්න ඕනේ (දී)
ඇදිරි නිතිය දාලා මේ ප්‍රශ්න පාලනය කරන්න දැරූ උත්සාහය අගයනවා (දී)
දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ (දී)
කවුරුත් කාටවත් දොස් කියා ගත්තාය කියලා මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ (දී)
මෙතන බෞද්ධ මුස්ලිම් දෙගොල්ලම අදහස් ලියල තියනවා. (දී)
අලුත් නිලුපුලි හිස නවල ආචාර කරනකොට ගානට නවන්න. ඕනවට වැඩිය නවන්න ගියාම කොන්දට වෙදකම් කරන්න වෙයි.
පෝල් වැරදියි (දී)
මේ ගැන ලංකාවේ ඉඳගෙන මෙතන වාද කරන උදවිය දැන ගත යුතුයි . මා සිටින රටේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මවුරට ගැන ඉතා අහිතකර පුවත් ප්‍රචාරය වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ බුද්ධිමත්ව කරයුතු කිරීම හොඳයි. අපිට හැකි මේ ගැන දැනුම් දීම පමණයි. (දී)
අන්තිමට අසරණ උනේ ඒ පළාතේ ඉන්න මුස්ලිම් සිංහල මිනිස්සු (දී)
දවසින් දවස ප්‍රශ්න වැඩි වෙනවා ලංකාවේ (දී)
කල්පනාවෙන් ජිවත් වෙන්න (දී)
සෑම පුරවැසියෙකුම තම තමන්ට අදාළ වැඩේ කරගෙන පාඩුවේ ජිවත් වෙනවානම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ (දී)
තරංග ඔබ හරියටම හරි(දී)
කුසුම් ඔය කතා කරන්නේ කැනඩාවේ හෝ ස්විට්සර්ලන්තයේ පොලිසිය ගැන වෙන්න ඇති. (ස)
මෙහෙම ප්‍රශ්න, වෙන්න හොඳ නැහැ . එත් අපිට කලින් හකීම්ලා නේද අන්තවාදය ඇතිකරන්න හදන්නේ. ප්‍රශ්නය වන්නේ ලෝකේ වැඩියෙන්ම ආගම මුල්කරගන මිනී මරන්නේ කව්ද කියන එක මතක් වෙන එකයි. මේවා නීති මගින් පාලනය නොකරන රජය තමා වග කියන්න ඕන. (ස)
පෝල් මහත්තයාගේ කතාව අපි පිලි ගන්නවා (දී)
රණවිරුවන්ට ආයෙමත් යුද්දෙකට යන්න වෙයි වගේ රට බේරගන්න. (නදී)
ටිකිරි බණ්ඩාගේ ලෙඩේ දරුණු වෙලා..වැලිවේරියේ කවුද වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ..එතන වෙඩි තිබ්බේ ගල් පොලු පැට්‍රල් බෝම්බ අරන් ආරක්ෂක අංශ වලට පහර දෙන්න ආපු මාරාවේශ වෙච්ච මැරයෝ ටිකකට. ඒවාට ප්‍රකාශ නිකුත් කරන්න බොදු බලේට පිස්සුවෙන්ද? (දී)
" මෙතන නීතිය නිසි වෙලාවට ක්‍රියාත්මක උනා නම් මොකුත් ප්‍රශ්නයක් නැහැ " ඉස්සෙල්ල පොලිසිය බලන්නේ පළාත්සභාවේ කවුරු හරි මෙතන ඉන්නවද කියල. ඉන්නවනම් ඒගොල්ල පළාතට එන්නේ නැහැ නැතිනම් වීරයෝ වගේ ඇවිත් ඉස්සෙල්ල දකින අයට ගහල අරගෙන යනවා. (දී)
හැමෝම ප්‍රශ්නේ වටේ යනවා, ප්‍රශ්නේ තේරුම් අරගෙන නැහැ (දී)
බොදු බල සේනාව හරිද වැරදිද මට නම් වැඩක් නැහැ මම මගෙන් ප්‍රශ්න ඇති නොවෙන විදිහට ජිවත් වෙනවා එච්චරයි (දී)
රහත් වෙලා නැතිනම් පුජ්‍ය පක්ෂය කරන කියන හැමදේම නිවැරදි කියලා කාටද සහතික වෙන්න පුළුවන් ? (දී)
ඉන්දියාවේ අවශ්‍ය තාවය ඉටුවෙලා ඉවරයි (නදී)
පොලිසියේ මහත්වුරු අත්ටටම එසේ ක්‍රියා කලාද ඉස්සෙල්ලා ඒ ගැන සොයා බලන්න (දී)
මහජන ආරක්ෂාව පතා ප්‍රසිද්ධියේ ජාතිවාදය ආගම්වාදය පතුරනවා නම් වහා අත් අඩංගුවට ගන්න (නදී)
මෙතැන අදහස් දාලා තියෙන ගොඩාක් අගක් මුලක් දන්නේ නැතුව තමා අදහස් දාලා තියෙන්නේ (දී)
පිටරටවල කළු සුද්දෝ මේ සිදුවීමට හේතු දන්නේ නැතුව පාලු ගෙදර වලන් බිද බිද බොදු බල සේනාව පට්ට ගහනවා..අපේ මතයකට ඉඩක් නැහැ.ගැහුවේ අපිට..ගුටිකෑවේ අපි..අපිට තමයි එකේ අමාරුව තියෙන්නේ. තනි අතකින් අත්පුඩි ගහන්න බැහැ මහත්තුරුනේ..ඒකට අත් දෙකම ඕන. (අ)
සමහර අදහස් දුටුවහම ලාංකිකයන්ද කියලත් සැකහිතෙනවා (නි)
නීතිය අපි කාටත් පොදුයි (නි)
කරන්ඩ ඕන ඔක්කොම කරලා පොලිසිය මත වරද පටවනවා (අ)
බොදු බල සේනාව තහනම් කළොත් සිංහලය ගැන කතා කරන්න කවුරුත් නැහැ. තව අවුරුදු 50 කින් ඔක්කොන්ටම කාගේ පිහිටද (අ)
මම මේ ලංකාදීපයට යෝජනාවක් කරන්නේ. පුළුවන් නම් ස්වාදීන මත විමසුමක් කරන්න මේ බොදුබල සේනාවේ යථා ස්වරුපය ලංකාවේ යහපතට හෙතුවෙනවද නැද්ද කියල. (අ)
එතකොට පොලිසියද වැරදිකරුවන් වෙන්නේ? (නි)
දැක්කේ නැද්ද කඩවලට අබසරණයි කියනවා (නදී)
සියලු දෙනා වැරදියි මෙතැනදී (දී)
ඒ හාමුදුරුවෝ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා (දී)
පෝල් කොටි ත්‍රස්තවාදේ පටන් ගත්තේ 1976 ඉඳලා. යාපනේ සිංහලයන්ව ඇදගෙන ඇවිත් ගිනි තියන්න පටන් අරන්. 83 වුනේ සංවිදානාත්මක වැඩ පිළිවෙලක් පිට රටවල අනුකම්පාව ගන්න. මේවා ඉතිහාසේ ලියවුන ඒවා. දන්නේ නැද්ද? (නදී)
කවුරු කොහොම කිවුවත් අපි නම් රණ්ඩු සරුවල් වලට අකමැතියි (නි)
මුලධර්ම වාදී අදිපත්‍ය පැතුරුණු යම් ප්‍රදේශයක් වේද යම් ජන කොටසක් වේද ඒවා සාමාන්‍ය ජන ජීවිතයට සුදුසු පරිදි සකස් කල යුතුමය . එය හෙට නොව අදම කල යුතුය .නියපිටින් කැඩිය හැකි දේ පොරවෙන් කපදැමිය යුතු අවස්ථාව එනතුරු නොසිටිය යුතුය . (අ)
අපි අප ගැන ගැන කතා කරනකොට එක ජාතිවාදය. (අ)
වළගම්බා රජු දවස මහා කළු සිංහලයා පැනලා යනවා කියලා මුළු ජාතියම පාවලා දුන්නා වර්තමානයේ හරිදේ හරි දේ ලෙසත් වැරදි දේ වැරදි දේ ලෙසත් නොදකින අය නිසා රටට වෙන්නේ මහා විනාශයක් (දී)
බොදු බල සේනාවට ජය වේවා (දී)
මේව කාලෙට හැදෙන රැලි. පින් දෙන්නම් හාමුදුරුවනේ රට ගිනි තියන්න එපා. (ස)
වෙන්නේමොනවද කියලා මමනම් බලා ඉන්නවා (දී)