බෞද්ධ විද්වතකු, ගත් කතුවරයකු, කීර්තිමත් සිවිල් සේවකයකු හා තානාපතිවරයකු ද වූ ආචාර්ය ආනන්ද ඩව්ලිව් පී ගුරුගේ (87) අභාවප්‍රාප්ත විය.
ඕස්ට්‍රේලියාවේ සරසවියක දේශන පවත්වා ඇමෙරිකාවට යමින් සිටිය දී ගුවන්යානයක දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
දේහය දැනට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටේ තබා ඇත.
වෙස්මිනිස්ටර්හි දී ඉරිදා (10) අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
ආචාර්ය ගුරුගේ ඉපැදුණේ ගාල්ලේය.
සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය හිමිකරගෙන සිටි ආචාර්ය ගුරුගේ මහාවංශය ඉංග්‍රීසියට පෙරළීය.
ඔහු විසින් ලියන ලද ග්‍රන්ථ සංඛ්‍යාව හැටකට ආසන්නය.
බෞද්ධ ඳර්ශනය පිළිබඳ ලොව විශාරද දැනුමක් හිමිකරගෙන සිටි ජගත් කීර්තියට පත් විද්වතෙකි.
1956 පැවැත්වුණු බුද්ධ ජයන්ති මහෝත්සවයේ සංවිධානය කිරීමට පත් කළ ලංකා බෞද්ධ මණ්ඩලයේ ලේකම් වශයෙන් ද කටයුතු කළේ ගුරුගේ මහතාය.
වයස අවුරුදු 23 දී සිවිල් සේවා විභාගයෙන් සමත්වී යාපන කච්චේරියේ මුල්ම පත්වීම ලද ආචාර්ය ගුරුගේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ද විය. ඉන් පසු විදේශ සේවයට එක් විය.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ද විය.
ඔහු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය හා හින්දු සමය පිළිබඳ මහාචාර්ය වරයකු ද විය.
ආචාර්ය ගුරුගේ ඩඩ්ලි සේනානායක හා සර් ජෝන් කොතලාවල අගමැතිවරුන්ගේ සහකාර ලේකම්වරයෙක් ද වූයේය.
මහනුවර ධර්මරාජ විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු 1947 දී කොළඹ විශ්ව විද්‍යාලයයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ විශේෂ ගෞරව උපාධිය දිනා ගත්තේය.
අනතුරුව රජයේ ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩන් විශ්ව විද්‍යාලයයටගොස් ආචාර්ය උපාධිය දිනා ගත්තේය.
ඔහුගේ හැට වැනි උපන් දිනයේ දී ආනන්ද ඩබ්ලිව් පී උපහාර ග්‍රන්ථය ඔහුට පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ හිතවත් විද්වතාණෙනි, ඔබට නිවන් සුව පතමු !!!! (නි)
එතුමාට නිවන් සුව පතමු. (දී)
ඔබට නිවන් සුව (දිල්)
"වයස 87 දී ඕස්ට්‍රේලියාවේ සරසවියක දේශන පවත්වා ඇමෙරිකාවට යමින් සිටිය දී ගුවන්යානයක දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ." ඔහුගේ නැණවත් භාවය පේනවා (දී)
රටටත් ලොවටත් මහත් පාඩුවක්. ඔබ තුමා සත්තකින්ම මහත්මා ගති ඇති උගතෙක්. පරම සැපත නිවන් සුව පතමි.(දිල්)
ඔබ වැනි උගතුන්ගෙන් නියම ප්‍රයෝජන ගන්නට අපේ රට අසමත් උනත් බටහිර රටවල් ඔවුන් ගෙන් ගෙන ඇති සේවය හිතෙනකොට එක්තරා සතුටක් ඇතිවෙනවා.සංස්කෘත කියමනක් තියනවා" ගස් නැති රටේ තුත්තිරි ගසුත් මහගස් හැටියට සලකනවා." කියලා. ඔබ තුමා වැනි උගතුන් ජාතියේ පිනට පහලවූ උගතුන් බුදු දහම පිලිබඳව ඔබේ දැනුමට සමකල හැකි උගතුන් අප අතර නැති තරම්.මිහිපිට සිටි විශ්ව කෝෂයක් බඳු ඔබ වැන්නන් අපේරටේ තවත් පහල වේවා.ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.(දිල්) ශාන්ත සේනාධීර -ලන්ඩනයෙන්
මෙවන් උත්තමයින් නැවත නැවතත් අප අතර ඉපදේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා. නැවත නැවතත් අප අතර ඉපදේවා. (නදී)
ඔබතුමා කළ සේවය සදාකල්හිම පවතී. නිවන් සුව පතමි. (නි)
කණගාටුදායක පුවතක්. ඔබට නිවන් සුව පතමි! (නි)
විද්වතාණනි, ඔබට නිවන්සුව පතමි !... මේ දිගු සසර ගමනේ දී , නැවත මනුලොව ලක්දිවම ඉපදේවා !....... (දී)
ගාමිණීට මමත් එකඟයි (නි)
ඔබ තුමා අප සැමට කරන ලද උදව් උපකාර ඔබගේ නිවන් ගමනට හේතු වාසනා වේවා! (නදී)
උගත්කමට විද්වත් සමාජයෙන් ගරුබුහුමන් ලැබූ ආනන්ද ගුරුගේ විද්වතාණන්ට නිවන් සුව පතමි! (නි)
විද්වතාණෙනි, ලෝදහම සනාථ කරමින් සදහටම නිසල වු ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබ තුමාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. (නදී)
අප පසුගිය වසරේ කල නවසීලන්ත - ඕස්ට්‍රේලියා සංචාරයේදී ඔබ සමග සාකච්චා කල දේවල් හා අද්දැකීම් කිසිදින අමතක නොවේ .මේ වසරේ සංචාරය අප ඔබට ගෞරවයක් ලෙස සලකනවා ඔබගේ දැනීම හා මතකය විස්මය දැනවූවා .අප රටට ඉමහත් ආඩම්බරයක්! ගෞරවයක් (දී)
අප ගිය වසරේ කළ නවසීලන්ත -ඔස්ට්‍රේලියා සංචාරයේදී අප එක්වී කළ කතාබහ සහ අත්දැකීම් කිසිදා අමතක නොවේ. ඔබගේ දැනුම් සමුදාය හා මතකය සුවිශේෂයි ඔබට ගෞරවයක් වශයෙන් අප මේ වසරේ සංචාරය අත්හැර දමනවා .ඔබ අප රටටත් ,අප ගමටත් ,මානෙල් මුදලාලි ඇතුළු ඥාතීනටත් ආඩම්බරයක් ! ආදර්ශයක්!!ගෞරවයක්!(අ)
අප හිතවත් ආනන්ද ගුරුගේ මැතිතුමාට නිවන්සුව පතමි .(අ)
2114 මාර්තු 29 දින පැරිසියේ දී හමු වූ ඔබතුමා අපට කියා දුන් උපදෙස් කිසිදාක අමතක නොවේවි. ඔබතුමාටඅජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරමි. (දී)
මහා වියතාණෙනි ඔබට නිවන් සුව අත් වේවා! (දී)
ඔබට ජාතියේ ප්‍රණාමය (දී)
ඔබ තුමා කල සේවයට තුති මල් මිටක් ඔබට නිවන් සුව (දී)
එතුමාට නිවන් සුව (දී)
මෙතරම් උගත් , නැණවත්, විද්වතෙක් ගැන මම දැනගත්තේ අදයි.කෙනෙක් මිය යන්නම ඕන ප්‍රසිද්ධියක් ලබන්න.එතුමා උගතෙක් නොවී ව්‍යාපාරිකයෙක් ,දේශපාලන ,ලොක්කෙක් උනා නම් කොහොමද ලෝක ,ප්‍රසිද්ධිය. ජීවිත කාලයේදේ රටක් වෙනුවෙන් කල මෙහෙවරට එතුමාට නිවන් සුව පතමු ! (දී)
රටට කීර්තියක් ගෙනදුන් විද්වතාණන්ට නිවන් සුව. (දී)
ධර්මරාජේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක්. අපට ආඩම්බරයක් වූ ඔබ තුමාට නිවන් සුව පතමු. (දී)
අමාමහ නිවන් සුව පතමු. රටට ජාතියට ආගමට එතුමා මිණි පහනක්ම වුවා. (දී)
ඔබතුමාට නිවන් සුව ඇත වේවා (දී)
ශ්‍රී ලංකාවට සදා ආඩම්බර විය හැකි යහපත් ගෞරවනීය විද්වතෙකුගේ නික්මයාම ගැන දුකක් ඇතිවෙනවා. එත් ලෝ දහම එකයි. එතුමාට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.(දී)
එතුමාට නිවන්සුව ප්‍රාර්ථනය කරනවා.
සසල නොවූ නිසල මහා විද්වතාණෝ ලෝදහම සනාථ කරමින් සදහටම නිසල විය. ඔබ තුමාට ගෞරවනීය ආචාරය!!!. ඔබ තුමාගේ සසර ගමන ඉතා ඉක්මනිනිම කෙටි වේවා! (දී)
එතුමාට නිවන් සුව පතමු. (දී)
මට ඉතාමත් කනගාටුයි ඔබට නිවන් සුව (දී)
ලංකාවෙන් බුද්ධි මතුන් අඩු වී යනවා (දී)
නිවන් සැප ලැබේවා (නදී)
යුනිවර්සිටි ඔෆ් ද වෙස්ට් සදහා මා හට මාර්ගය පෙන්වා දුන් ගුරු පියාණෙනි ඹබ ඇති කළ හිස් තැන පිරවීම මුලු මහත් බොදු ලෝකයටම බොහෝ දුෂ්කර වනු ඇත. ඹබට අජරාමර නිවන් සුව පතමි. (දී)
මහා වියතාණෙනි ඔබට නිවන් සුව ....! (දී)